කහ පැලෑටියේ දළු භාවිතා කරලා ගෑස්ට්‍රයිටීස් නිට්ටාවටම සුවකරගන්න විශ්මිත බෙහෙත් රැසක් මෙන්න
3,560 Views

උදර ආබාදයන් ඇති වෙන්නේ අමාශයේ බිත්තිවල ඇති ශ්ලේශ්මලයට අභ්‍යන්තර වශයෙන් හෝ භාහිර වශයෙන් බලපෑමක් ඇති වීම හේතුවෙනි. එලෙස ඇතිවෙන බලපෑම් මගින් උදරයේ ඇති ඇසිඩ් පාලනයකින් තොරව ශ්‍රාවය වීම හේතුකොට ගෙන තමයි ප්‍රධාන වශයෙන්ම මෙවැනි උදරාබාදයන් ඇති වෙන්නේ. අමාෂ ශ්ලේෂ්මලය විසින් නිෂ්පාදනය කරන (හයිඩ්‍රොලික් ඇසිඩ්) මිනිස් සිරුරට අහිතකර වූ බලපෑම් ඇති කරනවා. අන්න එම හේතුව නිසා තමයි අමාශයේ ඇති වෙන දැවිල්ල වැනි රෝගී තත්වයන්ට නියමිත ප්‍රතිකාරයක් කල යුතු වෙන්නේ.
ගෑස්ට්‍රික් රෝගය සුව කරගැනීම
ආහාරගනු ලබන විට කලබලයක් නොමැතිව හොදින් ආහාර හපමින් ආහාරයට ගැනීම, නිතර නිතර කුඩා ප්‍රමාණයේ ආහාර වේලවල් අනුභව කිරීම, වැඩි වශයෙන් ජලය පානය කිරීම සහ තන්තුවලින් පොහොසත් ආහාරයන් අනුභව කිරීම වැනි හොද පුරුදු මගින් ගෑස්ට්‍රික් රෝගය වැලදීම වලක්වා ගැනීමට හැකියාව තිඛෙනවා. වැලදී තිඛෙන ගෑස්ට්‍රික් තත්වය ඉක්මනින් සුව කරගැනීම සදහා කුළුබඩු, කෝපි , මස් මාංශ, කේක් , ඇල්කොහොල් සහ ඇඹුල් රසැති ආහාරයන් වැඩි වශයෙන් අනුභව කිරීමෙන් ඔබ වැලකී සිටිය යුතු වෙනවා. ගෑස්ට්‍රික් රෝගියෙකු සදහා මෙම ආහාරයන් අනුභවය නුසුදුසු බව ඕනෑම වෛද්‍යවරයෙකු ප්‍රකාශ කරන බව හොදින් මතක තබා ගන්න.
ගෑස්ට්‍රික් රෝගය ඇතිවීමට බලපාන හේතූන්
බොහොමයක් සාධකයන් හේතුකොටගෙන මෙවැනි තත්වයක් ඇතිවීමට ඉඩ තිඛෙනවා. ශාරීරික හෝ මානසික ආතතිය ඒ අතරින් ප්‍රධානම සාධකයන් වෙන බව හොදින් මතක තබා ගන්න. සිතෙහි ඇතිවෙන කම්පනය සහ ආතතිය කියන තත්වයන් හේතුවෙන් අමාශයේ ශ්ලේෂ්මලයන් වණ වීමක් සිදු වෙන අතර ඇසිඩ් සහිත ආහාරයන් , මත්ද්‍රව්‍ය, දුම්බීම සහ ඇල්කොහොල් පානය කිරීම හේතුවෙන් ආමාශයේ බිත්ති වල දැවිල්ලක්ද හටගනු ලබනවා. මෙම ගෑස්ට්‍රික් කියන තත්වය බොහෝවිට ඇති වෙන්නේ අම්ලපිත්ත , ආම්ලිකතාවය, අජීරණය සහ උදරය ඉදිමීම කියන තත්වයන් හේතුවෙනි. වකුගඩු ගල්, මලබද්ධය ආහාර විෂවීම බැක්ටීරියා ආසාදනයන් සහ අග්න්‍යාශදාහය වැනි තත්වයන් හේතුවෙන්ද උදාරය ආශ්‍රිතව දෝෂසහගත තත්වයන් ඇතිවීමට ඉඩ තිඛෙනවා. ගෑස්ට්‍රික් රෝගය සදහා නිවසේදීම කරගත හැකි ප්‍රතිකාරයන් පහතින්..
කහ පැලෑටියේ දළු භාවිතා කිරීම
අඹරා ගනු ලැබූ කහ ශාකයේ දළු ජලය සමග මිශ්‍රකොට පානය කිරීමෙන් කුමන ආකාරයේ ගෑස්ට්‍රික් තත්වයක් වුනත් සුව කරගැනීමට හැකියාව තිඛෙනවා.
දෙහි භාවිතා කිරීම
වතුර කෝප්පයකට ලෙමන් යුෂ එකතු කොට මේස හැදී භාගයක් පමණ බේකින් සෝඩාද එකතු කරගන්න. දැන් ඒ සියල්ල හොදින් මිශ්‍ර වෙන තුරු හැන්දක් මගින් හොදින් මිශ්‍රකරගන්න. එම මිශ්‍රණය පානය කිරීමෙන් ගෑස්ට්‍රික් වලින් ඇතිවෙන වේදනාවට ඉක්මන් සහනයක් ලබාගැනීමට හැකියාව තිඛෙන අතර ඉතාමත් යහපත් ප්‍රතිපල ලබා ගැනීමට එම පානය උදය වරුවේදී පානය කරන්න. යදිචසඒකල
වැඩි වශයෙන් ජලය පානය කිරීම
දවසකට වතුර වීදුරු 6ක් හෝ 8ක් පානය කිරීමෙන් බොහොමයක් රෝගී තත්වයන්ගෙන් වැලකීමට හැකියාව තිඛෙනවා වගේම ඔබගේ සම සහ හිසකෙස්ද නිරෝගීමත් වෙනවා.
සුදුලුනු
සුදුලුනු , දුරු, කොත්තමල්ලි ඇට සහ ගම්මිරිස් ඇට මිශ්‍රණය තම්භා ගැනීමෙන් වෙන් කරගනු ලබන ශ්‍රාවය ඕනෑම ආකාරයේ ගෑස්ට්‍රික් තත්වයක් සුව කරගැනීම සදහා භාවිතා කිරීමට හැකියාව තිඛෙනවා. එලෙස සාදාගනු ලබන මිශ්‍රණය සිසිල් වීමට ඉඩහැර පසුව දවසකට දෙවතාවක් හෝ තුන්වතාවක් පරිභෝජනය කරන්න.
ඔබ හෝ ඔබේ පවුලේ කෙනෙකු ආමාශයේ දැවිල්ල නැතහොත් ගෑස්ට්‍රික් යනුවෙන් හදුන්වන රෝගී තත්වයෙන් පීඩා විදිනවානම් මෙම ලිපිය ඔබට ඉතාමත් වැදගත් වෙනවා ඇති.