ඉණ දෙපස එල්ලෙන ස්වභාවය නැති කරන අපුරු පානයක් හා ව්‍යායාම් කිහිපයක් මෙන්න
9,381 Views
ඔබගේ ඉන දෙපස එල්ලා වැටෙන මස්පිඩු හේතුවෙන් ඔබ අදින ඇදුම තදවී එල්ල වැටෙන මස්පිඩු කැපී පෙනෙන ස්වභාවයක් ගන්නවා. මේ සදහා ඔබ විවිධ ක්‍රම භාවිතා කලත් එහි අඩුවීමක් ඔබට දැකගැනීමට නොහැකි උනා නම් ඒ සදහා කදිම විසදුමක් අද අප ඔබට ගෙන එනවා. මෙම ස්වභාවික පානය මගින් ඔබගේ ඉන දෙපස ඇති මස්පිඩු පමණක් නොවේ එල්ලා වැටෙන උදරයද සම්පුර්නයෙන්ම ඉවත්ව යනවා. මෙම මිශ්‍රණය නිවසේ ඇති ද්‍රව්‍ය පමණක් යොදාගනිමින් සාදාගැනීමට හැකි අතර ප්‍රතිඵල ද 100% සාර්ථකයි. එසේ නම් අපි දැන් බලමු එය නිවැරදිව සාදා ගන්නා ආකාරය සහ භාවිතා කරන ආකාරය පිලිබදව.
අවශ්‍ය ද්‍රව්‍ය – උණුසුම් ජලය මිලිලීටර් 300ක්, මී පැණි තේ හැදී 1ක්, දෙහි යුෂ තේ හැදී 1ක්, තලාගත් ඉගුරු තේ හැදී භාගයක්, කුරුදු කුඩු තේ හැදී 1ක්, ග්‍රීන් ටි බෑග් 1ක්.
සාදා ගන්නා ආකාරය
පළමුව උණුසුම් ජලය වීදුරුවක් තුලට දමාගෙන එයට ග්‍රීන් ටි බෑග් එක දමා ගන්න. ඉන්පසු ඉගුරු සහ කුරුදු කුඩු දමා හොදින් කවලම් කර ගන්න. එම මිශ්‍රණය මිනිත්තු 20ක් පමණ හොදින් නිවෙන්නට හැර ග්‍රීන් ටි බෑග් එක ඉවත් කර දෙහි යුෂ සහ මීපැණි දමා ගන්න. උණුසුම් ජලයට මීපැණි සහ දෙහි යුෂ එක් කරන්නට එපා.
භාවිතා කරන ආකාරය
සාදා ගත් මිශ්‍රණයෙන් භාගයක් උදැසන හිස්බඩ පානය කර ඉතිරි භාගය උදැසන ආහාර වේලෙන් පසුව පානය කරන්න. මෙම පානය දින 7ක් පමණ පානය කල විට පහැදිලි වෙනසක් ඔබේ සිරුරේ දැක ගැනීමට පුළුවන් වේවි.
එසේනම් ඔබත් අදම මෙය පානය කර ඉන දෙපස එල්ල වැටෙන උදරය සම්පුර්නයෙන්ම නැති කරගන්න. මෙය පානය කර ඔබට ලැබුණු ප්‍රතිපලය කමෙන්ට් එකක් ලෙස දක්වන්නත් අමතක කරන්න එපා. මේ පානය බොන ගමන්ම පහල විස්තර කර තිබෙන ව්‍යායාම් හා උපදෙස්ද අනුගමනය කරන්න.
ඉණ දෙපස එල්ලා වැටීම ඔබටත් ප්‍රශ්නයක් නේද? ටයර් පැනීම ලෙස අප හඳුන්වන මේ තත්වය කාන්තාවන් බොහෝ දෙනෙක් පිඩා විඳින තත්වයක්. කොතරම් මහන්සි වුවත් ඔබට මේ තත්වය නැති කරගැනීම අපහසුයි නේද? මෙම තත්වයට ඉංග්‍රීසියෙන් කියන්නේ love handles කියලා. එත් මේ තත්වයේ කිසිම ආදරණිය බවක් නම් නැති බව ඔබත් කියාවි. Kyla Gagnon නමැති ව්‍යායාම උපදේශිකාව Huffington Post පුවත්පතට ප්‍රකාශ කර තිබෙන්නේ මේ තත්වය නැති කර ගැනීම සම්බන්ධයෙන් ව්‍යායාම කිරීම මත පමණක් විශ්වාසය තබන්න එපා කියලයි.
ඉණ දෙපස එල්ලා වැටීම එහෙමත් නැත්නම් ටයර් පැනීම ලෙස සලකන්නේ ශරීරයේ අමතර මේදය තැන්පත් වීමක්. මෙහිදී මෙම මේද තට්ටු ඉවත් කිරීමට ව්‍යායාම් කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ තමයි. ඒක විද්‍යානුකූලව පිළිගෙන තිබෙනවා. එසේ නම් කළ යුත්තේ කුමක්ද? ඉණ දෙපස එල්ලා වැටීම නැති කර ගැනීම සඳහා කළ යුත්තේ මේද තට්ටු යටින් තිබෙන පේශි ශක්තිමත් කර ගැනීමයි.
පහත දැක් වෙන්නේ ඉණ දෙපස එල්ලා වැටීම නැති කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු උපදෙස් කිහිපයක්.
සෞඛ්‍යයට හිතකර මේද වැඩිපුර ආහාරයට ගන්න
සෞඛ්යාරක්ෂිත මේද ලබාගැනීම සඳහා ධාන්‍ය වර්ග සහ අලිගැටපේර ඔබේ දෛනික ආහාරවේලට එකතු කරගන්න. වෛද්‍යවරුන් නිර්දේශ කරන ආකාරයට සෞඛ්‍යයට හිතකර මේද මගින් ඔබ ආහාරයට ගත යුතු දෛනික කැලරි ප්‍රමාණයෙන් 25% -30% ප්‍රමාණයක් ලැබෙනවා. ඒවගේම සකස් කරන ලද ආහාර පරිභෝජනයෙන් වැළකිම ද අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි.
සීනි සහ අනවශ්‍ය කබෝහයිඩ්රේට් භාවිතයෙන් වැළකෙන්න
ඔබේ දෛනික ආහාරයට වැඩිපුර එළවළු සහ පළතුරු එකතු කර ගන්න. ඒවගේම වැඩිපුර ධාන්‍ය ආහාරයට ගැනීම වගේම සැහැල්ලු ප්‍රෝටීන් සහිත ආහාරත් ආහාරයට ගන්න
දිනකට කැලරි 100ක් දහනය කර ගැනීම සඳහා විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙන්න
දිනකට කැලරි 100ක් දහනය කර ගැනීම මගින් මේද දහනය වීම පමණක් නොව විශේෂයෙන්ම ඔබගේ සමස්ත සෞඛ්‍යයම ඉතාම යහපත් වේවි. ඉතා පහසු සහ සරල ක්‍රියාකාරකම් මගින් කැලරි 100ක් දිනකට දහනය කර ගැනීම මගින් ඔබේ ඉඟ ප්‍රදේශය වෙන කවරදාටත් වැඩ ලස්සන කර ගැනීමට ඔබට හැකි වේවි. මෙහිදී ඔබට ඉතාම ලේසියෙන් සිදු කළ හැකි සරල ක්‍රියාකාරකම් තෝරා ගැනීම මගින් ඔබටත් පහසුවක් ගෙන දේවි.
කැලරි 100ක් දහනය කර ගත හැකි සරල ක්‍රියාකාරකම් කිහිපයක්.
ඔබේ වාහනය සෝදන්න, සැතපුමක් පමණ ඇවිදින්න, මිනිත්තු 15ක් පමණ පිහිනන්න, ඔබේ පිටුපස පෙදෙස විනාඩි 20ක් පමණ සොලවන්න, ඔබේ බල්ලා සමග විනාඩි 20ක් පමණ ඇවිදින්න, දිනකට විනාඩි 18ක් පමණ පඩිපෙලක නගින්න.
ඔබට ඔබේ කෑමවේලට සිදුකර ගත හැකි තවත් වෙනස්කම් කිහිපයක්.
ඔබ මයෝනිස් සෝස් වැනි දෑ වැඩිපුර පාවිච්චි කරනවා නම් මයෝනිස් වෙනුවට අබ සහිත නිෂ්පාදන අත්හදා බලන්න. ඔබ නිතර පැස්ටා හදනවා නම් පැස්ටා සැදීමේදී ක්‍රීම් සෝස් වෙනුවට රතු පැහැති සෝස් යොදාගන්න. ඔබ නිතර සැන්විච් කනවා නම් ඔබේ සැන්විච් එකෙන් එක පාන් පෙත්තක් අඩුකර බලන්න. එළවළු ආදිය පිසීම වෙනුවට සලාද ආකාරයෙන් ආහාරයට ගන්න. Drink one less 12-ounce beer – බියර් පානය කරන කෙනෙක් නම් අවුන්ස 12කට අඩුවෙන් බොන්න.
Bicycle Crunch ව්‍යායාමය
බිම දිගෑරෙන්න. ඔබේ අත් ඔබේ කන් දෙපසින් දිගහැරගන්න..ඔබේ කකුල් අංශක 90ක කෝණයකට ඔසවන්න.ඔබේ වම් දණහිස නවා ඔබේ පපුව ඉදිරියට ගෙන එන්න. දැන් ඔබේ දකුණු වැලමිට වම් දණහිසේ ගාවන්න. පසුව අත් සහ කකුල් මාරු කරමින් නැවත මෙම ක්‍රියාකාරකම කරන්න.මෙම ක්‍රියාකාරකම මාරුවෙන් මාරුවට දිගටම කරගෙන යාමේදී ඔබ බයිසිකලයක් පදින ඉරියව්ව නිරුපණය වනු ඇත.
Plank ව්‍යායාමය
මෙම ව්‍යායාමය ඔබට උපරිම ප්‍රතිඵල ගෙන දෙනු ඇති.ඔබේ වැළමිට සහ යටිබාහු පොළව මත තබන්න. ඔබේ ශරීරය පුෂ්–අප්ස් කරන ඉරියව්වට ගෙන එන්න. ඔබේ උඩ බාහු තිබිය යුත්තේ අංශක 90ක කෝණයකටයි. ඔබේ පිටුපස පෙදෙස සහ කකුල් හරි කෙලින් ඔසවාගත් ඉරියව්වෙන් තිබිය යුතුයි.මෙම ඉරියව්වේ විනාඩියක් හෝ විනාඩි 3ක් සිටිය යුතුයි. ඔබ ආධුනිකයෙකු නම් මුලින්ම තත්පර 30ක් මෙම ඉරියව්වේ සිටිමින් පටන් ගන්න. පසුව ක්‍රමයෙන් ඉරියව්වේ සිටින කාලය වැඩි කරන්න.
Side Plank Dips ව්‍යායාම
ඇඟ පැත්තට හරවාගත් ඉරියව්වෙන් පටන්ගන්න. (එක පැත්තක ඇඟට බර දෙමින් වැලමිට අංශක 90කට නවාගෙන, එමෙන්ම ඔබේ ඉන පොළොවේ නොගවමින් ඔසවාගන්න ) දැන් ඔබේ ඉන පොළොවේ ගාවන්න. නැවතත් පොළොවෙන් උඩට ගන්න. මේ ආකාරයට එක පැත්තකට වට 10-12 බැගින් සිරුරේ දෙපත්තටම මෙම ක්‍රියාකාරකම කරන්න. ඔබේ පිටුපස පෙදෙස කෙලින් තබාගනිමින් සහ තට්ටම් තද කරගනිමින් මෙම ක්‍රියාකාරකම කරන්න උත්සාහ ගන්න.
Stability Ball Plank ව්‍යායාම
Stability ball එකක් සොයා ගන්න. ඒ මත ඔබේ වැලමිට හා මැණික් කටුව අතර ප්‍රදේශය තබා වැලමිට සහ යටිබාහුව සමබර කිරීමට උත්සහ කරන්න. දැන් ඔබේ කකුල් පිටුපසට දිගු කරන්න. ඒ මගින් ඔබට බෝලයට විරුද්ධව ඔබ සිටිය යුතු කෝණය කුමක්දැයි අදහසක් ලබාදේවි.මෙම ඉරියව්වෙන් විනාඩි දෙකක් පමණ ඉන්න. මෙහිදී මෙම ඉරියව්වේ සිටීමට ඔබේ උදර පේශි පහසුතාවයක් දක්වන තුරු පමණක් ඉරියව්වේ රැඳී සිටීම වඩාත් හොඳය.
Source