ගැස්ට්‍රයිටීස් නිට්ටාවටම හොද කරන අළු පුහුල් යුෂ පානයක් හදාගන්න හැටි
4,431 Views
සිරුරට වඩාත් පලදායී වැල් ශාකය ලෙස ආයුර්වේදය හඳුන්වා දෙන අළු පුහුල් cucurbitaceae කුලයට අයත්වන්නක්. ආධාරක මගින් වේගයෙන් ඉහල නැගෙන ශාකය හර්දයාකාර කොටස් පහක පත්රවලින්ද කහ පැහැති මලින් හා විසල් ඵලවලින් ද යුක්තයි. ඵලයේ පොත්ත මත ඇලෙන සුළු කුඩු විශේෂයක් පවතිනවා. කයත් මනසත් නිරෝගිකිරීමේ සුවිශේෂ හැකියාවක් පවතින එය ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාව ජපානය චීනය මලයාසියාව මෙන් ම, යුරෝපා අමෙරිකානු ඕස්ට්‍රේලියානු රටවලද දක්නට ලැබෙන්නක්.කුෂ්මාණ්ඩ , පීත පුෂ්ප, මහාඵල, winter melon, ash pumpkin යනාදී නම්වලින් නම්වලින් හඳුන්වනු ලබනවා. විටමින් A C B 1 ,3, 5 ,6 12 ප්‍රභේද , යකඩ කැල්සියම් පොටෑසියම් සෝඩියම් තන්තු ප්‍රෝටීන් පොස්පරස්, සින්ක් ආදි පෝෂක ගණනාවකින් හා ප්‍රතිඔක්සිකාරක ගුණවලින් අළු පුහුල් පොහොසත්. සංතෘප්ත මේද හා අස්ංතෘප්ත මේද සහිතයි. ශීත මධුර ගුණයෙන් යුක්තයි.එළවළුවක් සේ පුහුල් වෑංජනය , කටු පුහුල් වෑංජනය පිසගන්නා අතර පුහුල් දෝසි රසකැවිල්ලක්සේ සකසා ගනු ලබනවා.
අළුපුහුල් දේශීය වෙදකමේ දී හදවත් රෝග හා සර්ප විෂ දුරුකිරීමටත් , ප්‍රතිශක්තිය වර්ධනය කිරීමටත්, යොදාගන්නා බව සඳහන්.සිහිවිකල්වීම, මීමැස් මොර, පෙණහළුවල වණ, ආදි රෝගවලට ඖෂධ සැකසීමට එය යොදාගන්නවා. පුහුල් පංචාංගය ම ඖෂධ සඳහා යොදා ගන්නා අතර එය කුෂ්මාණ්ඩ රසායනය , කුෂ්මාණ්ඩ ගුඩ කල්‍යාණය කුෂ්මාණ්ඩ ලේහය ආදි ඖෂධ නිෂ්පාදනයට යොදා ගනු ලබනවා.කුෂ්මාණ්ඩ රසායනය සැකසීමට පැසුණු පුහුල් වසරක පමණ කාලයක් එල්ලා තබාගන්නා බව වෛද්‍ය ලේඛනවල සඳහන්වනවා.කඩා පරණවූ පුහුල්වල, සිරුර නිවා තර කරන ගුණ ත් රත්පිත් වාත දෝෂ දුරුකර කුසගිනි වඩන ගුණත්, බඩවැල් පිරිසිදුකරන ගුණත් ඇති බව සඳහන් .
පැසුණු පුහුල් ආහාරයට ගැන්මෙන් හා එහි යුෂ පානයෙන් ද බොහෝ රෝග සමනය කරගත හැකි යි.එය බෝ වන – නොවන රෝග පාලනය කරන්නක්, මෙන් ම විෂ නාශකයක් මානසික ආතතිය දුරු කරන්නක් සිරුර ශක්තිමත් කරන්නක් ,සේද ක්‍රියාත්මකවනවා. එය හදවතට හිතකරයි. සිරුරේ මේද දහනය කර දෙමින් අධික රුධිර පීඩනය පාලනය කරනවා. ලේ කැටි සිරවීම්, ආඝාත තත්ත්වයන් වළක්වාලනවා. අධික උණුසුම් කාලවල සිරුරට ඇතිවන අධික පිපාසය, අප්‍රාණික බව මුත්‍රා දැවිල්ල, මුත්‍රා පිටකිරීමේ අපහසුතාව දුරුකර මුත්‍රා පෙරීම පහසුකර දෙනවා. මුත්‍රා අඩස්සිවූ විට පුහුල් ඇට අඹරා යටි බඩේ ආලේප කිරීමෙන් සහනය ලබාගත හැකි බව වෛද්‍ය ලේඛනවල සඳහන්.එය මුත්‍රා ගල්වලට ඖෂධයක් ලෙස ද යොදාගනුලබනවා
පුහුල්වලට දියවැඩියාව සුවකරන්නට හැකි බව ඉන්දියානු පර්යේෂණයකින් හෙළිවී තිබෙනවා .එය ක්ෂය රොගය ඇදුම ආදි රෝගවලින් දුර්වල වන පෙණහළු ශක්තිමත් කර දෙන බව සඳහන් වෙනවා.කෙට්ටු සිරුරු ද මහත්කර සවිමත් කර දෙනවා.
සිසිල ගුණැති පුහුල් අම්ල පිත්ත රෝගයෙන් ඇතිවන පපුවේ උදරයේ වේදනා හා ආමාශගත තුවාල සුවපත් කිරීමට ද සහායවන්නක්. ආමාශයේ අජීර්ණ රෝග පාලනය කරමින් මහාන්ත්‍ර පිළිකා ද වළක්වනවා. එසේ ම මුඛ පිළිකා හා පෞරුෂග්රන්ථි පිළිකාවලට එරෙහිව ද ක්‍රියාකරන බව සඳහන්. ආමාශයේ තුවාල ඇතිවූවිට පුහුල් දඬු කෂාය ගිතෙල් හා මීපැණි සමග ලබාදීම සුදුසු බව දැක්වෙනවා.පුහුල් යුෂවලට මීපැණි දමා දින කීපයක් පානය කිරීමෙන් ද ආමාශගත තුවාල සුවකරගත හැකි බව සඳහන්. ඊට දෙහි යුෂ එක්කර බීමෙන් අර්ශස් හා මලබද්ධයද පාලනයවනවා. සම මතුපිට පිළිස්සුම්වල දී අළු පුහුල් යුෂ තැවරීමෙන් සහන සැළ සෙනවා. අළුපුහුල් කොළ ලුණු දියෙන් අඹරා ගෑමෙන් සම මත පිළිස්සුම් බිබිලි ඇතිවීමද වළකිනවා. පුහුල් කොළ ඇල්දියෙන් අඹරාගෑමත් සුදුසුයි.
පුහුල් සිරුරේ හෝමෝන ක්‍රියාකාරිත්වය ද වර්ධනය කරන්නක්. වාජීකරණ ගුණැති එය නිතර ආහාරයට ගැන්මෙන් ශුක්‍ර දුබලතා දුරුවී ශුක්‍ර වර්ධනය වනවාක් මෙන්ම දරු සම්පත් අහිමි කාන්තාවන්ට දරු සම්පත්ද හිමි කරගත හැකි බව සඳහන්වනවාඑය ශ්වේත ප්‍රදර රෝගය පාලනයකර දෙන්නක්.. රුධිරය පිරිසිදු කිරීමට ද උපකාරිවන්නක්. රතු රුධිරානු අඩුවිටත් පාණ්ඩුව ඇතිවිටත් එය ආහාරයට ගැන්ම ගුණ දෙන බව සඳහන්.බරවා රෝගයට ත් ඉදිමුම්වලටත් ඔසුවක් ලෙස භාවිතාවනවා.ඉදිමුම්වලදී අමු කොළ හෝ ගෙඩි අමුකහ සමග අඹරා ආලේපකිරීම ගුණදායක බව දැක්වෙනවා.
කැරටින් සහිත පුහුල් ඇස්වලටද හිතකර ආහාරයක් . එය පෙනුම වර්ධනයට දායකවන අතර ඇසේ සුද ඇතිවීම් පමා කරලන බව සඳහන්.කෘමි නාශක සහිත ආහාරවලින් හා වෙනත් ආහාරවලින් සිරුරේ ඇතිවන විස දුරලීමේ හැකියාව පුහුල් සතුයි. එය ඇතැම් මස් මාළුවලින් ඇති වන දැවිලි අපහසුතා අසාත්මිකතා පාලනය කර දෙන්නක් , රසදියේ විස දුරුකරන්නක්, මෝෆීන් වැනි ඖෂධවලින් ඇතිවන විස දුරුකරන්නක් , දුම් පානයෙන් ඇතිවන නිකොටින් විස දුරුකරන්නක් මත්ද්‍රව්‍ය ගැන්මෙන් ඇතිවන ව්ස දුරුකරන්නක් ලෙස දැක්වෙනවා. විස දුරුකිරීම සඳහා පුහුල් කොළ දඬු කලං දොළහේ කෂාය සුදුසු බව සඳහන්.
රූප ලාවණ්‍ය වර්ධකයක මෙහෙයත් පුහුල් ඉටුකර දෙනවා. පුහුල් මද අඹරා ගෑමෙන් සමේ වියළි බව දුරුවී සමේ රැළි අවම වී වඩා යව්වන පෙනුමක් හිමිවනවා.
එසේ ම පුහුල් පොතු හා ඇට සිහින්ව ලියා පොල්තෙල් සමග සිඳුවාගෙන හිස ගැල්වීමෙන් හිස්සොරි දුරුවී නිරෝගීව ඝනව හිසකෙස් වැඩෙනවා.
පුහුල් ඇට පනු රෝගවලට එරෙහිව ද ක්‍රියා කරන අතර එමගින් පටිපනුවන් මැඩලීමට හැකියි. ඒ සඳහා පුහුල් ඇට වියළා කුඩුකර වෑංජනවලට එක්කරගත හැකියි. ඇට කුඩුකර සීනි හා එළඟිතෙල් මිශ්‍රකර ලබා දීමද සුදුසුයි. පුහුල් ඇටවලට පොල්කිරි යොදා කැඳ ද සකසා දෙනු ලබනවා. නිතර සැදෙන හිසරදයටත් , ඉරුවා රදයටත් , මුත්‍රා සමග ලේ පිටවීමේ දීත් නාසයෙන් ලේ යාමේදීත් පුහුල් යුෂ පානය ගුණ දෙන බව සඳහන් වෙනවා.
අළු පුහුල් මොළය වර්ධනයටද දායක වන්නක්. එය මොළයට මනා රුධිර සැපයුමක් ලබාදෙන අතර එමගින් මතක ශක්තියද වර්ධනය වනවා. මනස හා සම්බන්ධ විෂාදය ඇල්ෂයමර් වැනි රෝග ප්‍රතිකාර සඳහා එය යොදාගන්නා බව සඳහන්. උන්මාද රෝගීන්ගේ හිසට දැමීමට පුහුල් ඇට තෙල් යොදා ගන්නවා එම තෙල් හිසරදය ක්ලාන්තය වැනි තත්ත්වයන් බැහැරකිරීමට ද උපකාරී වන්නක්.. පුහුල් මානසික ආතතිය දුරු කිරීමට සහායවනවා සේ ම සුවදායක නින්දක් ද ලබා දෙනවා. කොතෙක් ගුණ දායක වුවත් පුහුල් සෙම් රෝගීන්ට නම් එතරම් හිතකර නැහැ. අළුපුහුල්වලින් අත් බෙභෙත් කිහිපයක් පහතින්..
අම්ල පිත්ත රෝගයට හා ආමාශගත තුවාල හා වේදනාවලට
උදෑසන පුහුල් යුෂ වීදුරුවක් පානය කර පැය දෙකක් ගතවන තුරු වෙනත් ආහාරපානවලින් වැළකී සිටීම සහ තම්බාගත් ග්‍රෑම් 100ක පුහුල් කැබලි මී පැණි සමග ආහාරයට ගැනීම.
මල්බද්ධයට සහ අර්ශස් රෝගයට
පුහුල් යුෂ දෙහි සහ මීපැණි සමග පානය කිරීම
දියවැඩියාවට
උදෑසන පුහුල් හා බෙලිකොළ යුෂ මිශ්‍ර අඬු කෝප්ප කාලක් පමණ පානය කිරීම. (රෝගයට වෙනත් ඖෂධ නො ගන්නාවිට)
මුඛ, ආමාශ, හා මලමාර්ග තුවාලවලට
පුහුල් මද යුෂ පානය කිරීම, දලු කොළ වෑංජනය ආහාරයට ගැන්ම
විසක් පෙවුණු විට
කොළ දඬු කෂාය ලබා දීම
පපුව දැවිල්ලට සහ සිරුර පුෂ්ටිමත්වීමට
ඉදුණු පුහුල් යුෂ මීපැණි සමග පානය කිරීම