මොළයට හානි සිදු කරන, ඔබව තරබාරු කරන කෘත්‍රිම රසකාරක අඩංගු ආහාර වර්ග
1,068 Views
MSG කියන්නේ පිළිකා කාරකයක්. ඒ වගේම ආහාර රසගන්වනයක්. ගොඩක් කෑම රස ගන්වන්න මේ MSG (Monosodium Glutamate) යොදාගන්නවා. ඔබ හා ඔබේ පවුලේ අය දිනපතා ආහාරයට ගන්නා ආහාර වර්ග දහස් ගණනක මෙම MSG අඩංගු බව ඔබ දන්නවාද? මෙන්න මේ ආහාර වල MSG අඩංගුයි.
බෝතල් කරන ලද ආහාර, සකස් කරන ලද මස් වර්ග, සැලඩ් ඩ්‍රෙසින්, චයිනීස් ආහාර, ක්‍රැකර්ස්, ජපන් ආහාර, පැස්ටා වර්ග, සුප් කැට, ක්ෂණික නූඩ්ල්ස් වර්ග, ස්නැක් වර්ග, වියලි සුප් වර්ග, ශීත කල ආහාර, ක්ෂණික ආහාර, බිස්කට් වර්ග, ස්ටු වර්ග ආදිය MSG අඩංගු අහාර වර්ග කිහිපයක් පමණි.
MSG අඩංගු නොවන සකස් කල ආහාර ද්‍රව්‍යයක් සොයා ගැනීම පවා ඉතා දුෂ්කරය. MSG එකතු කිරීමේ පරමාර්ථය වන්නේ ආහාරයේ රසය වැඩිකර වෙළඳ පොල වැඩි කර ගැනීමයි.
නොමග යවන ආකාරයේ MSG අඩංගු කර ඇති ආකාරයන්
ඔබ ගන්නා ආහාරවල පැකට්ටුවේ අඩංගු ද්‍රව්‍ය යටතේ සෘජුවම මොනෝසෝඩියම් ග්ලුටමේට් ලෙස සඳහන් නොකර පහත සඳහන් ආකාරවලින් දක්වා ඇත්තේද MSG ය. ස්වාභාවික රසකාරක, අනුමත රසකාරක, රසයාමයන්,මෝල්ටඩ් බාර්ලි, වැඩිදියුණු කල ආහාරමය පිෂ්ඨය, මෝල්ට් සාරය, ස්වාභාවික චිකන් රසය, දැල්ලන් රසය, මාළු රසය, ආහාර පදම් කාරක,සෝයා ප්‍රොටීන්, තන්දුරි චිකන්, ඉරිඟු සිරප්,සෝයා සෝස්,ස්වාභාවික ඌරු මස් රසය, ස්වාභාවික එළු මස් රසය, ජෙලටීන්, ස්වයං විච්ඡේදක යීස්ට්( autolysis yeast), බාර්ලි මෝල්ට් , එන්සයිම්ස් පෙක්ටීන්, සිට්රික් ඇසිඩ්ඔබ යම් සකසන ලද ආහාරයක් ආහාරයට ගන්නේ නම් ඒ සෑම දෙයකම පාහේ සැඟවුනු ආකාරයෙන් MSG අඩංගු වී ඇති බව මතක තබා ගන්න.
ආහාර රසකාරක MSG භාවිතය නිසා ඇතිවන ප්රතිවිපාකයන්
MSG භාවිතය නිසා සමහර පුද්ගලයන් තුල විවිධ කෙටිකාලීන අතුරු ආබාධයන් ඇති වන බව අනාවරණය වී ඇත. හිස කැක්කුම, දහඩිය දැමීම, හිරිවැටීම,ශරීරයේ දැවිල්ල, පපුවේ වේදනාව, හෘද ස්පන්දන ව්යාකූලතාවයන්ආදිය උදාහරණ ලෙස දැක්විය හැක.
තරබාරු බව ඇතිවීම
මිනිසුන් මෙන්ම පර්යේෂණාගාර සතුන්ද උපයෝගී කරගෙන කරන ලද පර්යේෂණ අනුව MSG භාවිතය නිසා තරබාරු බව හා දේහ බර වැඩිවීම සිදුවන බව අනාවරණය වී ඇත.ආහාර රුචිය පාලනය කරන Leptinහෝමෝනයට ඇතිකරන බලපෑම් නිසා මේ තත්වය ඇතිවේ.
මොළයට හානි සිදුවීම
MSG මගින් මොළයේ සෛල වලට හානි සිදු කරන බවත් හෝමෝන පද්ධතියේ අසාමාන්‍යතා ඇති කරන බවත් දැනට සොයාගෙන ඇත.ඇතැම් විට පිළිකා ඇතිවීමට හේතුවිය හැක. තද හිසරදය (Migraine headache)