දරු ඵල අහිමි කාන්තාවන්ට දරු ඵල ලබා දෙන තිත්ත අඟුණ කොළ
3,470 Views

යකඩ, කැල්සියම් , විටමින් C, තන්තු, ඇතුළු විවිධ පෝෂකවලින් සරු වූ අඟුණ, ශක්තිජනක, ඖෂධිය වැල් ශාකයක්. විෂ නාශක, පිළිකා නාශක, උණ නාශක ප්‍රතිඔක්සිකාරක හා උත්තේජක ගුණවලින් යුක්ත යි. ලේ ගැලීම් වළකන හැකියාවෙන් යුක්තයි. මෙරටත් ඉන්දියන් සාගරය අවට ප්‍රදේශවලත්. චීන , පිලිපීන , ඕස්ට්‍රේලියානු හා අප්‍රිකානු රටවලත් ආහාර හා ඖෂධ සඳහා යොදා ගැනෙනවා. ශාකයෙහි පත්‍ර හදවත් හැඩයෙන් යුතු අතර කොළ පැහැති අලංකාර මල් පොකුරු සුවඳින් පිපෙනවා. යුගල වශයෙන් හැදෙන ඵල පුපුරා ඇට විසි වී , වර්ගය බෝවෙනවා. කොළ, මල්, මෙන් ම ඵලයේ පොත්ත ද ආහාර සඳහා යොදාගනු ලබනවා.
තිත්ත අඟුණ යන නමට ගැලපෙන තිත්ත රසයත් සමග රුධිරගත සීනි පාලනය කර, දියවැඩියාව මැඩලන්නට ඊට හැකියි. නටුවත් සමග කොළ කඩා, දෙපැත්තට තබා ලියා සම්බෝලයක් සේද, මැල්ලුමක් සේ ද ,සකසා ආහාරයට ගැනීමෙන් අඟුණවල ඇති සෞඛ්‍ය වාසි බොහොමයක් අත්කර ගත හැකියි . අනෙකුත් කොළ වර්ගවලට සේම මල බද්ධය පළවා හැරීමේ හැකියාව අඟුණ කොළ සතුයි. අපිරිසිදු ජලය පානයෙන් ඇතිවන අමීබා අතීසාරයට ද වැට බඳින්නට ද, හැකියි. ආයුර්වේද වෙදකමේ බැක්ටීරියා වයිරස් ආසාදන වලට ප්‍රතිකාර කිරීමට අඟුණ කොළ යොදා ගන්නවා. සමෙහි හටගන්නා දද කුෂ්ට බිබිලි විස ගෙඩි ආසාදන දුරුකොට නිරෝගි පැහැපත් සමක් ලබාදීමේ ශක්තියක් එහි පවතිනවා. එසේ ම මනා කෙස් කළඹක් වවාගැනීමටත් එය උපකාර වෙනවා. දරු සම්පත් බලාපොරොත්තුවන යුවලකට අඟුණ කොළ අපූරු ආහාරයක්. ඒවායේ ඇති වාජීකරණ බලය නිසා ගැහැනු පිරිමි දෙපක්ෂයේ ම ලිංගික හැකියාවන් වර්ධනය වනවා. දරුවකු පිළිසිඳීමේ සම්භාවිතාව ද වැඩි වනවා.
එපමණකුත් නොව දරුවා ලැබීමෙන් පසු ඉතා ඉක්මනින් මව සුවපත් කිරීමේ හැකියාවක් ද එහි පවතිනවා. එනිසා ඇයට නීරක්තිය වැළඳීමේ ඉඩ ක් ඇතිවන්නේ නැහැ..
එසේ ම දරුවාට ඇති තරම් කිරි ලබා දීමට හැකි වන සේ හොඳින් කිරි එරීමත් සිදුවනවා.
අප්‍රිකාවේ අඟුණ ඖෂධයක් ලෙස බොහෝ සෙයින් යොදාගන්නේ පරපුර වර්ධනය කෙරෙන මේ කාර්යයටයි . අඟුණ ශාකයේ මුල් හා නොමේරූ කඳ කොටස් ඒ සඳහා යොදා ගන්නවා.
අඟුණ මුල් කපා ලබාගන්නා යුෂ නාසයට ඉරීමෙන් දිගට කිවිසුම් යාමද නවතාගත හැකි බව සඳහන්.
ලේ පිළිකා ඇතුළු පිළිකා වර්ග පාලනය කිරීමේ හැකියාව ත් අඟුණ කොළ සතුයි. ඒ හැරුණුවිට උණ, ඇදුම, නීරක්තිය, සුදුකබර , උගුර වණවීම්, දැවිලි ඉදිමුම්, අජීර්ණ, අක්ෂි රෝග ආදි අපහසුතා රාශියක් සුව කිරීමට ඖෂධ ලෙස එය යොදා ගනු ලබනවා.
ලිපිය සැකසුම – Indra Rathnay
(මූලාශ්‍ර හා සේ යා රූ – හා අන්තර්ජාලය ඇසුරිනි)