මුරුංගා ශාකයම ඖෂධ ගබඩාවක් රෝග රැසකට දිව ඔසුවක් වූ මුරුංගා
685 Views
බටහිර රටවල කුඩු කරන ලද වියලි පත්‍ර වලින් කැප්සුල් නිපදවා ගැනිම සිදු කෙරේ. ලංකාවෙත් දැන් කැප්සුල් ගන්න තියනවා කියලා දැන ගත්තා. අනෙක් කොල වර්ග වලට සාපේක්ෂව විටමින් සී බහුල වශනේ අඩංගු වේ. Moringa වල අධික ලෙස ඇන්ටිඹක්සිජන් අඩංගු වේ.මෙහි විවිධ මුක්ත ඛන්ඩ විශාල වශයෙන් ඇත. මේ නිසා හදවත් රෝග දියවැඩියාව වැනි රෝග වලට ක්‍රියා කිරීමේ හැකියාව ඇත. Quercetin – රැධිර පීඩනය අඩු කරන ප්‍රබල ඇන්ටිඹක්සිජනයක් වේ. Chlorogenic acid -ආහාර ගැනීමෙන්පසු රැධිර සීනී පාලනයට වැදගත් වේ. මෙය කෝපි වලද බහුලව අඩංගු වේ. මුරුංගා 50 g දිනපතා ආහාරයට එකතු කර ගැනීමෙන් මාස 03 ක් පමණ වන විට රැධිර ගත සීනී ප්‍රමාණය 21%කින් පමණ අඩු කර ගත හැකි බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. අධික ලෙස ඇන්ටිඹක්සිජන් ඇති නිසා ආසාදන වලට එරෙහිව ප්‍රතික්‍රියා කිරීමේ හැකියාව ඇත. හදවත් රෝග පිලිකා රෝග වලට එරෙහිව ක්‍රියා කිරීමේ හැකියාව ඇත.මුරුංගා වලින් රැධිරගක ක්ලොස්ටරෝල් මට්ටම පහත හෙලීමට උපකාරී වේ.
බොහොමයක් එළවළු වර්ග අතුරින් මුරුංගා වලට හිමිවන්නේ සුවිශේෂී තැනකි. වත්මන් තරුණ පරපුර එතරම් රුචිකත්වයක් නොදැක්වුවද මුරුංගා කරළෙහි පවතින ගුණය රසය ඉතාමත් ඉහළය. මුරුංගා ප්‍රභේද රැසකි. හේන් මුරුංගා, මස් මුරුංගා, වැට මුරුංගා, ඒ අතර කිහිපයකි. ඕනෑම පරිසරයක පහසුවෙන් රෝපණය වීමේ හැකියාවක් මෙම ශාකයට ඇත. බුරුමය, ඉන්දියාව, පිලිපීනය සහ ශ්‍රී ලංකාව වැනි රටවල මුරුංගා ශාකය බහුලව දැක ගත හැක. ආයුර්වේදයට අනුව මුරුංගා ප්‍රභේද තුනකි. එහිදී මුරුංගා කරල්, මල්, පොතු, පත්‍ර සහ ගහේ ලාටු ඖෂධ සදහා යොදා ගනී.
මුරුංගා විෂ නාෂක ඖෂධයකි. දැල්ලෝ, ඉස්සෝ වැනි ආහාර පිසින විටදී එයට මුරුංගා කොළ ටිකක් එකතු කිරීමත් එසේම මඤ්ඤොක්කා තම්බන විට එහි විෂ සහිත බවක් වේ නම් එය නැති කිරීම සදහා මුරුංගා කොළ ටිකක් තම්බන අවස්ථාවේ එයට එක් කර ගත හැකිය. ඒවාගේම අච්චාරු සෑදීමේදී එය ඉක්මනින් පැසවීම සදහා මුරුංගා පොත්තක් එයට එකතු කර ගත හැකිය. මුරුංගා පොතු වියලා කුළුබඩුවක් ලෙස දිනපතා වෑංජනවලට එකතුකර ගත හැකිනම් රෝග රැසකින් අත්මිදින්නට හැකිය. පණුරෝග, බඩේ ගල්, මුත්‍රා මාර්ගය ආශ්රිත රෝග, අස්ථි ආබාධ, හෘදය ආශ්රිත රෝග, ශ්‍රවණ පද්ධතිය ආශ්රිත රෝගවලට, කැස්ස, ඇදුම ආදී රෝග රැසක් සුව කර ගැනීමටත් ඉන් වැලකීමටත් ඉහත ක්‍රමවේදය පිටිවහලක් වේ.
ආයුර්වේදයේදී මුරුංගා හදුන්වන්නේ සාර්ථකව ආහාර දිරවීම සිදු කරන ඖෂධයක් ලෙසයි. මුරුංගා කොළ වනාහී රසවත් මැල්ලුමකි. එහෙත් මැල්ලුමකට එහා ගිය ඖෂධීය ගුණයක් මුරුංගාවල පවතී. මුරුංගා කොළවල ප්‍රෝටීන්, විටමින් සී, විටමින් බී, බී කැරොටී, කැල්සියම්, මැග්නිසියම්,කොපර්, යකඩ, පොස්පරස්, ඛණිජලවන වැනි ගුණ රාශියක් පවතී.
මුරුංගා කොළ අමුවෙන් අරගෙන හොදින් කොටා මිරිකා මීපැණි තේ හන්දක් එක්කර එයට තැඹිලි ගෙඩියක වතුර එක්කර උදේ, දවල්, සවස ලෙස දිනකට තෙවරක් පානය කිරීම ආහාර ජීරණයට ඉතාමත් ගුණදායක වේ. මුරුංගා කොළ මිටක් හොදින් අඹරා ඊට මුදවපු කිරිමේසහැදි 5ක් එකතුකර දිනපතා උදෑසන හිස්බඩ ආහාරයට ගැනීමෙන් ගැස්ට්‍රයිටීස් රෝගයෙන් අත්මිදිය හැක. ශල්යකරමයකට ලක් නොකර මුත්‍රාගල් දියකර හැරීමට මුරුංගා පොතුවලින් කසායක් සාදා ගත හැක. තරමක් වියලි මුරුංගා පොතු මිටක් පමණ ගෙන වතුර පත හතර එකට සිදුවා උදේ හා සවස සති දෙකක් පමණ දිනපතා පානය කිරීමෙන් මුත්‍රා ගල් අංශු බවට පත්වී දියවේ. මෙය හොදින් මුත්‍රා පිටවිමටත්, මුත්‍රා දැවිල්ල සමනය වීමටත් ගුණදායකය.
මුරුංගාවලට දෙඹර, බඹර, ගෝනුසු ආදී විෂට ප්‍රතික්‍රියා දක්වන විෂ නාශක ඖෂධයක් මෙන්ම සැරව ගලන තුවාල පිරිසිදු කර ඉක්මනින් සුව කර ගැනීමේ විශ්මිත හැකියාවක් ඇත. මෙවැනි කී නොකී ගුණයන් රාශියක් ඇති මුරුංගා එළවළුවක් ලෙස බොහෝ දෙනා ආහාරයට නොගැනීම කණගාටුවට කරුණකි. නවීන පර්යේෂණවලින් හෙලවී තිබෙන කරුණක් නම් ශරීරයේ කොලෙස්ටරෝල් හා සීනි ප්‍රමාණය අඩුවීමට මුරුංගා නිරන්තරයෙන් ආහාරයට ගැනීම යෝග්‍ය බවයි.
තවද සුඩානය වැනි රටවල පවා අපවිත්‍ර ජලය පිරිසිදු කිරිම සදහා මුරුංගා කරලේ ඇති ඇට භාවිතයට ගනී. මින් හෙළිවන්නේ මෙම ශාකයෙහි පවතින අද්විතීය ගුණයයි. එම නිසා අපගේ ආහාර රටාවට මුරුංගා එළවළුවක්, මැල්ලුමක් ලෙස එක්කර ගැනීමෙන් මනා සමබර නිරෝගිමත් ජීවන පැවැත්මක් පවත්වාගත හැකි වේ.
මුරුංගා කරල් රසවත් එළවළුව ක් ලෙස ලංකාවේ කා අතරත් ජනප්‍රියව ඇත. නමුත් මුරුංගා කොළ වල ඇති ගුණාත්මක අගය ගැන දන්නේ සුළු පිරිසකි. එසේ වුවද මෙම කොළ, ආහාර රස ගැන්වීමට ව්යoජන වලට එකතු කරණ නමුත් තනි එළවළුවක් ලෙස ආහාරයට යොදා නොගනී.
මෙම කොළ විටමින් A (β කැරොටින් ), කැල්සියම් , පොස්පොරස්, විටමින් C සහ මධ්‍යම ප්‍රමාණයේ යකඩ වලින් ඉහලය. නවතම පරික්ෂණ වලට අනුව කැරොටින් සහ විටමින් C පිලිකා , හදවත් රෝග සහ බෝවන රෝග වලින් වැලකීමට ඔබට උපකාරී වේ. මුරුංගා කොළ වල කැල්සියම් සහ පොස්පොරස් වැඩි ප්‍රමානයෙනුත් ඔක්සලේට් අඩුවෙනුත් අඩංගු වීම නිසා එහි අඩoගු කැල්සියම් සහ පොස්පොරස් පහසුවෙන් අවශෝෂණය වේ. කැල්සියම් සහ පොස්පොරස් ළමුන්ගේ අස්ථි වර්ධනයට උපකාරී වේ. තවද මුරුංගා කොළ වල අඩංගු යකඩ ,එහි ඇති විටමින් C නිසා හොදින් උරා ගනී. මුරුංගා කොළ වල ඇති පෝෂණ සංයුතිය පහත වේ.
පෝෂක මුරුංගා කොළ 1 g ක ඇති ප්‍රමාණය අවු. 1-2 දරුවකුට අවශ්‍ය ප්‍රමාණය මුරුංගා කොළ15 g කින් (වියලා කුඩු කරගත් කොළ තේ හැදි 1 1/2) ලැබෙන ප්‍රමාණය අවු. 1-2 දරුවකුගේ දිනක අවශ්‍යතාවයෙන් % ලෙස
β කැරොටින් 192mg 2400 120%, විටමින් C 6.6 mg 30 330%, යකඩ 0.26mg 9 8.7%, කැල්සියම් 22.4 mg 500 13.4%, පොස්පොරස් 6.3 mg 800 2.4%, මුරුංගා කොළ 1 g = අමු කොළ මේස හැදි 1
මෙතරම් ගුණදායක අප රටේ සුලබව ඇති මෙම කොළ වර්ගය අපගේ එදිනෙදා ආහාරයේ , විශේෂයෙන්ම කුඩා ළමුන්ගේ ආහාරයේ ගුණාත්මක බව වැඩි කර ගැනීමට යොදා ගත යුතු ආකාරය පිලිබදව අවධානය යොමු කීරීම වටී.දැනට ඉන්දියාවේ කර ඇති සමීක්ෂණයකින් සොයාගෙන ඇත්තේ මුරුංගා කොළ සහ විටමින් A කරල් , ව්ටමින් A ඌනතාව වැලකීමට එකලෙස උදව් වන බවයි. මෙනිසා මුරුංගා කොළ වියලා කුඩු කර මාස 6 සිට ළමුන්ගේ අමතර ආහාරයට දිනකට මේස හැදි 1 ½ බැගින් එකතුකර ගැනීමෙන් ඔවුන්ගේ දිනක විටමින් සහ ලවන අවශ්‍යතාවයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සපුරාගත හැකි වේ.
ඉතාම රසවත් ගුණවත් ආහාරයක් සේම ඊටත් ඉහළ ඖෂධීය විටිනාකමකින් යුත් මුරුංගාවලට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේද හිමිවන්නේ සුවිශේෂී තැනකි. මෙහි බොහෝ පෝෂ්‍ය පදාර්ථයන් අන්තර්ගත වේ. වර්තමානයේදී ජලයෙහි අඩංගු බොහෝ ලෝහ කොටස් හේතුවෙන් මිනිසාගේ මුත්‍රා පද්ධතියේ සහ වකුගඩුවල විවිධ ගැටලු ඇතිවී ඇත. නමුත් අතීතයෙන් අපේ ගැමියෝ ආහාරය වගේම ජලය පිරිසුදු කිරීම සඳහා මුරුංගා ඇට භාවිත කළහ. මේ අනුව මෙය ඉහළ වටිනාකමකින් යුත් ඖෂධයකි. ඉස්සන්, මඤ්ඤොක්කා, වැලි කොටස්ඇට වැනි දේ තම්බන විට මුරැංගා කොළද එම ව්‍යාංජනයට යොදනු ලැබේ. එබැවින් එහි තිබිය හැකි විස තත්ත්වය අඩුවේ.
අසාත්මිකතාවයක් ඇතිකරනු ලබන ආහාරවලට මුරුංගා එක් කරනුයේ එහි ඇති විස තත්ත්වය අඩුකර අසාත්මිකතාවය දුරු කිරීමටයි. අච්චාරු සහ තැම්බුම් හොදි සඳහා මුරුංගා පොතු යොදනු ලැබේ. එමඟින් විශේෂයෙන් ආහාර ජීර්ණ තත්ත්වය මෙන්ම රසකාරක ගුණයද ලැබේ. බොහෝවිට තැම්බුම් හොදි දෙනු ලබන්නේ රෝගීන් සහ දරුවන් ප්‍රසූත කළ මව්වරුන්ටය. ඔවුන්ට ඉතා ඉක්මණින් ආහාර දිරවීම වැදගත් වේ. තැම්බුම් හොදිවලට මුරුංගා පොතු එක් කිරීමෙන් ආහාර් ජීර්ණ ශක්තිය වැඩිවේ. අච්චාරුවලට මුරුංගා පොතු කැබැල්ලක් එක් කිරීමෙන් රසය වැඩිවන අතර විනාකිරි වැනි දෙයින් ඇතිවන්නට ඇති අසාත්මිකතාවය වළක්වා ගත හැකිවේ.
පරිප්පු ව්‍යංජනය සඳහා කරපිංචා වෙනුවට මුරුංගා කොළ එකතු කරගත හැක. ආයුර්වේදයේදී සර්ප විෂ සඳහා මුරුංගා කොළ ආලේපනයක් ලෙසින් යොදා ගැනේ. මුරුංගාවල කොළ, පොතු, ඇට, මල් යන මේ සියල්ල ඖෂධ ලෙසින් එදා සිට අද දක්වා භාවිත කෙරේ. විශේෂයෙන් මුරුංගා කොළ මඳ පවනේ අඩු උෂ්ණත්වයක් යටතේ වේලා එය කුඩුකර ගැනීමෙන් පසුව ඖෂධීය පානය ලෙසින්ද බීමට හැක. මෙය තේ වෙනුවට පානය කළ හැකි ඖෂධීය පානයකි. ඖෂධීය ගුණයෙන් ඉහළම පානයක් ලෙසින් මෙම මුරුංගා කොළ පානය හැඳින්විය හැක. වකුගඩු රෝගීන්ට පිළිකා රෝගීන්ට ඇතිවන රක්තහීනතාවය දුරු කරලීමට මෙම පානය උපයෝගී වේ.
නොයෙක් රෝග තත්ත්වයන් නිසා ශරීරයේ හිමොග්ලොබින් අඩුවන්නේ නම්, යකඩ ප්‍රමාණය අඩුවන්නේ නම් එවැනි රෝගීන්ට කිසිදු අතුරු ආබාධයකින් තොරව ස්වභාවිකව ගත හැකි ඖෂධයක් ලෙසින් මෙම මුරුංගා කොළ පානය නිර්දේශ කෙරේ. මෙය මඳ පවනේ වේලා කුඩුකර මෙන්ම පානය කිරීමට සූදානම් වන විටම මුරුංගා කොළ කිනිත්තක් කඩා උතුරන ජලයට එක්කොට ටික වේලාවක් වසා තබා පසුව පානයද කළ හැක.
උණ වැනි රෝගයක් සෑදීමෙන් ප්‍රතිශක්තිය අඩු වූ විට රෝගියා දුර්වල වේ. එවැනි රෝගයක් සුව වූ වහාම මුරුංගා කරල් ආහාරයට ගැනීම ඉතාම ගුණදායකයි. එමෙන්ම ශරීරයට අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථ බොහෝමයක් ලබාගත හැකි ආහාරයක් ලෙසින් මුරුංගා හැඳින්විය හැක. එකම ආහාරයකින් බොහෝ පෝෂ්‍ය පදාර්ථ ලබාගත හැකි ආහාර ඇත්තේ ඉතා සීමිත ප්රමාණයකි. මුරුංගා එයින් ප්‍රධාන වේ.
මුරුංගා ව්‍යංජනයක් ලෙසින්ද මුරුංගා කොළ වලින් කොළ කැඳක් ලෙසින්ද මුරුංගා මද, මුරුංගා ඇට, මුරුංගා කොළ ගෙන සුප් එකක් ලෙසින්ද සාදා ආහාරයට ගත හැක. ආයුර්වේදයේ විවිධ සන්ධි රෝගවලදී වේදනා නාශකයන් ලෙසින්ද හැඳින්වේ. ඉදිමුම අඩුකිරීමට යොදාගන්නා පත්තු බැඳීමේදී මුරුංගා කොළ, මුරුංගා පොතු සහ මුරුංගා මුල් භාවිත කෙරේ. එමෙන්ම මාසික ඔසප් වීම නිසියාකාරව සිදුෙනාවන අයට මුරුංගා අහාරයට ගැනීමෙන් ඔසප් ප්‍රශ්න මඟහරවා ගත හැකි බව වෛද්‍යවරු පවසති. එමෙන්ම ලිංගික ශක්තියත් වැඩිකිරීමටත් මරුංගා ආහාරයට ගැනීම බෙහෙවින් ඉවහල් වේ.
මළබද්ධය සමඟ ඇතිවන බඩ පුරෝදැමීම, ආහාර අරුචිය වැනි රෝග තත්ත්වයදී මුරුංගා ඉතා ගුණදායක වේ. මුරැංගා “කෙඳි ආහාරයක්” ලෙසින්ද හැඳින්වේ. හොඳින් මළ පිටකිරීමට ගුණදායක ඖෂධයක් ලෙසින්ද මෙය හැඳින්වේ. කුඩා දරුවන්ට ඇතිවන පණු රෝග වළක්වා ගත හැකිය. මුරුංගා ඇට, ග්‍රීන් පීස් වෙනුවට බතට එක්කරගත හැක. දියර ලෙසින් වැඩිපුර මළ පිටවීමේදී මුරුංගා ව්‍යාංජනය ආහාරයට ගැනීම ඉතා ගුණදායක වේ.
මුරුංගාවල පෝෂ්‍ය පදාර්ථ ඇස්වලට ඉතා හිතකර වේ. කුඩා දරුවන්ගේ බුද්ධි වර්ධනයටත්, පිළිකා නාශකයක් ලෙසින්ද ඉතා වැදගත්වේ. කුරුලෑ නැති කිරීමට, සමේ රැලි වැටීම වැළැක්වීමට මෙන්ම වකුගඩු රෝග, වකුගඩු ගල් සහ මුත්‍රා පද්ධතියේ බොහෝ රෝගවලට මුරුංගා ඉතා ගුණදායක වේ. සමට, හිසකෙස්වලට මෙන්ම අස්ථිවලට වැදගත් ඖෂධයකි. සියලුම බෝ නොවන රෝග සඳහා, විශේෂයෙන් පිළිකා රෝග සඳහා දියවැඩියාව, අධික රුධිර පීඩනයටද ඉතා ගුණදෙන බාල මහලු කොයි කාටත් ගුණදායක ආහාරයක් ලෙසින්ද ඖෂධයක් ලෙසින්ද මුරුංගා හැඳින්විය හැක.
මුරුංගා කොළ යුෂ කෝප්පයක කිරි කෝප්ප 80 ක ගුණ.
මුරුංගා ඉන්දියාවෙන් අප රටට බෝ වු ගසකි. මුරුංගා යනුවෙන් සිංහලයෙන් භාවිතා කරන නමද මුරිංගා යන දෙමළ වචනයෙන් බිදී ආවකි. ඉන්දියාවේ ජනතාව අතර වෑංජනයට ගන්නා කරල් වලින් යුත් ශාකයක් ලෙස මුරුංගා නොසැලකේ. මුරුංගා ගසේ ඵලය එහි කරලයි.
මුරුංගා කරල් වෑංජනයක් ලෙස සකසා ගැනීම කා අතරත් ප්‍රචලිත දෙයකි. එහෙත් මුරුංගා කොළ ඉතා වටිනා ගුණයකින් යුක්ත බව පර්යේෂණ වලින් ද ඔප්පු වී ඇති අතර අතීතයේ සිටම ඉන්දිය ජනතාව විවිධ ක්‍රම අනුව මුරුංගා කොළ ආහාරයට ගත්හ. විටමින් ඒ සහ සී මෙන්ම කැල්සියම් මුරුංගා කොළ වල බහුලව අඩංගු වන බවත්, මුරුංගා කොළ යුෂ කෝප්පයක් බීමෙන් සිරුරට ලැබෙන ශක්තිය කිරි කෝප්ප 80කි. දොඩම් ගෙඩි 06කි. කෙසෙල් ගෙඩි 08ක් සහ අඹ කිලෝ 8 2/1ක් තුළින් ලැබෙන ශක්තියට සමාන බව කියති. මුරුංගා කොළ යුෂ බාල, තරුණ, මහලු කාටත් ගුණදායක බීමකි. කොළ මැල්ලුමද ජනප්‍රිය කෑමකි. මුරුංගා කොළ කොටා මිරිකා ගත් යුෂ කෝප්පයකට කිරි මිශ්‍ර කළ විට රසවත් බීමක් සැකසෙන බවත් එය සෙඛ්‍යයට බෙහෙවින් හිතකර බවත් කියති. මේ හැර අස්ථිවල වැඩීමටත්, ලේ පිරිසිදු කිරිමටත් ප්‍රතිශක්තිකරණ ගුණය සිරුර තුළ පවත්වා ගැනිමටත් ඒවා උපකාරි වෙයි.
ගර්භනී මවුවරුන්ට මෙය පාවිච්චි කිරිමෙන් සිරුරට අවශ්‍ය කැල්සියම්, යකඩ සහ විටමින් වර්ග ලැබේ. එසේම දුර්වල ගති මග හැරී දරු ප්‍රසුතියද පහසු කර දරුවෙකු බිහි කිරිමට මග පාදන බව ද කියති. ඉන්දීය ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය මුරුංගා ඖෂධයක් ලෙසින් සැකසීමට ඔවුහු පුරුදු වී සිටිති.