කොන්ඩෙ යනවනම් මෙන්න බෙහෙත – කරපිංචා ෂැම්පො හදන විදිය ඔබත් දැනගන්න කාන්තා, පිරිමි ඔබ සැමට ඉතාමත් වැදගත් ලිපියක්
17,351 Views
කෙස් කළඹ කාන්තාවන්ගේ සුන්දරත්වය ඉස්මතු කරන ප්‍රධාන අංගයක් කියලා ඔයාලා දන්නවනේ. නමුත් කෙස් කළඹ ආකර්ෂණීය පෙනුමක් ඇති කලත් එය පවත්වාගෙන යාම සහ ගැටළු නිමක් නැනේ. කෙස් පිළිබද සුලබ ගැටළු කීපයක් නියෙනවා. හිසකෙස් වර්ධනය අඩු වීම, වියළි හිස්කබල, කෙස් සුදුවීම සහ හිස්සොරි මින් ප්‍රධාන වේ. ඔන්න අද අපි කියලා දෙන්නේ කරපිංචා යොදාගෙන කෙස් කලඹට පෝෂණයක් ලබාදෙන සරල නමුත් විශ්මිත ක්‍රම කීපයක් ගැන.
ඉස්සෙල්ලම බලමු කරපිංචා වල ගුණ ගැන.
කරපිංචා ඔබගේ කෙස් නීරෝගී සම්පන්නව වර්ධනය සඳහා අතවශ්‍ය වන බොහෝ පෝෂක අඩංගු වේ. එහි අඩංගු ඇමයිනෝ අම්ල හා ප්‍රතිඔක්සිකාරක මගින් කෙස් වැටීම අඩු කර කෙස් ශක්තිමත් කරයි. ඇමයිනෝ අම්ල කොණ්ඩය තුනී වීමද අඩු කරයි. කරපිංචා වල අඩංගු බීටා- කැරොටින් සහ ප්‍රෝටීන ද පෝෂණය ලබා දෙමින් , කේශ වැටීම වලක්වයි.
හිස කෙස් වලට කරපිංචාවල බලපෑම
හිස කෙස් වැටීම වලක්වයි. හිස කෙස් මුල් ප්රතියුවීකරණය කරයි. හානිවූ කෙස් අලූත්වැඩියා කර ශක්තිමත් කරයි.
කරපිංචා ෂැම්පු හදන්නේ මෙන්න මෙහෙමයි
කරපිංචා කොළ කෝප්ප භාගයක්, වතුර කෝප්පයකට දමා විනාඩි 2ක් වතුර මද ගින්නේ රත්කර ගන්න. කරපිංචා එකතුකර දිගටම රත් කරන්න. එවිට වතුර කොළ පාට වී කරපිංචා කොළ මෘදු වේ. දැන් මෙය නිවෙන්නට හැර පෙරා ගන්න. මෙම ජලය හිසේ ආලේප කර විනාඩි 15-20ක් මසාජ් කරන්න, සතියට දෙවරක් මෙලෙස කරන්න. කෙස් වැටීම අඩුවී කෙස් වර්ධනය ඉක්මන් වේ.
කරපිංචා සහ කොහොඹ – කරපිංචා කොළ 7-8, කොහොඹ කොළ 7-8, සියඹලා කොළ කුඩු තේ හැදී 3, යෝගට් තේ හැදී 3
සියලූ දේ බ්ලෙන්ඩරයට දමා හොදින් අඹරා ගන්න. මෙම පල්පය හිසේ ගලවා මසාජ් කර විනාඩි 20 සිටින්න. මෘදු ෂැම්පු එකකින් සෝදා හරින්න. හිස සෝදන විට පාවිච්චි කරන්න. මසකින් හොද ප්‍රතිපල ලබා ගත හැකියි.
කරපිංචා සහ උළුහාල් – කරපිංචා කොළ කෝප්ප භාගයක්, උළුහාල් මේස හැදී 2, වතුර කෝප්ප1/2
සියලූ දේ බ්ලෙන්ඩරයට දමා හොදින් අඹරා ගන්න. මෙම පල්පය හිසේ ගලවා පැය 2ක් සිටින්න. මද උණු වතුරින් සෝදා හරින්න . අවශ්‍ය නම් මෘදු ෂැම්පු එකක් පාවිච්චි කරන්න. සතියකට වරක් මෙසේ කිරීමෙන් දිදුලන නිරෝගී කෙස් කළබක් ලබා ගත හැකියි.
කරපිංචා තෙල් එකක් ලෙස – පොල් තෙල් කෝප්ප 1 ක්, කරපිංචා කොකෝප්ප 1/2
කුඩා කෝප්පයකට පොල්තෙල් සහ කරපිංචා දමා එම කෝප්පය වතුර පිරවූ ලොකු කෝප්පයක මත තබා ලිපේ තබා රත් කරන්න. පොල්තෙල් කොළ පාට වෙනකම් මෙහෙම රත්කරන්න. කලූපාට අවශේෂ ඉතුරුවුනත් එයද හිසේ අලේප කරන්න ගන්න. සතියට දෙවරක් පාවිච්චි කිරීමෙන් සුදු කෙස් කළු කර ,qකෙස් වැටීම සහ හිස්සොරි කරදර නැති කරගන්න පුළුවන්.
මේ හැම දේටම අමතරව ඔයාලට කරපිංචා ආහාර වලට එක් කිරීම මගින්ද ගුණ ශරීරයට එකතු කර ගන්න පුළුවන්.
අකලට සුදුවෙන කෙස් කඵවීමට
කීකිරිදිය කොළ ඉස්ම පත 8 යි. නෙල්ලි ඉස්ම පත 8 යි.හොඳින් කළවම් කර රාත්‍රි මඳ ගින්නේ ගිණි අගුරු වලින් පමණක් රත් කර කකාරා,සතකුප්ප,සුදුහඳුන්,කංකුමප්පු,කොල්ලං කොළ,ජටා මාංශ සමව ගෙන හොඳ ප්‍රසිද්ධ බෙහෙත් කඩයකින් කස්තුරි පොඩ්ඩක් ගෙන (කස්තුරි මිල අධික නිසා පොඩ්ඩක් ගන්න) සමව අඹරා ඉහත බෙහෙත් බඳුනට දමා පදමට සිඳුවා හිස ගල්වන්න. සුදු කෙස් කඵවේ.
ඉස්හොරි වලට
දෙහිගෙඩි කීපයක්,පොල් කිරෙන් තම්බා,පොඩිකර හිසේ ගා විනාඩි 30 ක් සිට නාන්න. දින 3 කින් පසු සුවවේ. ඉදුනු ඇඹුල් කෙසෙල් ගෙඩි පොඩිකර හිසේ ගා විනාඩි 30 කින් නාන්න. දින 3 කින් සුව වේ.
උකුණන් වඳකර ගැනීමට
කොහොඹ මල් අඹරා හිසේ ගා විනාඩි 30 ක් සිට නාන්න. උකුණෝ වැටෙති. අබ,ගොඩපර එකට තම්බා එම වතුරින් හිස සෝදා නාන්න.දින කීපයක් කිරීමෙන් උකුණෝ වඳවෙති.
හිසකෙස් ක්‍රේල්ව දිගුව වැඩෙන්නට
වලස් තෙල් 1/4 කට ඉතා පිරිසිදු තල තෙල් 1/2 ක් දමා හොදින් කළවම් කර දින 3 ක් ගියපසු,දිනපතා හිසගල්වන්න.දීර්ගව කඵපාටට කෙස් වැඩේ.
අකලට සුදුවෙන කෙස් කඵවීමට
කීකිරිදිය කොළ ඉස්ම පත 8 යි. නෙල්ලි ඉස්ම පත 8 යි.හොඳින් කළවම් කර රාත්‍රි මඳ ගින්නේ ගිණි අගුරු වලින් පමණක් රත් කර කකාරා,සතකුප්ප,සුදුහඳුන්,කංකුමප්පු,කොල්ලං කොළ,ජටා මාංශ සමව ගෙන හොඳ ප්‍රසිද්ධ බෙහෙත් කඩයකින් කස්තුරි පොඩ්ඩක් ගෙන (කස්තුරි මිල අධික නිසා පොඩ්ඩක් ගන්න) සමව අඹරා ඉහත බෙහෙත් බඳුනට දමා පදමට සිඳුවා හිස ගල්වන්න. සුදු කෙස් කඵවේ.
හිසේ කෙස් යනවාට
උදේ පමණ ඇල්වතුර නා ඉතා හොඳින් හිස පිරිමැද ඉහත ආකාරයට සුදුවන කෙස් සඳහා වූ තෙල් සාදා ගන්න. (ඉතා වටිනා ඖෂධයකි.)
තද හිස රුදාවට
ඉගිනි ඇට,අරඵ,නෙල්ලි,සියඹලා,සුදු හඳුන්,කෝමාරිකා,කුර මුල් මුකුණු වැන්න සමව ගෙන තැඹිළි වතුරෙන් අඹරා නළලේ ආලේප කරන්න. සුදු හඳුන් තන කිරෙන් ගලගා රෙදි කෑල්ලක ගා නළලේ එලන්න. දෙහි ඇඹුලෙන් ඉගුරු ගලගා නළලේ එලන්න. රතුඵණු විනාකිරෙන් අඹරා නළලට පැලැස්තර එළන්න. කහ කුඩු රෙදි කඩක දමා,පහන් තිරයක් මෙන් සාදා ගිතෙලින් පොගවා දල්වා දුම නාසයට උරන්න.
ඉහත ප්‍රතිකාර කන ගමන් අමු කහ,කොහොඹ කොළ නම්බා උදය කාලයේ හිස සෝදා හොඳින් තෙත සිදුවා සිතෝදක තෛලය නිතර ගාන්න.
ඉරුවාරදයට
සුදුඵෑණු,තලඇට,සහිඳ ලුණු මී පැණියෙන් අඹරා නළලේ ගාන්න. අබ,සුදු හඳුන්,අමු ඉගුරු ඇඹුල් දොඩම් යුෂින් අඹරා පැළැස්තරයක් සාදා නළලට එලන්න. සියඹලා කොළ,උඳුපියලිය කොළ,රතුඵෑනු කොටා පොට්ටනි කර වන්ඩුවේ තම්බා නළල තවා(හොඳින් තවන්න)නිශාදි තෛලය හිස ගල්වන්න.
නාසයෙන් ලේ යනවාට
ගොටු ඳඞු,අසමෝදගම්,රතුඵෑනු,වළගසාල් සමව ගෙන තම්බා එම වතුරට සීනි දමා උදේ සවස බොන්න. දෙඵම් මල් තලා ඉස්ම බිංදු කීපයක් නහයට දමන්න. කෙසෙල් අල කොටා යුෂ ගෙන හිසේ ගාන්න. නීල්‍යාදි තෛලය ගෙන හිසේ ගල්වන්න.
අතරින් පතර වේද පොත ඇසුරිණි සුබ දිවියක් !!!
-නෙරන්ජා කස්තුරිආරච්චි-