රෝග රැසකට ගුණ දෙන පැරැන්නන් ආහාරයට ගත් හෙළ ඔසුව ඕලු බත්
7,292 Views
මඩෙහි සැදී මඩ නොගැවී නිල් දියඹ පීරා උඩට ඇදෙන සුදු නෙළුම. සුදු නෙළුම ගැන නම් නෙවෙයි ඉතින් අපි දැන ගමුද ඔලු ගැන. අපි දන්නවනේ ලස්සන සුවදවත් මල් බුදුන්ට පුදනවා අපි. ඒ වගේ ස්භාදහමේ හරි අපුරු නිර්මාණයක් තමයි මේ ඔලු මල. ඔය වැවක් අයිනෙන් එහෙම යනකොට මේ ජලජ මල් දකිනකොට හිතෙනවා නේද? මේ ඔක්කොම නෙලලා බුදුන්ට පුදන්න ඇත්නම්.. අන්න එ වෙලාවට අහලා තියනවා නේද ගහේ තියේද්දීම මල් බුදුන්ට පුදමු කියලා අන්න ඒ දේ කරන්න.
ඇති ඇති දැන් කතාවට එමුකෝ..
හැමෝම කතා කරනවානේ ප්‍රතිශක්තිකරණය ගැන. මේ දවස් වල නම් වැඩිපුර කතා කරනවා එ ගැන ඇයි ? කෝරෝනා නිසාද? දැන් මේ හොයන්නේ මොනවද බෙහෙත් පෙතිද? අනේ නැ අතීතයේ භාවිතා කරපු ඔසු ගුණ පිරි ආහාර පාන එහෙම නේද? එක මාරාන්තික රෝගයකට බෙහෙත් හොයා ගන්නකොට තව ඊට දහස් ගානක් ප්‍රබල ලෙඩරෝග හැදෙනවා. අපේ රට ඔසු ගබඩාවක් කියලා කියනවනේ.
ඇත්ත තමයි අපේ ආච්චි සීයලා අවුරැදු 100/120ක් ජිවත් උනානේ. ඇත්ත නේද මතක් කරන්නකො කෑවේ බිවිවෙි මොනවද කියලා. අවධානමට පෙර සුදානම වගේ අපි හැමෝමත් මේ ඔසු ගුණ පිරි දැනගන්න එක හොදයි. හැමදේටම හොදයිනේ එක නේද ?
ඕලු හාල් කාලා තියනවද?
අප ඉතින් මල පුජා කරනවා විතරයිනේ හැබැයි වැඩිහිටි අය මේ ගැන දන්නවා. හරි කමක් නැ අපි වැඩි විස්තර අද දැනගමුකෝ. දියවැඩියාවට, හෘද රෝග, රුධිර කැටි ගැසීමි, සෙම් රෝග, පිත්තාශයේ වකුගඩු වල ගල්, අර්ශස් ප්‍රජනන පද්ධතියේ රෝග, කාන්තාවන්ගේ අධික ඔසප් වීමට, ශරීරය නිවීමට. මේ ආදී විවිධ රෝගයන්ට ඉතාමත් ගුණදායකයි. මල්, අල, රේණු, ඇට, දඩු මේ සියල්ලම ආහාරයට ගන්නවා.
අතීත හෙළයන් ආහාර පිනිස යොදා ගත්තු ඉතාමත් ශක්ති ජනක ආහාරයක් ලෙස මේ ඕලු හාල් ප්‍රසිද්ධයි. ඔලු මල පරවෙලා පෙති හැලුනට පස්සේ මාස දෙකක් විතර ගිය තැන මේ ඔලු ඇට මෝරනවා. ඊට පස්සේ තමයි අපට එවා ආහාරයට ගන්න පුළුවන් විදියට සකසා ගන්න පුළුවන් වෙන්නේ..
ඔලු බත් (ඔලු හාල් ටිකක් පැය5/6ක් වතුරේ පොගවා අපි උයන සමාන්‍යය බතකට දාලා පිසගන්න පුළුවන්) ඔලු කැද,රොටි,වගේම මෑත කාලයේ කේක්, බිස්කට් ආදී විවිධ ආහාර සකසනවා මේ ඕලු ඇට මගින්. එසේමයි මේ ඕලු දන්ඩ දුල වගේ කොටස අයින් කරලා තෙලට,මිරිසට,කිරට කැමති විදියට හදා ගන්න පුළුවන්. මේ ඕලු පෙතිත් එසේමයි මීපැණි,යෝගට් ,සලාද,පපඩම් වගේ බැදලා විවිධ විදියට හදාගන්න පුළුවන්. එසේම මේ මල පානයක් විදියටත් හදා ගන්න ඔබට.
ඔක තමයි අදට කතාව එ නිසා පුළුවන් තරම් මේ අතීතයේ පාවිච්චි කරපු ගුණවත්, ඔසුජනක, ශක්තිජනක ආහාරපාන ගැන දැනුවත් වෙන්න. හේතුව විවිධ හේතු සාධක නිසා අපි ක්ෂණික ආහාර වලට හුරු වෙලා අපෙන් මේ දේවල් ඈත් වෙලා. අපි ලෙඩිඩු වෙලා. විශේෂයෙන්ම මේ අනාගත පරපුරට එය විශාල ඛෙදනීය තත්ත්වයක්. ඒ නිසා ටිකක් එ ගැනත් හිතන්න.
(අයේෂා මධු)