ඔබත් අධික ලෙස මහතද? නිරෝගිව කෙට්ටු වෙන්න ඕන නම් මෙන්න ක්‍රමේ
5,406 Views
අද කාලයේ කාන්තාවන් ශරීරය පිලිබඳ වැඩියෙන් සැලකිලිමත් වෙනවා. කෙට්ටු උනත් ප්‍රශ්නයක් මහත් උනත් ප්‍රශ්නයක්. මුලින්ම බලමු කෙට්ටු වෙන්නේ ඇයි කියලා..
බොහෝ දෙනෙක් අනේ මම කෙට්ටුයි කියල කියන්නේ ශරීරය පිටතින් බලලා. නමුත් විද්‍යාත්මකව කෙනෙක් කෙට්ටුයි කියලා කියන්න පුළුවන් වන්නේ උසට සරිලන බර නොමැති වූ විටයි. මෙහිදී ශරීර ස්කන්ධ ඒකකය ( bmi දර්ශකය ) වැදගත් වෙනවා. ඒ වගේම පුද්ගලයෙකුට අවශ්‍ය කැලරි ප්‍රමාණය නොලැබී ගියහොත් පෝෂණ ඌනතාවයක් ඇතිවී එය කෙට්ටුවීමට බලපාන්නට පුළුවන්.
පෝෂණ ඌනතාවය මෙන්ම හේතු කිහිපයක්ම කෙට්ටුවෙන්න බලපානවා . නිතර නිතර ලෙඩරෝගවලට ගොදුරුවීම කෙට්ටුවීමට බලපාන ප්‍රධාණ සාදයක්.කෙනෙකු රෝගී වූ විට ඔහුගේ හෝ ඇයගේ පෝෂණ අවශ්යයතාවය වැඩිවෙනවා. නමුත් ආහාර රුචියක් ඇතිව්න්නේ නැහැ .මේ නිසා ශරීරයට අවශ්‍ය පෝෂණය නිසියාකාරව නොලැබී යාමට පුළුවන් . ව්‍යායාම නොකර අහාර පාලනය කලොත් සම වැහැරේනවා විතරක් නෙමේයි යම් රෝගී තත්ව හේතුවෙන් කෙට්ටු වීමට ඉඩ තියෙනවා. හොදින් මහතට සිටි කෙනෙක් හදිසියේ කෙට්ටු වෙනවානම් ඒකට හේතුව සොයාබැලිය යුතුයි. ඒ වගේම යම් යම් මානසික හේතුකාරනා නිසාවෙන් කෙට්ටුවීමට පුළුවන් .
කෙට්ටු වෙනවා කියන්නේ කියන්නේ ලෙඩක්ද ?
යම් අවස්ථාවකදී කෙට්ටුවීම කියන්නේ රෝගයක් වෙන්න පුළුවන්. වෛද්‍ය විද්‍යාවේ කෙට්ටුබව සම්බන්ධයෙන් අප හදුනාගත් රෝග තත්ත්වයන් කිහිපයක් තියෙනවා .එක් රෝගී තත්ත්වයක් තියෙනවා anorexia කියලා . විශේෂයෙන් කාන්තාවන් හට anorexia රෝගය වැලදීමේ ප්රවනතාවය වැඩියි.මෙහිදී සිදුවන්නේ ආහාර ගැනීමට ප්‍රතිශේප කරන එක. ඒකට හේතුව වන්නේ තමන්ගේ මහත වැඩීයි කියලා හිතන එක.ගොඩක් කෙට්ටු කෙනෙකුට උනත් මහත වැඩියි කියලා හිතෙනවා.ඔවුට ඕන වෙන්නෙ ශරීරය බර වැඩිවීම නතර කරගන්නයි.ශරීර ස්වභාවය පිලිබඳ හරියට වදවෙනවා..
බොහෝ රටවල කරන්නේ සමබර අහර වේලක් සහ ව්‍යායාම සමග බර අඩුකගැනිම් නමුත් අපේ රටේ බොහෝදෙනා බර වැඩිකරගැනීමට හෝමෝන පෙති භාවිතා කරනවා. හෝමෝන පෙති භාවිතයෙන් මහත් වෙන්න පුළුවන් නමුත් එයින් අතුරු ආභාද ගොඩක් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම බර අඩු කරනවා කියලා බොහෝ අය කරන්නේ කාබෝහයිඩ්රේට් තියන ආහාර කාන්ඩය භාවිතයෙන් ඉවත් වීම.කෑම කන්නේ නැතිව පෝෂණය ගැන හිතන්නේ නැතිව බර අඩුකරගන්න ව්‍යායාම නොකර ඉන්නවා නේද?.කෑම ගන්නේ නැතිවුණාම එදිනෙදාට අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ නැහැ . කාබෝහයිඩ්රෙඩ් කියන්නේ විටමින් එකක් නේ නේද?විටමින් කියන්නේ ශරීරයට අවශ්‍යම දේවල් නේ නේද?එහෙනම් ප්‍රශ්නේ තියන්නේ ඔබේ. සීමාවක් නොමැතිව ඔහේ ගිලලා දානවා.පස්සේ මහත් වෙනවා ලෙඩ හදා ගන්නවා.කෙට්ටු වෙන්න කරන්න ඕනේ පෝෂණයක් නැති කෑම වේලක් ගැනීම නොවෙයි. එහෙම උනාම සාමාන්‍යය පෝෂණය පවා ශරීරයට නොමැතිව ශරීර ක්‍රියාකාරිත්වය වැඩිකලවිට අතුරු ආභාද වැඩිවෙනවා. හර්ද ස්පන්දනය වැඩිවීම හදවතේ වෙනස්වීම් ඇතිවී හදවත අකර්මණ්‍ය වීමට පවා ඉඩතියෙනවා. දියවැඩියාව , හර්නියා ස්ටියෝපොරෝසීස් , ඇසේ කාචය සුදුවීයාව , දරුනු විජලන තත්ත්වයක් ඇතිවී වකුගඩු රෝග පවා ඇතිවීම මෙය හේතුවිය හැකියි. ඒ වගේම බර වැඩිකිරීමට තෙල් තැන්පත් කිරීමද නොකලයුතුයි.
ඔබ එහෙනම් කලයුත්තේ කුමක්ද ?
ශරීරයට අවශ්‍ය විටමින් ,කනිජ ලවන, හා යකඩ අඩුවූවිට කෙට්ටු වෙනවා. සාමාන්‍යය තත්වයකදී කලයුත්තේ ශක්තිජනක ආහාර වැඩි වශයෙන් ලබාගැනීමයි. එසේ නොවී අසාමාන්‍ය ලෙස කෙට්ටු අයෙකු කෘශ බවෙන් මිදෙන්න කලයුත්තේ සමබර අහාර වේලක් ගැනීම කල යුතුයි.අපේ රටේ ආහාර වලට කොළපැහැති එළවළු හා ධාන්‍ය වර්ග ආහාරයට එක්කරගැනීම වඩාත්ම සුදුසුයි.බර අඩු කර ගැනීමට හොදම පිළියම බත් තෙල් පිටි වෙනුවට පෝෂණය පිරුණු එළවලු මාළු ආහාරයට එකතු කර ගන්න පුළුවන්. ඒ වගේම අනිවාර්යෙන් දවසට පැය බාගයක් වත් ව්‍යායාම කිරීම.නිරෝගිව කෙට්ටු වෙන්න පුළුවන් එකම ක්‍රමය ඕකයි
කිටෝ භෝජන හා ඇට්කින්ස් භෝජන වැනි දැන් ජනප්‍රිය වී ඇති භෝජන අධික ප්‍රෝටීන් වලින් සමන්විතයි. නව පර්යේෂණයක් පෙන්වා දෙන්නේ එවන් අධි ප්‍රෝටීන ආහාර භෝජන මැදි වයස් පිරිමින්ගේ සහ කාන්තාවන්ගේ හෘදය ක්‍රියාවිරහිත වීමේ අවදානම වැඩි කරන බවයි. වයස අවුරුදු 42 සිට 60 දක්වා වූ පිරිමි 2400 කට වැඩි පිරිසකගෙන් ලබාගත් තොරතුරු අධ්‍යයනයේ පර්යේෂකයෝ විශ්ලේෂණය කර බැලූහ. පිරිස දින හතරක් තිස්සේ ගත් ආහාර පිළිබඳ වාර්තාවක් තබා ගැනුණු අතර ඉන් අනතුරුව ඔවුන් කෑමට ගත් ප්‍රෝටීන ප්‍රමාණය පදනම් කරගෙන ඒ අය කණ්ඩායම් හතරකට බෙදනු ලැබූහ. මෙහිදී දින හතර තුළ ආහාරයට ගත් ප්‍රෝටීන් සාමාන්‍යය ගත් විට අඩුම කණ්ඩායම දිනකට ආහාරයට ගත් ප්‍රෝටීන ප්‍රමාණය ග්‍රෑම් 78 ක් වූ අතර වැඩිම පිරිසගේ දෛනික සාමාන්‍යය ග්‍රෑම් 109 කි. අනතුරව වසර 22 ක් තිස්සේ ඔවුන්ගේ තොරතුරු රැස් කෙරුණු අතර 330 දෙනෙකු ඒ අතර වාරයේ හෘදය වස්තුව අක්‍රිය වූ ලෙස රෝග නිර්ණය කරනු ලැබූහ.
තාක්ෂණික ලෙස ගතහොත් කිටෝ භෝජනය සහ ඇට්කින්ස් භෝජනය අධික ප්‍රෝටීන භෝජන නොවේ. කිටෝ භෝජනය මේදය අධික, මධ්‍යම මට්ටමේ ප්‍රෝටීනමය භෝජනයකි. ඇට්කින්ස් භෝජනය කාබොහයිඩ්රේට් අඩු භෝජනයකි. කෙසේ වෙතත් දිගට මේ භෝජන ආහාරයට ගන්නා උදවිය අවසානයේ නතර වන්නේ විශාල ප්‍රමාණයකින් ප්‍රෝටින ආහාරයට ගැනීමෙනි. අඩුවෙන්ම ප්‍රෝටීන ගත අය හා සසඳන කල්හි, වැඩිම ප්‍රෝටින ආහාරයට ගත් කණ්ඩායමේ පිරිමි පසු විපරම් කාල චේදයේ දී හෘදය අක්‍රිය වූ ලෙස රෝග නිර්ණය කිරීමේ හැකියාව සියයට 33 කින් වැඩි බව පර්යේෂකයෝ සොයා ගත්හ. මෙම අණාවරණය වූ තොරතුරු ප්‍රෝටීන මූලයන් බොහොමයක් සම්බන්ධයෙන් නිවැරදි විය. සත්ව ප්‍රෝටීන වැඩියෙන්ම ගත් අය හෘද අකරණය ලෙස නිර්ණයවීමට සියයට 43ක අවස්ථාවක් වැඩියෙන් තිබූ අතර ක්ෂීරමය ප්‍රෝටීන ආහාරයට ගත් අයට එම ප්‍රතිශතය සියයට 49 ක් විය. ඒ සත්ව ප්‍රෝටීන හා ක්ෂීරමය ප්‍රෝටීන අඩුවෙන්ම ආහාරයට ගත් අය සමග සංසන්දනයේ දීය. එහෙත් ශාක ප්‍රෝටීන ආහාරයට ගත් අයට හෘද අකරණයේ අවදානම අඩු බවක් පෙනී ගියේය. අධික වශයෙන් ශාක ප්‍රෝටීන ගත් අයට හෘදය අක්‍රියවීමේ අවදානම ශාක ප්‍රෝටීන අඩුවෙන් ආහාරයට ගත් අයට වඩා වැඩි වූයේ සියයට 17 කිනි.
අධ්‍යයනයේ ප්‍රතිඵල මැයි 29 දා Circulation සඟරාවේ පළවිය. අධික ප්‍රෝටීන භෝජන සහ හෘද අකරණය අතර සම්බන්ධතාවක් ගැන මුලින්ම සොයා බැලූවේ මේ අධ්‍යයනයේ දීය. හෘදය අකරණය වූ තත්ත්වයේ දී ශරීරයේ සාමාන්‍ය අවශ්‍යතාවන්ට ප්‍රමාණවත් වන අන්දමින් රුධිරය පොම්ප කිරීමට හෘද පේශීයට නොහැකි වේ. ‘‘අධි-ප්‍රෝටීන් ආහාරවල සෞඛ්‍යයමය වාසිදායක තත්ත්වය බොහෝ දෙනෙකු වග විභාගයකින් පිළිගන්නා බවක් පෙනී යන හෙයින්, මේවායින් ඇතිවිය හැකි අවදානම් මෙන්ම වාසි ද තෝරා බේරා ගෙන පැහැදිලි කර ගැනීම වැදගත් ’’ යයි අධ්‍යයනයේ ජ්‍යෙෂ්ඨ කර්තෘ, නැගෙනහිර ෆින්ලන්ත විශ්ව විද්‍යාලයේ පෝෂණමය වසංගතවේද සහායක මහාචාර්යවර ජිර්කි වර්ටෙනන් පෙන්වා දෙයි. කෙසේ වෙතත්, මේ අධ්‍යයනයේ ප්‍රතිඵල සනාථ කිරීමට නම් විවිධ වූ ජන කොටස් අතරේ තව තවත් අධ්‍යයන සිදු කළ යුතු බව පර්යේෂකයෝ කියා සිටිති. තවද අධ්‍යයනයෙන් සොයා ගනු ලැබුවේ අධි-ප්‍රෝටීන භෝජන සහ හෘද අකරණය අතර යම් සම්බන්ධතාවක් පමණකි.
ඒ නිසා, පුද්ගලයෙකුගේ ආහාර වේලෙහි ප්‍රෝටීන ප්‍රමාණය වෙනස් කළ පමණින් හෘද අකරණය නතර කළ හැකි දැයි මෙම ප්‍රතිඵල මත තීරණය කළ නොහැකිය. පිරිමින් අධික ප්‍රෝටීන භෝජන වැළඳීම වලක්වාලන නිර්දේශ කිරීමට මෙම අධ්‍යයන පමණක්ම ප්‍රමාණවත් නොවන බව වෛද්‍ය ඇන්ඩෲ ප්‍රීමන් පවසයි. ඩෙන්වර් හි, යුදෙව් සෞඛ්‍යය ජාතික රෝහලේ හෘදවාහිනී වැළැක්වීමේ සහ සුවතා වැඩසටහනෙහි අධ්යක්ෂවරයා වන හෙතෙම මෙම අධ්‍යයනයට සම්බන්ධ නොවූවකි. එසේ වුවත්, අධික ප්‍රෝටීන ආහාර සෞඛ්‍යයට අහිතකර බව හඟවන දැනුම් සම්භාරයට මේ අධ්‍යයනය ද එක්වන බව ප්‍රීමන් පෙන්වා දෙයි. නිදසුනක් දක්වන්නේ නම්, සංතෘප්ත මේදය අධික භෝජන (මේවා ප්‍රධාන වශයෙන් දැකිය හැක්කේ මස් සහ කිරි ආහාරවලය) හෘදාබාධ සහ ආඝාත(stroke) අවදානම වැඩිවීම හා සම්බන්ධයක් ඇත. ‘‘සමස්තයක් වශයෙන් ගතහොත් දැනට තිබෙනා දත්ත සියල්ලෙන්ම හඟවන්නේ දැනට විලාසිතාවක් බවට පත්ව ඇති අධික ප්‍රෝටීන භෝජන අවශ්‍යයෙන්ම වඩාත් යෝග්‍යතම ආහාර නොවන බවය” යි ප්‍රීමන් Live Science වෙත දැන්වීය, ‘‘ඇමරිකානුවන් ප්‍රෝටීන ආහාරයට ගන්නවා බොහොමත්ම වැඩියි. එය සීමා කිරීම ගැන සැලකිල්ල යොමු කළ යුතුව තියෙනවා.’’(අපේ ලංකාවත් දැන් ඔය ලෙඩේ බෝ වෙලා මම දැක්කා ගොඩක් තැන් වල චීස් සොයා කිරි ටෝෆු පුළුවන් තරම් කන්නලු.දනගෙනද මෙහෙම කියන්නේ කියලා හිතා ගන්න බැ.සොයා අහාර සීමාවක් ඇතුව කන්න ඕනේ පසුව ගාර්බාශේ ගෙඩි කියයි බබාලා නැ කියයි.ඒ ගැන පසුව ලියන්නම් )
අධික ප්‍රෝටීන ආහාරයට ගැනීමෙන් ඇත්තටම හෘද අකරණය ඇතිවන බව ඔප්පු කිරීමට නව අධ්‍යයනයට නොහැකි වී ඇති බව පවසන වෛද්‍ය ලැරී ඇලන් දෙක අතර සම්බන්ධතාවට වගකිව යුතු තවත් සාධක තිබිය හැකි බව පෙන්වා දෙයි. අධ්‍යයනයට සම්බන්ධ නැති වෛද්‍ය ලැරී කොලරාඩෝ විශ්ව විද්‍යාල රෝහල් හෘද අකරණ වැඩසටහනේ අධ්‍යක්ෂවරයාය. නිදසුනක් දක්වන්නේ නම් , හෘදය සෞඛ්‍යයට බලපාන්නේ ප්‍රෝටීන පමණක් ද නැතිනම් ඇතැම් පෝෂක හිඟවීම වැනි අධි ප්‍රෝටීන භෝජනයකට සම්බන්ධ වෙනත් දේවල් ද යන්න පැහැදිලි නැතැයි වෛද්‍ය ඇලන් කියයි.
කෙසේ වෙතත් පොදුවේ ගත් කළ නව අධ්‍යයනයේ සොයා ගැනීම් සහාය පළ කරන්නේ ප්‍රෝටීන බහුලව ඇති භෝජන වැනි මනා තුලනයක් නැති භෝජන වෙනුවට පළතුරු එළවළු සහ ධාන්‍ය විවිධත්වයකින් යුතු හොඳ තුලනයක් සහිත ආහාර ගැනීම යහපත් ප්‍රතිඵල වලට බලපාන බව වෛද්‍ය ඇලන් පෙන්වා දෙයි.
Live Science හි පළවූ Is Too Much Protein Bad for Heart Health? යන ලිපිය ඇසුරෙනි
නේරංජනා කස්තුරිආරච්චි