දණහිසේ වේදනාව ඔස්ටියෝආතරයිටිස් සඳහා දේශිය හා බටහිර ප්‍රතිකාර ක්‍රම
1,993 Views

ලෝක ඡනගහනයෙන් වැඩිම පිරිසක් පීඩා විදින රෝගයක් ලෙස දණහිසේ ඔස්ටියෝආතරයිටිස් දැක්විය හැක. ගැහැනු පාර්ශවය මෙම රෝගයෙන් බහුලව පීඩා විදිනවා. වයස අවුරැදු 40 පසුවත්ම ස්වල්ප වශයෙන් පටන් ගන්නා දණහිසේ වේදනාව පසු කාලීනව තීව්ර වෙනවා. ශරිරයේ අධික බර මෙම තත්වය කලින් ඇති වීමට ප්‍රබල හේතුවක් වෙනවා. ශරීරයේ වඩාත්ම සංකීර්ණ සන්ධිය දණහිසයි එය අස්ථි 3කින් සමන්විතයි (patellar,Femur ,Tibia) මෙම අස්ථි 3 එකිනෙක මත පිහිටන්නේ කාටිලේඡ ඇතුරැමකින් හා වතුර පිරැණු පැකට් (bursa) වැනි ව්‍යුහ අතරමැදි කරගෙනය.එමෙන්ම දේහයේ ශක්තියෙන් වැඩි බන්ධණි පිහිටන්නේද දණහිසේය.
ආතරයිටිස් වලදී පලමුවෙන්ම සිදුවන්නේ දණහිස තුල ඇති ලසිකා තරලය synovial fluid ප්‍රදාහයට පත්විමයි එයට විවිධ හේතු බලපායි. මෙවිට දණහිස රතුවිම රත්විම ඉදිමිම හා අධික වේදනාව පවති. මෙය ටික කලකින් පහව යන අතර ඉන්පසු පෙර තරම් වේදනාව නැත නමුත් ඇවිදිමේදී පඩි නැගීමේදි වේදනාව ඇතිවේ. උදෑසන අවදිවන විට දණහිස තද ගතියෙන් යුක්තය වේදනාව අඩුය. රාත්‍රි කාලයේදී වේදනාව වැඩිවේ කාලයත් සමග දණහිසේ තද බව වැඩිවන අතර කකුල් ඇදවිම bow knee තත්වය ඇතිවිම සිදුවේ. ආතරයිටිස් වලදී අස්ථි අතර කාටිලේඡ ගෙවියාම හා සන්ධිය තුල ලසිකා තරලය ස්රාවය අඩුවීම හා අස්ථි මතුපිට කැල්සියම් නෙරැම් ඇතිවිම දක්නට ලැබේ.
බටහිර ප්‍රතිකාර – බටහිර ප්‍රතිකාර ප්‍රධාන ක්‍රම කිහිපයක් ඇත වේදනා නාශක, හා NSAID, මගින් වේදනාව හා දණහිසේ ඉදිමුම අඩුකිරිම. මෙය තාවකාලික ප්‍රතිකාරයක් වන අතර තාවකාලික සහනයක් පමනක් ලබා ගත හැක. Steroids injection දණහිස තුලට වේදනා නාශක injection ඇතුළු කිරිම මගින් වේදනාව අඩුකිරිම. මෙම ප්‍රතිකාර මගින් කෙටි කාලීනව වේදනාව අඩුවන නමුත් දණහිස තන්තුමය තත්වයට පත්විම නිසා නැවත වේදනාව ඇතිවන නිසා නැවත නැවත injection ගැසිමට සිදුවේ. මෙය අසාර්ථක ප්‍රතිකාරයකි. PRP, Stem cells ප්‍රතිකාර. මෙය නවින ප්‍රතිකාර ක්‍රමයක් වන අතර ඔබගේ රැධිරයේ යම් කොටසක් නැවත දණහිසට inject කිරිම මෙහිදි සිදුවේ අතුරු ආබාධ නැති නමුත් මාස 6 කින් පමන ඇතැම්විට වේදනාව ඇතිවේ වියදම් අධික වේ. Joint replacement අලුතින් දණහිසක් හෝ කොටසක් දැමිම. මෙය වර්තමානයේ සාර්ථක වේ නමුත් නිසි පරිදි සැත්කම නොකිරිම, නිසි ව්‍යායාම නොකිරිම, නැවත ආසාදනය විම ආදිය සිදුවිම නිසා ඇතැම් රෝගීන්ට අසාර්ථක වි ඇත.ලක්ශ 5 ත් 10ත් අතර මුදලක් වැයවේ.
Physiotherapy ප්‍රතිකාර – ඉහත සදහන් කල කිසිදු ක්‍රමයකට නොයා සාර්ථකව දණහිසේ වේදනාව හා Osteoarthritis සාර්ථකව physiotherapy ප්‍රතිකාර මගින් සුව කරගත හැක. මෙම ප්‍රතිකාර සදහා ඔබ Osteoarthritis මුල් අවස්ථාවේ දීම පැමිනිය යුතුයි. ව්‍යායාම හා විවිධ ප්‍රතිකාර ක්‍රම මගින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.
දේශිය ප්‍රතිකාර – සරලව කිවොත් ආමවාත තත්වයක් නිසා ඔස්ටියෝආතරයිටිස් ඇතිවේ. සාර්ථක ප්‍රතිකාර ක්‍රම රාශියක් ඇත. මුලින් සදහන් කල ආතරයිටිස් වල ආරම්භක අවස්ථාවේ දණහිස ඉදිමි රත්වි වේදනාව පවතින විට තෙල් ලෙස – ශර්ෂපාදි සමග වාතවිදුරංග හෝ පින්ඩතෙල් සමග වාතවිදුරංග තෙල් ආලේප කරන්න සෙමෙන් මසාජ් කරන්න. තැවිමට – සියබලා කොල අමුකහ මුරැංගා පොතු සුදුලුණු කොටලා පොට්ටනියකින් තවන්න. පත්තුවක් – සිවංගුරැ පත්තුව මී පැනියෙන් ආලේප කරන්න ඉදිමිම හා වේදනාව අඩුවි යයි. කල් ගතවි ඇති එමෙන්ම ඉදිමිම ඇති නමුත් රත්විම නැති අවස්ථාව සදහා සන්ධි තෙල් මහත් ගුණ දේ. හොරිවිල සන්ධි තෙල ඉතා හොදයි අත්දැකිමෙන්. එමෙන්ම එම අවස්ථාවේ දී නාපිරිත්ත මුල් සහිද ලුණු,යක්බේරියා හා යක්හණස්ස මුල් සමවගෙන පොල්කිරෙන් අඹරා පත්තුව දැමිය හැක. කල් ගතවි ඇති අතර ඉදිමිම නැති නමුත් වේදනාව ඇති අවස්ථාව සදහා පුරාතන ආමවාත පත්තු යෙදිය හැක. දුස්තුරාදී පත්තුව, දැලිපොතු පත්තුව ආදිය. ඉන්පසු කාටිලේඡ වර්ධනය සදහා කලුතල,නිරමුල්ලිය ඇට සහිද ලුණු සමව ගෙන හොදින් කුඩුකර කොමාරිකා යුෂ බ්ත්තර සුදුමදය සමග මිශ්‍රකර පත්තුව දමන්න.
සුවය – කිරිබත්ගොඩ 077 268 3189
(උපුටාගැනීම Healing Avenue පිටුවෙනි)