සුන්දර පැහැපත් සමක් ලබන්න හැම කෙනෙක්ම කැමතියි. හැබැයි, ඒ සඳහා වෙළෙඳපොලේ තියෙන ක්‍රීම් වර්ග හැම එකක්ම ගන්න ඕන නැහැ. වැඩි වියදමක් නැතිව, සැමට හානියකුත් නැතිව ගෙදරදී කර ගන්න පුළුවන් ස්වභාවික ප්‍රතිකර්ම කොච්චර නම් තියෙනවා ද ? ඒ සඳහා ඉතාමත් සුදුසු ස්වභාවික අමුද්‍රව්‍යයක් තමයි වෙනිවැල්ගැට කියන්නේ. මේ කියන්නට යන්නේ වෙනිවැල්ගැට ඇසුරින් ඔබේ සම අලංකාර කර ගන්න හැටි.
වෙනිවැල්ගැට ස්ක්‍රබ්
වෙනිවැල්ගැට කුඩු තේ හැන්දකට යෝගට් තේ හැඳි බාගයක් සහ දෙහි තේ හැන්දක් එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න. එය සමේ ආලේප කර විනාඩි 10 කට පසුව මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න. ඉන් පසුව සීතල ජලයෙන් මුහුණ තවන්න.
වෙනිවැල්ගැට පැක්
මේ සඳහා අවශ්‍ය ඉතාමත් සිනිඳුවෙනිවැල්ගැටයි. කුඩු දෙවරක් හලා ගෙන හෝ වෙනිවැල්ගැට කැබැල්ලක් ජලය සමග ගල ගා ගන්නා ක්‍රීම් එක භාවිත කරන්න. අවශ්‍ය ප්‍රමාණයට ගත් සිනිඳු වෙනිවැල්ගැට කුඩු සමග ඒ හා සමාන ප්‍රමාණයක් මී පැණි මිශ්‍ර කරන්න. මුහුණෙහි සහ ගෙලෙහි ආලේප කර විනාඩි 20 ක් පමණ තබා මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
කුරුලෑ සහ ළප කැළැල් සඳහා
වෙනිවැල්ගැට සහ අමු කහ එකට අඹරා කුරුලෑ මත ආලේප කරන්න. සුව නොවන කැසීම, දද , ලප, කැළැල් සඳහා වෙනිවැල්ගැට කුඩු, අමු කහ ඇත්තෝර කොළ සමග අඹරා ඒ ස්ථාන වල ආලේප කර බාගයක් තබා සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න.
ඉස්හොරි වලට
වෙනිවැල්ගැට කුඩු සහ දෙහි යුෂ සම ප්‍රමාන වලින් ගෙන නෑමට පෙර හිසෙහි ගලවන්න. ඉස්හොරි වලට ඉතා හොඳ බෙහෙතකි.