කව්පි අපේ රටේ සුලභ ධාන්‍ය වර්ගයක්. රතු කව්පි සහ සුදු කව්පි ලෙස වර්ග දෙකකින් සමන්විත කව්පි අතිශය පෝෂ්‍යදායි ආහාරයක්.
කව්පි වලත් පෝෂණ ගුණ රැසක් අඩංගුයි.. ශරීර දුර්වලතාවයට කව්පි තම්බා ආහාරයට ගැනීම හොඳ ඔසුවක්. ළමා හා වැඩිහිටි මන්දපෝෂණය සුව කරන්න කව්පි වලට හැකියාව තිබෙනවා. ශරීරයේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන්නට කව්පි වලට පුළුවන්. මාස් ශුද්ධියේදී කාන්තාවන්ගේ වේදනාව අඩු කර, රුධිරය පිට වීම පහසු කරවනවා.
සංධි රෝග සහ ශරීරයේ ඇති වේදනාවන් වලට සුවයක් ලබා ගන්න කව්පි මඟින් පුළුවන්. කව්පි දිරවීමේ පහසුව නිසා, කුඩා දරුවන්ට වුවද ආහාරයට සුදුසුයි. මලබද්ධය වලක්වාලන්නත් කව්පි වලට පුළුවන්. කව්පි ගැස්ට්‍රයිටීස් රෝගය සඳහා සුදුසුයි. හිසේ කැක්කුම අඩු කිරීමටත්, මතක ශක්තිය වැඩි කිරීමටත් කව්පි වලට හැකියාවක් තිබෙනවා. රක්තහීනතාවය සුව කර ලේ වඩවාලීමේ හැකියාවක් කව්පි වලට තිබෙනවා. ඇස් වල දුර්වලතා මඟ හරවාලීමටත් කව්පි වල ඇති ගුණ සමත් වෙනවා.