දහදිය දුගඳ, දියවැඩියාව, තුන් දොස් නසන ඇඟ නිවන ඉරමුසු පානය
4,318 Views

ශරීරයේ දහඩිය දුගද හාස්කමකින් මෙන් වේලෙන් දෙකෙන් නසා තුන් දොස් නසා ශරීරය සුවපත් කරන ඖෂධීය ගුණයකින් යුත් ඉරමුසු දකුණු ඉන්දියාවේ බොහෝ ප්රදේශවලද දැකගත හැක ලංකාවේ මුහුදු මට්ටමින් අඩි 2500 කට වඩා උස් නොවූ ප්‍රදේශවල බහුලව දැකිය හැකි වේ. ඉරමුසු මුල ඉතාමත් ප්‍රසන්න වූ සුවඳකින් යුක්ත වන අතර ශාකය සම්පූර්ණයෙන් යොදා හදන කැඳ හා කොළ, දඬු, මුල් තම්බා හදන ඉරමුසු පානය ශරීරයට ඉතාමත් ගුණදායක වේ. අතීතයේ සිටම පැවති විශ්වාසනීය ඖෂධීය ගුණ ඇති මෙම ශාකය මෙන්ම රණවරා, නෙල්ලි හා රසකිඳ යන ශාක කොටස් ද තම්බා පානයට ගැනීම රෝගාබාධ වලින් මිදීමට හේතු වේ.
ඉරමුසුවලට හොඳින් මළ පිට කරයි. ත්‍රිදෝෂ ශාමකයි. මධුර රස හා ස්නිග්ධ ගුණ නිසා වාතය ද, ශීත වීර්ය නිසා පිත ද, තිත්ත රසය නිසා සෙම ද සන්සිඳුවයි. ලේ පිරිසුදු කිරීමේ ගුණය ඇති බැවින් කිරි දෙන මවුවරුන්ට සහ දියවැඩියා රෝගීන්ට හිතකරයි. ඉදිමුම හා දාහය නැති කරයි. බඩගිනි වඩයි. ආහාර දිරවයි.
දැවිල්ල සහිත තුවාල සේදීමට ඉරමුසු මුල් තම්බා ගත් වතුර ප්‍රයෝජනයට ගනී. මෙය ඉතා හොඳ බෙහෙතකි. ඉරමුසු මුල් ඇල්දියෙන් අඹරා සාදාගත් ලේපය, ශරීරයේ දැවිල්ල සහිත ඉදිමුමට ආලේප කිරීම සුදුසුය. ඉරමුසු මුල් කෂාය ගිතෙල් සමඟ පෙවීම මී විසට යෝග්‍ය වේ.
ඉරමුසු මුල් තම්බා බීමට දීම, ඉරමුසු මුල් කුඩුකර තේ මෙන් වත්කර පානයට දීම යෝග්‍ය වන්නේ ආහාර අසාත්මිකතාව නිසා ඇතිවන කැසීම, පලු දැමීම සහ ඇස් රතුවීමටයි.
ඉරමුසු මුල් තම්බා ගත් වතුර බීමට දීම කුෂ්ඨ අවස්ථාවට කරන අත් බෙහෙතකි. මුත්‍ර දැවිල්ල, වේදනා සහිතව මුත්‍ර පිටවීම, මුත්‍ර වරින් වර පිටවීමට වියළි ඉරමුසු මුල් තම්බා බීමට දීම හොඳයි. මේවා ඉරමුසු ආධාරකරගෙන කරන අත් බෙහෙත් ය.
හිසකෙස් වර්ධන වේගවත් කිරීමේ ගුණයක් ඇත.
සීතල ප්‍රදේශවල ඉතා හොඳින් වැඩෙන ඉරමුසු විශේෂයෙන්ම කාන්තාවන්ගේ ශරීරයේ උෂ්ණාධික බව සමනය කිරීමට හැකි පානයකි. කළු ඉරමුසු හා එළ ඉරමුසු ලෙස දෙවර්ගයකින් පවතින අතර මෙම දෙවර්ගයම ගුණෙන් මෙන්ම සුවඳින්ද උසස් වේ.
ඉරමුසු නැටි හොඳින් තලා උළුහාල් හා සූදුරු එක්කර තම්බා මඳ රස්නයෙන් පානය කිරීම ශරීරයේ උෂ්ණාධික බව අඩු වීමට ඉතා යෝග්‍ය වේ. මුත්‍රා රෝග, ගල්, ලේ පිරිසිදු වීමට, රුධිරය අඩු බවට, මුත්‍රා දැවිල්ල, බඩවැල් වල හා ආමාශයේ තුවාල, ඇඟ කැසීම, සෙම, ආහාර අරුචිය වැනි බොහෝ රෝග සඳහා ද ඉරමුසු පානය ගුණදායක වේ.
ඉරමුසු යෙදූ කසාය හා අරිෂ්ට මඟින් බොහෝ රෝග සුව කර ගැනීමේ හැකියාව ඇත. එහිදී අපස්මාරය, ස්වසන ආබාධ, උපදංශ රෝග, ඇස් රෝග, වාත රෝ, රත් පිත් රෝග සහ මී විෂ නිසා වැළඳුණු රෝග වලට ඉක්මන් සුවය ලබා දෙයි.
පානයක් ලෙස පමණක් නොව ඉරමුසු විවිධාකාරයෙන් ආහාරයට ගත හැකිය. එහිදී ඉරමුසු කොළ හොඳින් සෝදා හීනියට ලියා, පොල්, ලූනු, ලුණු, දෙහි දමා සම්බෝලයක් ලෙස ද සකස් කර ගත හැකිය. හොඳින් සෝදාගත් ඉරමුසු මල් මදපවනේ වේලා කොත්තමල්ලි ඇට, පෙරුම්කායම් හා සූදුරු සමඟ අඹරා මී පැණි සමඟ අනා ගම්මිරිස් ඇට දෙකක ප්‍රමාණයක් තැඹිලි වතුරෙන් පානය කිරීම තුළින් ශරීරයේ ලේ පිරිසිදු වේ.
ඖෂධීය ගුණ – ඖෂධ සඳහා සම්පූර්ණ පැළැටිය ම ගනී. තුන් දොස් හෙවත් වා, පිත්, සෙම් නැසීමේ ගුණයක් ඇත. ලේ පිරිසුදු කිරීමේ ගුණයක් ඇති බැවින් කිරි දෙන මවුවරුන්ට සහ දියවැඩියාව රෝගීන්ට හිතකර ය. ආහාර ජීර්ණය කර රුචිය වඩවයි. හොඳින් මළ පහ කරවයි. ආහාර අසාත්මිකතා ඇති අවස්ථාවක දී ඉරමුසු තම්බා බීම හෝ ඉරසුමු මුල් කුඩු කර උණුවතුරට දමා තම්බා බීම වඩාත් සුදුසු ය.
මී විෂ ශරීරගත වූ විට ඉරමුසු මුල් කසාය ගිතෙල් සමග බීමෙන් විෂ සහිත බව නැති වෙයි. මේ සියලු දෝෂ නැති කර ගැනීම සඳහා උදෑසන ආහාරයක් වශයෙන් හෝ ඉරමුසු කැඳ පිස බීම වඩාත් සුදුසු වෙයි. හිස කෙස් වර්ධනය කිරීමේ හැකියාවක් ද ඉරමුසුවලට ඇත.
එමෙන්ම කටහඩෙහි ඇතිවන අපහැදිලි බව මඟහරවා ගැනීමට ඉරමුසු නැටි කුඩු කර මී පැණි සමඟ අනා අනුභව කිරීමෙන් කටහඩෙහි මිහිරි ස්වාභාවය රැකගත හැකිය.
ඉරමුසු උපදංශ රෝගයට එරෙහිව සුව කිරීමේ ශක්තියක් සහිත විශිෂ්ට ඖෂධයක් ලෙස අතීතයේ සිටම පිළි ගැනේ. විශේෂයෙන් ම ඖපදංශික නිදාන සහිත විවිධ පුරාණ රක්ත දෝෂ ජනිත ආබාධයන්හි ලා ඉරමුසු අඩංගු යෝග ප්රතිඵලදායි බව වෘද්ධ වෛද්‍ය මතයයි.
සම්පූර්ණ පැළෑටිය කපා පොල් සමඟ මිශ්‍ර කර, කොටා මිරිකා ගත් යුෂ කැකුළු සහල් සමඟ කැඳ සාදා උදේ සවස බීමෙන් ශරීර ශක්තිය වැඩේ. ලේ පිරිසුදු කරයි. තව අයකුගේ හිතසුව පිනිස shear කරන්න. මෙවැනි ස්වාභාවික දිව්‍යමය ඹෟෂධ අපි සතුව තිබියදීත් අපි නොයෙක් පිලිකා කාරක කෘතිම දේවල් වලට අබ්බැහි වීම අපේත් රටේත් අභාග්‍යට කරුනකි දැනුම ලබා ගන්න තමන් හැදෙන්න තව එක් අයෙකු හෝ දැනුවත් කරන්න.
උපුටා ගැනීමකි. බෙහෙවින්ම ස්තුතියි නලින් පෙරේරා මහතාට