අහු ගෙඩියෙන් ගත හැකි ප්‍රයෝජන ගැන කෙනෙක් පැණයක් අසා තිබුනා. මේ ඒ පැණයට දීපු පිලිතුර. බොහෝ අයට වැදගත් වේය කියලා හිතුනා.. මේ පලතුර ධමණි වල ලේ කැටියක් සිරවීම නවත්වන්නට හැකි නයිට්‍රික් ඔක්සයිඩ් නිපදවීම සදහා ධමණියේ ඇතුල් බිත්තියේ පලමු සෛල ස්ථරය වන එන්ඩොතීලියමය උත්තේජනය කල හැකි ඔසුවක්. ඇමෙරිකාව මෙම පලතුරෙන් ඩොලර් කෝටි ගණන් සොයනවා. අපි කොඩිවිණ කපන්න ගන්නවා. නෝනි ෆෘට් කියලත් මේ පලතුරට කියනවා.
1998 වර්ෂයේ වෛද්‍ය විද්‍යාව සදහා වන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනෙකුට ලැබුනා. එය ඉතාමත් අනර්ඝ සොයා ගැනීමක්. ඒ තමයි මම ඉහත කී ධමණි වල ඇතුල් බිත්තියේ ඇති පලමු සෛල ස්ථරය මගින් රුධිර පීඩණය වැඩි වූ විටක ධමණිය පුම්බා පීඩණය අඩු කර රුධිරයට ගමන් කිරීමට ඉඩ සැලසීමේ ආරක්ෂිත ක්‍රියාවලියක් ලෙස නයිට්‍රික් ඔක්සයිඩ් නිපදවීම. මෙම රසායනිකය තත්පර තුනක් පමණ වේලා සක්‍රීයව පැවතී නැතිවී යනවා.
මේ සොයා ගැනීමත් සමගම තමයි ලෝකයට වයග්‍රා කියන කෘතීම වාජීකරණ ඔසුව හදුන්වා දුන්නේ. ඒ මගින් කරන්නේද අප ඉහත කී කාර්යයමයි. මේ නිසා ධමණි ඉදිරියට රුධිරය පහසුවෙන් ගමන් කරනවා. මේ නිසා ලිංගික බෙලහීණතාය ඇති අය මෙම කෘතීම ඔසු භාවිතා කලත් එය ආරක්ෂා සහිත නැහැ. ඒවා නිසා මේ වන විටත් බොහො දෙනෙක් මිය ගොස්ද තියෙනවා.
අහු වලින් ඇමෙරිකාවේ හදනවා අප සිරුරේ මෙම ක්‍රියාවලිය උත්තේජනය කල හැකි ඖෂධයක්. එයට යොදාගන්නේ අහු ගෙඩි වල සාරය. ඒක ස්වභාවිකයි. වයග්‍රා වලින් සිදු කෙරෙන කාර්යයත් සිදු වන අතර වයග්‍රා වලින් ඇතිවන අතුරු ආබාධ ඇතිවෙන්නේ නැහැ. අනෙක් කාරණය අප සිරුරේ යම් තැනක ලේ කැටියක් ඇති වුවහොත් එයින් සිරුරට ඇතිවන ආබාධ නැති කරන්නටද මෙම ඖෂධයට හැකියාව තියෙනවා. මම දන්නා හැටියට ආසියාවේ දැනට මේ ඔසුව තියෙන්නේ සිංගප්පූරුවේ සහ මැලේසියාවේ පමණයි.
නයිට්‍රික් ඔක්සයිඩ් රෝහල් වලද හෘද රෝගීන් සහ අධිරුධිර පීඩණ තත්ව උග්රවූ රෝගීන් සදහා හොදා ගන්නවා. ඒත් ඒවා කෘත්රීමයි. අහු වලින් එය ස්වභාවිකව සිදු කරනවා.
බොහෝ විට ආසියාකරයෙන් අහු ගෙනිහින් තමයි නැවතත් අපිටම සල්ලි වලට මේවා එවන්නේ. අපේ වගේ රට වලට හොදට දියුණු වෙන්න පුලුවන් මේ මාර්ගයෙන්. අහු කියන්නේ ඉතාමත් හොද ආර්ථික වටිනා කමක් ඇති බෝගයක්. තවම ලංකාවේ නම් කොඩිවිණ කපන්නට ගන්නා ගෙඩියක් විතරයි.
මම දන්නා තරමින් අහු වල යම් විෂ හරණයකින් පසු තමයි මේ ඖෂධ සකස් කරන්නේ. ඒ ගැනත් සැලකිලිමත් වන්න.