සැරයි උෂ්ණයි කියා අප කෑමට මැලිකරන, දෙල්, බලමාළු ඉස්සන් වැනි ආහාර වල ඇති විෂ ගති දුරුකර, ඒවායේ රස ගුණ ලබාදෙන්නට උපකාරි වන ඇන්ටිහිස්ටමින් ගුණ සපිරි කතුරු මුරුංගා, තොල කට පැලීම්, වණවීම් මුඛ ආසාදන ඉක්මනින් සුවකිරීමේ හැකියාවක් ඇති සුවිශේෂ ඖෂධීය ශාඛයක්.
දකුණු ඉන්දියානු ප්‍රභවයකින් යුතු අතර ආසියාවේත් ඔස්ට්‍රේලියාවේත් දක්නට ලැබෙනවා. නිල්, කහ මල් ද ඇති, එහෙත් වැඩි වශයෙන් සුදු හා ,රතුමල් දක්නට ලැබෙන ශාකය A B, විටමින් , යකඩ, කැල්සියම්, තන්තු ආදී පෝෂක ගණනාවක් අඩංගුවූවක්. බැක්ටීරියා වෛරස් වලට එරෙහි, ප්‍රති ජීවක ශක්තියෙන් පොහොසත් වූවක්.
මල්වල ඇති වක්‍ර ස්වභාවය නිසා, වක්‍ර පුෂ්පි ලෙස ද, අහසේ අගස්ති තාරකාව පිහිටීමේ ස්වරූපය ගැන්ම නිසා අගස්ති ලෙසද සංස්කෘත ග්‍රන්ථවල, හඳුන්වනවා. මිහිරි සිසිල් ගුණයෙන් යුක්ත ශාකය, වා සෙම් පිත් සමනය කරන්නක්, ඇස්පෙනීම වර්ධනය කරන්නක්, අසාමාන්‍ය රුධිර වහනයන් වළකන්නක්, මෙන් ම සිරුරේ බාහිර අභ්‍යන්තර රෝග තත්ත්වයන් ද වළකන්නක්.
මුනිශාක තෛලය සිඳීමට ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍යය වන්නේද කතුරු මුරුංගා කොළයි. කොළ මල්, මුල්, ඇට, කරල් මෙන්ම මැලියම් ද ඖෂධ පිණිස යොදා ගැනෙනවා. කතුරු මුරුංගා මල් කොළ, වෑංජන මැල්ලුම්, සලාද බැදුම් හොදි වැනි විවිධ, ක්‍රමවලින් ආහාරයට ගැනීමෙන් ඒවායේ ඇති උසස් රසායන ගුණ ලබාගත හැකියි. මල බද්ධය වළකන කතුරු මුරුංගා, සිරුරේ අනවශ්‍ය දියර පිට කර හැරීමේ, ගුණයෙන්, යුක්තයි. සෙම් ප්‍රතිශ්‍යා කැස්ස, ඇදුම පීනස වැනි ශ්වසන, රෝග පාලනයකිරීමට, මෙන්ම මැලේරියා වැනි කල් පවත්නා උණ සුව කිරීමේ හැකියාවෙන් ද යුක්තයි.
නීරක්තිය, බඩවැල ආශ්රිත රෝග, මුත්‍රා රෝග, කාන්තාරෝග, පණු රෝග, දැවිල්ල, දුරුකිරීමට සමත්වන අතර රුධිරය පිටවීමත් සමග ඇති පාචන, අර්ශස්, ආදි තත්වයන් ද, පාලනය කළ හැකි බව, සඳහන්වනවා. ළපටි කොළ යුෂ පානයෙන් ශක්තිය වර්ධනය වනවා.
මල් ඇස්වලට බෙහෙවින් හිතකරයි. පෙනිම වර්ධනය කරමින් රාත්‍රි අන්ධතාව දුරුකරනවා. ආහාර රුචිය මෙන්ම මතක ශක්තිය ද වඩනවා. මල් වෑංජනය උයාකෑමෙන් ද, මල් හා කොළ පීකුදු සමග උයා කමෙන්ද එම ප්රතිලාභ අත්කරගත හැකියි.
මල් තල තෙලින් හා එළඟි තෙලෙන් මලවා කෑම මාන්දම් රෝගයට මෙන්ම තොලකට පැලීම් වලටද ගුණදායකයි. මල් ගොටුකොළ හා ගිතෙල් සමග සමග ආහාරයට දීම අපස්මාර රෝගීන්ට හිතකර වනවා. එම රෝගයට කොළද ගුණයදායකයි. පොල් කිරි රතුලූනු දමා මිරිස් නැතිව උයන මල් වෑංජනය අළුතෙන් ඝන ආහාර හුරුවූ කුඩා දරුවන්ට යෝග්‍යයි. ළපටි කරල් වෑංජනය ආහාරයට ගැනීමෙන් කල්පනා ශක්තිය දියුණුවන අතර සිරුරේ බලය, හා ශුක්‍ර වර්ධනය ද සිදුවන බව සඳහන්.
කැල්සියම් බහුලත්වයත් සමග අස්ථි ශක්තිමත් කර දෙන කතුරු මුරුංගා, සන්ධි රෝග ඉදිමුම් වේදනා දුරුකිරීමට සහායවනවා. එවැනි සන්ධි අපහසුතා වලදී, කතුරු මුරුංගා කොළ, හා පොතු එකට අඹරා ආලේප කිරීමෙන් සහන අත්වනවා.
සම වියළීම කැසීම වැනි එක්සිමා තත්ත්වයන් බැහැරකරන්නටත්, තුවාල ලප, පැපොල සරම්ප කැලැල්, බැහැර කරන්නටත්, කතුරු මුරුංගාවලට හැකියි. මුඛය තුළ තල්ලෙහි දිවෙහි ඇතිවන උෂ්ණ බීබිලි, වණවීම්, තොල පිපිරීම් ඉක්මනින් සුවකර ගැන්මට, කොළ, මල්, එළඟිතෙල් හෝ බටර්වලින් තෙම්පරාදු කර කෑම පලදායකයි.
කතුරු, මුරුංගාවලින් අත් බෙහෙත්
බඩවැල ආශ්රිත තුවාල හා අර්ශස්වලට කතුරු මුරුංගා කොළ යුෂ මි.ලි. 10 බැගින් දිනපතා උදේ පානය කිරීම. සමේ තුවාල ලප කැලැල්වලට කොළ යුෂ දිනපතා ගෑම. කටේ සෙම් ගෙඩි තුවාල ආසාදන ඇතිවිට කොළ යුෂ වලින් කට සේදීම. කෙන්ඩ, පෙරළීමට කොළ යුෂ ගෑම. තොල් පැලීමට කොළ, මල්, රතුලූනු සමග උයා උදේ සවස ගිතෙල් දමා ආහාරයට ගැනීම. ශ්වසන පද්ධතිය ආශ්රිත ,කැස්ස පීනස ආදි රෝගවලට මල්, කොළ, හා පොතු කෂාය කර බීම. සරම්ප පැපොල බිබිලි ආසාදනවලට කතුරුමුරුංගා පොතු කෂාය කර බීම. සුව නොවන තුවාල හා විෂ සමනයට කොළ ඉස්ම, මදුරුතලා කොළ ඉස්ම හා ගම්මිරිස් පත හතර එකට හිඳ, පත බාගය බැගින් උදේ හවස බීම. ආර්තව ගැටළු ඇති විට මල් ළපටි අව්වේ වියළා කුඩුකර එළකිරි සමග පානය කිරීම. යටිපතුල් පැලී දියර ගලන විට (කඩුවේගන්) මල් ව්යළා කුඩුකර, මී කිරි සමග මුදවා උදේ හවස ආලේප කිරීම. පීනස, ප්‍රතිශ්‍යාව, හා අර්ශස් සඳහා කතුරුමුරුංගා කොළ යුෂ මි.ලි .15 කට මීපැණි, මිශ්‍ර කර උදේ හවස, බීම. උගුර බැරැන්ඩිවීමට කොළ මල් ග්‍රෑම්20ක් හා ආඩතෝඩා කොළ ග්‍රෑම් 20 පත අට එකට සිඳුවා උදේ හවස පත බාගය බැගින් පානය කිරීම. සන්ධි ඉදිමුමට මල්, කොළ, කළු අත්තන මල් සමව ගෙන උණු දියෙන් අඹරා දිනකට වරක් ගෑම (ඔබේ සිරුරට ගැලපෙන අත් බෙහෙත් තෝරාගන්න)
ලිපි සැකසුම Indra kumari Rathnayake
(මූලාශ්‍ර හා සේයා රූ -අන්තර්ජාලය හා වෛද්‍ය ලේඛන ඇසුරිනි)