ජීවිතේ කෙටි කරන මේ ආහාර කවදාවත් කන්න එපා
7,930 Views
අද ලෝකයේ බොහෝ දෙනා බෝ වන රෝග වලට වඩා බෝ නොවන රෝග වලින් විශාල ලෙස මිය යනවා. මෙයට ප්‍රධානම හේතුව වන්නේ අප ගන්නා ආහාර පාන හා ප්‍රමාණවත් ව්‍යායාමයක් සිරුරට නොලැබීම බව බොහෝදෙනා දන්නා දන්නා ප්‍රසිද්ධ රහසක්. අප ගන්නා මෙම විෂ රසායනික ආහාර පාන වලින් අප මෙලෙස ලෙඩ කරන්නේ ක්ෂණිකව නොව කාලයත් සමඟයි. “මාලුවා නහින්නේ කට නිසා” කියලා කියමනට කිව්වට අද එය “මිනිසා නහින්නේ කට නිසා” කියා වෙනස්කරගත යුතු තැනටම පත්වෙලා ඉවරයි. ඉතින් අද ලිපියෙන් අප ඔබව දැනුවත් කරන්නේ මිනිස් සිරුරට අහිතකර බොහෝ රසායනික සංයෝගයන් අඩංගු ආහාර පාන පිළිබඳවයි. ඉතින් මේවා දිවට ගොඩාක් රසයි තමයි.. ඒත් සිරුරට නම් ගොඩාක් අහිතකර බව ඔබ ඔබ මතකයේ නිරතුරුව තබාගත යුතුමයි.
සොසේජස්
සොසේජස් යනු පිළිකා ලැයිස්තුවේ පළමු ආහාරය යි. මේවා නිෂ්පාදනයේ දී අධික උෂ්ණත්වයකට ලක් කිරීම නිසා විෂ රසායනිකයන් සෑදේ. එමෙන්ම මේ තුළ විවිධ රසකාරකයන් සහ කල්තබාගැනීමට යොදන සෝඩියම් නයිට්රේට් ( E-251 ) අඩංගු වේ. මෙය මිනිස් ශරීරයට අහිතකර සංයෝගයකි.
සොසේජස් මස් වර්ග වලින් නිෂ්පාදනය කරන අතර හෘදරෝග ඇතිවීමේ අවදානම, බඩවැල් පිළිකා ඇතිවීමේ අවදානම බොහෝසෙයින් වැඩි කරනු ලබයි.
ග්‍රිල් කළ සහ බාබක්‍යු කළ මස් වර්ග
මෙලෙස අධික උෂ්ණත්වයෙන් මස් වර්ග පිළිස්සීම මඟින් පිළිකා කාරක සංයෝග නිපදවන අතර මේවා නිතර ආහාරයට ගැනීම බඩවැල් වල, ආමාශයේ හා අග්න්‍යාශයේ පිළිකා ඇති වීමට හේතුකාරක වෙයි.
ආහාර බැදීම සඳහා භාවිතා කළ තෙල්
වඩේ, බයිට්, පපඩම්, ෆ්‍රෙන්ච් ෆ්රයිස් ( French fries ) ආදිය බැදීමට එකම තෙල් භාජනය බොහෝ වාරයක් භාවිතා කිරීම නිසා එහි මුක්ත කණ්ඩ සෑදීම සිදුවන අතර ඒවා පිළිකා කාරක සංයෝගයන් වේ.
හෘදරෝග , පාර්කින්සන් රෝගය සහ පිළිකා වැනි රෝග තත්වයන් ඇතිවීමට එකම තෙල් නැවත නැවත භාවිතය හේතු වේ.
ජෙලටින් ආහාර
ජෙලි, මාෂ්මෙලෝස් වැනි ආහාර ජෙලටින් මඟින් සාදනු ලබයි. ස්වභාවික ජෙලටින් මුහුදු ශාක මඟින් නිෂ්පාදනය කරනු ලැබුවත් එය ඉතා මිළ අධික නිසා වාණිජ වශයෙන් ජෙලටින් නිපදවන්නේ මස් පිණිස මරා දමන හරකුන්, ඌරන්, බැටළුවන් වැනි සතුන්ගේ මස්, ඇටකටු, කාටිලේජ, සම් වැනි ඉවතලන බාල ප්‍රමිතියේ දෑ මඟිනි. ඉහත ආහාරයන් බොහෝමයක් සෑදීමට ජෙලටින් ( E – 441 ) යොදාගනී. මෙම ආහාර වලට යොදන බොහෝමයක් වර්ණකාරකයන් පිළිකා කාරක වේ.
කුකුල් මස්
වර්තමානයේ මස් පිණිස ඇති කරන බ්‍රොයිලර් සතුන්ගේ ජීවිත කාලය දින 42 කට පමණ සීමා වෙනවා. මෙම කාලය තුළ ඔවුන් තුළ හොඳ වර්ධනයක් ලබාගැනීමටත්, ඔවුන් ලෙඩ රෝග වලින් ආරක්ෂා කර ගැනීමටත් ඔවුන් හට කෘතිම හෝමෝන, කෘතිම පෝෂක වර්ග හා ප්‍රතිජීවක ආදිය ලබාදෙනු ලබනවා. මේවා බොහෝමයක් ඔවුන්ගේ අස්ථි තුළ හා මස් තුළ තැන්පත් වන්නේ “ආසනික්” නැමැති රසායනික සංඝටකය ලෙසයි. මෙය මිනිස් සිරුරෙන් බැහැර නොවී මිනිස් සිරුර තුළ දීර්ඝකාලීනව එක්රැස් වී පිළිකා වැනි තත්වයන් නිර්මාණය කරනවා. ( පීකුදු වල වැඩිපුර බැරලෝහ කොටස් තැන්පත් වන බව නවතම පර්යේෂණ වලින් පෙන්වා දී ඇත. එම නිසා පීකුදු ආහාරයට ගැනීමේ දී ඔබ සැළකිලිමත් වන්න.) මීට අමතරව මෙම මස් පරිභෝජනය තුළින් ගැහැණු දරුවන් ඉක්මනින් වැඩිවියට පත්වීම, වකුගඩු ආබාධ, නියපොතු සහ දත් අවපැහැයට හැරීම, මස්පිඬු වල වේදනාව ආදී තත්වයන් කාලයත් සමඟ ඇතිකරනු ලබනවා.
කොත්තුරොටී සහ ෆ්‍රයිඩ් රයිස්
මේවාට එකතු කරනු ලබන රස කාරක ආදිය හා අධික උෂ්ණත්වයකට ආහාර ලක්කිරීම නිසා නිපදවෙන පිළිකා කාරක මඟින් ආමාශ පිළිකා, ආන්ත්රික පිළිකා ආදියට මඟ පාදනවා. එමෙන්ම මේවායේ ඇති පිටි හා තෙල් ආදිය හෘද රෝග හා දියවැඩියාවට ද හේතු වනු ලබනවා.
සිසිල් බීම
මේවායේ බොහෝවිට කෘතිම පැණිරස කාරකයන් ලෙස ඇස්පාටේම් ( Aspartame ), සැකරින් ( Saccharine ) ආදිය ද, වර්ණකයන් ලෙස ටාර්ටසීන් ( Tartrazine ), කාර්මෝසීන් ( Carmoisine ) ද, කල්තබාගැනීමේ ද්‍රව්‍යයන් ලෙස සෝඩියම් බොන්සොඒට ( Sodium benzoate ) හා සල්ෆර්ඩයොක්සයිඩ් ( Sulphur dioxide ) ආදිය අන්තර්ගත වේ. මෙහි පවතින සීනි ප්‍රතිශතය ඉහළ අගයක් ගන්න බැවින් දියවැඩියාව හා තරබාරු වීමට මඟ පාදයි. තවද, හෘදරෝග, ගැස්ට්‍රයිටිස්, අග්න්‍යාශයික පිළිකා, දන්ත රෝග, වකුගඩු රෝග හා ඔස්ටියෝපොරෝසිස් ( අස්ථි වල කැල්සියම් දිය වී රුධිරයට පැමිණීම නිසා අස්ථි දිරායාමට ලක් වේ.) ආදියට මෙම සිසිල් බීම පානය බොහෝ සෙයින් අනුබල දෙයි.
චුවින්ගම්
මේවා නිෂ්පාදනයට යොදාගන්නා ඇස්පාර්ටේම් ( Aspartame ) මොළයේ නියුරෝන වලට හානි සිදුකරයි. එමෙන්ම ඇඳුම හා දියවැඩියාවට ඇතිවීමට මඟ පාදයි. මෙහි අඩංගු වන ටයිටේනියම් ඩයොක්සයිඩ් ( Titanium Dioxide ) පිළිකා කාරක රසායනික සංයෝගයක් වේ.
වැනිලා, ස්ට්‍රෝබෙරි, ඇපල් රසකාරක, සුවඳ කාරක හා කල්තබාගැනීමේ ද්‍රව්‍ය
මින් බොහෝමයක් රසකාරක වල මොනොසෝඩියම් ග්ලූටමේට් ( MSG ), බියුලේටඩ් හයිඩ්රොක්සි ටොලුවීන් ( BHT ), බියුටිලේටඩ් හයිඩ්රොක්සි ඇනිසෝල් ( BHA ), සෝඩියම් බෙන්සොඒට්, සෝඩියම් නයිට්රේට්, හයිෆ්රක්ටෝස් කෝන් සිරප් ( High Fructose corn syrup ) ආදිය අඩංගු වේ. මෙහි අතුරු ආබාධ ලෙස මුත්රාශගත පිළිකා, පියයුරු පිළිකා, තරබාරුව, මදසරු භාවය, ඇදුම ආදී රෝගී තත්වයන් හටගනු ලබයි.
තවද, සුවඳ විලවුන් සහ මළකඩ කෑම වළක්වන තීන්ත ආදියට ඇතුළත් කරනු ලබන අපේ ශරීරයට බෙහෙවින් අහිතකර ප්‍රොපලින් ග්ලයිකෝල් ( Propylene Glycole ) ද අඩංගු වේ.
මාගරින්
එළවළු තෙල් හයිඩ්රජනීකරණයේ දී ඇතිවන ට්‍රාන්ස් ෆැට් ඇසිඩ් ( Trans fat acide ) මාගරින් වල අඩංගු වේ. මාගරින් සාදනු ලබන්නේ බාල වර්ගයේ තෙල් වර්ග වලිනි. මෙහි ළමුන්ට පරිභෝජනයට අහිතකර වර්ණක අඩංගු නිසාත් කුඩා ළමුන් ගේ මොළයේ පටක විනාශ කිරීමට මාගරින් තුළ ඇති රසායනිකයන් ඉවහල්වන නිසාත් වයස අවුරුදු 03 ට අඩු ළමයින්ට මාගරින් ලබාදීම තහනම් කර ඇත.
ඇපල්
ඇපල් සැලකෙන්නේ පළිබෝධනාශක කෘමිනාශක ආදියෙන් බොහෝ දූෂණය වූ ලොව දූෂිතම පලතුර ලෙසයි. බොහෝ ඇපල් මත ස්වභාවිකවම තරමක ඉටි ස්වරූපයක් ( Wax ) අඩංගු වුවත් නැවුම් බව පෙන්වීම සහ කල්තබාගැනීමේ අරමුණින් ඒ මත තවත් විවිධ වැක්ස් වර්ග ආලේප කරනු ලබයි. එමෙන්ම මේවා දිලීර ආසාදන වලින් ආරක්ෂා කරගැනීම සඳහා මෙලෙසොප්රෝල් ( Melarsoprol ) සහ තිරාම් ( Thiram ) අඩංගු කර ඇත.
ඇතැම් රටවල ඇපල් කල්තබා ගැනීමේ අරමුණින් උග්‍ර පිළිකා කාරකයන් වන ෆෝමලින් ( Formalin ), ඩයිපිනෙලමයින් ( Diphenylamine ), ඩැමිනොසයිඩ් ( Daminozide ) ආදිය යොදනු ලබයි.
කිරිපිටි
විදේශ රටවලින් ආනයනය කරනු ලබන කිරිපිටි වල මේද සහ ප්‍රෝටීන කොටස් ඉවත්කර ඒ වෙනුවට ආදේශකයන් ලෙස ෆාම්තෙල්, ඌරු තෙල් ආදී ශාක හා සත්ව තෙල් වර්ගයන් ද DCD, මෙලමයින් ආදීඋග්ර විෂ රසායනිකයන් ද අන්තර්ගත කර ඇති බවට රාජ්‍ය මට්ටමින් කරනු ලැබූ සංවාදයන් සහ පසුගිය අවුරුදු වල කරනු ලැබූ පර්යේෂණ මඟින් සාක්ෂි සහිතව ඔප්පු වී තිබෙනවා.
මෙම කිරිපිටි භාවිතය නිසා හෘද රෝග සහ පිළිකා සෑදීමේ සම්භාවිතාව ඉහළ යන අතර කුඩා ළමුන්ට නම් ඇඳුම, දියවැඩියාව, හෘදරෝග, විවිධ ආසාත්මිකතා, පිළිකා තත්ව, යකඩ ඌනතා නීරක්තිය ආදී බොහෝ රෝග රැසක් සෑදීමේ සම්භාවිතාව වැඩිකරනවා.