අක්මාවේ මේදය තැන්පත් වීම වළකන හෙළ ඔසු - මරණයෙන් බේරෙමු අනිවාර්යයෙන් බලන්න
16,422 Views
වර්තමානය වන විට ඉතා සීඝ්රයෙන් වර්ධනය වන තවත් එක් එක් රෝග තත්ත්වයක් ලෙස අක්මාවේ මේදය තැන්පත් වීම හඳුනා ගත හැකිය. එනම් අක්මාවේ මේදය තැන්පත් වීමට නොයෙක් හේතු බලපානු ලබන අතර එම හේතු ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ හඳුනාගත හැකිය.
1. මධ්‍යසාර භාවිතා කිරීම නිසා අක්මාවේ මේදය තැන්පත් වීම.
2. මධ්‍යසාර භාවිතා කිරීමෙන් තොරව අක්මාවේ මේදය තැන්පත් වීම.
මේ ආදී වශයෙන් ඛාණ්ඩ දෙකක් යටතේ අක්මාවේ මේදය තැන්පත් වීමට බලපාන හේතු හඳුනා ගත හැකිය. එනම් මධ්‍යසාර භාවිතා කිරීම නිසා අක්මාවේ මේදය තැන්පත් වන බව බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි. එනම් මෙය වෛද්‍ය පරීක්ෂණවලින්ද අදවන විට තහවුරු වී තිබේ. එනම් මද්‍යසාර භාවිතා කිරීම මගින් අක්මාවේ මේදය තැන්පත් වී එය සිරෝසිස් රෝග තත්ත්වය දක්වා වර්ධනය විය හැකිය. නමුදු මෙම රෝග තත්ත්වය සඳහා නියමිත ඖෂධ භාවිත කිරීම මඟින් එම රෝගය සුව කර ගැනීමට හැකියාව පවතී.
ඊට අමතරව නොයෙක් ආහාර පරිභෝජනය කිරීම මගින් අක්මාවේ මේදය තැන්පත් වීම සිදුවේ. එනම් විශේෂ කොට අහිතකර රසායනික සංයෝග අඩංගු ආහාර වැඩි වශයෙන් භාවිතා කිරීම මගින් අක්මාව නිතර ක්‍රියාත්මකවේ. එනම් අක්මාව නිතර ක්‍රියාත්මක වීමෙන් ෆැට්ලීවර් රෝග තත්ත්වය ඇතිවිය හැකිය. පසුව අක්මාව ක්‍රමක්‍රමයෙන් දුර්වල වී විෂ හරණය වීම නිසියාකාරව සිදුනොවේ. මේ නිසා අක්මාවේ මේදය තැන්පත් වීම සිදුවේ. එනම් එහිදී කෘතිම රසකාරක එනම් අප ගනු ලබන ආහාර වල කෘතිම රසකාරක , වර්ණකාරක,කල්තබා ගැනීමේ ද්‍රව්‍ය එකතු කරනලද ආහාර වර්ග එනම් බිස්කට්, කෝඩියල්,සෝස්,පිටි සහිත ආහාර වර්ග වැඩි වශයෙන් භාවිතා කිරීම මගින් අක්මාවේ මේදය තැන්පත් වීම සිදුවේ.
අසංතෘප්ත මේද අම්ල-එනම් පොල් තෙල් හැරුණු කොට අනෙකුත් අසංතෘප්ත මේද අම්ල අක්මාවේ මේදය තැන්පත් වීමට හේතුවේ. එනම් සෝයා තෙල්, මාගරින්,ෆාම්තෙල් වැනි තෙල් වර්ග නිෂ්පාදනය කරනවිට ඔමේගා අම්ල අනුපාතය වෙනස්වේ. ඒ නිසා අක්මාවේ මේදය තැන්පත් වීම සිදුවේ. එමනිසා පොල් තෙල් හැරුණු කොට අනෙකුත් තෙල් වර්ග භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතුය.
ආහාර වල අඩංගු කෘෂි රසායනික සංඝටක.එනම් අප ගනු ලබන එළවළු, පළතුරු, පළා වර්ග සඳහා යොදන කෘමිනාශක ,වල්නාශක වැනි කෘෂි රසායනික සංඝටක ආහාරයට ගැනීම මගින් එම ආහාර වල විෂ අක්මාවේ තැන්පත් විය හැකිය. මීට අමතරව මස් වර්ග ,පිටි සහිත ආහාර, කිරිපිටි වර්ග , ධාන්‍ය වර්ග වැඩි වශයෙන් ආහාරයට ගැනීම ආදියද අක්මාවේ තෙල් තැන්පත් වීමට හේතු කාරකවේ.
දියවැඩියා රෝගය, අධික ස්ථුලතාවය රෝග සඳහා භාවිතා කරන නොයෙක් ඖෂධ වර්ග, ව්‍යායාම නොකිරීම, ගැඹුරු තෙලේ බදින ලද ආහාර වර්ග, උෂ්ණාධික ආහාර එනම් ඉස්සන්, දැල්ලන්, පොකිරිස්සන් ,කකුළුවන් ,හරක් මස් ඌරු මස් ,වැනි උෂ්ණ අධික ආහාර වර්ග භාවිතා කිරීම අක්මාවේ මේදය තැන්පත් වීමට හේතුවේ.
අක්මාවේ මේදය තැන්පත් කිරීම අවම කර ගන්නේ කෙසේද?
මධ්‍යසාර භාවිතා කිරීම අවම කරන්න.බොහෝ දෙනෙකුට අක්මාවේ මේදය තැන්පත් වීමට බලපාන ප්‍රධාන හේතුව වන්නේ මධ්‍යසාර බහුලව භාවිතා කිරීමයි. එම නිසා මෙම රෝග තත්ත්වය සුවකර ගැනීමට මධ්‍යසාර භාවිතය අවම කළ යුතුය.
අක්මාවේ මේදය ඉවත් කර ගැනීමට ඒ සඳහා සුදුසු ආහාර භාවිතා කිරීම සිදුකළ යුතුය. එනම් නැවුම් එළවළු, පලතුරු, තන්තු සහිත ආහාර,කොළ පැහැති පළා වර්ග, මාළු වර්ග එනම් ඔමේගා ත්‍රි මේදය අඩංගු මාළු වර්ග වැඩි වශයෙන් ආහාරයට ගත යුතුය.
මේදය අඩු කැලරි අඩු ආහාර වර්ග භාවිතා කළ යුතුය. ගම්මිරිස් ,සුදුළූණු ,කරපිංචා, උළුහාල්, සූදුරු, මාදුරු, කොත්තමල්ලි වැනි කුළුබඩු වර්ග ආහාර පිසීමේ දී වැඩි වශයෙන් එකතු කර ගත යුතුය.
ෆැට්ලීවර් රෝගය සදහා සුදුසු ආහාර
අක්මාවේ මේද තැන්පත් වීම මගින් අක්මාව දුර්වල වීමෙන් මෙම රෝග තත්ත්වය ඇතිවේ. මෙම රෝග තත්ත්වය සඳහා වඩාත් සුදුසු වන්නේ කැඳ වර්ග සකස් කර පානය කිරීමයි එනම්
*හීං බෝවිටියා කොළ කැඳ පානය.
*මොනරකුඩුම්බිය කැඳ පානය.
*යකිනාරං කොළ කැඳ පානය.
*කරපිංචා කොළ කැඳ පානය.
*ගොටුකොළ කොළ කැඳ පානය.
ඕලූ කැඳ පානය. මේ ආදී වූ කැඳ වර්ග හීනටිහාල් සමග පොල් කිරි එකතු කර ආහාරයට ගැනීම ගුණදායක වේ. මේ සඳහා කිතුල් හකුරු භාවිතා කරන්නේ නම් වඩාත් සුදුසුවේ. නමුදු බොහෝ කොලෙස්ටරෝල් ඇති පුද්ගලයින් දෙවැනි හෝ තුන්වැනි කිරි දමා පානය කිරීම වඩාත් සුදුසුය. මෙමගින් කොලෙස්ටරෝල් අවම කරගෙන හානි වූ අක්මා සෛල නැවත වර්ධනය කර ගත හැකිය.
මීට අමතරව කැබැල්ල දලු මාලුව, මැල්ල කොළ මැල්ලුම කොලොස්ට්‍රෝල් අවම කර අක්මාවේ තෙල් අඩුකරයි.
එමෙන්ම මුං ඇට තැම්බූ වතුර සහ මුං ඇට ආහාරයට ගැනීම සුදුසුවේ.
වට්ටක්කා, කෝමාරිකා ව්‍යංජනය මුස්සැන්න ව්‍යංජනය අක්මා රෝගීන්ට ගුණදායකය.
ලුණු, සීනි වැඩි වශයෙන් ආහාරයට නොගත යුතුය.
මේ ආදී වූ ආහාර වර්ග සහ ඖෂධ වර්ග කැඳ වර්ග භාවිතා කිරීම මගින් හා අනිකුත් භාවිතයට නුසුදුසු ආහාර භාවිතා නොකිරීම මගින් අක්මාවේ තැන්පත් මේදය ඉවත් කර ගත හැකිය.
(උපුටාගැනීමකි)