තරබාරුව ඇතුළු රෝග රැසක් මට්ටු කරන උණු වතුර සත්කාරය
10,914 Views
උණු වතුර පානය කිරීම තුලින් ලබාගන්න පුළුවන් සෞක්යමය වාසි 12 ක් පිළිබදව ඔබව දැනුවත් කරන්න අද අපි තීරණය කලා. අපි එකින් එක බලමු මොනවද මේ වාසි කියලා.වතුර කියන්නෙ අපේ ජීවිතයට අත්‍යවශ්‍යම සාධකයක්. ගොඩක් වෛද්‍යවරු දවසකට වතුර වීදුරු 8ක් වත් බොන්න කියල උපදෙස් දෙනවා. ඔයාගේ සාමාන්‍ය වතුර වීදුරුව වෙනුවට, උණු වතුර පානය කලොත් ලබාගන්න පුළුවන් වාසි පිලිබඳව කලින් දැනගෙන හිටියද ?
තරබාරු බව අඩුකර මේදය දිය කිරීමට ඉවහල් වේ.වර්තමානයේ කාන්තා පිරිමි භේදයකින් තොරව බොහෝ දෙනා මුහුණ දෙන ගැටලුවක් තමයි අධික තරබාරු බව. මීට හේතුව අපි විසින්ම අනුගමනය කරන වැරදි පිලිවෙත්ය. ඒ නිසා සාමාන්‍ය වතුර වෙනුවට දිනපතා උණු වතුර භාවිතයෙන් සිරුරේ තැම්පත්වන මේදය දහනය කිරීමට හැකිවේ. මෙම ක්‍රියාවලිය තවදුරටත් වේගවත් කරගැනීමට උණු වතුරට දෙහි කැබැල්ලක් දමා සෑම උදෑසනකම පානය කරන්න පුරුදු වන්න. සිරුරේ විෂ ඉවත් වී වේදනාව සමනය කරයි. උණු වතුර භාවිතයත් සමගම සිරුරට රස්නයක් ලැබී සිරුරෙන් දහඩිය පිටවීමට පටන් ගනී. ඒ සමග සිරුරේ විෂ රසායනික ද්‍රව්‍ය ඉවත්ව ගොස් රුධිර සංසරණය ක්‍රමවත් වේ. උණු වතුර වලට වේදනාව සමනය කිරීමේ හැකියාව පවතී. විශේෂයෙන්ම කාන්තාවන්ට ඔසප් දිනයන් වලදී උණු වතුර භාවිතය නිසා එහි වේදනාව අඩු කරගැනීමට හැකියාව ලැබේ.
ශරීරයේ පරිවෘත්තිය ක්‍රියා පහසු කරයි.උනුසුම් ජලය පානය කිරීමෙන් ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවලිය පහසු වේ. ආහාර බිදීම වේගවත් කරයි. ඉන් බඩවැල් චලනයට සහය වී මලබද්ධය අවදානම අඩු කරයි. ආහාර වේලකට පෙර වතුර මිලි ලීටර 500 ක් පානය කිරීම ආහාර පරිවෘත්තිය ක්‍රියාවලිය 30%කින් වේගවත් කිරීමට උපකාරී වන බව නවතම සොයාගැනීමයි. හිස කෙස් වර්ධනයට හා තරුණ බව සුරකී. උණු වතුර පානය කිරීම නිසා හිස් කබලේ වියලීම අඩුකර හිස්හොරි ඇතිවීම අවම කරයි. මේ නිසා දිගු නීරෝගී කෙස් කළඹක් හිමි කරගත හැක. පෙර සදහන් කල පරිදි ශරීරයෙන් විෂ රසායනික ද්‍රව්‍ය පිටකිරීමට උණු වතුර පානය ඉවහල්වන නිසා සිරුර නීරෝගීමත් වී තරුණ පෙනුම රැකදෙයි. එලෙසම සම රැලි වැටීම වලකා සුමුදු බව ගෙනදෙයි. තවද කුරුලෑ ආසාදන වැලැක්වීමට උණු වතුර පානය හේතු වේ.
ශරීරයේ තියෙන විෂ පහසුවෙන්ම ඉවත් කරනවා..මේ වෙද්දී අපි කන්නේ, බොන්නේ ගොඩක් විෂ සහිත දේවල්.. ඒවා අපේ ශරීරයේ තැන්පත් වෙනවා.. අපි උණු වතුර බොද්දි අපේ ශරීරයට දහඩිය දැමීම මගින් මේ විෂ ශරීරයෙන් පිට වෙනවා.වයසට යාම පාලනය කරනවා ශරීරයේ විෂ තිබෙද්දී වයසට යාම වේගවත් වෙනවා.. උණු වතුර බීම මගින් ශරීරයේ විෂ හරණය වන නිසා වයසට යාම ප්‍රමාද කරනවා.. අකලට වයසට යන එක කල් දා ගන්න උණු වතුර වලට පුළුවන්. හමේ නම්‍යශීලිත්වය වැඩි කරන සයිල වර්ධනය වනවා වගේම සමේ සුමුදු බවත් වර්ධනය වෙනවා. ඔසප් වේදනාව අඩු කරනවා.
උණු වතුර බීමෙන් උදරයේ මාංශ පේශී ලිහිල් වීමක් සිදු වනවා. ඒ මගින් සහනයක් ලැබෙනවා. හැමදාම උණු වතුර බොන කෙනෙක් ට ඔසප් වේදනාව බොහෝ සෙයින් අඩු කර ගන්න පුළුවන්. ආහාර හොඳින් ජීර්ණය වෙනවා. අපේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව තැන්පත් වෙලා තිබෙන මේද කොටස් දිය කර හරින්න උණු වතුර වලට පුළුවන්. ඒ වගේම මල බද්දයටත් උණු වතුර බෙහෙවින්ම ගුණ දායකයි. ඒ වගේම කොලෙස්ටරෝල් වගේ බෝ නොවන රෝග බොහෝමයක් පාලනය කරන්න උණු වතුර වලට පුළුවන්.
කේශ කල්‍යාණය වඩවනවා -ශක්තිමත්, පෘෂ්ටිමත් දිගු කොණ්ඩයක් ලබා ගන්නට උණු වතුර වලට පුළුවන්. හිසකේ වල කෙලවර ශක්තිමත් කරලා, වැඩීමේ වේගය පස් ගුණයකින් වැඩි කරන්නට නිතර උණු වතුර බීමෙන් හැකියාව ලැබෙනවා. රුධිර සංසරණය ප්‍රකෘතිමත් කරයි-උණුවතුර පානය කිරීම රුධිර සංසරණය ප්‍රකෘතිමත් කිරීමට ඉතාමත් වැදගත්. උණුසුම් ජලය පානය කිරීමෙන් රුධිර සංසරණ පද්ධතියේ නාලවල තැම්පත් වී ඇති මේදය හා විෂ ද්‍රව්‍යය ඉවත් කරනවා. මේ නිසා රුධිර සංසරණ පද්ධතිය ප්‍රකෘතිමත් වී දිගුකාලීන නිරෝගී බවක් ඔබට ලබා දීමට උපකාරී වෙනවා. සිරුරේ වේදනාවන් සමනය කරයි-ගතට දැනෙන වෙහෙස, මහන්සිය, විඩාව මගහරවා ගන්න උණුවතුර කියන්නේ වඩාත් හොඳ වේදනානාශක ඖෂධයක්. උණුසම් ජලය මගින් මාංශපේෂීලට පහසුවක් ඇති කරනවා. විශේෂයෙන්ම කාන්තාවන්ගේ ඔසප් සමයේදී ඇති වන වේදනාවන් වලට උණුසුම් ජලය පානය කිරීමෙන් යම් සුවයක් ලබාගත හැකියි.
උගුරේ සහ නාසයේ සිරවීම් ඉවත්කිරීමට-හෙම්බිරිස්සාව කියන්නෙ අපි කාටත් එපා කරපු ලෙඩක්. සෙම නිසා අවහිර වුනු නහය, කසන උගුර වැනි තත්ත්ව වලට උණු වතුර පානය කිරීම ඉතා හොද විසදුමක්. ඔසප් වේදනාව අඩුකරගැනීම-උදරයේ ඇති මාංශ පේශීන් වලට සහනයක් ලබාදීමේ හැකියාව උණු වතුර වලට තිබෙනවා. මේ නිසා ඔසප් වේදනාව සමනය කරගන්න උණු වතුර පානය උපකාරී වෙනවා. අකලට වයස්ගත වීම නතර කිරීමට-අකලට වයස්ගත වීම සිදුවන්නේ සිරුරේ ඇති විෂ ද්‍රව්‍ය නිසයි. මේවා ඉවත්කිරීම මගින් අකලට වයස්ගතවීම වලක්වා ගන්න උණු වතුර පානය කිරීමෙන් පුළුවන් වෙනවා. හමේ නම්‍යත්වය වැඩි කරන සෛල නැවත සැකසීමේ හැකියාව ඇති නිසා උණු වතුර පානය කිරීම මගින් ඔබේ සමේ සුමුදු බවත් වැඩි වෙනවා.
කුරුලෑ ඉවත් කිරීමට-සිරුර ඇතුලතින් පිරිසිදු කිරීමේ හැකියාව උණු වතුර වලට ඇති නිසා, කුරුලෑ තත්වයන් සියල්ල නැති කරන්න උණුවතුර වලට පුළුවන්.පෘෂ්ටිමත් කොන්ඩයකට-හිස කෙස් වල අගිස්ස ශක්තිමත් කර දිගු සිනිදු සහ පෘෂ්ටිමත් කෙස් කළඹක් ලබාදෙන්න උණුවතුර වලට පුළුවන්. හිස්හොරි වලක්වා ගැනීමට-උණුවතුර පානය කිරීම මඟින් හිස් කබලේ වියලි බව අඩුකර හිස්සොරි ඇතිවීම වලක්වා ගන්න පුළුවන්. ස්නායු පද්ධතිය නිරෝගී කිරීමට- සිරුර තුල ලේ ගමනාගමනය වර්ධනය කරමින් ස්නායු පද්ධතිය නිරෝගී කරන්න උණුවතුර වලට පුළුවන්. ආහාර ජීර්ණයට-බඩවැල් තුල ඇති මේදය දියකර ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රියාකාරී කරවනවා. බහිශ්‍රාවිය පහසු කිරීමට-බඩවැල් තුල ඇති ආහාර ඉවත් කර මලබද්ධය වැනි සංකූලතා අඩු කරමින් බහිශ්‍රාවිය කටයුතු පහසු කරනවා.
(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)