ලොව වඩාත් සිසිලම, ප්‍රණීතම, පලතුර කුමක්දැයි ඇසුවොත් ඊට එක එල්ලේ දිය හැකි පිළිතුරක් ඔබ සතුව තිබෙනවා ද? බ්‍ර්තාන්‍ය උද්‍යාන විද්‍යාඥ තෝමස් පර්මින්ටන් ඊට පිළිතුරු දී තිබුණේ සැපදිල්ලා යනුවෙනුයි. උද්‍යානවලට සිසිල සෙවණ දෙමින් වැඩෙන විසල් සැපදිල්ලා රුක සිරුරු ඇතුළත පිටත දාහය නිවාලමින් රෝග ගණනාවක් වළකාලන වට්නා ඖෂධිය ශාකයක්.
එහි නිජබිම අමෙරිකාව වන අතර 1802 සිට, එය, මෙරට වගාකරන්නක් බවට පත්වුණා. මෙහි දී රට මී ලෙසද හැඳින්වෙන්නට පටන්ගත්තා. පලතුරක් ලෙස පරිභෝජනය කෙරෙන සැපදිල්ලා ගෙඩි, පොටෑසියම් බහුල, විටමින් A , C B 2 6 11, ප්‍රෝටීන්, තන්තු , යකඩ කොපර් කැල්සියම්, මැග්නීසියම් ආදි පෝෂක ගණනාවකින් සාරවත් වූවක්.
විෂබීජ නාශකයක් හා ප්‍රදාහ නාශකයක්. ලේ නැවැත්වීමේ හැකියාව ඇති, ප්‍රතිඔක්සිකාරක ගුණැති, ශක්තිමත් ආහාරයක්. ප්‍රතිශක්තිය වර්ධනය කරන්නක්. පොටෑසියම් බහුලත්වය සමග අධි රුධිරපීඩනය පාලනය කිරීමේ හැකියාව එය සතුව පවතිනවා. හර්ද රෝග වළකනවා. මල බද්ධය දුරුකරමින් අර්ශස් රෝගය පාලනය කරනවා.. එහි ඇති පලතුරු පැණි රසය අහිතකර, නොවන අතර දියවැඩියාව ද පාලනය කළ හැකි බව, සඳහන්. එසේ ම සිරුරේ දැවීම් සංසිඳුවීමට එය, ඉහල දායකත්වයක් ලබා දෙනවා.
විටමින් A සහ කැරොටින් බහුලතාවත් සමග ඇස්වල දුර්වලතා බැහැර කරමින් පෙනීම, වර්ධනය කර දෙනවා. සැපදිල්ලා, ගෙඩියෙහි අඩංගු ෆෝලික් අම්ලය නිසා, එය ගැබිණි මවුවරුන්ට හිතකරයි. නීරක්තිය වළකමින්, මවටත් දරුවාටත් සුව සදාලනවා.
ශ්වසන රෝග, මැඬලීමේ හැකියාවැති සැපදිල්ලා, උණ, සෙම, කැස්ස සුවකිරී මට උපකාරී වන අතර පිළිකා, නාශකයක කාර් ය භාරය, ඉටුකරනවා. එය විශේෂයෙන් මුඛ උදර පිළිකාවලට එරෙහිව සටන් කරනවා.
ඉදුණු සැපදිල්ලා ගුණදායක වුවත් අමුවෙන් ආහාරයට ගැන්ම සුදුසු නැහැ. එහි කහට රසත් සමග කිරි වෑහෙන ගතියක් පවතිනවා. ඉන්, මුඛයේ තුවාල ඇතිවිය හැකියි.
සැපදිල්ලාවලින් කේක්, අයිස්ක්‍රීම්, වයින් සැකසීම ආදි, විවිධ නිෂ්පාදන සිදු කෙරෙනවා.
ශාකයේ කිරි ගතියෙන් ලබා ගන්නා මැළියම්, චුවිංන්ගම් නිෂ්පාදනයට යොදා ගන්නවා. එනිසා ම එය ච්විංගම් ගස කියාත්, හැඳින් වෙනවා. ඖෂධීය, වටිනාකමින්, ඉහල් නොවූවත්, ඒවා සැපීමෙන් හනුවලට ලැබෙන ක්රමානුකූල චලනය, මොළයේ මතකය හා සම්බන්ධ කොටස් උත්තේජනය කරමින් මතක ශක්තිය වර්ධනය කර දෙනවා. එමගින් මානසික ඒකාග්‍රතාවත් රැකෙනවා.
එසේම ච්විංන්ගම් සැපීම ඛේට නිෂ්පාදනය වැඩිකර ජිර්ණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමටත්, දත් නරක්වීම් වැළකීමටත් විදුරුමස් ආසාදන අවම කිරීමටත් හේතුවනවා.