මර්ජුවානා වලින් ඔබේ ශරීරයට ලැබෙන නොසිතූ ප්රතිලාභ මෙන්න
1,008 Views
සමාජයේ බහුතර මතය අනුව ‘ගංජා’ නොහොත් ‘මර්ජුවානා’ කියන්නේ සිරුරට බෙහෙවින්ම අහිතකර වන සහ ඖෂධයක් යැයි නොපිළිගන්නා තරමේ දෙයකි. නමුත් එය හෙළ වෙදකමේ අතීතයේ සිට භාවිතාකල මාහැඟි ඖෂධයකි. එයින් අප නොසිතන වාසි රැසක් ශරීරයට ලැබෙනවා කීවොත් කවුරුත් විශ්වාස කරන එකක් නැහැ. ඒ ප්රතිලාභ වලින් සමහරක් මෙසේයි,
කාන්සාව
කාන්සාව යනු අපි හැමෝටම තියෙන දෙයක්. ‘වෙන්ඩර්බිල්ට්’ විශ්වවිද්‍යාලයේ පරීක්ෂකයන් සොයාගත් පරිදි, කාංසාව ඇති වීම දීර්ඝකාලීනව නැවතීමට මෙය උපකාරී වන බවයි.මොලයේ කලාපයක් වන ‘ඇම්ග්දලා’ තුල ‘කනිබිනොයිඩ්’ ග්රාහකයන් මෙම ගංජා වල හැසිරීමට හසු වේ. එමගින් කාන්සාව ඇති වීම වලකාලයි.
පිළිකා ඇතිවීම පාලනය කරයි
පිළිකා ඇතිවීම පාලනය කිරීමේ හැකියාවක් මෙම පැලෑටියට ඇත. පියයුරු පිළිකා ශරීරයෙන් පහලට ව්‍යාප්ත වීම මෙයට නැවැත්විය හැකි බව සොයාගෙන ඇත.
ස්නායු දුර්වල වීමට/ මාංශ පේශී පණනැති වීමට
ශරීරයේ මාංශ පේශි අප්‍රාණික වීම, ස්නායු අක්‍රීය වීම වැනි රෝග ලක්ෂන නිසා, මෙම පැළෑටිය ඒ සඳහා ඖෂධ ලෙසට යොදාගෙන ඇත.කැනඩාවේ මෙම ශාකය මත පදනම් වූ බෙහෙත් වර්ගයක් ද ඇත. ඒවා යොදාගන්නේ මෙම ඉහත කී රෝග ලක්ෂන වලටය.
ඇල්කොහොල් වලට ඇබ්බැහි වීම පාලනය කරයි
ඇල්කොහොල් වලට ඇබ්බැහි වූ පුද්ගලයින් එයින් මුදාගැනීම ඉතා අපහසු කාර්යයකි. නමුත් ඔවුන් මෙයට හුරු වුවහොත්, ඇල්කොහොල් භාවිතය ක්‍රමයෙන් අඩු වන බව සොයාගෙන ඇත. මෙමගින් ශරීරයට හානියක්ද සිදු නොවන නිසා, එය ඒ තරම් ගැටලුවක්ද නොවේ.
පෙනහළු ධාරිතාව වැඩි වීම
ඇමරිකානු වෛද්‍ය සංගමයේ, ජර්නල් පුවත්පතේ පලවූ, ලිපියක සමීක්ෂණයකට අනුව, මර්ජුවානා භාවිතා කරන්නන්ගේ පෙණහලු ධාරිතාවය, සාමාන්‍ය පුද්ගලයන්ගේ පෙනහළු ධාරිතාවට වඩා වැඩි බව සොයාගෙන ඇත.
එලෙස ප්රයෝජනයන් රැසක් තියෙන පැළෑටියක් තමයි මර්ජුවානා නොහොත්, ගංජා කියලා හදුන්වන්නේ. ඖෂධයක් වූවත් මෙයද පමණට වඩා ඇබ්බැහි වී පානය කිරීමනම් එතරම් යෝග්‍ය නොවන බව ඔවුන් පවසයි.