හෘදයාබාධ වලින් බේරී ඉන්න සරල පුරුදු 5ක් මෙන්න – ඔබත් මැදිවියේ නම් ඉතා වැදගත්
1,356 Views
හෘදයාබාධනිසා ලොකූ මානසික පීඩනයක් වගේම කායික වේදනාවක් දැනෙනවා. ඒත් ඇත්තටම අපට පුළුවන් මේ හෘදයාබාධ වළක්වා ගන්න. හෘදයාබාධ ඇතිවීමේ අවදානම අවමකරගන්න නම් අපේ ජිවන පුරුදු ඉතාම වැදගත් වෙනවා . මේ තියෙන්නේ හෘදයාබාධ අවම කරගන්න ජිවිතයට එකතු කරගන්න ඕන, එහෙම නැත්නම් පවත්වාගෙන යන්න ඕන හොඳ පුරුදු 5ක්
සෞඛ්‍යමත් ආහාර පුරුදු, 2 ක්‍රියාකාරී ජිවිතයක් ගතකිරීම, 3 ඉණ වටප්රමාණය අවධානම් මට්ටමට පහළින් පවත්වාගෙන යාම, 4අධි මත්පැන් පානයෙන් වැළකීම, 5දුම් පානයෙන් වැළකීම.
පර්යේෂණ වලට අනුව නැවුම් පළතුරු අනුභවය හෘද රෝග අවදානම අවම කරනවා. පළතුරුවල අඩංගු ප්‍රතිඔක්සිකාරක, විටමින්, ඛනිජ ලවණ සහ විවිධ ශාක සාරයන් හදවත නිරෝගිව තියාගන්න උදව් වෙනවා වගේම හදවතේ ආසාදනයන් ඇතිවීමට හේතුවන කරුණු අවම කරනවා
කොහොම උනත් අධික ලෙස සීනි අඩංගු පළතුරු කන එකත් හොද නැහැ. ඒ අනුව ආහාරයට හොදම පළතුරු වන්නේ තිත්ත සහිත, ඇඹුල් සහිත හෝ කහට සහිත පලතුරු වර්ගයි. ඔයාට ඉන්සියුලින් හෝ ලේප්ටින් සීමා කරන්න අවශ්‍ය නම් දෛනිකව ආහාරයට ගන්න පළතුරු ප්‍රමාණය අවම කරන්න ඕන. එහෙම සීමා කරන්න අවශ්‍ය නැත්නම් ඕන තරම් පළතුරු ආහාරයට ගත්තට කමක් නැහැ. කොහොම උනත් පළතුරු වලින් ඔයාගේ රුධිරයේ තියන සීනි ප්‍රමාණය වැඩි කරනවා කියන එක අමතක කරන්න එපා.
ඔබ ක්‍රීඩකයෙක් නම් ඔබට ඔිනෑ තරම් පළතුරු ආහාරයට ගන්න පුළුවන්. මොකද ඔබ ව්‍යායාම කරන විට සහ ක්‍රීඩාවන්හි නිරත වන විට ඔබගේ ශරීරයේ ඇති ග්ලූකොස්, තෙල් ආකාරයෙන් ගබඩා කරගන්න්නවා වෙනුවට ශක්තිය බවට පරිවර්තනය කරන නිසා ඔබගේ හදවතට සුදුසුම ආහාර පුරුදු මොනවද කියා දැන් අපි බලමු. LDL කොලොස්ටරෝල් වර්ග 2ක් තියෙනවා ,කුඩා LDL කොලොස්ටරෝල් සහ විශාල LDL කොලොස්ටෝරෝල් වශයෙන්.
විශාල කොලොස්ටෝරෝල් අපේ ශරීරයට අහිතකරයි කියලා ජනප්‍රිය මතයක් තියෙන්නේ. එත් ඒක ඇත්ත නෙවෙයි. මේ අංශු හදවත් රෝග ඇතිකිරීම සඳහා හේතුවෙන්නේත් නෑ. ඒත් කුඩා LDL රුධිරවාහිනී තුල ලේ කැටි නිර්මාණය කරනවා. මේ කුඩා LDL නිර්මාණය වෙන්න අසන්තෘප්ත මේදය හේතුවෙනවා. සන්තෘප්තමේදය මගින් විශාල LDL නිර්මාණය කරනවා. කෘතීම ලෙස රසකාරක යොදන ලද සිනි සහ කාබොහයිඩේ්රට අඩංගු පාන් , සෝඩා , වගේ ආහාර පරිභෝජනයෙන් කුඩා LDL ප්‍රමාණය වැඩිවෙනවා. අසන්තෘප්ත මේදය සහ සකසන ලද කාබෝහයිඩ්රේට් සන්තෘප්ත මේදයට වඩා බොහෝ අහිතකර ප්‍රතිඵල ඇතිකරනවා
මෙන්න මේ නිසා අද වනවිට ලෝකයේ බොහෝ ආහාර නිෂ්පාදන සමාගම් පවා මේදය අවම ආහාර නිපදවීමට පෙළඹිලා තියෙනවා. ඒ වගේම එළවළු තෙල්, මාගරින් වගේ අනතුරුදායක සංතෘප්ත මේදය වෙනුවට බටර් සන්තෘප්තමේද සහිත ආහාර නිෂ්පාදනය කිරීමට වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා.
හෘදයාබාධයක් ඇතිවීම වළක්වා ගැනීමට අනුගමනය කල යුතු දේ
බොහෝ සෞඛය ආරක්ෂිත පුරුදු අනුගමනය කිරීමෙන් ඔබේ හදවත රැක ගැනීමට මෙන්ම හදවත් රෝග වැළදීමේ අවධානම අඩු කර ගන්නත් පුළුවන්. හදවත් රෝගයක ලක්ෂණ දකින්න ලැඛෙන තුරු හිටියොත් සමහර විට ඔය ගොඩාක් ප්‍රමාද වෙන්න පුළුවන්. මේදය නිසා ශරීරයට ඇතිවන අහිතකර බලපෑම ඉවත්කර ගැනීම සඳහා සංතෘප්ත සත්ව තෙල් අඩංගු ආහාර පරිභෝජනය කිරීම.
සීනි පරිභෝජනය අවම කිරීම. ඉන්සියුලින් සහ ලේප්ටින් වලට ප්‍රතිරෝධක නොවෙන සකස් කල පෘක්ටෝස් සහ ධාන්‍ය ආහාරයට ගැනීම . අධික සීනි සහිත ආහාර ගැනීම ඉන්සියුලින් සහ ලේප්ටින් ප්රතිරෝධකත්වයක් දක්වන අතර එයම හෘදරෝග සඳහා ප්‍රධාන හේතුවක් වෙනවා. ක්‍රියාකාරීව සිටීම හා කාබනික ආහාර පමණක් ආහාරයට ගැනීම. ආසනයක වාඩිවී සිටීම හැකි තරම් අවම කර දවසකට පියවර 1000ක්වත් ඇවිදීම.
කොලොස්ටරෝල් අඩුකරගැනීම සඳහා විවිධ ඖෂධ ගැනීමෙන් වැළකී ඉන්නවනම් ඉතා හොඳයි. මොකද මේ ඛෙහෙත්වල අතුරු අබාධ ගොඩාක් තියෙනවා වගේම අත්වෙන සුවය ගැනත් ගොඩක් ප්‍රශ්න තියෙනවා. හිරු එළියට නිරාවරණය වෙලා ඔයාට අවශ්‍ය විටමින් D ලබා ගන්න. එහෙම නැත්නම් විටමින් D අඩංගු ඔශධයක් ගන්න
හැම විටම පාවහන් නොමැති ඇවිදින්න මොකද මෙමගින් ඔයාගේ සිරුරට පොලවේ තියෙන නිදහස් ඉලෙක්ට්‍රොන වලට ලේසියෙන්ම ගමන් කරන්න පුළුවන්. මේ ක්‍රමය ආසාදන වළක්වන්න වගේම අපි සොබාදහමට ලංවෙලා ඉන්න එක තමයි ඇත්තටම ලෙඩ රෝග වලින් බේරිලා ඉන්න පුළුවන් හොදම විදිය.
ඒ වගේම හැමදාම ඔයාගේ මානසික ආතතිය පාලනය කරගෙන සතුටින් ජීවත්වෙන්න උත්සහ කරන්න