දිව්‍ය ඖෂධයක්වූ දෙළුම් යුෂ බිංදු 2 කින් ඔබේ ආයුෂ වැඩි කරගන්න රහස් ක්‍රම
1,060 Views

දෙළුම් යනු අප දන්නා එක් පළතුරක් පමණක්ම නොවේ. දෙළුම් ප්‍රබල ඖෂධයකි. මෙහි, කාබෝහයිඩ්‍රෙට්, ප්‍රෝටීන්, මේදය, කැල්සියම්, යකඩ, විටමින් C, මැග්නිසියම්, පොටැසියම්, පොස්පරස් සහ සින්ක් අඩංගු වේ. දෙළුම් තුලින් ලැබිය හැකි සෞඛ්‍ය වාසි රැසකි.
එක් දෙළුම් ගෙඩියකින් වැඩිහිටියෙකුගේ 40% ක දෛනික විටමින් C අවශ්‍යතාවය සපුරගත හැකිය. දෙළුම් මඟින් ඔබේ මතක ශක්තිය වර්ධදනය වීමක් සිදු වේ. මෙමඟින් මොළයේ රුධිර සංසරණය වේගවත් කර මොළයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි. මොළයේ සෛල ආරක්ෂා කර ගැනිමේ හැකියාවක් පවතින අතර පුනිකැලජින් (Punicalagins) රසායනිකය හේතුවෙන් සෛල විනාශවීම වලක්වා ඇල්ෂයිමර් රෝගය පැතිරීම වැළකේ. දෙළුම් පිලිකා නාශකයක් වන අතර එහි වේදනා නාශක හැකියාවත් පිලිකා සෛල පැතිරීම වැළැක්විමේ හැකියාවත් ඇත. මේ තුළින් පියයුරු පිළිකා, චර්ම පිළිකා, පෙනහළු පිළිකා සහ පොස්ට්‍රෙට් ග්රන්තිවල ඇති විය හැකි පිළිකා වලක්වා ගත හැකිය. දෙළුම් ඔබේ ආයුෂ වැඩි කරයි. මරණාසන්න පුද්ගලයෙකුට දෙළුම් යුෂ බිංදු 2 ක් දීමෙන් පවා ආයුෂ දිර්ඝ කර ගත හැකිය. මෙහි දී රුධිර සංසරණය ක්‍රමවත් කර සැම ඉන්ද්‍රයක්ම ප්‍රාණවත් කරයි.
දෙළුම් අධි රුධිර පිඩනය අවම කරනවා මෙන්ම හෘද සෞඛ්‍ය වර්ධනය කරයි. මෙහි ප්‍රතිඔක්සිකාරක බලය හා Polyphenols හේතුවෙන් රුධිර පිඩනය සමනය කරනවා සේම ධමනි තුල තෙල් බැඳිමත්, සිහින්වීමත් වළක්වයි. තරුණ පෙනුම රැකගැනීමට දෙළුම් තුල අඩංගු සංයෝග වලට හැකිය. මෙමඟින් සමෙහි නිරෝගිමත් බව, සමේ ඇතිවන තුවල සුව කිරිම සහ සමෙහි කොලෙජන් වර්ධනය වේගවත් කර එමඟින් සම රැළි වැටිම් වැළකේ. මෙහි ඇති සංයෝග නිසා බැක්ටීරියා විනාශ කර මුඛයේ ඇතිවන දත් මුල් දියවීම වැනි ආසාධනයන් වළක්වයි. ප්‍රතිශක්තිකරණ හැකියාව වර්ධනය කරයි. මෙහි ඇති වේදනා නාශක බලය හේතුවෙන් සන්ධි තුල ඇති වන වේදනාවන් දුරු කර අස්ථි ශක්තිමත් කරයි.
දෙළුම් ලෙල්ල ඩයරියා රෝගයට ප්‍රතිකාරයක් වන අතර දෙළුම් කොළ ඇස් රෝග සුවකරයි. දෙළුම් ඇට ලෙස ආහාරයට ගැනීමට වඩා දෙළුම් යුෂ ලෙස සකස් කර ගැනිමෙන් එහි සියළු ගුණයන් පහසුවෙන් ශරිරයට ලබාගත හැකිය.
මිට අමතරව..
අජිර්ණය, පණු රෝගය, මුත්‍රා රෝගය, ඇසේ සුද, අධික ස්ථූල භාවය, ස්ත්‍රින්ගේ සරුබව, පිරිමින්ගේ අප්‍රානිකත්වය, මානසික ආතතිය, ශරිර දැවිල්ල, මුඛයේ ශ්‍රාවය වැඩිකිරිම, ආහාර රුචිය වැඩි විම, දියවැඩියාව ආදි රෝග රැසකට ප්‍රතිකාර ගෙන එන අතර කටහඬ මිහිරි කරයි. මෙලෙස දිනපතා දෙළුම් ආහාරයට ගැනීමෙන් සෞඛ්‍ය වාසි රැසක් අත්කර ගත හැකිය. මේ නිසා ඔබත් දිනපතා දෙළුම් ගෙඩියක් ආහාරයට ගන්න පුරුදු වෙන්න.