නොදැනුවත්වම අපි කරන හානිකර පුරුදු 13ක් - මේ දේවල් අදම නවත්ව ගන්න
5,238 Views
ප්‍රමාණවත් නින්දක් ලබා නොගැනීම සහ අධික ලෙස ආහාර ගැනීම කියන පුරුදු සෞඛ්‍යයට අහිතකර බව අපි හැමෝම දන්නවා. ඒත් සමහරවිට කිසිඳු හානියක් නොවන්නේ යැයි සිතා අප පුරුද්දක් වශයෙන් කරන සමහර දේවල් සමහර විට සෞඛ්‍යයට ලොකු බලපෑමක් එල්ල කරන්න පුළුවන්.
සමහර අය කිවිසුම් යාම බලෙන් නතර කරනවා. ඒත් එහෙම කළොත් සමහර අවස්ථාවලදී රෝහල් ගත වෙන්න පවා සිද්ධ වෙන බව ඔයා දැනගෙන හිටියාද?
ඒ වගේම චුවින්ගම් කෑම නිසා ඔයාගේ අවධානය අඩුවන බව? මේ වගේ මතුපිටින් බැලුවම කිසිම හානියක් නැති බව පෙනුනත් ඇත්තටම සෞඛ්‍යයට අහිතකර විශාල අනතුරු පවා සිද්ධ වෙන්න පුළුවන් පුරුදු කීපයක් ගැන ඔයාව දැනුවත් කරන්න.
01. කිවිසුම් යාමට නොදී බලෙන් නැවත්වීම

බලපෑම් කරන්නේ: ස්වසන පද්ධතියට, රුධිර නාල වලට, මොළයට සහ භයානකම අවස්ථාවෙහිදී, අන්නස්‍රෝතයට
කිවිසුම් යාමේ ප්‍රධාන අරමුණ මොකක්ද? බැක්ටීරියා, වෛරස් හා දූවිලි අංශු ශරීරයෙන් ඉවත් කරන එක. ඒ නිසා ඔයා කිවිසුම පිට කරන්නේ නැතුව එය මැඩපවත්වනවා නම්ඔයාගේ ශරීරයෙන් මේ දේවල් ඉවත් වෙන්නේ නැහැ. එසේ කරන විට නහය ඇතුලේ වෙන්නේ හරියට බැරල් එකකට වෙඩි තබා ඒක වහලා දානවා වගේ වැඩක්. කිවිසුමක වේගය තත්පරයට මීටර් සියයක් හෝ ඊටත් වැඩි වෙනවා කියලා ඔයා දන්නවාද? ඔයා කිවිසුම පිට නොකර සිරකරගන්න උත්සාහ කරනකොට, ඒ වේගය ඒ කියන්නේ බලය යෙදෙන දිශාව ප්‍රතිවිරුද්ධ වෙලා ආපස්සට යෙදෙන නිසා ඔයාගේ කනට හානි කරන්න,රුධිර පීඩනය වැඩි කරන්න හෝ අන්නස්‍රෝතයට වුණත් හානියක් විය හැකියි.
02. ටූත් පික්

බලපෑම් කරන්නේ: විදුරුමසට
ටූත් පික් පාවිච්චි නොකරන ලෙස දන්ත වෙෙද්‍යවරු දැඩි ලෙස අවවාද කරන්න හේතුව මොකක්ද කියලා ඔයා දන්නවද? ඒවායින් ඔයාගේ විදුරුමසට හානි වෙන්න පුළුවන්. ඒත් ඒවා අපේ දත්වල එනමලයට එතරම් හානිකර නැහැ.
මේවා පාවිච්චි කළත් දත් හොඳට පිරිසිදු කරගන්න බැහැ කියලා ඔයා අත්දැකීමෙන් දන්නවනේ, ඉතින් අපිට අවශ්‍ය දේ කරගන්නත් බැරි නම් ඇයි අපි දැන දැනම මේ විදියට විදුරුමසට හානි කර ගන්නේ? ඔයාට පුළුවන් ටූත් පික් වෙනුවට ඩෙන්ටල් ෆ්ලොස් එකක්(dental floss) පාවිච්චි කරන්න. නමුත් මේක පාවිච්චි කරන ආකාරය නිවැරදිව ඉගෙන ගන්න වෙනවා.
03. කොට්ටය මත මුහුණ ඔබාගෙන නිදා ගැනීම.

බලපෑම් කරන්නේ : හුස්ම ගැනීමට, රුධිර සංසරණයට, කොඳු ඇට පෙළට සහ මුහුණේ සමට
අපි බොහෝ දෙනෙක්ට මේ පුරුද්ද තියෙනවා,ඒත් ඔයා හීනෙකින්වත් හිතුවද කොට්ටයේ මුහුණ ඔබාගෙන නිදා ගන්න එක හානිකරයි කියලා?
මේ ඉරියව්වෙන් නිදා ගත් විට,
ස්වසන අපහසුතා වගේම, රුධිර සංසරණයටත් අහිතකර ලෙස බලපානවා. බෙල්ලේ කශේරුකාවට හානි වෙන්න පුළුවන් වගේම මේ ඉරියව්වෙන් නිදා ගැනීමෙන් පසු ශරීරයේ ඇති වන රැළි කවදාවත් ඉවත් වෙන්නේ නැහැ කියලා වෛද්‍යවරු අනතුරු අඟවනවා!
04. බීජ වර්ගවල පොතු කටින් ඉවත් කිරීම

බලපෑම් කරන්නේ : දත්වලට සහ පිත්තාශයට
අපි සමහර බීජ වර්ගවල පොතු අතින් ඉවත් කරන්න අපහසු නිසා දත්වලින් හපලා පොතු ඉවත් කරන්න පුරුදු වෙලා ඉන්නවා නේද? ඒත් මේකෙන් දත්වලට ලොකු හානියක් වෙනවා. දන්ත වෛද්‍යවරුට අනුව මේ විදියට දත් වලින් ඇට වර්ග පොතු හැරීම නිසා ඔයාගේ දත් වලට හානි වෙනවා විතරක් නෙවෙයි පිත්තාශයෙත් ගැටළු ඇති වෙන්නත් පුළුවන්.
05. නිතරම දත්වලින් ඝන දේවල් සැපීම

බලපෑම් කරන්නේ : දත්, විදුරුමස් සහ මුඛයට
ඔයාත් පාසල් කාලයේදී පැන්සලේ නැත්නම් පෑනේ කෙළවර හපන්න පුරුදු වෙලා හිටියද? සාමාන්‍යයෙන් මේ විදියට පෑන්, පැන්සල්, ක්ලිප්, කඩදාසි වගේම වෙනත් ඝන වස්තු හපන්න පුරුදු වෙලා ඉන්න අය අතර දත්වල එනමලයට හානි වෙලා තියෙනවා සුලබව දකින්න පුළුවන් දෙයක්.
ඒ විතරක් නෙවෙයි අපි වැඩි දුර නොසිතා කටින් බෝතල් මූඩි විවෘත කිරීම, ඇට වර්ග හා අයිස් කැට සහ ලොලිපොප් / ටොෆී හැපීම වැනි පුරුදු නිසා දත්, විදුරුමස් හා මුඛයට හානි වෙනවා. ආයෙත් මේ වගේ දෙයක් කරන්න හිතුනොත් එකෙන් වෙන අහිතකර බලපෑම් ගැන හිතලා බලන්න.
06. මුත්‍රා කිරීම කල් දැමීම

බලපෑම් කරන්නේ: වකුගඩු, මුත්‍රා පද්ධතිය සහ අන්ත්රයට
අපි හැමෝටම සමහර අවස්ථාවලදී විවිධ හේතු නිසා වැසිකිළියට යාම කල් දාන්න සිද්ධ වෙනවා. 2018 ජුනි වලදී තරුණ එංගලන්ත ක්‍රීඩකයෙක් කිසිඳු විරාමයක් නොගෙන පැය 8ක් ක්‍රීඩාවක නිරත වූ පසු රෝහල් ගත කළා. ඒ ඔහුගේ මුත්‍රාශය හා බඩවැල් පිපිරීම නිසා. ඒක මොනතරම් භයානක තත්ත්වයක් වුණාද කිව්වොත් වෛද්‍යවරු හිතුවේ ඔහුට පිළිකා ගෙඩියක් තියෙනවා කියලා. විශේෂඥන් පවසන ආකාරයට ඔබ කිසිවිටෙකත් මුත්‍රා කිරීම සිර කරගෙන සිටීම නොකළ යුතු අතර, එසේ කළහොත්, මාංශ පේශි වලට තුවාල සිදු වී මුත්‍රා ආසාදන හා මල බද්ධය පවා ඇති වෙන්න පුළුවන්.
07. උණු වතුර භාවිත කර හිසකෙස් සේදීම

බලපෑම් කරන්නේ: මොළයේ රුධිර නාල වලට සහ හිස්කබලට
ඔයා පුරුද්දක් විදියට නිතරම ස්නානය කරන්නේ උණු වතුරෙන් නම් දැන්ම ඒ පුරුද්ද අත්හරින්න වෙනවා. ඒ මඟින් ශරීරයට සනීපයක් දැනෙනවා තමයි. එත් එමඟින් හිසරදය සහ කරකැවිල්ල ඇති කරවන්න පුළුවන් කියලා ඔයා දැනගෙන හිටියාද? ඒ විතරක් නෙවෙයි උණු වතුර මඟින් හිස්කබලේ තියෙන සෙබස් ග්‍රන්ථි වල ක්‍රියාකාරිත්වය උත්තේජනය කරන නිසා ඇත්තටම වෙන්නේ හිසකෙස් පිරිසිදු වෙන එක නෙවෙයි අපිරිසිදු වෙන එක.
08. නිතරම මුහුණ සහ දෑස් ස්පර්ශ කිරීම

බලපෑම් කරන්නේ: සමට සහ ඇස්වලට
ඔයා නිතර නිතර අත්වලින් මුහුණ අල්ලනවා නම්, කුරුලෑ සහ හර්පීස් ඇතුළු ආසාදන බොහෝ ප්‍රමාණයක් වැළඳීමේ ඉඩකඩ තියෙනවා. ඒ වගේම ඔයා නිතරම ඇස් කසනව නම්, අතගානවා නම් ඔයාට කොන්ජන්ටිවිටිස් කියන රෝගය ආසාදනය වෙන්න ඉඩ තියෙනවා. කොන්ජන්ටිවිටිස් කියන මේ බෝවෙන රෝගය හඳුනා ගන්න තියෙන රෝග ලක්ෂණ වෙන්නේ ඇස් දැවිල්ල, කඳුලු ගැලීම සහ ආලෝක සංවේදීතාව.
09. නිතර නිතර චුවින්ගම් සැපීම

බලපෑම් කරන්නේ: ආමාශය, දත් සහ කෙටිකාලීන මතකයට
පුංචි දරුවන් විතරක් නෙවෙයි වැඩිහිටි අයත් චුවින්ගම්වලට ඇබ්බැහි වෙලා ඉන්නේ. හැබැයි චුවින්ගම් හපනකොට ඇත්තටම වෙන්නේ අපේ බඩ කෙළවලින් පිරවෙන එක.
චුවින්ගම් හපන විට මුඛය නිතරම වැඩ කරන නිසා එමඟින් ආමාශයික යුෂ නිපදවීම උත්තේජනය කරනවා. ආහාර ගන්න කලින් චුවින්ගම් කන්න එපා. නිතරම චුවින්ගම් කෑම නිසා ගැස්ට්‍රයිටිස් හා ආමාශයේ තුවාල පවා ඇති වීමට ඉඩ තියෙනවා. ඒ විතරක් නෙවෙයි එයින් ඔයාගේ දත් වලට හානි කරනවා වගේම ලවණ නිපදවීම ඉහල නංවන නිසා ඒ ලවණවලට දත් හා දන්ත පිරවුම් දියකරන්න පුළුවන්.
මේ කොහොම වුණත් චුවින්ගම් කෑම පාඩම් මතක තියාගන්න උදවු වනවා වගේම දැඩි අවධානයකින් කළ යුතු කාර්යයන් කරද්දී ඔයාගේ අවධානය වෙනස් නොවී එක දිගට පවත්වා ගන්න උදවු වෙනවා. කොහොම වුණත් විශේෂඥයන්ගේ මතය වෙන්නේ එමඟින් කෙටිකාලීන මතකය අඩු කරන බව.
10. ඇඳේ වැතිරගෙන පොත් කියවීම

බලපෑම් කරන්නේ: ඇස්වලට, කොඳු ඇට පෙළට සහ බෙල්ලේ සමට
කවුද අකමැති ඇඳේ වැතිරිලා උණුසුම් කෝපි කෝප්පයක් බොන ගමන් පොතක් කියවන්න? ඔයා ඉදිරියටත් මේ ඉරියව්වෙන්ම කියවීම් කටයුතු කරනවා නම් ශරීර සෞඛ්‍යයට හානියක් නොවෙන්න මේ සෞඛ්‍ය නීති අනුගමනය කරන්න.
පොත ඇස් ලඟින්ම තියා ගන්නේ නැතිව තරමක් දුරින් තියාගන්න. ඔයාගේ කොන්ද වකුටු වෙන ආකාරයට හෝ බෙල්ල පහළට නැමෙන ඉරියව්වෙන් ඉන්න එපා. ඇල අතට වැතිරගෙන පොත ඔයාගේ පැත්තනින් තියාගෙන කියවන්න එපා, ඒ ඉරියව්වේදී ඔයාගේ ඇස්වලට වැඩ වැඩි වෙන නිසා ඇස්වලට අධික වෙහෙසක් දැනෙනවා. ඔයාගේ බඩ මත තියාගෙන කියවනකොට කොඳු ඇට පෙළට සහ බෙල්ලට හානි වෙන්න පුළුවන්.
ඉතින් මේ කියන නීති ඔක්කොම අනුගමනය කරලා ඇඳේ ඉඳන් පොතක් කියවන එක ගොඩක් අමරුයිනේ. ඒ නිසා පහසුම දේ වෙන්නේ ඇඳේ නිදාගෙන පොත් කියවන්නේ නැතුව ඉන්න එක. මොකද ඔයාගේ පහසුවට වඩා කොඳු ඇට පෙළ සහ බෙල්ල වටින නිසා.
ඒ විතරක් නෙවෙයි මේ වැරදි ඉරියව්වලින් ඉන්න නිසා ශරීරයේ ඇතිවන රැලි සදාකාලිකවම තියෙන්න පුළුවන් !!!
11. කුඩා තුවාල කටින් පිඹීම සහ ලෙවකෑම

බලපෑම් කරන්නේ: සුව කිරීමේ ක්‍රියාවලිය.
ටිකක් හිතලා බලන්න, ඔයාට පොඩි තුවාලයක් වුණාම ඔයා මුලින්ම කරන්නේ මොකද්ද? සමහර අය කටින් පිඹිනවා, එහෙම නැත්නම් තුවාලය කටින් ලෙව කනවා. ගොඩක් වෙලාවට පොඩි ළමයි මේ වැඩේ කරනවා. හාවඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පවසන ආකාරයට මිනිසුන්ගේ මුඛයේ ක්ශුද්‍ර ජීවී විශේෂ 600 කට වඩා ජීවත් වෙනවා කියලා ගණනය කරලා තියෙනවා.
ඔයා තුවාලයක් වුණාම ඒකට කටින් පිඹිනකොට මේ වගේ ක්ෂුද්‍ර ජීවීන් දහස් ගණනකට තුවාලයට ඇතුල් වෙන්න අවස්ථාව ලැබෙනවා.
මෙසේ තුවාලයට ඇතුල් වෙන ක්ෂුද්‍ර ජීවීන් විශේෂ අතර ස්ටැෆිලොකොකි සහ ස්ට්රෙප්ටොකොකි කියන ක්ෂුද්‍ර ජීවීන් වර්ග දෙකත් ඉන්නවා. යම් කිසි තුවාලයක කැටි ගැසුණු රුධිරය කියන්නේ එයාලට ජීවත් වෙන්න හොඳ වාසස්ථානයක්.
මේ නිසා පොඩි තුවාලයක් වුනත් මොකක්හරි ඖෂධයක් යෙදීම තමයි වඩා හොඳ, එහෙම කලේ නැත්නම් පොඩි තුවාලයක් වුණත් සුව වෙන්න ගොඩක් කල් ගත වෙන්න පුළුවන්.
12. කනට කර රහසින් මිමිණීම

බලපෑම් කරන්නේ: ස්වර තන්ත්ර සහ ස්වරාලයට
රොබට් සැටලොෆ් කියන විද්‍යාඥයා මේ පිළිබඳව කරපු පරීක්ෂණයකින් හෙළි වුණේ වැඩි දෙනෙක් කොඳුරමින් කතා කරනකොට එයාලගේ ස්වර තන්ත්ර පීඩාවට පත්වනවා කියලා. මේ හේතුවෙන් ස්වරාලයේ කුඩා තුවාල ඇති වෙන්න පුළුවන් සම්භාවිතාවය ඉහල නංවනවා.
13. වැසිකිළි යන අතරතුර ජංගම දුරකථනය භාවිතය

බලපෑම් කරන්නේ: සමස්ත සනීපාරක්ෂාවට
වයස් භේදයකින් තොරව වැඩි දෙනෙක් මේ වැඩේ කරනවා. ජංගම දුරකථනය භාවිතය විතරක් නෙමෙයි පුවත්පත් සහ පොත් කියවන එක වුණත් මේ අවස්ථාවේදී බලපාන්නේ එකම විදිහට. විනාඩි 5 කට වඩා කොමෝඩ් එකේ වාඩි වෙලා ඉන්නකොට ඔයාගේ නහරවල පීඩනය වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි සමහර වෙලාවට ඔයාට අමතක වෙනවා ඔයා කොහෙද ඉන්නෙ කියන එකත්.
ජංගම දුරකථන ගැන විශේෂයෙන් කියන්නේ ඒක නාන කාමරයේ සිට නැවත පිටතට රැගෙන එන නිසා. එමඟින් විෂ බීජ / නරක බැක්ටීරියා පිටතට ඇවිත් සෑම තැනකම පැතිරෙනවා.
අමතර දැනුමට: නාසය පිරිසිදු කරන්න කපු පුළුන් (cotton swab) භාවිතා කිරීම

නාසය පිරිසිදු කරන්න කිසිවක් ඇතුලු කරන්න එපා කියන එක තමයි වෙෙද්‍යවරුන්ගේ නිර්දේශය.එත් එය කරන්නම ඔයාට අවශ්‍ය නම් කපු පුළුන් පාවිච්චි කරන එක ඇඟිල්ලක් හෝ වෙනත් ඝන දෙයක් පාවිච්චි කරනවාට වඩා හොඳයි.
ඒ වගේ ඝන දෙයක් නාසයට ඇතුළු කළොත් සමහර විට නාසය තුළ තුවාල වී ලේ ගැලීමක් හෝ ඊටත් වඩා හානියක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් කපු පුළුන් පවා නාසයේ වැඩි දුරකට ඇතුළු කළොත් නාසය තුවාල වෙන්න පුළුවන්.
(උපුටාගැනීම saeida.me)