ගැස්ට්රයිටිස් සුව කරගන්න බෙලි කොළ වලින් ඔබටම සාදාගත හැකි ඉපැරණි හෙළ ඔසුවක්
3,484 Views

ගැස්ට්රයිටිස් නොහොත් අම්ලපිත්ත රෝගයෙන් අද ලෝකයේ බොහෝ දෙනා පීඩා විඳිනවා. බොහෝ දෙනෙකුට මෙම රෝගී තත්වය ඇතිවන්නේ නිසි වේලාවට ආහාර නොගැනීම නිසා. උදරයේ ආම්ලිකතාවය වැඩිවීමෙන් ඇතිවන තුවාල හේතුකොටගෙන මෙම රෝග තත්වය උත්සන්න වෙනවා.
ඊට අමතරව ඌෂ්ණාධික ආහාර නිරන්තරව භාවිතා කිරීම මෙයට දිගුකාලීනව ගන්නා බටහිර ඖෂධ හේතුකොටගෙනත් අම්ලපිත්ත රෝග තත්වය ඇතිවෙන්නට පුළුවන්.
මෙම අම්ලපිත්ත රෝගය පාලනය කළ හැකි ඉතා වටිනා පාරම්පරික ඖෂධ වට්ටෝරුවක් ගැන කියන්න තමයි අපි මේ අද සූදානම් වෙන්නේ.
එය සකසා ගැනීමට අමු බෙලි කොළ වේලා කුඩු කරගත් පිටි 85g ක්, කුඩුකරගත් කොත්තමල්ලි පිටි 85g ක්, වැල්මී පිටි 85g ක්, එන්සාල් 20g ක්, කුරුඳු පොතු 20g ක්, වේලා කුඩුකරගත් කොල්ලන් කොළ පිටි 20g ක් හොඳින් මිශ්ර කරගත යුතුයි.
එසේ මිශ්ර කර පිළියෙල කරගත් ඖෂධය සුළං නොවදින සේ භාජනයක අසුරා තබාගෙන සෑම දිනකම උදෑසන මිලිමීටර් 10ක් ( 10ml ) වන පරිදි මේස හැන්ඳකින් එකක් ගෙන කෝප්පයකට දමා ඊට උණුවතුර එක්කර කෝපි මෙන් සාදාගෙන නොපෙරා හිස්බඩට පානය කරන්න. අම්ලපිත්ත රෝගයෙන් පෙළෙන අය එය පාලනය කර ගැනීමට මෙය දිනපතා භාවිතයට ගැනීම සුදුසුයි.
දිනකට එක් වතාවක් පමණ පානය කළ යුතු මෙම ඖෂධය අක්මාවේ තැන්පත් වන මේදය ඉවත් කිරීමටත්, මල බද්ධය හා ආහාර අරුචිය දුරලීමටත් ඉවහල් වෙයි. මේ සියල්ලට අමතරව අම්ල පිත්ත රෝගයෙන් පෙළෙන අය තෙල් බැඳුම් හා පාන්පිටි වලින් සෑදූ ආහාර ගැනීම සීමා කළ යුතුයි. ඒ වගේම විනාකිරි දැමූ ආහාර තක්කාලි, අන්නාසි, මුරුංගා, දෙල්, බලමාළු, ඉස්සන්, කකුළුවන්, දැල්ලන් වැනි උෂ්ණාධික ආහාර ඉතාම සීමා කළයුතු වෙනවා. මේවා සීමා කිරීම මෙම රෝගය සමනයට මහඟු පිටුවහලක් සපයනවා.
විස්තර :- වෛද්යාචාර්ය එන්. බී වීරප්පෙරුම මහතා
මූලාශ්රය :- මව්බිම (වෙද අතිරේකය)
සැකසුම :- හෙළ අරණ ™️