දිනපතාම සුදුළූණු ඔබේ ආහාර වේලට එකතු කරගන්න - මේ දේවල් ඇහුවොත් ඔබ පුදුම වේවි
2,567 Views
සුදුළූණු කියන්නේ අපි හැමෝම වගේ එක් වරක් හෝ කාලා තියෙන දෙයක්. හැබැයි ඔබ බොහෝ විට සුදුළූණු වල තියෙන අද්විතීය ගුණ ගැන නොදන්නවා ඇති. රැජිණිය අපි අද ඔයාලට අරගෙන එන්නේ සුදුළූණු වල තියෙන මේ අද්විතීය ගුණ නිසා හැමදාම ආහාටයට ගතහොත් ඔබේ සිරුරට ලැබෙන පුදුමාකාර ප්රතිලාභ ගැනයි.
01. ඔබේ ආකර්ෂණීයභාවය වැඩි කරනවා
සුදුළූණු මගින් පිරිමි අයගේ ආකර්ෂණීයභාවය වැඩිකරනවා. නමුත් අපි හිතන් ඉන්නේ සුදුළූණු කාපුවහම එන දුර්ගන්ධය නිසා කෙනෙක් එක්ක කතා කරන්නවත් සුදුසු නොවෙයි කියලයි. නමුත් මෑතකාලීන පර්යේෂණ මගින් ඔප්පු කොට තියෙනවා සුදුළූණු කාපුවම ආකර්ෂණ ගුණය වැඩිවන බවට. සුදුළූණු කාපුවම එන දුර්ගන්ධය මකා ගැනීම සදහා ඔබ ඔබගේ පෙම්වතිය මුණගැසීමට යාමට පැය 2කට කලින් සුදුළූණු බික් 2ක් කාලා යන්න. එතකොට ඔයාගේ පෙම්වතිය වෙනදට වඩා ඔයාට ඇළුම් කරාවී.
සුදුළූණූ කාපු පිරිමි අයගේ සිරුරෙන් නිකුත්වන සුවඳට කාන්තාවන් ඉතා ඇළුම් කරන බව පර්යේෂණ මගින් හෙළිවී තිබෙනවා. මේ සදහා හරිම හේතුවනම් තවමත් සොයාගෙන නෑ. නමුත් විද්‍යාඥයන් විශ්වාස කරන්නේ සුදුළූණු වල ඇති බැක්ටීරියා නාශක ගුණාංග නිසා දහඩිය ගඳෙහි තීව්‍රතාවය අඩුවීම මේ සදහා හේතු විය හැකි බවයි.
02. ප්රතිශක්තීකරණය වැඩි දියුණු වීම
සුදුළූණු වල වෛරස් හා සෙම්ප්‍රතිශ්‍යාව වැනි තත්වයන් මැඩපැවත්වීමේ හැකියාවක් පවතින බව අපේ මුතුන් මිත්තන් පවා දැන ගෙන ඉඳලා තියෙනවා. ඊට අමතරව විද්‍යාඥයින් පවා පවසන්නේ නිතර සුදුළූණු කෑමෙන් සීතල නිසා ඇතිවන ලෙඩරෝග වළක්වා ගන්න පුලුවන් කියලයි. මෙයට හේතුව වන්නේ සුදුළූණු වල විටමින් බොහෝ සෙයින් අඩංගු වීමත්, ගුණදායී තෙල් හා ඇමයිනෝ අම්ලය අඩංගු වීමත් ය. මීට අමතරව බැක්ටීරියා හා දිලීර විනාශ කරන කාබනික සංයෝගයක් වන ඇලිසින් අඩංගු වීමද මේ සදහා හේතු වෙනවා.
වැදගත් :
ඔබව ලෙඩරෝග වලින් ආරක්ෂා වීමට නම් ඔබ ආහාරයට ගන්නා සුදුළූණු නැවුම් විය යුතුය. ඇලිසින් නිපදවීම සිදුවන්නේ නැවුම් සුදුළූණු වල පමණි. එසේම රත්වීමෙන් සුදුළූණු වල ඇති බොහෝ ගුණාංග විනාශ වෙයි, එමනිසා සුදුළූණු අමුවෙන් ආහාරයට ගැනීම වඩාත් සුදුසු ය.
03. ඔබේ රුධිර පීඩනය ස්ථායී කරනවා
ඔබ අධි රුධිර පීඩනයෙන් පීඩා විඳිනවානම් ඔබේ දිනපතා ආහරයට සුදුළූණු එකතු කරගන්න. එමගින් ඔබේ නහර පුළුල් කොට ධමනීය පීඩනය අඩු කරනවා. එසේම මෙමගින් හිසේ කැකුම, හෘදය වස්තුවේ ඇති බර ගතිය ද පහව යනවා. අධික රුධිර පීඩනය ඇති අයෙක් දිනකට සුදුළූණු බික් 4ක් ආහාරයට ගත යුතුය. එසේම සුදුළූණු මගින් අනවශ්‍ය කොලස්ටරෝල් ප්‍රමාණයද 10-15% ම්රමාණයකින් පහත් හෙළනවා. ඒ අනුව හදවත් රෝග ඇතිවීමේ ප්රවණතාවයද මේ මගින් විශාල ලෙස අඩු වෙනවා.
කෙසේ වෙතත් මතක තබා ගන්න ඉහත සදහන් කළ රෝග කිසිවකට සුදුළූණු ආහාරයට ගැනීම පමණක් මරමාණවත් වන්නේ නැතිබව. ඔබ මොන දේ කරත් වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ගැනීම මෙහිදී අනිවාර්යයි.
04. ඔබගේ මතක ශක්තිය වැඩිකරනවා
එක් න්‍යායකින් පවසන අන්දමට අප ආහාර හා ඔක්ෂිජන් ගෙන ශක්තිය නිපදවීමේදී සිදුවන රසායනික ඔක්සිකාරක ප්‍රතික්‍රියා නිසා මිනිස් සිරුර හා මොළය වයසට යාම සිදුවෙයි. මෙම ක්‍රියාවලියේදී සෛල විනාශ් වී මොළයේ තීව්‍රතාවය ක්‍රමිකව අඩුවෙනවා. මෙහිදී ප්‍රති ඔක්සිකාරක මගින් මීට එරෙහිව සටන් කොට මොලයේ තරුණ බව සුරකිනවා. වෙළඳපොලේ මෙම ප්‍රති ඔක්සිකාරක ඉතා අධික මිල ගණන් වලට විකුණනවා. නමුත් ඒවා මිලදී ගැනීමට අවශ්‍ය නෑ. මේ ගුණය සුදුළූණු වල ඉතා හොඳින් අඩංගු වෙනවා. එසේම වැඩිහිටියන් දිනපතා සුදුළූණු ආහාරයට ගැනීමෙන් අල්සයිමර් රෝගය සැදීමෙන් වැළකෙන අතර තරුණ අයගේ මතකය හා මොලයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරනවා.
05. ඔබේ ශක්තිය වැඩි දියුණු කරනවා
සුදුළූණු මගින් මාංශ පේෂී හා හදවතේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරනවා. ඔබේ ක්‍රීඩා කරන කෙනෙක් නම් සුදුළූණු ආහාරයට ගැනීමෙන් ඔබේ ක්‍රීඩා කෞශල්‍යයන් තව දුරටත් වැඩි දියුණු වෙනවා. පුරාණ ග්‍රීසියේ ඔලිම්පික් තරග වලදී පවා තම ශක්තිය වැඩි කර ගැනීමට ක්‍රීඩකයන් සුදුළූණු ආහාරයට ගෙන තිබෙනවා. ක්‍රීඩාවට සම්බන්ධ නොවන අයට පවා සුදුළූණු නිතර ආහාරයට ගැනීමෙන් තම ක්‍රියාශීලීත්වය වැඩි කරගැනීමටත්, මහන්සිය දැනීම අඩු කරගැනීමටත් හැකිවෙනවා.
06. ඔබේ සමට හා කොණ්ඩයට ඉතා ගුණදායකයි
සුදුළූණු මගින් ඔබේ කොණ්ඩය දිගු හා ඝනකම කරගන්න පුලුවන්.සුදුළූණු ඔබේ හිස්කබලේ ආලේප කරන්න. වාසනාවකට දුගද හමන්නේ නැති සුදුළූණු තෙල් දැන් වෙළඳපොලේ තිබෙනවා. සම ප්‍රතිසංස්කරණය කරන සෛල වන ෆයිබ්රොබ්ලාස්ට්ස් සුදුළූණු වලට ධනාත්මක ප්‍රතිචාරයක් දක්වනවා. ස්වභාවික කොලැජෙන් හා එලාස්ටින් නිපදවීම සදහා දිනකට සුදුළූණු බික් දෙකක් ආහාරයට ගැනීම ප්‍රමාණවත්. එසේම සුදුළූණු දිනපතා ආහාරයට ගැනීමෙන් ඔබේ සම හිරු කිරණින්ද ආරක්ෂා කරනවා.
07. දත් කැක්කුම් සමනය කරයි
සුදුළූණු වල ඇති බැක්ටීරීයා හා දිලීර විනාශ කිරීමේ ගුණය නිසා දත් කුහර වලට එය ඉතා ප්‍රථිපලදායක වේ. සුදුළූණු මගින් ක්ෂුද්‍ර ජීවීන් විනාශ කරමින් දත් කැක්කුම් වලට සහනයක් ලබදෙනවා. දිනපතා සුදුළූණු ආහාරයට ගැනීමෙන් ඔබට දන්ත වෛද්‍යවරයා හමුවීමට යන වාර ගණන සෑහෙන්න අඩු කරගන්න පුළුවන්.
08. ඔබට සිහින් සිරුරක් ලබාදෙයි
සංකීර්ණ රසායනික ප්‍රතික්‍රියා වල ප්‍රතිඵලයක් ලෙස අජොයින් රුධිරයේ විශේෂ පැසවීම සක්‍රීය කර මේද තැන්පතු විනාශ කරනවා. මේද විරෝධී ඖෂධ නිපදවීමේදී සාමාන්‍ය සුදුළූණු භාවිතා කරනවා. නුසුදුසු හා අසමතුලිත ආහාර වේලක් ගන්නා විට සුදුළූණු වලින් බර වැඩිවීම වළක්වනවා. එය ශරීරයට ඇතුළු වන අතිරික්ත කැලරි දහනය කරනවා.
සුදුළූණු වල ඇති අහිතකර ගුණාංග
මෙතරම් සුවිශේෂී ගුණ ඇති සුදුළූණු වල පවා අහිතකර ප්‍රථිපල තියෙන බව මතක තබා ගන්න.
වෛද්‍යවරුන්ගේ උපදේශය වන්නේ ගර්භනී හා කිරි දෙන මව්වරුන්ට සුදුළූණු වැඩිපුර ආහාරයට නොගන්නා ලෙසටයි. එසේම අවුරුදු 7 ට අඩු ළමුන්ටද සුදුළූණු කෑමට දිය යුත්තේ ඉතා කුඩා ප්රමාණයකි.
සැත්කමක් සදහා සූදානම් වන අයෙක් සති දෙකකට කළින් සුදුළූණු ආහාරයට ගැනීම නතර කළ යුතුය. මොකද සුදුළූණු මගින් ලේ වල ඝනත්වය අඩු කරමින් ලේ වහනය වීම වැඩිකරනවා.
සුදුළූණු හෝ සුදුළූණු සහිත නිශ්පාදන සමේ ගෑවීමෙන් සමහර අයට කැසීම් හා ආසාත්මිකතා ඇතිවිය හැකියි. එමනිසා එවැනි නිශ්පාදන භාවිතා කිරීමට කළින් විශේෂඥ උපදෙස් ලබාගන්න.
සමහර සතුන්ට සුදුළූණු ආසාත්මිකතා ඇතිකරයි. විශේෂයෙන් ජපන් සම්භවයක් ඇති බල්ලන්ට හා පූසන්ට.
(උපුටාගැනීම රැජිණිය වෙබ් අඩවිය)