තිත්ත නැතුව රසවත් කෝමාරිකා යුෂ පානයක් සහ කෝමාරිකා වලින් ෂැම්පු හදන හැටි
3,734 Views

කෝමාරිකා වල බොහෝ ප්‍රයෝජන ඇත. රූපලාවන්‍යමය මෙන්ම සෞඛමය අතින්ද බොහෝ ප්‍රයෝජන පවතී. කෝමාරිකා යුෂ ද ඉතා වැදගත් පානයකි. විටමින් A, C, D හා E මෙන්ම folic හා niacin අම්ල ද, කොපර්, මැග්නීසියම්, කැල්සියම්, පොටෑසියම්, සින්ක්, සෝඩියම් හා යකඩ වැනි ඛණිජයන් ද ඇමිනෝ අම්ල ද අඩංගු වන මේ කෝමාරිකා යුෂ දිනපතා පානය කිරීම මගින් අපට ලබාගත හැකි ප්‍රයෝජන මේ ලිපියෙන් දක්වා ඇත.
හන්දිපත් වේදනාව සමනය කරයි. දන්ත සෞඛ්‍යයට වැදගත් වේ. ඔබ ක්‍රියාකාරී හා නීරෝගී කර තරුණ පෙනුම රැකදේ. ප්‍රතිශක්තිය වඩවයි. ජීරණය ක්‍රමවත් කරයි. කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි. හෘදය නීරෝගී කරවයි මේවාට අමතරව කෝමාරිකා යුෂ පානය කිරීම ගැසිට්රයිටීස් සදහා ද නිසැක ඔසුවකි.
කෝමාරිකා පානය සාදාගන්නේ මෙහෙමයි මේ තියෙන්නේ අවශ්‍ය ද්‍රව්‍ය : කෝමාරිකා ග්‍රෑම් 50 (පොත්ත ඉවත් කර මදය සූරා ගන්න), දෙහි යුෂ මේස හැදි 1, වතුර කෝප්ප 2, අවශ්‍ය නම් සීනි තේ හැදි 1/2… මෙන්න හදන හැටි : සියල්ල බ්ලෙන්ඩරයකට දමා බ්ලෙන්ඩ් කර රස බලන්න. ඉතා රසවත් සේම ගුණ දායක පානයකි.
තුවාල සඳහා කෝමාරකා – Aloe vera (komarika) for injuries කෝමාරිකා මදය කහකුඩු සමග මිශ්‍රකර එම පාප්පයක් සේ (පේස්ට් එකක් ලෙස) සාදාගන්න. දැන් එය තුවාල මත තබා බැදීම මගින් එහි ඇති සැරව හා විෂ බිජ ඉවත්වි තුවාලය සුවකර ගත හැකියි.
ඉදමීම සහ වේදනාව මැඩලීමට කෝමාරිකා – Aloe vera (komarika) for pain කෝමාරිකා මද වියලා සකස් කරනු ලැබු තිත්ත අබින් ඇල්වතුරින් දියකර අලේප කරන්න.
ඇස්වල ඇති වන වේදනාවන් සදහා – Aloe vera (komarika) for eye pain කෝමාරිකා මදය ගෙන එය අරළු කුඩු සමග මිශ්‍රකර පොට්ටනියක් සේ සාදා ගන්න. දැන් එය භාජනයක් මත තබන්න. එවිට ටික වේලාවකින් අරළු සමග කෝමාරිකා දියවි යුෂ භාජනයට එකතුවෙයි. දැන් එම යුෂ ගෙන ඇස් සේදීම මගින් ඇස්රුදාව වළක්වා ගත හැකියි.
උනට සහ කැස්සට – Aloe vera (komarika) for Fever and Cough කෝමාරිකා කැබැල්ලක් ගෙන එය උණු අලුපල්ලෙ පුලුස්සා ගන්න. පසුව එහි මදය සුරා ගෙන එයට මී පැණි එක්කර බීමෙන් කැස්ස සහ ප්‍රතිශ්‍යා උන සුව වෙයි.
බඩ පපුව දැවිල්ලට – Aloe vera (komarika) for Inflammation of the stomach and chest මුලින්ම කෝමාරිකා මද සුරාගන්න. දැන් එයට මුං ඇට ස්වල්පයක් එක්කර හොදින් වසා රැයක් එළිවෙන තුරු තබාගන්න. දැන් ඔබ රැයක් එළිවෙනතුරු තබාගත් කෝමාරිකා සහ මුං ඇට හොදින් අඹරා ගන්න. දැන් එය කිතුල් හකුරු සමග ආහාරයට ගන්න. මෙමගින් ආමාශයේ ඇති තුවාලද සුව වි යන අතර බඩ පපුව දැවිල්ලටද සහනය ගෙන එයි. තවද මෙම බෙහෙත සෙංගමාලය හා අක්මාවේ රෝග සඳහාත් යොදා ගනි. පනුවන් සඳහා – Aloe vera (komarika) for Worms කෝමාරිකා ගෙන පෙති සිටිනසේ කපාගන්න. දැන් එම පෙති භාජනයකට දමා එයට ජලයද එක්කර හොදින් තම්බා ගන්න. පසුව කෝමාරිකා තම්බා ගත් ජලය පානය කිරිම මගින් පනුවන් හැලීම සිදුවෙයි.
ශරිරයේ ඇනුන කටු ඇදෙන්නට කොමාරිකා මද, පෙරුම්කායම්, කහ, පොල්කිරි දමා හොදින් මිශ්‍රකරගන්න. දැන් මද උණුසුමක් සහිතව ඔබගේ ශරිරයේ කටුව ඇනි ඇති තැන තබා බදින්න. පැය 12කින් පමණ පසු එය ගැලවු විට කටුව පිටතට ඇදි තිබෙනු දැකිය හැකියි. රූපලාවන්‍ය ප්‍රතිකාර සදහා කෝමාරිකා – Aloe vera (komarika) for Beauty Treatment ඈත අතීතයේ සිටම කාත්තාවන් අතර ඉතාමත් ඡනප්‍රිය ඖෂධයක් ලෙසින් කෝමාරිකා හදුන්වා දෙන්නට පුළුවනි.ඵයට හේතුව ස්ත්‍රී රෝග රාශියකට ඖෂධීය ප්‍රතිකර්මයක් ලෙස කෝමාරිකා භාවිතා කිරිමයි තවද මෙහි ඇති සමහර රසායන මඟින් සමේ මෙලනින් වර්ණකය පැතිරීයාම පාලනය කිරිමේ හැකියාවද පවතී. ඵමඟින් ශරීරයේ කළු පැහැති ස්වභාවය ඉවත්කර දීප්තිමත් සුදු පැහැති සමක් ලබා දෙයි.මෙම ඖෂධීය ගුණය නිසා රූප ස්වභාවය වැඩි දියුණු කරගත හැකිය.තවද දිනපතා කෝමාරික යුෂ සමමත ආලේප කිරීමේන් අධික සුර්යයාලෝකයෙන් මෘදු සම ආරක්ෂා කිරීම සිදුවේ.කෝමාරිකා යුෂ මඟින් සම තුළට විකිරණ ඇතුලුවීම වළකාලන අතර,සමට ආරක්ෂක පටලයක් ලෙස ක්‍රියා කිරීමද සිදුවේ.කෝමාරිකා වලට ආවරණ පටල(EPITHELIUM) වේගයෙන් වර්ධනය කිරීමේ හැකියාව ඇති නිසා සම මතුපිට ඇතිවන සීරීම් ඉක්මනින් සුවකර දී,කැළැල් ද නැති කිරීමේ හැකියාව පවතී.කෝමාරිකා යුෂ ෂැම්පු ඵකක් වශයෙන්ද භාවිතයට ගැනීමෙන් හිස් හොරි,හිසේ ඇතිවන තුවාල සුවපත් කරගත හැකිය.
කෝමාරිකා යුෂ ෂැම්පු සාදාගන්නා ආකාරය – තම්බාගත් උළුහාල් ස්වල්පයකට කෝමාරිකා මදය ස්වල්පයක් කලවම්කර,හොදින් ම්ශ්‍රකර ගැනීමෙන් සෙවල සහිත ද්‍රාවනයක් සෑදේ.ඵය නෑමට පැයකට පෙර හිසගල්වන්න.මේ තුළින් හිස්හොරි,හිසේ තුවාල සුවවේ.තවද විටමින් E නිසා හිසකෙස් වර්ධනය සිදුවේ.හොද පෝෂණයක්ද ලැබේ.
හිසකෙස් වැඩිමට – Aloe vera (komarika) for Hair කෝමාරිකා මද ගෙන හොදින් හිසෙහි ගාන්න. පැය බාගයක් පමණ තිබෙන්නට හරින්න. දැන් හොදින් සෝදා හරින්න. මෙම ප්රතිකර්මය දිනක් හැර දිනක් කරන්න. මෙමගින් උකුණන් හැලීම,හිස කෙස් තද කළු පැහැයට හැරීම වැනි දැ සිදුවෙයි. පිලිස්සීම් සදහා – පිලිස්සුණු සැනින් එම ස්ථානයේ කෝමාරිකා මද ගෙන තබන්න. එමගින් දැවිල්ල සහ වේදනාව පහව යයි.
(උපුටාගැනීම අන්තර්ජාලයෙන්)