අකලට හිසකෙස් පැසීම වළකා සන්ධි වේදනා ඉදිමුම් සමනය කරන රතුලූනු වල ඇති ගුණ
1,938 Views

‘සියලු රෝග වලින් රකින’ යන අදහස ඇති පලාන්ඩු නමින් ආයුර්වේදයේ හැඳින්වෙන රතුලූනු අපේ ආහාර රසගැන්වීමටත් රෝගවලට පිළියම් සඳහාත් නිතර යොදා ගැනෙන්නක්. මතක ශක්තිය වඩවන, ආහාර රුචිය කැඳවන. ප්‍රතිශක්තිය හා ශක්තිය වර්ධනය කරන වටිනා මිතුරෙක්. ශක්තිය මෙන්ම විටමින් A C B – තයමින් නියැසින් රයිබෝෆ්ලෙවින් එහි අඩංගුයි. ප්‍රෝටීන්, යකඩ කැල්සියම් පොටෑසියම් කාබොහයිඩ්රේට් මැග්නීසියම් සින්ක්, සෙලනියම් ආදි පෝෂක ගණනාවකින්ද, ප්‍රති ඔක්සිකාරක ගුණවලින්ද යුක්තයි, සල්පර් හා පෝලික් අම්ලය සහිතයි. ගෙන්දගම් සහිත රසායන ගුණ නිසා සුව නින්දක් ලබා දෙන අගනා ඔසුවක්.
එය එදිනෙදා ආහාර රසවත් ගුණවත් කරගැනීමට අනිවාර් යයෙන් යොදා ගැනෙන්නක්. ශාකයේ අල මෙන්ම කොළද ආහාරයට, ගන්නා අතර වඩා පලදායකවන්නේ අමුවෙන් ගැනීමෙන්. පිසීමේදී එහි ඇති සල්ෆර් වැනි කොටස් විනාශ වී යනවා. රතුලූනු බාල තරුණ මහලු සියල්ලන්ට එක සේ හිතකර ආහාරයක්. එය ශ්වාස කාස කක්කල් කැස්ස ඇදුම ආදි ශ්වසන පද්ධති රෝගවලට ගුණ දෙනවා. පීනස, උණ රෝග පාලනය කරනවා.
පීනසට රතුලූනු යුෂ ගොටුකොළ යුෂ සමග උදේ සවස බීම ගුණදායකයි. වයිරස් උණක් ඇතිවිට රතුලූනු කපා දැමූ දිය බඳුනක් රෝගියා හිඳින ඇඳ අසල තැබීමෙන් ඉක්මන් සුව ලැබෙන බව සඳහන්. ඇතිවන හිසරදයට රතුලූනු කපා යුෂ නළලේ ගෑමෙන් සහන ලැබෙනවා. කටහඬ වෙනස්වීම් උගුර බැරැන්ඩිවීම් වලදී රතුලුනු යුෂ මීපැණි සමග දීම සුදුසුයි.
රතුලූනු දරුවන්ට ඉතා හිතකරයි.රතුලූනු වතුරට කපා දා පසුදින උදය මීපැණි ස්වල්පයක් දමා බීමට දීමෙන් ඔවුන් ගේ පනුරෝග මර්දනය වනවා. රතුලූනු ආහාර රුචිය ඇතිකිරීමට ද උපකාරිවනවා නිතර කෑමෙන් මතක ශක්තිය වර්ධනය වී ඉගෙනුම් කටයුතුත් පහසුවෙනවා.
ලේ තුනී කිරිමේ හැකියාවක් ලූනුවල පවතිනවා අහිතකර LDL අඩුකිරීමටත් හිතකර HDL වැඩි කිරීමටත් ඊට හැකි බව පර්යේෂණ මගින් තහවුරු වී ඇති අතර ඉන් කොලෙස්ටරෝල් අධි රුධිර, පීඩන තත්ත්ව පාලනය වනවා. එ මගින් හර්ද රෝග ආඝාත වැළැඳීමේ ඉඩත් අවමවනවා.
සිරුරේ විශාලම ඉන්ද්රියය ලෙස සැළකෙන අක්මාව වෙනුවෙන් රතුලූනු ඉටුකරන්නේ සුවිශේෂ කාරය භාරයක්. එය අක්මාවේ විෂ ඉවත්කරනවා. එහි ඇති සැපොනින මගින් අක්මාව පිළිකාවලින් ආරක්ෂාකර දෙනවා. එසේ ම පිළිකා බවට පත්විය හැකි ගෙඩි වර්ධනය වීම ද වළකනවා.මලමාර්ගයට බැක්ටීරියා ඇතුළුවීම වළකමින් එහි පිළිකා සෑදීමට ඇති ඉඩ ද අඩු කරනවා.
රතුලූනු බඩපිපුම් සුව කරනවා. ගලපටල රෝගයට ඉතා හිතකර ඖෂධයක්. එසේම එය හොඳ මුත්‍රාකාරකයක්. දිය වැඩියාව ද පාලනය කර දෙනවා. ඉන්සියුලින් හෝමෝනය ක්‍රමානුකූලව පවත්වාගෙනයාමේ හැකියාවක් එය සතුයි. දියවැඩියා පාලනයට රතුලූනු උණුදියෙහි දමා විනාඩි 20ක් තබා පානය කිරීම සුදුසුයි.
වියපත් කාන්තාවන්ට ඇතිවිය හැකි ඔස්ටියෝ පොරෝසිස් තත්ත්ව පාලනය කරන්නත් රතුලූනුවලට හැකියි. රතුලූනු වැඩිපුර පරිභෝජනය කිරීමෙන් ඔවුන්ට කොලොස්ටරෝල් මට්ටම වැඩිවීම ද 20% කින් අඩුකරගත හැකියි. සමේ ඇතිවන කැසීම් රතු ගෙඩි සැරව ගෙඩ් ලේ දූෂණයවී මෙන් ඇතිවන බීබිලි ආදිය එරෙහිව ද රතුලූනු ප්‍රතිචාර දක්වනවා . එමගින් කුරුළෑවලින් නිදහස්ව නිරෝගි වන සිරුරු පැහැපත් වනවා. ලිංගික උත්තේජන ලබාදීමේ හැකියාවද රතුලූනු සතුයි. එය දෙපක්ෂයට ම පොදුවන අතර ඉන් දරුපල පමාවූවන්ට සහන සලසමින් දරුපලත් ලබා දෙන බව සඳහන් වනවා. රතු ලූනු පලා පානීය ජලයට දමා තබා පානය කිරීම ඊට උපකාරිවනවා.
හිසකේ අකලට පැසීම කෙස් වැටීම ආදි අපහසුතා වළකමින් හිසකේ වර්ධනය කරදීමට ද රතුලූනුවලට හැකියි . හිසට දම න තෙල් රතුලූනු යොදා පස්සවා ගැල්වීමෙ න් .මෙන්ම රතුලූනු නිතර අනුභවයෙන් ඒ වාසිය අත්කර ගතහැකියි.
නින්ද නොයාමේ අපහසුතාවෙන් පෙළෙන විට රාත්‍රි ආහාරයට රතුලූනු සලාදයක් එක්කර ගැන්මෙන් හෝ රතු ලූනු යුෂ වීදුරුවක් පානය කිරීමෙන් පහසුවෙන් නින්ද ළඟාවෙනවා. උදෑසන රතුලූනු යුෂ කෝප්ප බාගයක් එළඟිතෙල් සමග බීමෙන් ස්නායු ශක්තිය වර්ධනය වී, මතකය ජවය හා නිරෝගිතාව ඇතිවෙනවා.
රතුලූනු වෙනත් ශාරීරික අපහසුතා සඳහා
හිසේ කැක්කුමට පොල් තෙල් සමග කකාරා හිස ගල්වන්න. කුරලෑ ලප කැලැල්වලට යුෂ සමග කහ මුසුකර දිනපතා මුහුණේ ගාන්න. සැරව ගෙඩිවලට රතුලූනු උණු අළු යට තැම්බෙන්නට තබා, අඹරා ගිතෙල් මුසූකොට ගෑමෙන් ඉක්මනින් පුපුරා සැරව ඉවත් වෙනවා. කල්ගිය තුවාලවලට පොල්කිරි සමග තම්බා අඹරා ගාන්න. තැල්මට අඹරා රත්කර ගාන්න. රෝගාබාධවලින් කෙට්ටුවූ විට මහත්වීම සඳහා සූකිරි සමග උදේ හවස කන්න. දත් කැක්කුමට රතුලූනු සපා රිදුම් දෙන දත මත තබා ගන්න. ආර්තව වේදනා සඳභා ඒ ආසන්නයේ වැඩි වශයෙන් රතුලූනු ආහාරයට ගන්න. වයස්ගතවීම සමග සන්ධි වේදනා ඉදිමුම් ඇතිවිට
රතුලූනු කපා තලතෙල් හෝ එඬරු තෙල්වලින් බැද කහ අනා පොට්ටනි කර තවන්න. විෂ කෘමින් ගෝනුස්සන් පත්තෑයන් දෂ්ට කළවිට රතුලූනු තලා දෂ්ට මුඛයෙහි තබන්න.
ලිපිය සැකැසුම Indra Rathnay
(මූලාශ්‍ර හා සේයා රූ අන්තර්ජාලය හා වෛද්‍ය ලේඛන ඇසුරිනි)