හදවත් රෝග ඇතිවීමට පෙර, ඒ බව හඟවන රෝග ලක්ෂණ 8 ක් මෙන්න - මේ රෝග ලක්ෂණ තිබේනම් වහාම දැනුවත් වෙන්න
12,331 Views

හෘද රෝග, හෘදයාබාධ හේතුවෙන් වසරකට පුද්ගලයන් 610,000 ක් පමණ මියයන බව සොයාගෙන ඇත. ලංකාවෙත් ගැහැණු පිරිමි දෙපාර්ශවයම මේ රෝග තත්වය නිසා පීඩා විදිනවා . ඔබ දන්නවද හදවතේ කිසියම් ගැටලුවක් හෝ රෝග තත්වයක් තියෙනවනම් ඒ ගැන ශරීරය විසින්ම අපිට විවිධ අනතුරු ඇඟවීම් කරන බව. මේ කියන්න යන්නේ ඒ විදියට ශරීරය හෘද රෝග ගැන අපිට කරන අනතුරු ඇඟවීම් 8 ක් ගැනයි. බලන්න මේ දේවල් ඔබටත් තියෙනවද කියලා.
වම් අතේ පවතින දිගුකාලීන වේදනාව
ගොඩක් පිරිමි අයට මේ වම් අතේ වේදනාවක් තියෙනවා.කාන්තාවන්ටත් එහෙමයි හැබැයි සමහර කාන්තාවන්ට අත්දෙකේම වේදනාවක් තියෙනවා.පර්යෙෂනවලින් හොයාගෙන තියන විදියට ගොඩක් හෘදයාබාධ ඇතිවුන කාන්තාවන්ට ඊට කලින් අසාමන්‍ය ලෙස වැලමිටේ වේදනාවක් හටගෙන තිබෙනවා. මේකට හේතුව තමයි අපේ හදවතේ තියෙන වේදනාව ගමන් කරනවා සුෂුම්නාව වෙත එහෙම ගමන් කරනකොට අපේ ශරීරයේ බොහෝ ස්නායු වර්ග මොළයත් සමග සම්බන්දවෙලා තියෙන නිසා මොළය ව්‍යාකූල තත්වයකට පත්වෙනවා . අන්න එතකොට අපි දැනෙන්නේ මේක අතේ වේදනාවක් කියල හැබැයි ඇත්තටම ඒක අතේ තියෙන වේදනාවක්නම් නෙමේ
දිගුකලක් පවතින කැස්ස
අපිට කැස්ස විවිද හේතු නිසා ඇතිවෙන්න පුලුවන් හැබැයි ඔබ දන්නවද දිගුකලක් පවතින කැස්ස හදවත් රෝගයකට මුල පුරනබව .රුධිරයේ ඇතිවන රෝස පැහැති ද්‍රාවනයක් නිසා මේ දිගුකලක් පවතින කැස්ස ඇතිවෙනවා ඒ කියන්නෙ ඒක හදවත් රෝගයකට ලක්ෂණපහල කරනවා කියන එකයි . කොහොම වුනත් කැස්ස හදවත් රෝගයක ලක්ෂණයක් නොවුනත් බරපතල රෝග තත්වයක් කියලත් කියන්න ඔනේ.
කකුල්, වළලුකර සහ පාද වල ඇතිවන වේදනාව
ඔබේ හදවත නිසිපරිදි ක්රියානොකරනකොට හදවත හරහා ලේ පොම්පකිරීම නිසිපරිදි සිද්ද වෙන්නේ නෑ . එතකොට රුධිර වාහිනී අවට පටකවලට දියාරු වෙනවා මේ නිසා කකුල් ඉදිමෙනවා.කකුලේ අඩිය වලලුකරේ කැක්කුම් ඇතිවෙන්නව වගේ ලක්ෂන පෙන්නුම් කරනවා. මේ තත්වය ගොඩක් අය එච්චර ගනන් ගන්නෙ නෑ හැබැයි අද ඉදන් කල්පනාවෙන් ඉන්න ඔබට මෙහෙම දිගුකාලීන ලක්ශන තියෙනවනම් ඒක හදවත් රෝගයක් නිසා ඇතිවෙලා තියෙනවා වෙන්න පුළුවන්.
ආහාර රුචිය අඩු වීම
හෘද රෝගවලින් පෙළෙන බොහෝ රෝගීන්ට ආහාර ගැනීම සඳහා ඕනෑ කමක් අවශ්‍යතාවක් තිබුණත් ආහාර අරුචිය හෝ ඔක්කාරය නිසා ආහාර කෑමට හිඟවීමක් දක්වයි. එයට හේතුව අක්මාව වටා තරලයක් ඇතිවීම මගින් නිත්‍ය ආහාර ජීර්ණයට බාධා කිරීමයි. මෙම රෝග ලක්ෂණ සාමන්‍යයෙන් උදරයේ වේදනාවකින් පසුව ඔබ ඔවුන් සියල්ලන්ම අත්දකින්නේ නම්, ඔබ වහාම ඔබගේ වෛද්‍යවරයා හමුවිය යුතුය.
කන්නස්සල්ලෙන් සිටීම සහ කාංසාව
බොහෝ අද්යනවලින් හොයාගෙන තියෙන ආකාරයට තම ජීවිතයේ ඉතාම කනස්සලෙන් ඉන්න පුද්ගලයින් හෘද රෝගවලට ඉතා පහසුවෙන් ගොදුරු වෙනවා. දැඩි මානසික ආතතියකින් හෝ මානසික ආබාධයක් හා භීතිකාවකින් ඇති වන විවිධ ආබාධයන් නිසා කාංසාවට හේතුවක් වෙන්න පුලුවන් මෙන්න මේ දේ Tachycardia,රුධිර පීඩනය වැඩි වීම සහ හෘද ස්පන්දන ප්‍රතිශතයට අඩු වේ එය වක්‍රාකාරව හෘද රෝගවලට හේතුවක් වෙන්න පුළුවන්.
නිතර ඇතිවල ක්ලාන්ත ගතිය
හෘද රෝගීන් අතර ක්ලාන්තය ගතිය සාමන්‍ය දෙයක් වේ. හෘදය රුධිරය පොම්ප කිරීමෙන් පසු රුධිර ප්‍රවාහය අවහිර වූ ඇරෝරියකින් හෝ කපාට පටු වීමෙන් අවහිර කරනු ලැබේ.මේ නිසා ඔබට හුස්ම ගැනීමේ වේදනාව හා කෙටි කාලයකදී ඔබ ක්ලාන්ත වීම් ඇත්නම්, වහාම වෛද්‍යවරයෙකු අමතන්න, ඔබේ හදවත පරීක්ෂා කර ගන්න.
සම තද පැහැයට හෝ නිල් පැහැයට හැරීම
මෙය වඩාත්ම සුලභ ලක්ෂණයක් නොවේ.මේ ආකාරයට ඔබේ ශරීරයේ රතුරුධිරාණු ප්‍රමානය අඩුවීම නිසා වෙන්නත් පුලුවන් ඒ කියන්නෙ ඔබේ හදවතින් නිසි ආකරයෙන් ලේ පොම්ප නොකිරීම කියන කාරනාවයි ඉස්මතු වෙන්නේ.යම්කිසි කම්පන තත්වයක් නිසාත් මේ දේ සිද්ද වෙන්න පුලුවන් නැතිනම් රක්තහීනතාවය නිසා ඇතිවෙන්නත් පුලුවන් දෙයක් කොහොම වුනත් ඉක්මනටම වෛද්‍යවරයෙක් මුනගැහෙන එක තමයි නුවනට හුරු.
සමේ පිපිරීම් හෝ අසාමන්‍ය පැල්ලම්
ඇමරිකාවේ කරනලද සමීක්ශන දෙකකට අනුව eczema සහ shingles කියන තත්ව ඉතා භයානක ලෙස හදවත් රෝගවලට හේතු විය හැකිබව හොයාගෙන තිබෙනවා . eczema තත්වයෙන් ඔබ පසුවෙනවනම් ඔබ අධික රුධිර පීඩනයෙන් පසුවීම 48% ක ප්‍රතිශතයක් සහ 29% ක ප්රතිශතයක කොරොස්ටරොල් මට්ටම ඉහල යා හැකි බව හොයාගෙන තියෙනවා. shingles කියන තත්වය ඔබට තියෙනවනම් 59 %ක ප්‍රතිශතයකින් ඔබට හෘදයාබාධයක් ඇතිවීමේ ප්රවනතාවයක් තියෙනවා.මෙම රෝග ලක්ෂණ සෑම හෘද රෝගියකුටම පෙනෙන්නට නොතිබුණත්, ගොඩක් වෙලාවට සමහරක් ලක්ෂන පොදු අනතුරු ඇඟවීම් කියල කියන්න පුලුවන් . ඉතින් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීම, අධික ලෙස මත්පැන් පානයෙන් තොරවීම දුම්පානයෙන් තොරවීම , සෞඛ්‍ය සම්පන්න හදවතක් ඇති වීමට හේතු වනු ඇත.