නිතර නිතර වැළඳෙන රෝග කිහිපයක් සඳහා මී පැණි භාවිතා කරමින් ලබාගත හැකි විසඳුම් කිහිපයක් පිළිබඳව මෙම ලිපියෙන් ඔබට දැනගැනීමට හැකිවේ.
උගුරේ ඇතිවන තුවාල සඳහා:
දෙහි යුෂ තේ හැඳි 1ක් සමඟ මී පැණි තේ හැඳි 2ක් උණුසුම් ජලය වීදුරුවක් සමඟ මිශ්‍රකර පානය කිරිමෙන් උගුරේ ඇතිවෙන තුවාල සමනය කරගන්න පුළුවන්.
කැස්ස සඳහා:
දෙහි යුෂ තේ හැඳි 4ක් සහ මී පැණි තේ හැඳි 8ක් එකතු කර මිශ්‍රණය සකසා එයින් තේ හැඳි එක බැගින් පැයකට වරක් පානය කිරිමෙන් ඉක්මණින් කැස්ස නැති කරගැනීමට හැකිවේවී.
සිරුරේ බර අඩු කරගැනීම සඳහා:
කුරුඳු කුඩු තේ හැඳි බාගයකට මී පැණි තේ හැඳි 1ක් සාමාන්‍ය වතුර වීදුරුවක් සමඟ මිශ්‍ර කර දිනපතා උදෑසන පානය කිරිමෙන් සිරුරේ බඩ අඩු කරගැනීමට හැකිවේ.
නළල ආශ්‍රිතව ඇතිවන වේදනාව සඳහා:
ඇපල් යුෂ තේ හැඳි දෙකකට මී පැණි තේ හැඳි එකක් උණු වතුර වීදුරුවකට මිශ්‍ර කර පානය කරන්න.
සෙම්ප්‍රතිශ්‍යාව සඳහා:
දෙහි යුෂ තේ හැඳි එකක් සමඟ මී පැණි තේ හැඳි දෙකක් ඉඟුරු සහිත තේ සමඟ මිශ්‍ර කර පානය කරන්න.