ඔබේ තයිරොයිඩ් ග්‍රන්ථිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බව හඟවන රෝග ලක්ෂණ
6,457 Views
තයිරොයිඩ් ග්‍රන්ථිය කියන්නේ ඔබගේ ස්වරාලයට පහලින් ශ්වාසනාලය වටා පිහිටන කුඩා ග්‍රන්ථියක්. එයින් ස්රාවය වන හෝර්මෝන මගින් සිරුරේ පරිවෘත්තීය පාලනය කෙරෙනවා. කෙසේ නමුත් අනෙක් ඕනෑම දෙයක් මෙන්, මෙම ” සියලුම ග්‍රන්ථි වල මව් ග්‍රන්ථිය” පවා නිසි ලෙස ක්‍රියා නොකරමින් ගැටළු වලට ලක්විය හැකියි. එසේ සිදු වන විට, හෝර්මෝන වැඩිපුර නිපදවීම (හයිපර්තයිරොයිඩිසම් – Hyperthyroidism)හෝ ප්‍රමාණවත් තරම් හෝර්මෝන නිපද නොවීම (හයිපොතයිරොයිඩිසම් – Hypothyroidism) යන කරුණු මත ග්‍රන්ථිය ක්‍රියා කරන ආකාරය වෙනස් වෙනවා. ඔබේ තයිරොයිඩ් ග්‍රන්ථියෙහි විෂම ක්රියාකාරීත්වයක් ඇද්දැයි සොයා ගැනීම පහසු වීම සඳහා අප ඒ තත්ත්ව දෙකෙහිම රෝග ලක්ෂණ පහතින් දක්වනවා. මෙම රෝග ලක්ෂණ ඔබටත් තිබෙනවා නම් වහාම වෛද්‍යවරයෙකු හමුවන්න.
හයිපොතයිරොයිඩිසම් (Hypothyroidism)
ොහයිපොතයිරොයිඩිසම් යනුවෙන් හඳුන්වන්නේ ග්‍රන්ථිය විසින් ප්‍රමාණවත් වන තයිරොයිඩ් හෝර්මෝන නිපදවන්නේ නැති තත්වයක්. මෙයට ප්‍රධානතම හේතුව වන්නේ අයඩින් ඌණතාවයයි. මෙය පුරුෂයන්ට වඩා කාන්තාවන් අතර බහුල වන අතර, එයිනුත් වයස 60ට වැඩි කාන්තාවන් මෙයට ගොදුරු වීමේ වැඩි නැඹුරුතාවයක් තිබෙනවා. දැන් අපි එහි රෝග ලක්ෂණ මොනවාදැයි බලමු.
01.අලස බව.
අපේ සිරුර විසින් ශක්තිය පරිභෝජනය කරන ආකාරය පාලනය කරන හෝර්මෝන තයිරොයිඩ් ග්‍රන්ථිය විසින් නිපදවනවා. එම හෝර්මෝන නිෂ්පාදනය අඩුවීම නිසා කලකිරුණු බවක්, අලස බවක් හා විඩාවක් දැනිය හැකියි.
02.කටහඬ වෙනස් වීම.
තයිරොයිඩ් ග්‍රන්ථිය හා ස්වරාලය එකිනෙකට ඉතාමත් ළඟින් පිහිටන ඉන්ද්රියයන් දෙකක්. මේ නිසා තයිරොයිඩ් ග්‍රන්ථියෙහි විෂම ක්‍රියාකාරීත්වය ස්වරාලයට බලපෑ හැකි අතර ඒ නිසා කටහඬ සම්බන්ධ ගැටලු ඇතිවිය හැකියි.
03.සම ඝනවීම සහ ඇහිබැම සිහින් වීම.
හයිපොතයිරොයිඩිසම් නිසා සම චූර්ණීභවනය නොහොත් සමේ මෘදු පටක වල කැල්සියම් තැන්පත් වීම සිදු විය හැකියි. මේ නිසා සමේ ඝනකම්, වියළි හා පොතු ගැලවෙන ස්වභාවයක් දක්නට ලැබෙනවා. මීට අමතරව ඇහිබම තුනී හා සිහින් වීම දක්නට ලැබෙන අතර එය කාලයත් සමග සෙමින් සිදුවන්නක් වුණත් පළමුව දක්නට ලැබෙන රෝග ලක්ෂණ වලින් එකකි.
04.සන්ධි සහ මාංශපේශී වල වේදනාව.
දියර තැන්පත්වීම (fluid retention) නම් හයිපොතයිරොයිඩිසම් වල සුලභ රෝග ලක්ෂණයේදී සන්ධි හා මාංශපේෂීන් වල වේදනාව අත්විඳිය හැකියි. එය බොහෝවිට වළලුකර හා පතුල් ආශ්‍රිතව සිදුවන අතර කායික ක්‍රියාකාරකම් සමග තත්ත්වය දරුණු විය හැකියි.
05.කන් ඇසීම දුර්වල වීම.
හේතුවක් තවමත් නිශ්චිතව සොයාගෙන නැතත්, තයිරොයිඩ් ග්‍රන්ථියේ විෂම ක්‍රියාකාරීත්වය සහ කන් ඇසීම දුර්වල වීම අතර සම්බන්ධතාවයක් ඇති බව අධ්‍යයන වලින් සොයාගෙන තිබෙනවා.
06.ලිංගික උත්තේජනය නැති වී යාම.
හයිපොතයිරොයිඩිසම් වලදී පරිවෘත්තීය වේගය පහළ යන නිසා ප්‍රජනක ඉන්ද්රියයන් වල ක්‍රියාකාරිත්වයද අඩු වෙනවා. එවිට ලිංගික හෝර්මෝන නිපදවීම අඩු වන අතර ඒ නිසා ලිංගික උත්තේජනයද ක්‍රමයෙන් අඩු වී යනවා.
හයිපර්තයිරොයිඩිසම් (Hyperthyroidism)-හයිපර්තයිරොයිඩිසම් යනු සිරුරේ තයිරොයිඩ් හෝර්මෝනය අධිකව නිපදවීම නිසා ඇතිවන තත්ත්වයක්. ඇමරිකාවේ හයිපර්තයිරොයිඩිසම් රෝගීන්ගෙන් 60% – 80%කට පමණ හේතුව ග්‍රේව්ස් රෝගයයි. (Graves’ disease – හයිපර්තයිරොයිඩිසම් වලට හේතුවන ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අක්‍රමිකතාවයක්) වෙනත් හේතූන් ලෙස බහුගැට ගලගණ්ඩය (Multinodular goiter),විෂ ඇඩිනෝමා (Toxic Adenoma), තයිරොයිඩ් ග්‍රන්ථියේ ප්‍රදාහ තත්ත්ව සහ අයඩින් අධික ආහාර හැඳින්විය හැකියි. මෙයත් කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන්නක්. පහතින් දැක්වෙන්නේ එහි රෝග ලක්ෂණයි.
01.ආහාර රුචිය වැඩි වීම.
තයිරොයිඩ් හෝර්මෝනය අධිකව නිපදවීම නිසා ඔබට නිතරම කුසගිනි දැනිය හැකියි. මේ නිසා ආහාර රුචිය වැඩි වීම හයිපර්තයිරොයිඩිසම් වල රෝග ලක්ෂණයක් විය හැකියි. මෙහි ඇති එකම හොඳ දෙය වන්නේ ආහාර රුචිය සමගම අනෙක් පසින් පරිවෘත්තිය වේගයද වැඩි වන නිසා වැඩිපුර ආහාර ගත්තා කියා ඔබේ බර වැඩි වීමක් සිදු නොවීමයි.
02.නිතර මුත්‍රා කිරීම.
වේගවත් පරිවෘත්තීය නිසා සිරුරේ රුධිර පරිවහණය වේගයෙන් සිදුවෙනවා. මේ නිසා ඔබේ වකුගඩු වලින් ඉක්මනින් පෙරීම සිදුවන අතර වැඩිපුර මුත්‍රා නිපදවෙනවා.
03.අධික පිපාසය.
ඉහතින් සඳහන් කළ පරිදි හයිපර්තයිරොයිඩිසම් වලදී වැඩිපුර වාර ගණනක් මුත්‍රා කිරීමට සිදු වීම නිසා එම අඩු වන ජල ප්‍රමාණය සිරුර විසින් පූර්ණ කරගත යුතුයි. මේ නිසා නිතර අධික පිපාසයක් දැනිය හැකියි.
04.අත වෙවුලීම.
අත එකම ඉරියව්වෙන් බොහෝ වේලාවක් තබා ගැනීම නිසා ඕනෑම කෙනෙකුට අතේ වෙවුලීමක් හෝ කම්පනයක් දැනිය හැකිය. හයිපර්තයිරොයිඩිසම් මගින් සියලුම පරිවෘත්තිය ක්‍රියාවන් වේගවත් කරන නිසා සිරුර නිතරම අති වේගවත් බවකට යටත් වී පවතිනවා. මේ නිසා අප කලින් කියූ පරිදි අත වෙව්ලීම ආරම්භ වීමට ගතවන කාලය අඩු වෙනවා. සාමාන්‍ය කෙනෙකුගේ එකම ඉරියව්වකින් තබා ගැනීම නිසා අත වෙව්ලීම ආරම්භ වීමට වඩා ගතවන කාලයට වඩා අඩු කාලයකින් හයිපර්තයිරොයිඩිසම් ඇති පුද්ගලයකුගේ අත වෙව්ලීම ඇරඹෙනවා. එසේම මෙම වෙවුලීම ඉතා පැහැදිලිව දක්නට ලැබෙනවා.
05.ලිංගික උත්තේජනය වැඩි කාල පරිච්ඡේද.
පරිවෘත්තීය වේගය වැඩි නිසා හයිපර්තයිරොයිඩිසම් ඇතිවිට ලිංගික උත්තේජනය වැඩි වූ කාල පරිච්ඡේද දක්නට ලැබෙනවා. තයිරොයිඩ් විෂම ක්‍රියාකාරිත්වයක් ඇතිවීම පාලනය කරගැනීමට උපක්‍රම –
හයිපොතයිරොයිඩිසම් :
1.එළවළු, පලතුරු, පරිපූර්ණ ධාන්‍ය වර්ග සහ තුනී ප්‍රෝටීන ආහාර ( තුනී ප්‍රෝටීන/ Lean protein – මේද සහ කොලෙස්ටරෝල් අවම ප්‍රෝටීන වලින් ඉහළ) අඩංගු සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම සහ ශක්ති මට්ටම ස්ථායීව පවත්වා ගැනීමට දිනය පුරා කුඩා ආහාර වේල් ගැනීම. බර වැඩිවීම හයිපොතයිරොයිඩිසම් වල සුලබව දක්නට ලැබෙන්නක් වන අතර සෞඛ්‍ය සම්පන්න ලෙස ආහාර ගැනීම මගින් බර පාලනය කරගත හැකියි.
2.ක්‍රියාශීලී ජීවිතයක් ගත කරන්න. සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීම සඳහා දෛනිකව ව්‍යායාම වල නිරත වෙන්න. හයිපොතයිරොයිඩිසම් වලදී විශේෂයෙන් අවශ්‍ය වන පරිදි ශක්ති මට්ටම් උත්තේජනය කර ආතති මට්ටම් පහත හෙලීමටත් ව්‍යායාම තුළින් හැකියි.
3.යෝගා සහ භාවනා කිරීම අරඹන්න. හයිපොතයිරොයිඩිසම් වලදී අලස බව සහ විශාදය දක්නට ලැබෙන අතර ඒවාට එරෙහිව කටයුතු කිරීමට භාවනාව සහ යෝගා උපකාරී වේ.
4.කලින් නින්දට යන්න. නිදාගැනීමට කාලසටහනක් පවත්වා ගන්න. අලස බව සහ ශක්තිය හීන බව දැනීම හයිපොතයිරොයිඩිසම් වල සුලබ ලක්ෂණ වන නිසා ශක්තිය ප්‍රතිස්ථාපනය කර ගැනීමට ප්‍රමාණවත් තරම් විවේකයක් ලබා ගත යුතුයි.
හයිපර්තයිරොයිඩිසම් :-
1.අයඩින් පරිභෝජනයෙන් වැළකෙන්න. හයිපර්තයිරොයිඩිසම් ඇති පුද්ගලයන් අයඩින් වලින් සරු ආහාර සහ කිරි, චීස්, බටර්,යෝගට් සහ අයිස්ක්‍රීම් වැනි කිරි නිෂ්පාදනත්, මාළු, සුෂී, මුහුදු පැළෑටි ඇතුළු මුහුදු ආහාර වලිනුත් වැළකිය යුතුයි.
2.භාවනා කරන්න. තයිරොයිඩ් හෝර්මෝන අධිකව නිපදවීම නිසා හයිපර්තයිරොයිඩිසම් වලින් පෙළෙන පුද්ගලයන්ගේ මොළයේ උත්තේජනය වැඩි අතර ඔවුන් වඩා කලබලකාරී හා නොසන්සුන් බවක් දක්වනවා. එම තත්ත්ව පාලනය කර ගැනීමට භාවනාව පුහුණු වන්න.
3.ජලය පානය කරන්න. හයිපර්තයිරොයිඩිසම් වලදී මුත්‍රා ලෙස ජලය වැඩි ප්‍රමාණයක් සිරුරෙන් බැහැර වන නිසා සිරුර හොඳින් සජලනය කර ගැනීමට ජලය පානය කළ යුතුයි.
(උපුටාගැනීම lankaonline)