මොලයේ ලේ කැටි හැදීම, මුඛ දුර්ගන්ධය වළකන, දිව ඔසුවක්වූ එනසාල් පානය
14,349 Views

එනසාල් යනු කෑම රසවත් කරවන කුළුබඩුවක් පමණක් නොවේ. එනසාල් බොහෝ විට කෑම වලට එකතුකර ගන්නේ කුළුබඩුවක් ලෙසිනි. එය ඖෂධයක් ලෙසින්ද හැඳින්විය හැක.
වකුගඩු හරහා ශරීරයේ ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා ඉතා හොඳ ඔසුවක් ලෙසින් ද එනසාල් හැඳින්විය හැක. මුත්‍රා හොඳින් පිටකිරීමට ද උදව් කෙරේ. මේ සඳහා ආහාරයක් ලෙසින් අනුභව කිරීම ප්‍රමාණවත් වන අතර මුත්‍රා මාර්ගයේ රෝග පසුකාලීනව වකුගඩු රෝගයන්ට ද මුල් විය හැක. එම නිසා එනසාල් ආහාරයට එකතු කරගැනීම නිසා එවැනි අවදානම් තත්ත්වයන් වළක්වා ගතහැක. මුත්‍රාශය, වකුගඩු, මුත්‍රා මාර්ගය, හොඳින් පිරිසිදු කර ඒවායේ ඇති අනවශ්‍ය ලවණ හා අනවශ්‍ය ජලය ආදිය වළක්වා ගැනීමට උපකාරී වේ.
ආහාර ජීර්ණ පද්ධතියේ බොහෝ රෝග සඳහා එනසල් ඉතා ගුණදායක ඖෂධයකි. එනසල්වල ඉඟුරුවලට සමාන ගුණයක් ඇත. එම නිසා සෙම්ප්‍රතිශ්‍යා වෛරස උණට එනසාල් ස්වල්පයක් තම්බා බීම ඉතා ගුණදායක වේ. බඩ පුරවා දැමීම, නිසි ලෙස ආහාර නොදිරවීම, මළබද්ධය වැනි තත්ත්වයන්ට එනසාල් ඉතා ගුණදායක වේ.
එමෙන්ම පිළිකා සෑදීම වැළැක්වීමටත් සෑදුණු පිළිකාමය තත්ත්වයන් පාලනය කිරීමටත් එනසාල්වල ඇත්තේ පුදුමාකාර ගුණයකි. දියවැඩියාව, අධික රැධිර පීඩනය, හෘදයාබාධ, පිළිකා වැනි බෝනොවන රෝග බොහෝමයකටත් මානසික ආතතිය සඳහාත් එනසාල් ඉතා ගුණදායක වේ.
මෙය තේ පානය කරන ආකාරයට පානය කළ හැක. ඒ සඳහා එනසාල් කුඩු කර පානය කරන්න. කෙඳි සහිත කුළුබඩුවක් නිසා රුධිරයේ අහිතකර කොලොස්ටරෝල් පාලනයට ද උදව් වේ. මෙමඟින් මොළයේ ඇතිවිය හැකි රුධිර කැටි වැනි තත්ත්වයන් වළක්වා ගතහැක. මුඛයේ ඇතිවන තුවාල, මුඛයේ දුර්ගන්ධය ආදිය පලවා හැරීමට ද උදව් වේ.
එනසාල් තම්බා ගත් වතුරෙන් දිනකට දෙවතාවක් කට සේදීම බොහෝ මුඛ ආශ්රිත රෝගයන්ට ප්‍රතිකාරයක් ද වේ. මේ නිසා ඔබේ ආහාර වේලට දිනපතා එනසාල් ඇට 2, 3ක් වත් එකතු කරන්න.
ආයුර්වේද වෛද්‍ය නිමාලි සොලොහොකාර