මුත්‍රා දැවිල්ල සුව කරන ආයුර්වේද පිළියම් 7 ක්
8,267 Views
කාර්ය බහුල ජීවන රටාවත් සමඟම අදවන විට ගෙවන ජීවන රටාව හා පරිභෝජනය කරන ආහාර රටාව නිසා නොයෙක් රෝග තත්ත්වයන් ඇතිවේ. එනම් එම රෝග අතර තවත් එක් රෝගයක් ලෙස මුත්‍ර දැවිල්ල හඳුනාගත හැකිය. එනම් මෙහිදී සිදුවන්නේ මුත්‍ර මාර්ගයේ බාහිර වේදනාවක් සමඟ දැවිල්ලක් ඇතිවීමයි. මෙය ස්ත්‍රි පුරුෂ දෙපක්ෂයටම වයස් භේදයකින් තොරව ඇතිවන රෝග තත්ත්වයකි.මුත්‍රා දැවිල්ල ඇතිවීමට බොහෝ හේතු බලපානු ලබයි. එනම් ඒ අතර
ජලය පානය කිරීම අවම වීම.
මුත්‍රා මාර්ගයට විෂබීජ ඇතුළු වීම.
මුත්‍රා මාර්ගය ආශ්‍රිතව වකුගඩු ආශ්‍රිතව ගල් දියවීම.
මුත්‍රා මාර්ගය ආශ්‍රිතව ආසාදන ඇතිවීම.
මුත්‍රා මාර්ගයේ පුරස්ථි ග්‍රන්ථි ආසාදනයට ලක්වීම.
ගර්භනී කාන්තාවක් වීම
මේ ආදී වූ හේතු මත මුත්‍ර දැවිල්ල ඇතිවිය හැකිය.
මුත්‍රා දැවිල්ල ඇතිවූ විට ඇතිවන රෝග ලක්ෂණ
මුත්‍රා මාර්ගය ආශ්‍රිතව ඇතිවන දැවිල්ල.
නිතර නිතර මුත්‍රා කිරීමට සිදුවීම.
මුත්‍රා පිට කිරීමට අවශ්‍ය වූ විට පිට කරන තෙක් පාලනය කිරීමට නොහැකි වීම.මේ ආදී රෝග ලක්ෂණ ඇත්නම් මුත්‍රා දැවිල්ල ඇතිවිය හැකිය.මෙවැනි අවස්ථාවක වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කළ යුතුය.
ඊට අමතරව මෙම රෝගය සමනය කිරීම පිළිපැදිය යුතු උපදෙස් කිහිපයකි.
මිරිස් සහ තෙල් සහිත ආහාර භාවිතය අවම කිරීම. පෙර සදහන් කළ පරිදි මුත්‍ර දැවිල්ල ඇති වීමට තමා පරිභෝජනය කරන ආහාර රටාව වැඩි වශයෙන් බලපානු ලබයි. එනම් මිරිස් සහ තෙල් සහිත ආහාර වැඩි වශයෙන් භාවිතා කරන්නේ නම් මුත්‍රා දැවිල්ල ඇතිවිය හැකිය. එනම් ඔබ මෙවැනි ආහාර රටාවකට ඔබ පුරුදු වී සිටින්නේ නම් එය වෙනස් කර තෙල් සහ මිරිස් සහිත ආහාර භාවිතය අවම කළ යුතුය.
ජලය වැඩිපුර පානය කළ යුතුය.මුත්‍රා දැවිල්ල ඇති වීමට බලපාන හේතු අතර ජලය පානය අවම වීම ප්‍රධාන හේතුවක්වේ. මෙම රෝගී තත්ත්වය සමනය කර ගැනීමට නම් වතුර ලීටර් 4 ක ප්‍රමාණයක් පානය කිරීම සිදුකළ යුතුවේ.
කෘතිම පාන වර්ග අවම කළ යුතුය.එනම් කැෆේන් වැනි පාන වර්ග භාවිතා නොකර ශරීරය සිසිල් කරන පාන වර්ග භාවිතා කළ යුතුය.උෂ්ණ අධික ආහාර හා අම්ල අධික ආහාර ගැනීමෙන් වැළකී සිටිය යුතුය. උෂ්ණ අධික ආහාර පාන හා අම්ල අධික ආහාර වැඩි වශයෙන් භාවිතා කිරීම මගින් මුත්‍ර දැවිල්ල ඇතිවිය හැකිය. එනම් ඉස්සෝ, කකුළුවෝ, පොකිරිස්සෝ, තක්කාලි, අන්නාසි, දෙල්,දෙහි,ඇඹුල් සහිත එළවළු, පළතුරු ආහාරයට ගැනීම නොකළ යුතුය.
ලිංගික ප්‍රදේශයේ සුවඳ විලවුන් ගැල්වීම හා සබන් වර්ග ගැල්වීමෙන් වැළකිය යුතුය. කපු ඇදුම්, ලිහිල් ඇඳුම් භාවිතා කළ හැකි නම් එය වඩාත් සුදුසුවේ.
මුත්‍රා දැවිල්ල සමනයට කළ හැකි ස්වභාවික ප්‍රතිකාර
කොත්තමල්ලි කබලේ බැද කුඩුකර උණුවතුරට දමා තේ මෙන් පානය කිරීම.
මුං ඇට තැම්බූ වතුර පානය කිරීම.
කටු අනෝදා , කොමඩු, වැනි පළතුරු බීම පානය කිරීම
පොල් පලා සහ අක්කාපාන සමව ගෙන තම්බා පානය කිරීම.
හීං බෝවිටියා කැඳ හෝ පළා මැල්ලුම ආහාරයට ගැනීම.
තැඹිලි වතුර පානය කිරීම.එනම් තැඹිලි වතුරට කුරුඳු ,උළුහාල් කොටා මිශ්‍ර කර පානය කිරීම.
එළවළු සුප් පානය කිරීම.
බාර්ලි වතුර පානය කිරීම.
ඇල්වතුරට සීනි දමා පානය කිරීම.
මේ ආදී ස්වභාවික ප්‍රතිකාර වලින් ද මුත්‍රා දැවිල්ල සමනය කර ගත හැකිය. නමුදු ඊට අමතරව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් ගුණදායකය.
(උපුටාගැනීමකි)