කල් පවතින කැස්සට අන්නාසි වලින් සත්කාරයක්
8,772 Views
මේ ඝර්ම කලාපීය රටවල බොහෝ ජනප්‍රිය කෙසෙල් පළතුර තරමටම කා අතරත් ජනප්‍රිය පළතුරක් ලෙස අන්නාසි ගැනේ. ප්‍රධාන ආහාර වේලකට අමතරව අතුරුපසක් ආහාරයට ගැනීමට අප අතර සිටින බොහෝ දෙනා දක්වන්නේ මහත් කැමැත්තකි. ඒ සඳහා අන්නාසි වැනි පලතුරක් තෝරා ගැනීමට සමහරෙක් මහත් උනන්දුවක් දක්වති. ආහාර ගැනීමෙන් පසුව අතුරුපස ලෙස අන්නාසි ආහාරයට ගැනීමෙන් ඔබ නොදැනුවත්වම ශරීරයෙහි යම් කාර්යයක් සිදුවේ. එනම් ඔබ ගන්නා ආහාර දිරවීම සඳහා යම් පිටුබලයක් අන්නාසි පලතුරෙන් ලැබීමයි.ඊට අමතරව ඉදුණු අන්නාසි පෙති ලෙස සකස්කර ප්‍රධාන ආහාර වේල සමඟම ආහාරයට ගත හැකි වේ. එයින් ඔබගේ කෑම පිළිබඳ ඇති කැමැත්ත වැඩිවන අතර කෑමෙහි රසවත් බව වැඩිපුර දීවට දැනේ.කෑම දිරවීම පහසු කරන අන්නාසි පලතුර හොඳින් ඉදුනු පසුව ව්‍යංජනයක් ලෙස සකසා ගැනීමට ගෘහනියක් ලෙස ඔබට පුළුවන. අප එසේ කළ යුත්තේ අන්නාසි එකම ආකාරයකට ආහාරයට ගැනීමට වඩා වෙනස්ව ආකාරයකින් ආහාරයට ගැනීමට බොහෝ දෙනෙකු ප්‍රිය කරනා බැවිනි. සලාදයක් සෑදීමේදී ද එහි ප්‍රනීත රසය වර්ධනය කර ගැනීම සඳහා අන්නාසි පලතුර යොදා ගැනේ. එහිදී ද සිදුවන්නේ කෑම දිරවීම පහසු කිරීමයි.අන්නාසි යුෂවලින් කෝඩියල් වර්ග සකස් කර ගනී. ජෑම් වර්ග, සෝස්වර්ග, චට්නි වර්ග, පුඩින් වර්ගවලට මෙන්ම සමහර කේක් සඳහාද අන්නසි යාදා ගන්නා අවස්ථා වේ.කෙසේ වුවත් කල්තබා ගැනීම සඳහා භාවිත කරන රසායනික දේ නියම සමහර අවස්ථාවන් වලදී ආසාත්මිකතාවයන් ඇති වීමට ද පුළුවන.විටමින් ඒ හා සී, කැල්සියම්, පොස්පරස් හා යකඩ අන්නාසිවල අඩංගු වේ. අන්නාසිවල ජලය අඩංගු වන නිසා ශරීරයට ජලය එකතු වන එක් මාර්ගයක් ලෙසද මේ පලතුර සැලකිය හැකියි. අන්නාසි ශරීරයට හිතකර පලතුරක් මෙන්ම අහිතකර වන අවස්ථාවන්ද නැත්තේ නොවේ.
අන්නාසිවල හිතකර ගුණ
මුත්‍රා කාරයක් ලෙස ක්‍රියා කරයි. ඔබ මුත්‍රා පිටවීමේදී අපහසුතාවකින් පෙළෙන්නේ නම් ඊට අන්නාසි පලතුර ආහාරයට ගන්න. එවිට මුත්‍රා පිටවීමට පහසුව ඇති කරයි. බඩවැල්වල පණුවන් නසයි. උදර අපහසුතා මඟ හරවයි. බඩ පිපෙනා ගතිය, වැඩිපුර ආහාර ගැනීම නිසා ඇතිවන අපහසුතාවය අන්නාසි ආහාරයට ගැනීමෙන් මඟ හැරේ. පිළිකා සෛල වර්ධනය වන වේගය අඩු කරයි. පාලනය කරයි. අමාෂයේ කෑම දිරවීමට ඇති යුෂ නිපදවීම වැඩිකරයි. මේ නිසා ආහාර දිරවීමත්, ප්‍රෝටීන් බහුල ආහාරයක් ගත් විට එම ආහාර දිරවීමත් පහසු කරයි. රුධිර කැටි ඇතිවීම වළක්වාලයි. පක්ෂගාත රෝග හැඳීමට ඇති ඉඩකඩ අඩු කරයි. වකුගඩුවලින් ශරීරයට අහිතකරවන පිටවන දේ අන්නාසි ආහාරයට ගැනීම නිසා හොඳින් සිදුවේ. මුත්‍රා ගල් නැති කරයි. සන්ධි රෝගවලට හිසරදයට ගුණදායකය. උගුර රතුවීම, කෙළ ගිලීමට නොහැකිවීම, වැනි උගුරෙහි ප්‍රදාහ අවස්ථාවන්වලදී අන්නාසි වඩාත් ගුණදායක වේ. ශරීරයේ ඉදිමීම නැති කරනා ගුණයක් ඇත. සුළු පිලිස්සුම් අවස්ථාවලදී අන්නාසි කොළ කොටා ඉස්ම ගැල්වීමෙන් සුවයක් ලැබේ.
අන්නාසිවල අහිතකර ගුණ
ගර්භණියන්ට අන්නාසි ආහාරයට ගැනීම අගුණය – මෙහිදී වඩාත් සැලැකෙන්නේ අමු අන්නාසි ආහාරයට ගැනීමය. අමු අන්නාසිවල ඇති යම් රසායනික ද්‍රව්‍යයක් නිසා කළලය ගබ්සාවීම සිදුවේ. පොතුකබර හැඳුණු රෝගීන්ට අන්නාසි කෑම ගුණදායක නොවේ. ඇදුම රෝගීන්ට අහිතකරය. වාතරක්ත රෝගීන්ට අගුණය. කෘෂ්ට සෑදී ඇති රෝගීන්ට අන්නාසි කෑම නිසා එම තත්ත්වය වර්ධනය විය හැක. මුත්‍රා දැවිල්ල, අත් පා දැවිල්ල , බඩදැවිල්ල වැනි රෝග තත්ත්වයකින් ඔබ පෙළෙන්නේ නම් අන්නාසි වැනි පලතුරක් ආහාරයට ගැනීමෙන් වළකින්න.
කල් පවතින කැස්සට අන්නාසි
අන්නාසි බෙහෙත තිත්ත නෑ. බොන්න අමාරු නෑ. කොටින්ම ඉතාම කැමැත්තෙන් හා පහසුවෙන් ඔබට මේ බෙහෙත හැකියි.අන්නාසි වල Bromelain කියන රසායනය තිබෙනවා. එය ඉතාම ක්‍රියාකාරී කැස්ස ඖෂධයක්. සාමාන්‍යයෙන් කැස්සට දෙන සිරප් වලට වඩා අන්නාසි කෑල්ලක කැස්ස සුවපත් කිරීමේ පස් ගුණයක ශක්තියක් තිබෙන බව පර්යේෂකයන් අනාවරණය කරගෙන තිබෙනවා. Bromelain ප්රතිප්රදාහික ගුණ ඇති රසායනයක්. විශේෂයෙන්ම කියන්න ඕනි අන්නාසි වල හැරුණූ විට වෙනත් කිසිම ආහාරයක මේ Bromelain නෑ.තවත් කාරණයක්, ටින් කළ අන්නාසි වල Bromelain නෑ. ටින් කිරීමේදී තාපනයට ලක් කිරීම නිසා Bromelain විනාශ වෙනවා.අන්නාසි වල කැස්ස සුව කිරීමේ හැකියාව පර්යේෂණාත්මකව තහවුරු වූ කාරණයක් නිසා ඔබත් මෙය අත්හදා බලන්න. ඔබම සැබෑව පසක් කරගන්න.අන්නාසි අනුභවයෙන් ලැබෙන තවත් වාසි ගොඩක් තිබෙනවා. අපි ඒවායින් සමහරක් පෙළ ගසමු.අන්නාසි ඉතා පෝෂණීයයි. මේදය, ප්‍රෝටීන, කාබෝහයිඩ්රේට, තන්තුමය කොටස්, විටමින් සී, මැංගනීස්, විටමින් බී6, තඹ, තයමින්, ෆෝලේට්, පොටෑසියම්, මැග්නීසියම්, නියැසින්, පැන්ටොතෙනික් අම්ලය, රයිබොෆ්ලෙවින්, යකඩ, පොස්පරස්, තුත්තනාගම්, කැල්සියම්, විටමින් ඒ, විටමින් කේ අන්නාසි වල තියෙනවා.අපේ සිරුරේ සෛල ආපදාවට ලක් කරන, ප්රදාහික තත්ත්වයන් බලගන්වන, විවිධ අන්තරායකාරී රෝග ඇති කරවන මුක්ත ඛණ්ඩක යාන්ත්‍රණය මර්ධනය කිරීමට අන්නාසි වල ඇති ප්‍රතිඔක්සිකාරක සමත්. මෙහි ඇති ෆ්ලැවොනයිඩ හා ෆිනෝලික් අම්ලය එයට හේතු වෙනවා.අන්නාසි ආහාර ජීර්ණය පහසු කරනවා.අන්නාසි පිළිකා මර්ධනයෙහිලා ක්‍රියා කරනවා. අධ්‍යයන වලට අනූව සම, පිත්ත ප්‍රණාල, ආහාර ජීර්ණක පද්ධතිය, අන්ත්‍ර සම්බන්ධ පිළිකා මර්ධනයට අන්නාසි ක්‍රියා කරන බව හෙළිදරව් වී තිබෙනවා. අන්නාසි වල ඇති ඊරදපැක්සබ මගින් ශ්වේතාණූ වඩාත් සඵලදායී හා කාර්යක්ෂම කරමින් ප්‍රතිශක්තිකරණ පද්ධතියද තිර කරන බවද එහි ප්‍රතිඵළයක් වශයෙන් පිළිකා සෛල මර්ධනය වන බවද සත්ත්වයන් යොදාගෙන සිදු කරන ලද පර්යේෂණ වලින් පෙන්වා දී ඇත.ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සුරක්ෂිත කරයි. ප්රදාහික තත්ත්වයන් මර්ධනය කරයි.සන්ධිගත රෝග, ආතරයිටිස් ආදියට ඔසුවකි.සැත්කම් වලින් පසු සුවය ලබන අයටත්, දැඩි වෙහෙසට පත්ව සිටින අයටත් වඩාත් සුදුසුය.
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)