දිව ඔසුවක් වූ කෝමාරිකා උයල කාල තියෙනවද ? එහෙනම් මෙන්න තිත්ත නැතුව හදන හැටි වගේම ගුණයත් දැනගන්න
3,439 Views

ක්‍රීඩාවෙහි නියුතු තරුණියන්ට, ඔසප් සමයේ වේදනාවෙන් සිටින කාන්තාවන්ට, ශරීරයේ උෂ්ණත්වය වැඩි අයට මෙම කෝමාරිකා වැංජනය අතිශය ගුණ දායකයි.
අවශ්‍ය ද්‍රව්‍ය – කෝමාරිකා පිති 04 ක්, ගම්මිරිස් කුඩු තේ හැඳි 01 ක්, කහ කුඩු තේ හැඳි 01 ක්, තුනපහ කුඩු තේ හැඳි 01 ක්, බටර් තේ හැඳි 01 ක්, පොල් තෙල් තේ හැඳි 01 ක්, සිහින්ව කැපු අමු මිරිස් කරල් 01 ක්, සිහින්ව කැපු සුදු ළුණු බික් 01 ක්, බී ළූණු ගෙඩි 01 ක්, වතුර මිලි ලීටර් 150 ක්, ලුණු අවශ්‍ය ප්‍රමාණයට, රතු සහ කහ බෙල් පෙපර්
සාදන ක්‍රමය
කෝමාරිකා පිති 04 ක් ගෙන හොඳින් සෝදා පිරිසිදු කර ගන්න. කෝමාරිකා පිත්තේ අඟල් හතරක පමණ ප්‍රමාණයක් කපා ඉවත් කර ගන්න. පසුව කෝමාරිකා මදය පමණක් ගැනීම සඳහා කොලපාට පොත්ත සූරා ඉවත් කරන්න. කෝමාරිකා මදය තරමක් සිහින් ව කපා ගෙන එය වතුර භාජනයක දමා විනාඩි 05 ක් පමණ තබන්න. ඉන්පසු භාජනයක් ලිප තබා රත් වන විට බටර්, ගම්මිරිස්, තුනපහ කුඩු දමා හොඳින් කලවම් කරන්න. විනාඩියකට පසු අමු මිරිස්, සුදු ළූණු සහ බී ළූණු දමා වතුර ටික එක් කරන්න. විනාඩි තුන හතරකට පසුව එයට කෝමාරිකා මදය එක් කරන්න. අඩු ගින්දරේ විනාඩි කිහිපයක් තබන්න. අවසානයේ මෙය අලංකාර කිරීමට බෙල් පෙපර් සිහින් කපා එක් කර ගන්න.
කෝමාරිකා වල ගුණ
කෝමාරිකා, අතිශය ගුණ දෙන ස්වභාවික බෙහෙතක්. ඕනෑම නිවසක වවා ගත හැකි පැලෑටියක්. කෝමාරිකා, පුරුෂ ලිංගය ප්‍රාණවත් වීමේ ස්වභාවික උත්තේජනයක් ලෙස භාවිතා කරන්නට පුළුවන්. කෝමාරිකා ජෙල් තුල ඇති විවිධ පෝෂණ සංයෝගයන් අන්තර්ගත වන බොහෝ අතිරේක ඖෂධ අද වනවිට අලෙවි කිරීමට තිබෙනවා. කෝමාරිකා රූපලාවන්‍ය අමුද්‍රව්‍යක් ලෙස වගේම ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම සඳහාත් නැතිවම බැරි දෙයක්.
කෝමාරිකා තුල අන්තර්ගත වන කාබනික ජර්මේනියම “organic germanium” යන සංයෝගය මගින් මිනිසාගේ රුධිර පීඩනය ස්වභාවිකවම නියාමනය කරන බවත් පැවසෙනවා. කෝමාරිකා තුල තිබෙන තවත් එක් සංයෝගයක් තමයි “isocitrate calcium salts” කියන්නේ. ඒ මගිනුත් ශරීරයේ අවයව කෙරිහි සිදුවන රුධිර සංසරණය නිසි ලෙස නියාමනය කරනව.
එසේම, කෝමාරිකා මගින් ශරීරයේ “LDL” කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම සහ “HDL” කොලෙස්ටරෝල් (හොඳ කොලෙස්ටරෝල්) මට්ටම වැඩි කිරීමද සිදු කරනවා.
කිරීටක ධමනි වල රෝග ඇති පුද්ගලයින්ගේ හදවතේ ප්‍රමාණවත් පරිදි ඔසිජන් නොමැති වීම නිසා ඇති වන වම් පස පපුවේ සහ බාහුවේ වේදනාව නැත්නම් “Angina pectoris” රෝගී තත්වයට කෝමාරිකා තුල අධික ලෙස අඩංගු වන ෆෝලික් අම්ලය, මැග්නීසියම් සහ විටමින් E නිසා සහනයක් සපයා ගන්නට පුළුවන්.
කෝමාරිකා මගින් හදවත් රෝග නිවාරණය කිරීම, රුධිර සැපයුම වර්ධනය කිරීම සහ සමස්ථ රුධිර සංසරණ පද්ධතියටම සුවදායක වන නිසා කෝමාරිකා අපට බොහෝ සෙයින් වැදගත් වනවා. මේ නිසයි පිරිමි පුද්ගලයෙකු කෝමාරිකා ජෙල් ආහාරයට ගැනීම මගින් තම පුරුෂ ශක්තිය වර්ධනය කර ගත හැක්කේ.
මීට අමතරව යෝනියේ ලිහිස්සි ශ්‍රාවයන් නිසි ලෙස නිෂ්පාදනය නොවන කාන්තාවන් සඳහා ස්වභාවික ලිහිස්සි ද්‍රාවණයක් ලෙසත් කෝමාරිකා භාවිතා කරන්නට පුළුවන්. ඒ වගේම කෝමාරිකා අම්ල පිත්ත රෝගයට හෙවත් ගැස්ට්‍රයිටිස් රෝගයට ද ප්‍රතිකාරයක් ලෙස භාවිත කරනවා. කෝමාරිකා යුෂ පානය මගින් ආමාශය සිසිල් කරනවා.
පිලිකා රෝගීන්ට ද කෝමාරිකා අතිශය ගුණ දායකයි. ඒ වගේම රුපලවන්ය කටයුතු වලදී සමේ වියලිබව නැති කිරීමට ආදී බොහෝ ප්‍රතිකාර සඳහා කෝමාරිකා යොදා ගන්නවා.