දියවැඩියාවට හිස්සොරි වලට, ඇදුමට, ගුණ දෙන තිබ්බටු වලින් අත් බෙහෙත් රැසක්
2,941 Views

තිබ්බටු කියන්නේ කැල්සියම් ප්‍රෝටින් තන්තු කාබොහයිඩ්‍රේට්ස් පොස්පරස් විටමින් B3 B6 ඇතුළු පෝෂක ගණනාවකින් හා ප්‍රතිඔක්සිකාරක ගුණවලින් පිරි ආහාරයක්. එය ශ්‍රී ලංකාවේ මෙන්ම, ඉන්දියාව චීනය මැලේසියාව තායිලන්තය, පිලිපීනය අප්‍රිකාව යනාදී රටවල ද වැවෙන, ආහාර මෙන් ම ඖෂධ සඳහා ත් යොදා ගැනෙන වටිනා ඖෂධිය ශාකයක්. සුදු හා නිල් මලින් යුත් ප්‍රභේද දෙකක් පවතින අතර ශාකයේ පංචාංගයම ඖෂධ සේ භාවිතා කෙරෙනවා.
සෙම් රෝග පාලනය කිරීමේ හැකියාව එය සතුයි. කැස්සට සහනය සලසන අතර නරක් වූ සෙම ඉවත්කර හරිනවා. උගුරේ ආබාධ ද සුව කරනවා.
හුස්ම ගැන්මේ අපහසුතා මගහැරීමේ ශක්තියකින් යුතූ යි. ඇදුම මැඩපවත්වනවා සේ ම පෙණහළු පිළිකා වලට ද වැට බඳිනවා.
උදර ආබාධ සඳහාත් තිබ්බටු ගූණදායක යි. අජීර්ණ වේදනා සමනය කරන වා . උදරයේ පිරෙන වාතය මුදා හැරීමේ හැකියාවක් ද එහි පවතිනවා.
ආභාර මාර්ගයේ ඇති බැක්ටීරියා හා පණුවන් විනාශ කිරීමේ ශක්තියකින් යුක්තයි. මල බද්ධයට හා අර්ශස්වලට එරෙහිව ක්‍රියාකරනවා. තිබ්බටු අක්මාව නිරෝගි කිරීමේ ශක්තියෙන් ද යුතුයි. සෙංගමාලය වැළැක්වීමේ හැකියාව එය සතුයි.
දියවැඩියාව පාලනය කිරීමට ද සමත්. වකුගඩු ගල් දියකර හැරිය හැකියි. ග්‍රහණි මාන්දම් අම්ලපිත්ත හා සන්ධි රෝගත් ඇස් රෝගත් මැඩපැවැත්වීමේ ශක්තියක් එහි පවතිනවා. හදවත උත්තේජනය කිරීමට තිබ්බටුවලට හැකියි. එය රුධිර නාලවල ලේ කැටිගැසීම් පාලනය කරමින් රුධිරය පිරිසුදුකර දෙනවා.
අධි රුධිර පීඩනයට වැට බඳිනවා. අංශ භාගය ද වළකාලනවා. ගැබිණි මවුවරුන්ට හිතකරවන තිබ්බටු නීරක්තිය දුරුකරනවා. කාන්තාවන්ගේ ආර්තව ගැටළු විසඳනවා. කාන්තා පිරිමි දෙපක්ෂයටම වාජීකරණ ඖෂධයක් සේ ද ක්‍රියාත්මකවනවා. එය කන්ධූලක ඉවත්කිරීමේ ශක්තියකින් යුතුයි, කන් ඇසීම මනා තත්ත්වයක පවත්වාගෙන යන අතර වයසට යනවිට ඇතිවන කන් ඇසීමේ දුර්වලතා අවම කර දෙනවා. මොළයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කර මතක ශක්තිය ද වර්ධනය කර දෙනවා.
තිබ්බටු ආභාර රුචිය වඩවන්නක්. වෑංජනයක් සේ ම මැල්ලුමක් සේ ද බැදුමක් සේ ද සකසාගෙන ආහාරයට ගත හැකියි. උණ රෝගීන්ට මෙන්ම නිරෝගීන්ට ද කැඳ, සුප් ආදියට එක්කර ගැනීම හිතකරයි. ශක්තිමත් ආහාරයක් වන එහි ප්‍රෝටීන් බහුලතාවත් සමග එය නිර්මාංශිකයන්ටත් පලදායකයි . එමගින් විවි ධ රෝග ආබාධවලින් මිදී නිරෝගි ජීවිතයකට මග පාදා ගත හැකියි .
කොස්ඇට, කූනිස්සන් , වියළි හාල්මැස්සන්, ආදිය මුසුකර රසට උයාගත භැකියි. මින් අවුරුදු විස්සකට පෙර හේනක නැවතී හේනේ ම හැදුණු තිබ්බටු වලින් පිසූ වෑංජනයක් සමග කෑම වේලක් ගත් කෙනකු එභි රස තාම මතක් කරනවා. එය සකසන හැටිත් ඔහු අසාගෙන තිබුණා. ඔබත් කැමති ඇතිනේ ඒ ගැන දැන ගන්න.
තිබ්බටු හා වියළි හාල්මැස්සන් ටිකක් ගෙන සෝදා, ලුණු කහ අතගා, තම්බා පසෙක තබාගන්න. ඇතිලියක තෙල් ටිකක් ලිප තබා රත්වනවිට රතුලුනු දමා, යන්තම් රන්වන් කරගන්න. කොච්චි, කොච්චි කොළ හා පොල් දමා මඳක් පොඩිකරමින් තෙලෙන් තම්බාගන්න. ඊට පොල්වතුර තුනපහ සහ කලින් තම්බාගත් මිශ්‍රණය දමා පිස ගන්න.
තිබ්බටුවලින් අත් බෙහෙත්
දියවැඩියාවට – තිබ්බටු කොළ වේළා කුඩුකර දිනකට වරක් තේ මෙන් සකසා ගෙන පානය කිරීම, උණ සෙම්ප්‍රතිශ්‍යාවට – තිබ්බටු ගෙඩි වියළා කුඩුකර තේ මෙන් සකසා පානය කිරීම, සෙම් රෝගවලින් වැළකීමට – වියළා ගත් පස් පංගුව හෝ දඬු හා මුල් හෝ තම්බා බීම, දත් හිරි වැටීමට – තිබ්බටු ගෙඩි පුළුස්සා ගෑම, උඳුගොව්වා කෑමට – ඉදුණු ගෙඩි පුළුස්සා තල තෙල් සමග අනා ගෑම, හිස්සොරිවලට – තිබ්බටු තලා හිසේ ආලේප කිරීම, ඇදුමට – ශාකය කැබලිකර වියළා ගත් කොටස් කොත්තමල්ලි සමග තම්බා බීම
වියළි කාලයේ සමේ රෝගවලින් ආරක්ෂාවීමට වියළි ශාක කැබලි වෙනිවැල්ගැටයක් සමග තම්බා ගත් දියෙන් ඇඟ සේදීම.
ලිපිය සැකසුම Indra Rathnay
(මූලාශ්‍ර හා සේයා රූ-අන්තර්ජාලය හා වෛද්‍ය ලේඛන ඇසුරිනි)