වකුගඩුවල ගල් ස්වභාවිකවම ඉවත් කරන අපි නොදන්නා විශ්මිත ඔසුව පතෝල
8,104 Views
එළවළු වර්ග අතර ඖෂධීය ගුණයෙන් යුතු තවත් එක් එළවළුවක් ලෙස පතෝල හඳුනාගත හැකිය. බොහෝ දෙනෙකු පතෝල ආහාරයට ගැනීමට වැඩි කැමැත්තක් නොදැක්වුවද මිනිස් සිරුරට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් පතෝල වල අඩංගුවේ. එනම් වැටකොළු මෙන්ම පතෝල ද ගසක් හෝ ආධාරකයක් උපයෝගී කරගෙන වැඩෙන වැල් විශේෂයකි. මෙම වැලෙහි සිහින් බූවා පවතින අතර දන්තාකාර පත්‍ර ඒකාන්තරව පිහිටා තිබේ. මෙහි කරල් දික්ව වැඩෙන අතර එහි සුදු පැහැති පුල්ලි දැක ගත හැකිය. එහි අඩංගු බීජ මගින් පතෝල ශාකයේ ව්‍යාප්තිය සිදු කරගත හැකිය. ශ්‍රී ලංකාව තුළ පතෝල වර්ග කිපයක් හඳුනාගත හැකිය එනම්
1.තින්න වේලි පතෝල
2.කොට්ට පතෝල
ලෙස ප්‍රධාන වර්ග දෙකක් හදුනාගත හැකිය. පතෝල ආහාරයට ගැනීම තරුණ වැඩිහිටි සෑම සියලු දෙනාටම ගුණදායකය.එනම් පතෝල වල මිනිස් සිරුරට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ.
ඒ අතර කාබෝහයිඩ්රේට් කැල්සියම් මැග්නීසියම් පොටෑසියම් පොස්පරස් යකඩ ජලය,මේදය, විටමින් A,B6,C,E, අයඩීන් වැනි පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් අඩංගුවේ. මේ නිසා පතෝල ආහාරයට ගැනීමෙන් නොයෙක් රෝග තත්ත්වයන් සුව කරගත හැකිවේ.
පතෝල වල ඖෂධීය භාවිතය
වකුගඩුවල ගල් ඉවත් කරයි-පතෝල ආහාරයට ගැනීමෙන් බොහෝ දෙනෙකුට පවතින වකුගඩුවල ගල් ඇතිවීම වළක්වා ගත හැකිය. එමෙන්ම පතෝලවල අඩංගු පෝෂ්‍ය පදාර්ථ වකුගඩු වල ඇති වුණු ගල් ඉවත් කිරීමට ද උපකාරීවේ. එනම් මේ සඳහා පතෝල නිතර ආහාරයට ගැනීමත් පතෝල යුෂ පානය කිරීමත් ගුණදායකවේ.
ආර්තව වේදනාව සමනය කරයි-බොහෝ කාන්තාවන්ට ඇතිවන පීඩාකාරී ආර්තව වේදනාව සමනය කරගැනීමට මෙන්ම අක්‍රමවත් ඔසප් චක්‍රය ක්‍රමවත් කරගැනීමට පතෝල ආහාරයට ගැනීම සුදුසුවේ.
චර්ම රෝග සුව කරයි-අසාත්මිකතා නිසා හෝ දේශගුණික විපර්යාස නිසා ඇතිවන සමෙහි අසාත්මිකතාවයන් එනම් දද, කුෂ්ඨ ,පිළිස්සුම් වැනි සම ආශ්රිත ඇතිවන රෝග තත්ත්වයන්ට ඖෂධයක් ලෙස පතෝල වලින් ලබා ගන්නා ජෙල් සාරය ගුණදායකවේ. එනම් එම ජෙල් සාරයේ අඩංගු විටමින් ඊ මගින් සම මත ඇති මෙවැනි ගැටලු සුව කරනු ලබයි.
මළ බද්ධය සමනය කරයි-බොහෝ දෙනෙකුට ඇතිවන බඩ වේලීම නොහොත් මළපිට කිරීමට අපහසු වීමේ තත්ත්වය සමනය කිරීම සඳහා පතෝල යනු ගුණදායක ආහාරයකි. එනම් පතෝල වල අඩංගු තන්තු මගින් මල බද්ධය සමනය කරයි. එනම් ඒ සඳහා පතෝල ව්‍යංජනයක් ලෙස පිළියෙල කර ආහාරයට ගැනීම වඩාත් සුදුසුවේ.
මේදය දහනය කරයි-ශරීරයේ අනවශ්‍ය මේදය ඉවත් කිරීම සඳහා ආහාරයට ගත හැකි ගුණදායක එළවළුවක් ලෙස පතෝල හැඳින්විය හැකිය. එනම් පතෝල වල අඩංගු තන්තු මගින් ශරීරයේ අනවශ්‍ය මේදය වේගයෙන් දහනය කිරීම සිදු කරනු ලැබේ.
මානසික ආතතිය සමනය කරයි-පතෝල ආහාරයට ගැනීමෙන් අඩු මානසිකත්වය, ආතතිය, ස්නායු රෝග වැනි රෝග තත්ත්වයන් ඇතිවීම වළක්වාගත හැකිය. එනම් පතෝල ආහාරයට ගැනීමෙන් මානසික සෞඛ්‍ය වැඩි දියුණු කරගත හැකිය.
ආහාර ජීර්ණය වැඩිදියුණු කරයි-බොහෝ දෙනෙකුට ඇතිවන ආහාර ජීර්ණය නොවී මේ රෝග තත්ත්වය සමනය කිරීම සඳහා වැටකොළු පතෝල ආහාරයට ගැනීම ගුණදායකවේ.
හෘද රෝග ඇතිවීම පාලනය කරයි-අද වන විට බොහෝ දෙනෙකුට පවතින හෘද රෝග පාලනය කිරීම සඳහා ආහාරයට එකතු කරගත හැකි ගුණදායක එළවළුවක් ලෙස පතෝල හැඳින්විය හැකිය. එනම් පතෝල වල අඩංගු වන පොටෑසියම් රුධිර නාල විස්තාරණය කර අධි රුධිර පීඩන තත්වයන් ඇති වීම වළක්වනු ලබයි. එමෙන්ම පතෝල වල අඩංගු වන්නේ සුළු කොලොස්ට්‍රෝල් ප්‍රමාණයක් පමණක් වන නිසා හෘද රෝග ඇති වීම පාලනයවේ.
ශරීර විජලනය වලක්වයි-පතෝල ආහාරයට ගැනීමෙන් ශරීරය විජලනය වීම වළක්වා ගත හැකිය. එනම් පතෝල වල අඩංගු ජලය ශරීරය සිසිල් කර සමෙහි තෙතමනය රඳවා තබා ගැනීමටද බෙහෙවින් උපකාරීවේ.
දියවැඩියා රෝගය පාලනය කරයි-පතෝල ආහාරයට ගැනීමෙන් දියවැඩියා රෝගය පාලනය කරගත හැකිය. එනම් පතෝල ආහාරයට ගත් පසු එහි අඩංගු තන්තු රුධිරයට සීනි උරාගැනීම ප්‍රමාද කරයි. මේ නිසා දියවැඩියා රෝගීන්ට පතෝල ව්‍යංජනය ගුණදායකය.
ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණු කරයි-පතෝල ආහාරයට ගැනීමෙන් පතෝල වල අඩංගු විටමින් සී වැනි ප්‍රතිඔක්සිකාරක ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කිරීම සිදුකරයි. මේ නිසා උණ ,සෙම්ප්‍රතිශ්‍යාව වැනි ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීමෙන් ඇතිවන රෝග තත්ත්වයන්ද පාලනය කරගත හැකිය.
වකුගඩුවල හා අක්මාවේ විෂ ඉවත් කිරීමට.
ඇදුම රෝගය සමනයට හා සෙම බුරුල් කිරීමට.
බර පාලනය කර ගැනීමට.
හිසකෙස් වර්ධනය කර ගැනීමට.
මස්පිඩු පෙරළීම සමනය කිරීමට.
මේ ආදී වූ රෝග රැසකට පතෝල ආහාරයට ගැනීම ගුණදායකවේ. නමුදු පතෝල වල බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු වන බැවින් නිතර නිතර පරිභෝජනය කිරීම සුදුසු නොවේ.
(උපුටාගැනීමකි)