සිරුර ශාන්ත කරන නිද්‍රාකාරකයක් සේ දේශීය වෙදකමේ හැඳින්වෙන දියලබු, යකඩ කැල්සියම් විටමින් ආදී පෝෂක පිරි, සිසිල ගුණැති ආහාරයක්. හදවත් රෝග, ක්ෂය රෝගය , ලේ පිරිසිදු කිරීම ආදිය සඳහා ඖෂධයක් ලෙස දේශීය හා යුනානි වෛද්‍ය ක්‍රමවල දී යොදා ගැනෙනවා. දියලබු නිතර ආහාරයට ගැනීමෙන් විවිධ රෝග සුවකරගැන්මේ ශක්තිය සිරුර ට ලබාගත හැකියි.
මඳක් රස බලා තිත්ත නැති ගෙඩියක් තෝරා ගෙන ඇට ඉවත් කර මදය පමණක් ගෙන අඹරා යුෂ මිරිකා බීම , හර්ද රෝගවලට ඉතා හිතකරයි. ඇට මිශ්‍ර වීමෙන් වමන ගතිය ඇතිවිය හැකියි. පෑවිල්ල වැඩිවිට සිරුරෙන් ලවණ පිටවීම ,හා තද පිපාසය ඇතිවීමේ දී ලබු යුෂ වලට සීනි දමා බීමෙන් ගුණයක් මෙන් ම සිසිලක් ද ලැබෙනවා. වමනය පාචනය වැනි සිරුරේ ජලය හිඟවන අවස්ථාවලදී සජලත්වය රැකදීමට ද දිය ලබු උපකාරීවනවා.
දියලබුවල ඇති කෙඳි ගතිය නිසා ආහාරයට ගත් විට අඩු කැලරි ප්‍රමාණයකින් කුස පිරෙනවා. එය තරබාරුකමින් ඈත්වීමට හේතුවනවා. බිඳුණු අස්ථි ඉක්මනින් සවිකිරීමේ විස්මිත හැකියාවක් දියලබු වෑංජනයට ඇති බව සදහන්. අක්මා සෛල අළුත්වැඩියා කිරීමේ හැකියාවද එය සතුයි. ලබු කෑමෙන් මලබද්ධය අර්ශස් වැනි රෝග ද දුරු වී යනවා. ආහාර මාර්ගය නිරෝගිවන අතර ගැස්ට්‍රයිටීස් උදරාබාධ උදරයේ තුවාල ආදිය සුවපත්වනවා. එසේ ම ස්නායු රෝග හා සෙංගමාලය වැනි අක්මා රෝග පාලනය වනවා . මානසික ආතතියත් දුරු වී යනවා.
ලබු මුත්‍රා ආසාදන වලට එරෙහිවද ප්‍රතිචාර දක්වන්නක් . මුත්‍රා දැවිල්ලට ලබුයුෂ දෙහියුෂ ස්වල්පයක් සමග මුසුකර උදේ හිස් බඩ පානය කිරීම සුදුසු බව සඳහන් වෙනවා. අක්මා රෝග සඳහා ලබු කොළ මිටක් කෝප්ප 7-1 ට කෂාය සිඳුවා උදේ හවස කෝප්ප බාගය බැගින් සීනි ස්වල්පයක් දමා බීම ගුණදායක බවත් සඳහන්. නින්ද නොයාම ට ද ලබු ඖෂධයක් සේ යොදා ගත හැකියි. ලබුයුෂ තලතෙල් සමග මුසුකර හිස ගා සම්බාහනය කළවිට පහසුවෙන් නින්ද ළඟාවෙනවා. නිදි උලුක්කුවට බෙල්ල හැරවීමට අපහසු වූ විට ලබු කොළ අඹරා වේදනා දෙන පැත්තේ ගෑමෙන් සහනය ලබාගත හැකියි. හිසකේ වැටීම, කෙස් අග පැලීම ,අකලට හිසකෙස් සුදුවීම්, ආදියේදී දියලබු යුෂ හිස ගා සම්බාහනය කිරීමෙන් යහපත් ප්‍රතිපල ලබා ගත හැකියි. ඉන් කෙස් කළඹ ද හොඳින් වැවෙනවා.
ලබු ඇටය කෑමට නුසුදුසු වුව ත් අඹරා විසර ගෙඩි මත ගෑමෙන් ඉක්මනින් සැරව ඉවත්ව සුවපත්වනවා. ලබු දලු ද පොල් කිරෙන් උයාගත් විට රසවත් ගුණවත් වෑංජනයක් වනවා. ලබු කොළවලින් රස, ගුණ කෑමක් මෙසේ සකසා ගෙන බලන්න.
ලබු කොළ කීපයක් ගෙන සෝදා ගන්න. කඩල පිටි ටිකක් ගෙන පොල්තෙල් සමග අනා ඝන මිශරණයක් සාදා ගන්න. ලබු කොළය දෙ පැත්තේ මිශ්‍රණය තවරා හතරට නවා වන්ඩුවේ තම්බාගන්න. මේවා ගැඹුරු තෙලේ බැදගෙන හෝ කිරි හොද්දක නටවා ගෙන බත සමග කෑමට ගන්න.
ලිපිය සැකසුම Indra Rathnay
(මූලාශ්‍ර හා සේයා රූ -අන්තර්ජාලය, හා වෛද්‍ය ලේඛන ඇසුරිනි)