ඔබත් ක්‍රෙඩිට් කාඩ් භාවිතා කරන කෙනෙක්ද? එහෙනම් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න, ඔබට ඉතා වැදගත්
6,827 Views
දැනට කලකට පෙර ඔබේ අවශ්‍යතා මිල දී ගන්නේ අතේ ඇති මුදල් වලට ය. එහෙත් දැන් බොහෝ දෙනෙක් ගනුදෙනු කරන්නේ Credit Card නැත්නම් Debit Card වලිනි. ණය කාඩ්පත ඇතැම් පිරිසට මහමෙරක් වුවත් මෙය දෙපැත්ත කැපෙන ආයුධයකි. නිසි විදිහට නොඇල්ලු විට කෙසේ කැපේ දැයි නොදනීයි. ඉවක් බවක් නැතුව උත්සව සමයේ දෙන වට්ටම් වලට රැවටී ණය කාද්පතෙන් ගනුදෙනු කර ලබන වසරේත් ණයකරුවෙකු ලෙස ජිවත් වන්නට ඔබට සිදුවේ. ඒ නිසා නය කාඩ්පත ඔබට ගැලපෙන ලෙස පාඩුවක් නොවී භාවිතා කිරීමට සැලකිලිමත් වීම වැදගත්. මේ ඒ සඳහා උපදෙස් කිහිපයක්.
මුදල් පසුම්බියට වඩා කාඩ්පත Credit Card / Debit Card ආරක්ෂාව වැඩියි
මේ කාලයේදී නාගරික පරිසරය එතරම් ආරක්ෂාකාරී නොවේ. මුදල් දුටු පමණින් සොරා ගන්නට සොරුන් අපමණය. උත්සව කාලයට එය සෑම නගරයකම දැකිය හැකි සිදුවීමකි. මේ නිසා ඔබ වෙලාන සැලකට ගිය විට පසුම්බිය තිබේදැයි කොපමණ වාර ගණනක් බලන්නට සිදු වෙනවා ද? මේ ගැටලුවට හොඳම විසඳුම ක්‍රෙඩිට් කාඩ්පතයි. අතේ විශාල මුදලක් තබා නොගෙන කාඩ්පතක් මඟින් ගනුදෙනු කරන්නට හැකි වීම යම් ආකාරයකින් සහනයකි. එහෙත් ක්‍රෙඩි කාඩ්පත් ප්‍රවේශම් කරගත යුතුයි. ඇතැම් විට ක්‍රෙඩිට්කාඩ්පත් සොරකම් කර මුදල් ලබා ගන්නා අවස්ථා ඕන තරම් අසන්නට ලැබේ.
වට්ටම් වලට බදු ගැනීමේ වාසිය ගන්න මුළු මුදලම ගෙවන්න
උත්සව සමයේදී බොහෝ වෙළඳසැල් වල විවධ භාණ්ඩ සඳහා වට්ටම් ලබා දෙයි. Credit Card නැතිනම් තැන්පතු කාඩ් (ඩෙබිට් කාඩ්) ආදී ලෙස වෙන් වෙන් වශයෙන් ලබා දෙයි. මෙවැනි වට්ටම් ලබා දෙයි. මෙවැනි වට්ටම් ලබා දෙන්නේ පාරිභෝගිකයන්ට ඇති ලෙන්ගතුකමටවත් ආදරයටවත් නොවෙයි. මෙවැනි වට්ටම් තුලින් වෙළඳසැල් හිමියන් උපයන ප්‍රමාණය අති මහත්ය. වට්ටම් තිබු පමණින් භාණ්ඩ මිලදී ගන්නට බොහෝ දෙනෙක් පෙළඹෙති. මේ අතර කාන්තාවන් ගැන කිව යුතුමය. තමන්ට එතරම් අත්‍යාවශ්‍ය නොවුනත් වට්ටමක් ලබා දෙන දුටු විට එය මිලට ගැනීමට පෙළඹෙති. එසේ සිදු කරන්නේ අතේ මුදල් ඇති නිසා නොවෙයි. ක්‍රෙඩිට් කාඩ්පතෙන් ගෙවිය හැකි නිසායි. තියන කාලෙක ගෙවනවා. මෙහෙම ආය අඩුවට ලැබෙන්නේ නැහැ. මේ ඔවුන් සිතන අයුරුය. එහෙත් ඔබ ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිතා කරන විට ඔබ ගන්නේ ණයක් බව සිහිපත් කරන්න. එවිට ඔබට අත්‍යාවශ්‍ය දේ මිල දී ගැනීම තරමක් හෝ දුරට අවම කර ගත හැකියි.
Credit Card පත භාවිතා කිරීමේදී ඒ පිලිබඳ හොඳ අවභෝදයකින් භාවිතා කරනවා නම් ඉන් ඔබට කිසිදු අපහසුවක් වන්නේ නැත. කාලය කුමක් වුවත් ඔබ වියදම් යුත්තේ ඔබ උපයන මුදල අනුවයි. දැරිය නොහැකි පමණට වඩා කෙඩිට් කාඩ්පතින් නොගන්න. ඔබට අද දැරිය නොහැකි වියදම හෙට දවසේ කෙසේවත් දැරිය නොහැකි බව මතක තබා ගන්න.
ණය කාඩ්පතින් ගනුදෙනු කරන විට යම්කිසි කාලසීමාවක් පොලි රහිතව ගෙවීමේ හැකියාව තිබේ. මෙය Credit Card නිකුත් කරන ආයතන වල ඇති නීති රීති අනුව කාල සීමාව වෙනස් වේ. එසේ පොලි රහිත කාල සීමාව තුල ඔබේ ගනුදෙනු පියවිය හැකි නම් කෙඩිට් කාඩ්පතින් ඔබ ණයකරුවෙකු වීම වැළකෙයි.
තියෙන කාලෙට ගෙවන්න බඩුගත්තොත් අමාරුවේ
දෙසැම්බර් මාසය ලඟා වන විට වසර අවසානයේ ලැබෙන බෝනස් මුදල ද වැටුප ද මේ සියල්ල වියදම් වන්නේ ඔබ නොදැනය. අතේ ඇති මුදල් එසේ වියදම් වූ පසු ඔබ ක්‍රෙඩිට් කාඩ් පත යොදා ගනිමින් තව තවත් දේ මිල දී ගන්නට පෙළඹෙති. එහෙත් ක්‍රෙඩිට් කාඩ්පතින් ගනුදෙනු කරන විට ඔබ ගනුදෙනු කරන්නේ ණයට බව අමතක නොකරන්න. මුදල් ඇත ඇති විට වියදම් කිරීමට මැලිකමක් හෝ කිසියම් සීමාවක් තබා ගැනීමට අපි අපි පුරුදුව සිටිමු. ඒ පසුම්බිය ඉක්මනින් හිස් වන නිසාත් එය අපේ සිතට දැනෙන නිසාත් ය. එහෙත් ක්‍රෙඩිට් කාඩ්පතින් ගනුදෙනු කරන විට එය අපට නොදැනෙයි. ‘ මේක ගෙවන්න වෙන්නේ ලබන මාසෙට නේ ‘ එවැනි සිතුවිලි පහල වී ඉන් ඕනෑ තරම් ගනුදෙනු කරන්නට අපට සිතෙයි. එහෙත් ක්‍රෙඩිට් කාඩ්පතින් ගනුදෙනු කරන විට ඔබ යම් සීමාවක් තබා ගත යුතුයි. ඔබ ළඟ ඇත්තේ රුපියල් ලක්ෂයක පමණ ණය පහසුකමකින් යුත් ක්‍රෙඩිට් කාඩ්පතක් නම් ඔබ ඒ සියල්ල භාවිතා කරනවා දැයි දෙවරක් සිතා බැලිය යුතුය.
ණය වගේම පොලියත් ගෙවිය යුතු බව සිහි තබා ගන්න
ණය කාඩ්පතකින් ගනුදෙනු කල විට ඔබට ලැබෙන මාසික ගෙවීම් ප්රකාශනයේ සඳහන් මාසික ගෙවීම ගෙවා ගැනීමට වත්කමක් නොමැති නම් ගෙවිය යුතු අවම මුදල නියමිත දිනට පෙර ගෙව්මට උත්සහ කරන්න. එසේ ගෙවීමෙන් ප්‍රමාද ගාස්තු ගෙවීමට අවශ්‍ය නොවේ. බොහෝ විට ගෙවිය යුතු අවම මුදල ලෙස මාසික වාරිකයේ සඳහන් වන්නේ එම මාසය තුලදී ක්‍රෙඩි කාඩ් පතකින් සිදුකල සියලු ගණුදෙනුවල වටිනාකම් වලින් 5% ක් පමණ ප්රමාණයකි. එහෙත් ඔබ මාසික මුදල ගෙවීමට නොහැකිව අවම මුදල පමණක් ගෙවූ විට මාසික ප්රකාශනයේ සඳහන් සියලු ගනුදෙනු සඳහා පවතින ණය පොලි අනුපාතය යටතේ පොලි ගෙවීමට සිදු වේ.
ණය කාඩ්පතක අවම මුදල ගෙවන්නට ඔබ ඔබ පෙළඹෙන්නේ නම් එය එතරම් හොඳ පුරුද්දක් නොවේ. අවම මුදල ගෙවීමේදී පොලි අනුපාතයක් ගෙවීමට සිදුවෙයි. එය අලාභයකි. වට්ටමක් ලබා දුන් භාණ්ඩයක් ක්‍රෙඩිට් කාඩ්පතකින් මිලදී ගෙන ක්‍රෙඩිට් කාඩ්පතේ මුළු මුදලම ගෙවීමට නොහැකිව ඔබ අවම මුදලක් පමණක් ගෙවූ විට එයට පොලි මුදලක් එකතු වෙයි. එසේ සිදු වූ විට ඔබ වට්ටමකින් ලබා ගත භාණ්ඩයේ ලාභය නැති වී යයි. ඒ නිසා අවම මුදල ගෙවීමට වඩා ණය කාඩ් පතේ මුළු මුදලම ගෙවීම වට්ටම මඟින් භාණ්ඩය මිල දී ගැනීමේදී එහි ලාභය ඔබටම ලබා ගත හැකියි.
ගණුදෙනු ප්‍රමාණය සෑම මසකම පරික්ෂා කරන්න
ණය කාඩ්පත සෑම මාසයකම භාවිතා කරන මෙන්ම කලාතුරකින් භාවිතා කරන පිරිසක් ද සිටිති. ඔබ මේ දෙපිරිසෙන් කුමන පාර්ශවයකට අයත් වුවත් ක්‍රෙඩිට් කාඩ්පතින් ණය වී ඇති ප්‍රමාණය ගණනය කිරීමට සෑම මාසයකමදීම පුරුදු වන්න. මේ කාලයේදී ඔබ මිල දී ගත භාණ්ඩ වල බිල්පත් එකතු කරන්න. ක්‍රෙඩිට් කාඩ්පතින් වැය කර ඇති මුදල එම බිල්පත් හා සසඳා බලන්න. එසේම මාසික වාරිකයේ ඔබට ගෙවීමට ඇති මුදල් ප්‍රමාණය එය සමාන වන්නේ දැයි බලන්න. මෙවැනි ක්‍රමයක් අනුගමනය කිරීම මඟින් ඔබ කොතෙක් ප්‍රමාණයක් මාසිකව වියදම් කර ඇති දැයි සොයා ගත හැකිය.
ගත් බඩු ප්‍රමාණය සමග නිකුත් කරන බිල් පත සසදා බලන්න
උත්සව සමයේ වෙළඳ සැල් වල ඇත්තේ නොසන්සුන් කලබලකාරී ස්වභාවයකි. ඇතැම් විට ඔබ තෝරා ගත භාණ්ඩවලට මිල ගෙවීමට පෝලිමේ සිටීමටද සිදුවෙයි. මේ අවස්ථාවේදී මුදල් අයකැමියෝ ද ඉතා ඉක්මනින් තම සේවාව සැපයීමට කටයුතු කරති. ඔවුන් නොදැනුවත්ව හෝ මෙවැනි කලබලකාරී ස්වභාවය නිසා ඔබ මිල දී ගත භාණ්ඩ වලට මුදල් ගෙවා අවසන් වූ විට ඔබට නිකුත් කරන බිල්පත හොඳින් නිර්ක්ෂණය කර නිවැරදිව ගනුදෙනුව සිදු වී ඇති දැයි බලන්න. ඔබේ ක්‍රෙඩිට් කාඩ්පත හෝ ඩෙබිට් කාඩ්පත ලබා දුන් පසු ඇතැම් වෙළඳුන් වංචනික හා සැක කටයුතු අන්දමින් හැසිරෙයි නම් එනම් ඔබට නොපෙනෙන සේ ඉන් ගනුදෙනු කරනවා නම් එහි අංක ඔහු පිටපත් කර ගන්නට උත්සහ කරනවා නම් එවැනි අවස්තාවක ඔබ බුද්ධිමත්ව ක්‍රියා කල යුතුයි. මෙවැනි අවස්තාවක ඔබ කල යුත්තේ මුදල් වලින් ගනුදෙනු කිරීම හෝ ක්‍රෙඩිට් කාඩ්පතකින් ගනුදෙනු කරන විට ඒ දෙස හොඳ අවධානයකින් බලා සිටීමයි.
කාඩ්පතින් මුදල් ගැනීම අවාසියි
ක්‍රෙඩිට් කාඩ්පත මුඅල් ලබා ගන්නා කාඩ්පතක් ලෙස භාවිතා කිරීම අවාසියකි. ඔබ ක්‍රෙඩිට් කාඩ්පතකින් මුදල් ලබා ගැනීමෙන් අධික පොලියක් ඒ සඳහා ගෙවීමට සිදුවෙයි. ඒ නිසා සෑම විටකම ක්‍රෙඩිට් කාඩ්පතින් මුදල් ලබා ගැනීමෙන් වැළකී ඉන් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා පමණක් භාවිතා කිරීමෙන් ඔබට ක්‍රෙඩිට් කාඩ්පත හිසරදයක් නොවී නිසි ලෙස භාවිතා කිරීමේ හැකියාව ලැබේ.
තත්වය පෙන්නන්න Credit Card භාවිතා කිරීම මෝඩ වැඩක්
ණය කාඩ්පතක් ඔබ ළඟ තිබු පමණින් ඔබේ අවශ්‍යතා ඉටු කර ගැනීමට යෑම අනුවණ ක්‍රියාවකි. ඔබට මිලදී ගැනීමට ඇති භාණ්ඩය ප්‍රසිද්ධිය නොලත් වෙළඳ සැලක රුපියල් 500 ඇතිනම් එම භාණ්ඩයාම තවත් වෙළඳ සැලක රුපියල් 1000 ඇති නම් ඔබ මිලදී ගැන්මට යොමු වන්නේ කුමන භාණ්ඩය ද ? සැබවින්ම ඔබේ තත්වය පෙන්වීමට සුපිරි පැලැන්තිය බව පෙන්වීමට ප්‍රසිද්ධ වෙළඳසැලෙන් ක්‍රෙඩිට් කාඩ් පත භාවිතා කර එම භාණ්ඩය මිල දී ගන්නවා නම් එහි කිසිදු ප්‍රයෝජනයක් නැත. ක්‍රෙඩිට් කාඩ්පතින් ගනුදෙනු කරන්නේ ණයට බව මතක තබා ගන්න.
මුදල් සමඟ ගනුදෙනු කරන විට ඔබ සිතන ආකාරය වෙනස් කර ගැනීමට උත්සහ කරන්න. රුපියල් 1000 කට කිරීමට ඇති දෙය රුපියල් 100 කර ගැනීමට උත්සහ ගැනීමෙන් ඔබ හෙට දවසේ සුරක්ෂිත මුල්‍ය හිමිකරුවෙකු වෙයි. අද කා බි විනෝද වුවත් හෙට ණයකරුවකු නම් එහි ප්‍රතිඵලයක් නැත. අදත් හෙටත් ඉදිරියටත් හොඳ මුල්‍ය විනයක් ඇති පුද්ගලයෙකු ලෙස සිටීමට නම් මේ කාලයේදී දකින දකින දෙයට ලොල් වී ක්‍රෙඩිට් කාඩ්පතින් මිල දී ගැනීමෙන් වැළකීම ලබන වසර සතුටින් ගත කිරීමට හැකිය.