සතුන් දශ්ඨ කළ පසු හඳුනාගන්නා ආකාර 10ක්
4,234 Views
කිසිම කෘමියෙක් හෝ මදුරුවෙක් විසින් දශ්ඨ නොකරන ලද කිසිම පුද්ගලයෙක් මේ මිහිපිටනම් නැතුව ඇති. සාමාන්‍යයෙන් සමහර කාල වල කෘමි සතුන් දශ්ඨ කරන ප්‍රමාණය වැඩියි. සාමාන්‍යයෙන් මේ වගේ සතෙක් කාපුවම ලොකු විසක් නැති වුනත් සමහර දුර්ලබ කෘමීන් නම් ඉන්නවා මරණය වුනත් ගෙන දෙන්න පූලුවන් තරම් විශ අධික.
ගෙදර දරුවන් ඉන්නකොට, විශේෂයෙන් එහෙම දරුවන් හිටියෙ නැතත්, තමන්ට දෂ්ට කරපු සතා මොකෙක්ද කියලා දන්නෙ නැතිනම්, දැක්කේ නැතිනම්, එයට නිසි ප්‍රතිකාර කරන්න නම් කාපු සතා මොකාද කියලා දැනගෙන ඉන්න එක වටිනවා. සාමාන්යෙන් සතා කෑ තැන ඇතිවන පැල්ලමෙන් මොන වර්ගයේ කෘමියෙක්ද දෂ්ට කරේ යන්න දැනගන්න පුලුවන්. අපි අද ඔබට කියන්න යන්නේ ඒ ගැනයි.
01. බඹරා
බඹරෙකු විසින් දෂ්ට කරන ලද තැනක් දැඩි ලෙස රතු වීමට හා ඉදිමීමට ලක්වේ. බිබිලි මතුවීමටත් පුලුවන. එමෙන්ම දෂ්ට කිරීමට ලක්වූ තැනැත්තාට විශාල වේදනාවක් දැනේ, මෙය දෙබරකු දෂ්ට කළ විට දැනෙන වේදනාවට වඩා වැඩිය. බඹරාගේ විෂද වැඩිය, ඊට හේතුව මෙම කෘමියා ප්‍රමාණයෙන් ද විශාල වීමයි. මෙම විෂ වල හිස්ටමයින් සහ ඇසිටිල් කෝලයින් අඩංගු වේ.
පහරකෑමට ලක්වූ තැනත්තාගේ අත්පා සීතල වී, දෙතොල් නිල් පාට වී හුස්ම ගැනීමේ අපහසුතා ඇති වේ නම්, වෛද්‍යවරයෙක් මුණ ගැසිය යුතුය.
02. මී මැස්සා
තවමත් පහර කෑ ස්ථානයේ මෑ මැස්සාගේ විත තිබේ නම් එය ඉවත් කළ යුතුය. සාමාන්යෙන් මී මැස්සා පහර දුන් විට සම රතුපැහැගෙන ඉදිමෙන අතර පහර කෑ තැනැත්තාට දැවිල්ලක්, තියුණු වේදනාවක්ද පසුව මද කැසීමක් ද ඇතිවේ. ඔබට අසාත්මිකතා නොමැති නම් මෙය මෙතනින් හමාර වේ. නමුත් මී මැසි විෂට අසාත්මිකතා දක්වන්නේක් නම්, ඔවුන්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති විය හැකිය. මෙය බරපතල තත්වයකි.
03. දෙබරා
දෙබරා දෂ්ට කළ විටද මී මැස්සගේ දෂ්ට කළ ආකාරයටම දැනේ. දැවිල්ල, තියුණු වේදනාව පසුව කැසිල්ල ද රතු වීම සහ ඉදිමීම ද ඇතිවේ. එමෙන්ම සමේ රුධිර වහනයක්ද සමහරවිට ඇතිවේ. දෙබරා කිහිප වතාවක් දෂ්ට කළ හැකිය. මී මැස්සාගේ පහර දීමේදි මෙන්ම අසාත්මිකතා තිබීම භයානක විය හැකිය.
04. මදුරුවා
මදුරුවාගේ දෂ්ට කිරීමෙන් ඇතිවෙන සළැකුණ කඩල ඇටයක පමණැ ප්රමාණැයේ රතු වී ඉදිමීකි. මෙය බොහෝ විට ඇථි වෙන්නේ ශරීරයේ නිරාවරණය වූ ප්‍රදේශ වල ය. මදුරුවන් දෂ්ට කරන්නේ සම තුනී, පහසුවෙන් රුධිර නාල කාර යා හැකි ස්ථාන වලටය. ඔවුන් සම තුවාල කළ විට ඔවුන්ගේ ඛේටය සමට එන්නත් කරන අතර ඉන් රුධිරය කැටි ගැසීම නවත්වයි. එමෙන්ම එයින් රුධිරයේ ඝනත්වය වැඩිවේ. මේ මගින් ඉදිමීම, රතු වීම සහ කැසීම ඇතිවේ.
05. කිනිතුල්ලා
කිනිතුල්ලෙකු කෑ තැනකද රතු පැල්ලමක් ඇතිවේ. කිනිතුල්ලා ප්‍රහාරයට ලක් වූ ත්නැත්තාගේ සිරුරේ කාලයක් සිටිය හැක, ඌ ලේ බොමින් විශාල වෙමින් වැඩේ.
කිනිතුල්ලන්ගෙන් ඇතිවන භයානක තත්වය වන්නේ ඔවුන්ගෙන් එන්සෙපලයිටීස්, බොරෙලියෝසිස් ආදි රෝග කාරක බෝකිරීමයි. ඔබ කිනිතුල්ලා සිරුරෙන් ඉවත් කළ පසු ද රතු පැල්ලම වර්ධනය වන්නේ නම් ඔබ වහාම වෛද්යවරය්ක් බැහැ දැකිය යුතුය.
06. මැක්කා
මැක්කන් කෑ විට එය අසාත්මිකතාවයක් ලෙස හෝ මදුරු ප්‍රහාරයක් ලෙස වරදවා වටහා ගනී, ඊට හේතුව දෂ්ට ස්ථාන රතු සහ ඉදිමී තිබීමයි. නමුත් මැක්කා කෑ විට මදුරුවා කෑවාට වඩා වේදනාවක් දැනෙන අතර කැසීම ද වැඩිය.
මැක්කා සාමාන්යෙන් කකුල් වලට දක්ෂ කරන අතර, බොහෝ විට නින්දේ සිටින පුද්ගලයෙකුට පමණක් දෂ්ට කරයි. එමෙන්ම මූට කිහිප වරක් දෂ්ට කිරීමේ හැකියාව ඇති අතර එක් එක් දෂ්ට කිරීම් අතර දුර අඟල් භාගයේ සිට අඟලක් දක්වා විය හැකිය. මැක්කාගෙන් බරපතල රෝග රාශියක් බෝවීමේ හැකියාව තිබේ
07. කූඹියා
බොහොමයක් කූඹින්ගෙන් මිනිසාට කිසිදු භයානක ප්‍රතිපලයක් ගෙන එන්නේ නැත. කෙසේ වෙතත්, රතු පාට නයි කූඹි මිනිසුන්ට භයානක විය හැකියි. මොවුන් දෂ්ට කළ විට මුලින් සැරව ගෙඩි මතුව එනාතර පසුව ඒවා කැලැල් බවට පත් වේ. කූඹින් විෂ සහිත විය හැකිය. එම නිසා අසාත්මිකතා ඇතිවිය හැකිය.
08. ඇට මැස්සා
ඇට මැස්සා විශාල මැස්සකුගේ පෙනුම ගන්නා අතර, අනෙකුත් මැස්සන් නොව මොවුන්ගේ දෂ්ට කිරීම වේදනාත්මක වන අතර ලේ ද උරාබොයි. මුලින්ම ඉතා කුඩා මිලිමීටරයක පමණ රතු ලපයක් ඇති වෙන අතර පසුව එය ඉදිමීමටත් කැසීමටත් පටන් ගනී. ඇටමැස්සාගේ ටොලරේමියා සහ ඇන්ත්රැක්ස් වැනි රෝග ඇති කළ හැකි නමුත් මොවුන් බහුලව පහර දෙන්නේ ගවයන් ආදි සතුන්ටය.
09. උකුණන්
ඔබ මදුරුවන් සැපෑ කෑ විට දකින ආකාරයේ පැල්ලම්, බෙල්ලේ හිසේ දක්නට ලැබේ නම් එය උකුණන් සපා කෑමකි. මේවා ඔබේ උදරයේ, පිටේ ආදියේත් දක්නට ලැබේ නම් ඒ ඇල්මුවන් විය හැකිය. උකුණන් කෑ විට පැල්ලම් එකිනෙක අතර අඟල් කිහිපයක පරතරයක් දක්නට ලැබෙන අතර සම සිදුරු කලාක් වන්ව පෙනේ. උකුණාගෙන් ට්‍රෙන්ච් උණ සහ ටයිෆොයිඩ් උණ බෝවිය හැකිය.
10. ඇඳ මකුණා
මුලින් දකින විට ඇඳ මකුණා දෂ්ට කිරීම මදුරුවන් දෂ්ට කිරීමකට හෝ අසාත්මිකතාවයකට සමාන පෙනුමක් ගනී. සම රතු වී ඉදිමෙන අතර කැසීමට පටන් ගනී. කෙසේ වෙතත් ඇඳ මකුණන් හඳුනා ගැනීමට ක්‍රමයක් තිබේ. සපා කෑම් ඉතමත් ආසන්නයේ ඇති අතර සම මත කුඩා පාරවල් මෙන් පෙනේ. ඇඳ මකුණා සපා කෑම මදුරුවන් සපා කෑමට වඩා වේදනාත්මක වන අතර උදෑසන අවදි වන විට සිරුරේ පාරවල් වැනි පැල්ලම් කිහිපයක් දක්නට ලැබේ.
(උපුටාගැනීම - රැජිණිය වෙබ්අඩවිය)