පිරිමින්ගේ ශුක්‍රාණු වර්ධනය කර, ඇස් පෙනීම දියුණු කරවන ලාවළු වල ඇති අසීමිත ප්රතිලාභ
1,823 Views

අපේ රටේ දේශීය ආහාර පාන රාශියක් තියෙනවා. අද වන විට ඒ පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු වී තියෙනවා. කලින් වැඩි අවධානයක් නොදක්වපු එළවළු පලතුරු වලට අද හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ ඒවාගේ තියන සොබාවික ගුණය නිසාමයි. ඒවා අතර පළතුරු වලට මුල් තැනක් ලැබෙනවා. අපි නොදන්න එහෙත් සිරුරට ගුණ දෙන සෞඛ්‍යයට හිතකර පලතුරු වර්ග බොහොමයි. මේ කතා කරන්න සූදානම් වන්නේ අපේ රටේ පහසුවෙන් වැවෙන එහෙත් වැඩි දෙනෙක් එතරම් සැලකිල්ලක් නොදක්වන ශක්තිජනක පළතුරක් ගැන. ඒ ලාවළු.
SAPOTACEAE කුලයට අයත් ලාවළු, අප රටේ පහසුවෙන් වැවෙනා ශාකයක් වේ. ලාවළු කෑමට එතරම් ප්‍රියතාවයක් බොහෝ දෙනා නොදක්වයි. නමුත් ලාවළු ශක්තිජනක අහාරයකි. ශක්තිය ලබා ගැනීමට කෘතීම ආහාර පසුපස යන්නන්ට කදිම අහාරයකි. අප රටේ ලාවළු ප්‍රභේද 2ක් පවතී. ඒ කොහොල්ලෑ ලාවළු සහ රට ලාවළු වශයෙනි.
ලාවළු 100g ක අඩංගු පෝෂණ ගුණය : ප්‍රෝටීන් 0.6g, මේදය 0.4g, කැල්සියම් 14mg, යකඩ 1.3mg, 74 Cal, විටමින් C, විටමින් A බහුල (2000iu) අහාරයකි. එබැවින් පැහැපත් වීමට උත්සහා කරන සැමටම හොද පලතුරකි.
කාන්තාවන්ට වැළදෙන ස්වෙත ප්‍රදර (සුද යාම)රෝගයට ගුණදායකය. ඇස්, පෙනීම දියුණුකරන අතර, දත් ශක්තිමත් කරයි. කුඩා දරුවන්ට ලාවළු කෑමට දීමෙන් පණුවෝ වැටෙත්. ඉහලකෙදි ප්‍රමාණයක් සහිත පළතුරක් බැවින් මලබද්ධයෙන් පෙලෙන යට ඉතාමත් ගුණය.
ලවාලු ඇට පෙති වලට කපා, රාත්‍රියේ වතුරේ දමා, උදයට සීනි මිශ්‍රකර බීමෙන්, ශුක්‍ර වර්දනය වේ, ශරීර ශක්තිය ලබාදෙයි, හර්දය ශක්තිමත් කරන මහගු ඔසුවක් වන අතර නිතර ආහාරයට ගැනීමෙන් නීරෝගීබව රැක ගත හැක.
ලාවළු පලතුරක් ලෙස පමණක් නොව, පොල් සමග මිශ්‍ර කර රොටී වශයෙන්, සකසා ආහාරයට ගත හැක. ඉතා මිල අධික පලතුරු වෙනුවට පහසුවෙන් සපයාගත් හැකි, අපේ රටේ පහසුවෙන් වැවෙන්, මෙවන් පලතුරු, නිකරුනේ ගස් යට කුණු වී යා නොදී ආහාරයට ගෙන ඔබත් නීරෝගී සුව විදින්න.