මැංගුස් කියන්නේ ඕනෑම කෙනෙකු කන්න කැමති ඉතාමත් රසවත් පළතුරු වර්ගයක්. ඒ වගේම මැංගුස් වල තිබෙන ගුණයන් නිසා අපගේ ලෙඩ රෝග සුවකර ගැනීමටද මේ පළතුර උපකාරී වෙනවා. මෙම ලිපියෙන් කියවෙන්නේ ඔබ මැංගුස් ගැන නොදන්නා වටිනා කරුණු කිහිපයක් පිළිබඳවයි.
මැංගුස්වල අඩංගුවන පෝෂ්‍ය පදාර්ථ
විටමින් A, විටමින් B, විටමින් C, කැලරි, කැල්සියම්, පොටෑසියම්, සින්ක්, පොස්පරස්, මැග්නීසියම්, ප්‍රෝටීන්, කාබෝහයිඩ්රේට්, ආහාර තන්තු මැංගුස්වල අඩංගු ගුණයන් නිසා අපට සුවකර ගතහැකි ලෙඩ රෝග බොහෝ ප්‍රමාණයක් ඇත. එනම්, මැංගුස් පිළිකා නාශකයක් ලෙස ක්‍රියා කිරීම, විෂබීජ නාශකයක් ලෙස ක්‍රියා කිරීම, ක්ෂය රෝගය පාලනය කිරීම, මානසික රෝග පාලනය කිරීම, දියවැඩියා රෝගය පාලනය කිරීම, උදරය ආශ්රිත රෝග පාලනය කිරීම, අධික රුධිර පීඩනය පාලනය කිරීම, අසාත්මිකතා වැළකීම, හෘද රෝග පාලනය කිරීම සහ මීට අමතරව කාන්තාවන්ට මාසික ඔසප් වීමේදී ඇතිවන උදරයේ වේදනාව සමනය කිරීමට මැංගුස් මුල් කසාය උපකාරීවේ. තවද අතීසාරය හා මුත්‍රා දැවිල්ලට මැංගුස් පොතු හා කොළ කසාය උපකාරී වේ.