මරණයට අත වනන ලුණු කන්නේ බලාගෙන
8,384 Views
ලුණු නැතුව හදන හොද්දෙනුයි, හැඳි නොගා හදන හොද්දෙනුයි ඇති වැඩක් නෑ කියලා කියමනකුත් තියෙනවානේ. ඒත් ලුණු වැඩිපුර දැමූ කටට රහට දැනෙන හොදි, මාලුපිනි විතරක් නොවෙයි කුමන කෑමක්, බීමක් වුණත් පමණට වඩා ගැනීම ඉක්මන් මරණයට හේතුවක් වන බව ඔබ දන්නවාද? ලුණු යනු අනාදිමත් කාලයක සිටම මිනිසුන් තම ආහාරය රසවත් කරගැනීමට භාවිතා කරන ද්‍රව්‍යයක්. සෝඩියම් ක්ලෝරයිඩ් රසායනය ප්‍රධාන වශයෙන් අඩංගු ලුණු ශරීරයට හිතකර සෞඛ්‍යයමය ප්රතිලාභ රැසක් ලබා දෙනවා. නමුත් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ලුණු භාවිතය නිසා අපට අහිතකර තත්ව රැසකටම මුහුණ දීමට සිඳු වෙනවා .
හරියට ලුණු කමු
වයස අවුරුදු 11කට වැඩිනම් ඔවුන්ගේ දෙනික ලුණු අවශ්‍යතාවය වන්නේ 6g යි .
එනම් තේ හැන්දකට ආසන්න ප්‍රමාණයක් ය.
අවුරුදු 7-10 අතර ළමුන්ට දිනකට ලුණු 5g යි .
4-6අතර නම් 3gයි .
1-3අතර නම් 2gයි .
මාස 6සිට මාස 12දක්වා 1gට අඩුවෙන් ද ලුණු අහාරයට එක් කළ යුතුය.
මුල් මාස 6තුළ දරුවාට අවශ්‍ය ප්රමාණයෙර් සියලු පෝෂක මව් කිරි වලින් ලැබේ.
ලුණු අධිකව ආහාරයෙන් ඇති විය හැකි තත්වයන්
අධි රුධිර පීඩනයට ඇති බලපෑම
අවශ්‍ය ප්‍රමාණයට වඩා ලුණු ආහාරයට එක් කර ගැනීම අධි රුධිර පීඩනයෙන් පෙළෙන්නන්ට නම් ඉතාමත් අහිතකරයි. එමෙන්ම අධිරුධිර පීඩනය ඇතිවීමේ අවදානම ද වැඩි කරයි.
අධික ලුණු පරිබෝජනයයෙන් අන්ත්‍ර වල තුවාල හට ගැනීමේ සම්භාවිතවක් ඇත.
ශරීරය ඉඳීමීමකට ලක්විය හැක.
මුත්‍රා ගල් ඇතුවීමට ඇති සම්භාවිතාව වැඩි කරයි.
නිතර අධික පිපාසයක් ඇති වේ.
තරබාරු බව වැඩි වේ.
වකුගඩු ආශ්රිත රෝගයන් උග්‍ර වේ.
අධික ලුණු හෘද සෞඛ්‍යයයේ පිරිහීමට හේතු වේ.
ආඝාතය වැනි රෝග ඇති වීමටහේතු විය හැක.
ලුණු වැඩි ආහාර (සකස් කළ ආහාර)
සියලුම අසුරන ලද මස් වර්ග, සෝස් වර්ග
බයට් වර්ග, චීස් වර්ග, හැම්, බේකන් , චට්නි වර්ග
සුප් කැට, ඊස්ටී සාරය අඩංගු පාන /තැවරුම්
ලුණු එක් කල බටර්, මාගරින්
සොසේජස්, පාන්
කරවල, ටින් කල මාළු ජාඩි
අච්චාරු
කෑමට එක් වන ලුණු ප්‍රමාණය පාලනය
අහාරයට නිතරම නැවුම් එළවලු පලතුරු එක් කරගන්න. පෙර සැකසූ රසායන ද්‍රව්‍ය බහුලව යෙඳූ අහාර එක් කර නොගන්න. ලුණු අඩුවෙන් එක් කර අහාර වල රසය වැඩිකර ගැනීමට වෙනත් ස්වාභාවික කුළුබඩු වැඩියෙන් භාවිතා කරන්න. අච්චාරු, චට්නි,සෝස්, ආඳී ලුණු අධික අහාර වලින් මදක් ඈත් වන්න. දරුවන්ට, ළඳරු අවධියේ සිටම අඩු ලුණු සාන්ද්‍රණයක් හුරු කරවන්න. ස්වාභාවිකව අඩු ලුණු, සෝඩියම් ක්ලෝරයිඩ් අඩු ප්‍රමාණයක් සහිත ආහාර අහාරයට එක් කරගන්න. ආහාර පිසීමේදී ලුණු භාවිතය අඩු කරමු.
බත් පිසීමේදී ලුණු එකතු නොකරමු.
පලතුරු යුෂ පිළියෙල කිරීමේදී ලුණු එකතු නොකරමු.
ළදරු ආහාරයට ලුණූ එකතු නොකරමු.
කරවල පිසිමේදී පැයක් පමණ උණු වතුරේ තබා සෝදා ගනිමු.
වෙළෙඳ පොළෙන් අහාර පාන මිලදී ගන්නා විට හැමවිටම ඒවායෙහි සටහන් ලේබලය කියවා බලන්න. ඒවායේ පැණි රස සඳහා අලවා ඇති වර්ණ සංඥා මෙන්ම ලුණු අඩංගු ප්‍රමාණයද සටහන් කර තිබෙනවා. එවැනි ලේබලවල කහ පැහැය සටහන් වේ නම් ඒවා ගැනීම සීමා කරන්න. රතු ලේබල සහිත ආහාර ගැනීම හැකිතරම් අඩු කරන්න. සුදුසු වන්නේ කොළ පැහැති සංඥා සඳහන් ඒවායි. මේ සංඥා සීනි, තෙල් සහ ලුණු යන තෙවර්ගය සඳහාම අදාළ වෙයි. බොහෝ විට ආහාර වර්ගයේ ග්‍රෑම් 100කට අඩංගු වන සීනි, තෙල් සහ ලුණු ප්‍රමාණය එම ලේබලවල සටහන් වෙයි.ඉතින් Share Care ඉහත සදහන් කළ කරුණු වගේම අධික ලුණු ආහාරයත් අවම ලුණු ආහාරයත් අහිතකර බව මතකයේ තබා ගෙන ආහරයට රස එක් කිරීමට ලුණු භාවිතා කරන්න.
(උපුටාගිනීම sharecare බෙව් අඩවිය)