දණහිසේ කැක්කුමට පිළියම් රැසක් මෙන්න
1,851 Views
රටේ බහුතරයකට වගේ නිතර නිතර සෑදෙන දනහිස් වේදනාව සඳහා බලපාන හේතු සාදකනම් බෝහෝමයක් තිබෙනවා. නමුත් ඒ සෑම එකක් පිලිබද වම දැනුවත් කීරීමට අපහසු හෙයින්. ඔබට තේරුමි ගැනීමට පහසු වෙන පරදි තෝරා ගත් කරුනු කීපයකුත්. සුලු දනහිස් අමාරුවක් ආ පසු එක පාරටම වෛද්‍යවරුන් ලගට දුවන්නෙ නැතිව ගෙදරදීම කරගත හැකි ප්‍රතිකාර ක්‍රම ටිකක් කියා දෙමි. බටහිර වෛද්‍ය ක්‍රමයට අනුවනම් මෙය සෑදි ගිය විගස දෙනු ලබන්නේ NSAI,D කාන්ඩයේ බෙහෙතකුයි( වේදනා නාශක) සහ suppiment මොනව හරි බෙහෙත් ටිකකුත් තව ඉතින් රෝගියා සනසන්න තව මොනවහරි ඊට ලස්සන ලස්සන පාට පාට බෙහෙත් දෙකතුනකුත් එකතු කරලා බෙහෙත් ටික ලියනවට 1200 විතර කඩලා ආයි pharmacy එකේ බෙහෙත් ටිකට රු 2500-3000 විතර එතනුත් කඩලා ලෝකෙ තියෙන ලොකුම පරීක්ෂණ ඔක්කොමත් කරල රෝගිය අන්තිමටම හින්දල තමා පස්ස බලන්නෙ.
මම මේ කියන්නෙ ලොකු ලොකු අමාරු වලට එහෙම කරන්න ඕන තමා නමුත් සුලු රෝග තත්වයන්ටත් මෙසේ කීරීම කනගාටු කාරක තත්වයකි. හැබැයි මම මේ කියන ප්‍රතිකාරය දනහිස් අමාරු සියලුම වර්ග වලට ප්‍රතිකාරයක් නොවන අතර උදා.. Ligament damage එකකදී ශෛල කර්මයක් කල යුතුයි. නමුත් සෑම දනහිස් අමාරුවකදීම මේ ටික කෙරුවොත් ඔබට යම් කිසිහෝ සහනයක් ලැබෙනු ඇත.
හරි අපි බලමු දැන් දනහිස් සන්දිය සෑදී ඇත්තේ කෙසේද කියා…මෙය අස්ති හතරකින් සෑදි ඇත එනම් femur.tibia .fibula.සහ pattella යන අස්ථි වලිනි රෑපයේ පරිදි උඩින් femur එකත් යටින් tibia fibular යන දෙකත් ඉදිරියෙන් නිදහසේ දනිස් පොල් කට්ට නැමති pattella එකත් සම්බන්ද වේ ..මෙම සන්දියේ මැද meniscus නැමති කාටිලේජයක් පිහිටා ඇත.මෙය සන්දියට කම්පන දරා ගැනීමට සහ උඩ අස්තියත් පහල අස්ථි යත් දෙක ඝට්ටනය වීම වැලකීම සදහ පිහිටා ඇත. මෙම සන්දියේ එහා මෙහා යාම වැලකීම සදහ සන්දිය කන්ඩරා එනම් Ligement හතරකින් බැදී ඇත එනම් ACL,PCL,MCL,LCL, යන මේවාය. මෙම ligement වැඩියෙන්ම damage වන්නේ ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේය.. මෙය 100% damege උනත් යලි ශෛල කර්මයකින් ස්තාපිත කල හැක. උඩින් එන quadriceps. පිටුපසින් Hamstring කියන mucsels group මෙයට සම්බන්ද වේ මෙමගින් කුකුල නැමීමෙ දීග හැරීමේ හැකියාව ලබා දෙයි. තවත මෙම සන්දියේ synovial fluid එක නැමති දියරමයකින් පිරී පවති මෙය දනහිසේ ලිහිසිබාවයට උදවුවේ.
අපි දැන් බලමු මේ දනහිස් අමාරුවට හේතු මොනවද කියලා
Ligament sprain .කන්ඩරා ඇබරීමක්, Meniscus tear මැද කාටිලේජය ඉරීමක් කඩතොලුවීමකදි, Mucsels sprain ඉහත දැක්වු මස්පිඩු ඇඹරීමකදී, අස්ථි බිදීමකදී, Mucsels tightness මස්පිඩු තද වීමකදී, මේ සියල්ල වැරදි ඉරියවු, අදික වියායාම, අදික තරබාරු කම, නිසා විය හැක. කිසිම වියායාම යක් නොමැති කමත් දනිස් අමාරැව ඒමට තවත් එක්තරා කරුනකි.
දනහිස ආශ්රිත සෑදෙන රෝග
Knee osteoarthritis (මැද කාටිලේජය ගෙවීමකින් හෝ කැඩියාමකින් හට ගනී) Knee rheumatic arthritis (මෙය autoimmune desease එකකි එනම් තමන්ගේ ප්‍රතිශක්ති පද්දතියේම බලපෑමකින් මැද කාටිලේජය කා දමයි) Cyst හට ගන්නා ගෙඩි නිසා Pattella tendanitis පැටෙල්ලා ටෙන්ඩන් එකේ හට ගන්නා ප්‍රදාහක තත්ව Hamstring tendaniti. synovitis මධ්‍ය දියරමයයේ හට ගන්නා ප්‍රදාහක තත්ව තව විශාල ප්‍රමානයක් ඇත.
රෝග ලක්ෂණ – අදික වේදනාව, ඉදිමීම (arthritis condition වලදීමෙය නිතර නිතර ඇතිවේ), දිගහැරීමට නැමීමට ඇති අපහසු තාව, ඇවිදීමේ අපහසුතාව, හිදගෙන සිට නැගිටීමේදි අපහසුව.
ඔබගේ දනහිසට යමක් උන වෙලාවේම ඔබ කල යුත්තේ එනම් ඇඹරීමක් තැලීමක්.කෙටීමක්.. එය නොසොල්වා පැය 2 න් 2 ට වත් දවසක්වත් යනතුරු අයිස් තැබීමයි. ඉන්පසු එය නොසොල්වා තබා ගැනීමට බැනඩේජ් එකක් දමන්න දින තුනක් පමන මෙමගින් ඔබට සිදු උන අනතුර වැඩි නොවී පවත්වා ගත හැක. මුකුත් ගාන්න අතගාන්න යන්න එපා ප්‍රතිකාර පටන් ගතයුත්තෙ දින තුනකට පමන පසුවය. (පරන එකකට මෙය අදාල නොවේ)
හරි අපි බලමු කරන්න පුලුවන් ප්‍රතිකාර මොනවද කියලා…
මුලින් ඔබ කල යුත්තේ හොද ලොකු සාලුවක් සොයා ගැනීමයි.ඊට පස්සෙ හොද උනු වතුර එකක් නටවා ගන්න ඉන්පසු 50c අංශක පමන නිමාගෙන අර සාලුව එම උනු වතුරේ හොදින් පොගවා රස්නය තිබියදීම සාලුව කකුල වටේ වට 2-3 පමන ඔතන්න ..ඉන් පසු නිවීගෙන එන විට යලිත් සාලුව කකුලේ තිබියදීම උනු වතුර ටික ටික එකතු කරන්න මෙය විනාඩි 20 පමන කරන්න.. ඉන් පසු මම රෑපයේ දක්වා ඇති ආකාරයට වියායාම ටික එකකින් 15 සැරය බැගින් කරන්න පලමු දවසේ පහ බැගින්ද දෙවනි දවසේ දහය බැගින්ද තුන්වන දිනයේ පහලොව බැගින් පරදි කරන්න… වියායාම අවසන්වූ පසු ආයුර්වේද සංස්තාවේ ගහන වාත විදුරංග තෙල් හෝ නාරායන තෙල් කුප්පියක් අරන් දනිස්සේ ඉදිරිපසත් පිටු පසත් දෙපැත්‍ගතෙත් හරියටම විනාඩි 10 පමන හොදින් මහපට ඇගිල්ලෙන් හොදට රවුමට පිරිමදින්න ඉන්පසු තෙල් යලිත් දනිස්සෙන් උඩ මස්පිඩුවලත් පිටිපස මස්පිඩු වලත් යට බත් කෙන්දෙත් හොදට ගාලා තව විනාඩි 10 පමන උඩ අතට පිරි මදින්න… මෙය ටික දිනක් කරන විට ඔබට යම් කිසි සුවයක් දැනේවි.. හැබැයි කියල තියෙන පිලිවලටම උනන්දුවෙන් කලොත් ජය නියතයි… ඊට අමතරව මේ පහත සදහන් දේවල් ටික බොන්න පුලුවන් නම් ගොඩක් හොදයි.. මොකද ගෙවී ගිය කාටිලේජ නැවත වර්දනයට සහ මස්පිඩු ශක්තිමත් බාවයට හොදයි.
හැමදාම කෝමාරිකා කෑල්ලක් බෙන්ඩර් කරලා දෙහි බිංදු කීපයක් ද සීනි චුට්ටක් දමා බොන්න. බිත්තර සුදු මදයට තලතෙල් තේ හැන්දක් පමනක් දමා සෑම දාම බොන්න. හැමදාම බන්ඩක්කා කන්න තියෙනවනම් ඒකත් හොදයි.
මා ලද දෙයින් ඔබට ප්‍රයොජනයක් ගැනීම සදහ මෙය පල කලෙමු ඔබත් හැකිතාක් මෙය බෙදා දෙන්න තව අයෙකුගේ හිත සුව පිනිස…තෙරුවන්සරනයි.
සේනක නලින්.
උපුටා ගැනීම – සිංහළ වෙදකම.