ඈත අතීතයේ එළු රංචුවක සිටි මහලු එළුවන් පිරිසක් ඇදහිය නොහැකි ප්රබෝධයකින් නාඹරයන්, මෙන් හැසිරෙනු දැක විමසිලිමත්වූ නැණවත් පූජකවරයකු උන් ආහාරයට ගෙන තිබූ ශාකය සොයා හඳුනාගත් බවත්, ඒ ගැන හදාරා බලා, එය දෙවියන් එවූ තෑග්ගක් ලෙස නම් කළ බවත්, එතැන් පටන් ඉන් බීමට සකසාගත් පානය කෝපි ලෙස ලෝකයට හුරු පුරුදු වූ බවත්, අසන්නට ලැබෙනවා.අද ලෝකයේ ඛනිජ තෙල්වලට පමණක් දෙවැනි වන කෝපි අළෙවිය දිනකට කෝප්ප මිලියන 1400ක්, පමණ වන බවට ගණන් බලා තිබෙනවා . අමෙරිකාව ආසියාව අප්‍රිකාව ආදි රටවල බහුලවත් තවත් 70ක ට අධික රටවලත් කෝපි වගා කෙරෙනවා.
සිරුරේ ජෛව රසායන විස්මයජනක ලෙස අවදිකර සතුටු හද ගැස්ම ලබාදෙන අඩු මාත්‍රයක මත්ද්‍රව්‍යයකට සමාන ලෙසයි කෝපි පානය හඳුන්වනු ලබන්නේ . කෝපිවල අඩංගු කැෆේන් සංයෝග හරහා සිරුරටත් මනසටත් ශක්තිය ලබාදෙන අතර ඊට විටමින් බී, රයිබොෆ්ලෙවින්, පැන්මෝනෙතික් අම්ලය, පොටෑසියම්, මැග්නීසියම්, මැන්ගනීස් නියැසින් ආදි පෝෂක සමග ප්‍රති ඔක්සිකාරක ගුණ ද එක්වෙනවා. එමගින් කය මනස නිරෝගි කරන කෝපි, අපේ මානසික පීඩනවල දී සැනසුම ගෙනෙනවා.උදෑසන, කෝපි කෝප්පයක් පානය කිරීමෙන් සිතෙහි අප්‍රසන්න මානසික ස්වභාවයන් දුරුවී යනවා. කෝපි මානසික පීඩනයට ක්ෂණික ප්‍රතිකාරයක් බව පර්යේෂණවලින් තහවුරුවී ඇති අතර දිනක ට කෝපි කෝප්ප තුන හතරක් පානය කිරීමෙන් මානසික පීඩන ඇතිවීම 20%කින් වළකින බව බව ද හෙළිවී තිබෙනවා.
දිනපතා කෝපි පානයෙන් දියවැඩියාව ද මගහැරගැන්මටද හැකියි. ඒවායේ ඇති poyphenol හා chlorogenic අම්ල මගින් සිරුරේ රුධිරගත සීනි මට්ටම පාලනය කෙරෙනවා.
කෝපිවල අඩංගු cafestol , හා caffeic acid මගින් ඉන්සියුලින් ශ්‍රාවය වර්ධනය කරන අතර එමගින්, ග්ලූකෝස් වැඩිවීමෙන් ඇතිවිය හැකි අන්ධ බව හා ස්නායු රෝග වළක්වා දෙනවා.
එය පාකින්සන් රෝගීන්ගේ චලන පාලනයට ත් උපකාරිවනවා . මොළයේ ප්‍රදාහ වැළැක්මට ඇති හැකියාවෙන් ඇල්ෂයිමර් රෝගය වැළඳීමට ඇති ඉඩ 20% කින් අඩුකරදීමට ද සමත්.
එසේ ම කෝපි හර්දයටද හිතකර වන අතර හර්දය ආශ්රිත බොහෝ රෝග වළක්වනවා. හදවත් රෝග වැළඳීමේ අවදානම 11%කින් පහත හෙළන වා. ආඝාතය වැළඳීමේ අවදානම ද 20%කින් අඩුකර දෙනවා කෝපි ප්‍රතිඔක්සිකාරක මගින් ආහාර ජීර්ණ පද්ධතිය ආශ්රිත ප්රදාහයත් වළකාලනවා . උදර ආබාධවලදී සහන සලසනවා.
එය උත්තේජකයක් මෙන්ම කැලරි දහනය කරන්නක් ලෙසද හැඳින්විය හැකියි. කෝපි පානය අධික ආහාර පරිභෝජනය වළක්වන අතර සිරුරේ බරත් අඩුකර දෙනවා.වකුගඩු රෝගීන්ට යහපත් ප්‍රතිචාර දක්වන කෝපි ඔවුන්ගේ ආයු කාලය ද දීර්ඝ කර දෙන්නක් .පෘතුගාල පර්යේෂකයන් පිරිසක් පුද්ගලයන් 2300 ක්, යොදාගෙන වසර 12 ක් තිස්සේ කළ හැදෑරීමකදී දිනකට කෝපි කෝප්ප තුන බැගින් පානය කිරීමෙන් , වකුගඩු රෝගීන් මියයන අවදානම 25% කින් අඩුකර ගත හැකි බව සොයාගෙන තිබෙනවා.
කෝපි පිත්තාශයේ ගල් සෑදීම වළක්වන අතර එය අක්මාවේ ත් ආරක්ෂකයෙක්. දිනකට කෝපි කෝප්ප තුන හතරක් බීමෙන් සිරෝසීස් හා non alcoholic fatty liver වැනි රෝගවලින් ඈත්වීමට මග පෑදෙන බව සඳහන්වෙනවා. 50%ක පිළිකා මර්දන හැකියාවක් ඇති බව සඳහන්වන කෝපි , අක්මාවේ පිළිකා වැළැක්වීමට සෑහෙන දායකත්වයක් දරන්නක්.
රතු මස් අධිකව ආහාරයට ගැනීම, සිරුරට ව්‍යායාම නො දීම ආදි අහිතකර පුරුදු නිසා ජීවිත කාලය අඩුවන අතර එය දිනකට කෝපි කෝප්පය බැගින්වත් පානය කිරීමෙන් සීමාකරගත හැකි බව සඳහන් වෙනවා.
හැබැයි පුරුද්දක් වශයෙන් නිතරම කෝපි බීම නම් කිසිසේත් සුදුසු නැහැ. දිනකට කෝප්ප 1-4 දක්වා පානය කිරීම එහි උපරිම සෞඛ්‍ය වාසි ලබා ගැන්මට ප්‍රමාණවත්.සීත නිදිමත මෙන්ම විඩාවද එයින් දුරුකරගත හැකියි.එහෙත් අසීමිතව ගැනීමෙන් නින්ද අඩුවීම , විඩා දැනීම, ඇතුළු සිරුරට අහිතකර තත්ත්ව ගණනාවක් උදාවිය හැකියි. දුම් පානය කරන්නන්ට හා ව්‍යායාම රහිත අයට කෝපි පානයේ වාසි උපරිමව ලැබෙන්නේ ත් නැහැ. නිසි ලෙස නො පෙරෙන ලද කෝපි පානයෙන් කොලෙස්ටරෝල් මට්ටම ඉතා ස්වල්පයක් වැඩිවිය හැකි බවට සඳහන් වන අතර එය ගැටළුවක් වන්නේ වැඩි පුර කුඩු දමා සැරට සැදූ කුඩා කෝපි කෝප්ප 5 ක් පමණ දිනකදි පානය කළ විටයි.සාමාන්‍යයෙන් පෙරා සැකසූ කෝපි කෝප්පයක කැෆේන් මිලි ග්‍රෑම් 100 ක් අඩංගුවන අතර දිනකට කැෆේන් මිලිග්‍රෑම් 400 ඉක්මවා ගැන්ම වැඩිහිටියන්ට හිතකර නොවන, බව සඳහන් වනවා.
එසේම ගැබිණි කාන්තාවකට ,දිනකට කැෆේන් මිලි ග්‍රෑම් 200 ඉක්මවා යාම නුසුදුසු බැවින් කෝපි කෝප්පයකට දෙකකට වඩා බීම හිතකර නැහැ .අස්ථි බිඳීම් සහිත ඔස්ටියෝ පොරෝසිස් රෝගීන්ද කෝපි පානය සීමා කළ යුතු බව සඳහන්. අසාමාන්‍ය හර්ද ස්පන්දනය ඇති රෝගීන්ට කැෆේන් වලින් රුධිර පීඩනය මඳක් ඉහල යා හැකි බැවින් ඔවුන්ට ද කෝපි හිතකර නැහැ.