නින්දෙන් ගෙරවීම නතර කරන ස්වාභාවික පානයක්
13,951 Views
නින්දෙන් ගෙරවීම සම්බන්ධයෙන් කතාකරන විට සමහරැ එය සිනහවට කාරණයක් සේ සිතන තරම් ඉතාම බහුල දෙයක්. නමුත් නින්දෙන් ගෙරවීම සිනහවට කාරණයක් නොවේ. සාමාන්‍යයෙන් වැඩිපුරම නින්දෙන් ගොරවන්නෙ පිරිමි අය.ඒ වගේම වයසට යන විට ගොරවන අයගේ ප්‍රතිශතය වැඩි වෙන්නත් පුළුවන්.
මෙය අපට මෙසේ වර්ග කළ හැකියි අවුරුදු 30 ට අඩු 10% ක් දෙනා ගොරවන විට වයස 60ට වැඩි අය 60%ක් ගොරවන අය ලෙසයි. කොහොම නමුත් තරුණ ගැහැණු අය ගොරවන ප්‍රමාණය අඩු වුවත් වයස 60 ට වැඩි අය 30- 40 % ත් අතර ප්‍රමාණයක් ගොරවන්නියන් සිටිය හැකියි. කොහොම නමුත් සෙම්ගෙඩි සහ ඇඩිනොයිඩ් විශාලවීම නිසා කුඩා දරුවන්ද ගොරවන්නන් පුළුවන්.
කොහොම නමුත් තරබාරු බව සහ අධික මත් පැන් භාවිතාවත් ගෙරවීම වැඩිවීමට හේතුවක් වන බව නම් කොහොමටවත් අමතක කරන්න එපා.
සමහරු ගොරවන්නේ යාන්තමින් . ඒ හඬ යාබද කාමරයට ඇසෙන්නේ නැතිවා මෙන්ම හුස්ම ගැනීමේ අපහසුතාත් නැතිවිය හැකියි. දෙර වසා තිබුණත් යාබද කාමරයට හඬ ඇසෙන දේ තදින් ගෙරවීම සහ නින්දෙන් හුස්ම හිරවීම ගෙරවීම සම්බන්ධයෙන් පවතින අනෙක් අවස්ථා දෙකයි.
කෙසේ වෙතත් නාසය අවහිරවීම, ඇඩිනොයිඩ් ග්‍රන්ථිය විශාලවීම, නාස් ආවාරය ඇදවීම, විශාල වූ සෙම් ගෙඩි දික් වූ මෘදු තල්ල සහ රස දිව, විශාල වූ දිව, තරබාරු ශරීරය හා කෙටි බෙල්ල, නිදි බෙහෙත් සහ මත්පැන් භාවිතාව තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩුවීම නින්දෙන් ගෙරවීමට හේතු වෙයි.
කෙසේ නමුත් හුස්ම ගැනීම සෑම තත්පර 10 ට අධික කාලයක් වරින් වර මේ නිසා නවත්වන අතර පැය හතක නින්දකදී තිස් වතාවකට වඩා හුස්ම නවත්වයි නම් භයානක තතත්වයකි. රෝගියා වරින් වර හුස්ම හිරවී අවදිවෙයි.රුධිරයේ ඇතිවෙන අඩු ඔක්සිජන් සාන්ද්‍රණය හෘදයට පෙනහළුවලට සහ මොළයට බලපානු ලබයි.
එමෙන්ම අධික රුධිර පීඩනය හෘදයාබාධද ඇතිවිය හැකියි. මෙවන් අයට දිවා කාලයේදී තද නිදිමත ගතියක්ද ඇතිවෙයි. එමෙන්ම මෙවැනි රෝගීන් නින්දේදී වුවද මරණයට පත් විය හැකිය. එම නිසා නින්දෙන් ගෙරවීම නැවතීමට කන නාසය උගුර සායනයකට වහාම යන්න
නින්දෙන් ගෙරවීම නතර කරන ස්වාභාවික ජූස් එකක් හදන හැටි..!
නින්දේදී ගොරවන මිනිසුන් ගැන අපි හැමෝටම ලොකු අත්දැකීම් ප්‍රමාණයක් තිබෙනවා. ඒ තරමට නින්දෙන් ගොරවන අය ඕනෑම සමාජයක සුලබයි. ඔබේ පියා , සැමියා හෝ බිරිද , සොහොයුරා , සොහොයුරිය , හොදම යහළුවා උනත් ඒ අතර ඉන්නට පුළුවන්. එහෙමත් නැතිනම් ඔබේ නිවස තුල ශබ්ධයෙන් වැඩි ලෙසම ගොරවන පුද්ගලයා ඔබම වෙන්නත් පුළුවන්. මේ විදියට ඔබ අසල ඉන්න කෙනා හෝ ඔබ හෝ හයියෙන් ගොරවන විට සයනයේ සිටින අන් අයට එය ඉතාම කරදරකාරී තත්වයක්.
මොකද දවස පුරා මහන්සි වෙලා වැඩ කරලා ඇදට වැටෙන්නේ සුවදායක නින්දක් ලබන්නනේ. තමන් අසල ඉන්න කෙනා රාත්‍රිය පුරා මහා හයියෙන් ගොරවන්න ගත්තම ඉතින් මැදියම් රැයේ ඉදන් අලුයම වෙනකම් වරින් වර ඇහැරෙන්න සිද්ධ වෙනවා.
මේ නිසා පසුදා අවදි වී වැඩ කටයුතු කර ගන්නත් ඒ අයට අමාරු වෙනවා. නමුත් තවදුරටත් ඔබ මේ ප්රශ්නය ගැන වද විය යුතු නෑ. අපි ගාව තියෙනවා සුබ ආරංචියක්. රෑට නින්දෙන් ගොරවන එක නවත්වන්න අපුරු ස්වාභාවික ජුස් එකක් අද විශ්ම ලෝකයෙන් අපි කියලා දෙන්නයි හදන්නේ. මේක ගෙදරදීම පහසුවෙන් හදා ගන්න පුළුවන්
දැන් ඔබ කල්පනා කරනවා ඇති නේද කොහොමද මේ ජුස් එකක් බීලා ගොරවන එක නවත්තන්නේ කියලා. මේක පැහැදිලි කරන්න නම් මුලින්ම නින්දෙන් ගෙරවීම සදහා බලපාන ප්‍රධානම හේතුව ගැන අපිට අවධානය යොමු කරන්න වෙනවා.
නින්දෙන් ගෙරවීම සදහා බලපාන මුලිකම හේතුව තමයි අධික සේම ගතිය (ශ්ලේෂ්මල). අපේ ඇගේ සේම වැඩි නම් රාත්‍රී කාලයේ නාසයෙන් හුස්ම ගැනීමට බාධා ඇති වෙලා එහි අතුරු ප්‍රතිපලයක් විදියට ගෙරවීම කියලා අපි හදුන්වන ශබ්ධය ඇති වන්නට පටන් ගන්නවා.
ඉතින් ගෙරවීම සදහා බලපාන මේ ප්‍රධාන හේතුව නැති කරලා දාන එක තමයි අපේ ජුස් එක මුලික වශයෙන් කරන්නේ.
නින්දේදී ගෙරවීම සිදු වන තවත් හේතුවක් තමයි සන්ධ්‍යා කාලයේ අප ගන්නා ආහාර. අප ගන්නා ඇතැම් ආහාර මගින් අපේ ශරීරයේ සේම ගතිය වැඩි කරනවා. ඒවිට අධික ලෙස ශ්ලේෂ්මල නිෂ්පාදනය වෙලා අපේ හුස්ම ගැනීමේ මාර්ගය රාත්‍රී කාලය වන විට අවහිර වෙන්නට පටන් ගන්නවා. මොනවද මේ ආහාර වර්ග කියලා දැන් අපි බලමු
කිරි ආශ්රිත නිෂ්පාධන, චොකලට්, බැදපු ආහාර, සකසන ලද ආහාර, අධික ලෙස පිටි හා සිනි යෙදු කෑම වර්ග, අධික ලෙස ගන්නා මත්පැන්
ඉතින් මේ අපි කියපු ආහාර පාන වර්ග වලින් සන්ධ්‍යා කාලයේ පුළුවන් තරම් ඈත් වෙලා හිටියෝතින් නින්දේදී ගෙරවීම විශාල ලෙස අඩු කර ගන්නට පුළුවන් වේවි. ඒ වගේම නින්දට යාමට පැය කිහිපයකට පෙර අපි කියා දෙන ජුස් එක බිව්වොත් නින්දෙන් ගෙරවීම සදහටම නවත්වා ගන්නට පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය
ලෙමන් ගෙඩි 1/4, මධ්‍යම ප්‍රමාණයේ ඉඟුරු කැබැල්ලක්, ඇපල් ගෙඩි 2, කැරට් ගෙඩි 2
සකස් කරන ආකාරය
සියල්ලේ පොතු ඉවත් කර පිරිසිදු කර ගන්න. කැරට් පෙරන් ගා සෝදා ගන්න. ලෙමන් හෝ දෙහි ගෙඩි යුෂ මිරිකා ගන්න. කැරට් ,ඇපල් , ඉඟුරු සියල්ල කුඩාවට කපාගෙන එයට දෙහිද එකතු කර බ්ලෙන්ඩරයක් ආධාරයෙන් හොදින් අඹරා ජුස් එකක් සකස් කර ගන්න. බීමට හැකි වන පරිදි සාමාන්‍ය උෂ්ණත්වයේ ජලය එකතු කර තුනී කර ගන්න.
භාවිතා කරන ආකරය
නින්දට යාමට පැය කිහිපයකට පෙර මෙය පානය කරන්න. දෙහි තුල අඩංගු ඉහල විටමින් C ප්‍රතිශතය මගින් ශවසන මාර්ගයඅවහිර කරමින් සේම ඇති වීම සීමා කරන අතර අනෙකුත් යුෂ වර්ග මගින් සේම තුනී කර පහ කිරීම සිදු කරනවා. ඒ වගේම මෙහි අඩංගු ඉඟුරු කියන්නේ මිනිසා විසින් සියවස් ගණනාවක සිට විවිධ ආබාධ සමනය කිරීම සදහා යොදා ගත් දෙයක්.
ඉඟුරු මගින් සයිනස් නිසා ඇති වන පීඩන හා වේදනා වලට සහනය ලබා දෙනවා. ඇපල් හා කැරට් සතු පෝෂණ සංගටක මගින් නාස් කුහර අවහිර වීම් ඉවත්කර ඔබට සුවදායක නින්දක් ලබා දෙනවා.
එහෙනම් ඔබත් මෙය උත්සහ කර බලන්න. ස්වාභාවික එළවලු හා පලතුරු යුෂ කිසිම ලෙසකින් ඔබේ සිරුරට අතුරු විපාක ලබා නොදෙන අතර ශරීරයට හැම අතිම පෝෂණය පමණක්ම සපයයි. නින්දෙන් ගෙරවීම නිසා තව දුරටත් පිඩා විදිය යුතු නෑ. එය සදහටම ඔබේ ඈත් කර ගැනීමට මේ විශ්මිත ජූස් පානය මගින් ඔබට හැකි වේවි.