දියවැඩියාව, පිළිකා, අකලට හිසකෙස් පැසීම් වලකන, ගුණයෙන් අනූන පළතුර ‘නමිනන්’
1,248 Views
ගසෙහි මුල කොටස අලංකාර කරමින් මල්පිපී පලබර වන නමිනන්, විටමින් A C බහුල, පෝෂක ගුණ සපිරි ප්‍රති ඔක්සිකාරක ගුණයෙන් සරු ශාකයක්. පලතුර කහට ඇඹුල් මිශ්‍ර පැණි රසයෙන් යුක්තයි. ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාව මැලේසියාව ඉන්දුනීසියාව ආදී රටවල දක්නට ලැබෙන අතර, namu namu, namo namo, katak puru වැනි විවිධ නම් වලින් හඳුන්වනු ලබනවා. ආහාරයට මෙන්ම ඖෂධ සඳහා ද යොදා ගනු ලබනවා.
නමිනන් චර්ම ආබාධ, දියවැඩියාව .මුත්‍රා ගල් , වකුගඩු ආබාධ, මල බද්ධය ඇතුළු ජීර්ණ පද්ධතියේ ගැටළු සඳහා ප්‍රතිචාර දක්වන්නක්. එසේ ම මනසේ සැහැල්ලුව ඇතිකරමින් මානසික සෞඛ්‍යය ද වර්ධනය කර දෙන්නක්.
කහට රස වැඩි පලතුරුවලට ආවේණික , සුවිශේෂ ශාකමය රසායන ද්‍රව්‍ය ගුණ දායක ත්වය මගින් රුධිරගත සීනි, අධි රුධිර පීඩන මට්ටම් , පිළිකා තත්ත්ව, පාලනය කිරීමේ හැකියාව එය සතුවෙනවා. අකලට හිසකෙස් පැසීම් වළකා හිසකෙස් වර්ධනය කිරීමට ද එයට හැකියි.
නමිනන් ස්නායු පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වයට අදාල රසායනික ක්‍රියාදාමයට උපකාරිවනවා. කහට රස ආහාරයකින් ඇතිවන කුසගිනි පාලන හැකියාව නිසා තරබාරුව අඩු කිරීමටද එය හේතුකාරක වනවා.
ළපටි නම්නන් පත්‍ර පාචනය වැළැක්මේ ගුණයෙන් යුක්තයි. මුත්‍රා ආබාධ සඳහා පත්‍ර තම්බා තේ මෙන් පානය කරන බව ද සඳහන්. නමිනන් සමට ත් බෙහෙවින් හිතකරයි. වියළීම් රැලි වැටීම් නවතා සම වියපත්වීම පමාකර , තරුණ පෙනුම දිගුකාලයක් රඳවා තගැනීමට එය සහායවනවා. සමේ රෝග හා ලාදුරු රෝගය සඳහා ආලේප කිරීමට නමිනන් ඇටවලින් වෙළදපොළට තෙල් ද නිෂ්පාදනය කෙරෙනවා.
ලිපි සැකැසුම -Indra Kumari Rathnayake-
(මූලාශ්‍ර හා සේයා රූ -අන්තර්ජාලය ඇසුරිනි)