රාබු යුෂ වීදුරුවක ඇති ඖෂධීය ගුණ
1,533 Views
රාබු කියන්නෙ එළවළුවක් වුනාට කවුරුත් කන්න අකැමැති එළවළුවක්. මේ එළවළුව කන්නෙ නැති හේතුව තමයි රාබුවල ඇති සැර නහයට අප්‍රිය වීම. නමුත් රාබුවල තිබෙන ඖෂධීය ගුණ ගැන දැන ගත්තොත් ඔබ රාබු වෑංජනයක් සතියකට දෙවරක්වත් ආහාර වේලට එක්කර ගනීවි. ළපටි රාබු වෑංජනය ඉතාම රසවත්. ඒ වගේම රාබු සලාද ලෙස සාදා ගත්තොත් රසවත් ආහාරයක්. රාබු ඇටවලින් ගන්න තෙල් පුද්ගල ශරීරයේ හටගන්නා රෝග නිවාරණයට කදිමයි.රාබුවලට සංස්කෘත භාෂාවෙන් කියන්නේ මූලක කියල. ඒ වගේම ලොකු අලයක් තිබෙන නිසා මහා කන්ද කියලත් දිගු අලයක් තිබෙන නිසා දීර්ඝ කන්ද නමිනුත් රාබු හඳුන්වනවා. ඇත් දළයට සමාන අලයක් ඇති නිසා හස්ති දන්තක කියලත් සංස්කෘතෙන් රාබු හඳුන්වනවා. චීනයේ උපත ලද රාබු රෝම අධිරාජ්‍යවාදීන්ගේ යුගයේ පවා බහුල වශයෙන් භාවිත කළා කියලා ඉතිහාසය සාක්ෂි දරනවා. රාබු මල බද්ධයටත්, කෑම අජීර්ණයටත්, අර්ශස් ආදී රෝග රාශියකටත් ගුණ දෙන ඖෂධයක්.ඒ වගේම හෘද රෝග, පෙණහලු ආශ්රිත රෝග නිට්ටාවටම සුව කළ හැකි අගනා ඔසුවක් තමයි රාබු කියන්නේ.
අක්මාව ආශ්රිත රෝග, ඇස් ලෙඩ, ප්ලේයාව වැනි රෝග රාශියක් එකම ඖෂධයකින් සුව වෙනවා කිවොත් ඔබ පුදුම වේවි. ශරීරයට විසක් ඇතුළු වුණොත් ඒ විස ඉවත් කිරීමේ හැකියාවක් රාබුවලට පවතිනවා. ඒ නිසයි මෙය අක්මාවට ඉතා හිතකර ඔසුවක් වෙන්නේ. උණ, සෙංගමාල රෝගීන්ගේ එම රෝග තත්ත්වයන් දුරලන්න නම් ඔබ රෝගියාට දෛනික ආහාර වේලට රාබු වෑංජනයක් පමණයි එක් කළ යුත්තේ. සෙංගමාල රෝගීන්ගේ කහ ගැන්වූ සිරුර යථා තත්ත්වයට අරගන්න කදිම ඔසුවක් තමයි රාබු.
පොදුවේ සෑම අර්ශස් රෝගයකටම ගොදුරු වුණු රෝගීන් රාබු වෑංජනයක් හෝ සලාදයක් දෛනික කෑම වේලට එක්කර ගන්නව නම් අර්ශස් රෝගයට තිත තියන්න පුළුවන්. ඒ වගේම කෑම අරුචිය නැති කරන්නත්, කෑම දිරවීම පහසු කරන්නත්, මල බද්ධය නැති කරන්නත් රාබුවලට පුළුවන්. එයට හේතුව තමයි රාබුවල පවතින සුවිශේෂ රසායනික සංඝටක.ඔබ අර්ශස් රෝගයට ගොදුරු වී පිඩා විඳින්නෙක් නම් රාබු අල කපා බඳුනකට දමා ඒ බඳුනට මුං ඇට ස්වල්පයක් එක්කර තම්බා වතුර පෙරා තලපයක් සේ පොඩිකර කන්න. සතියක් පමණ දිනපතා එක් වේලක් මෙලෙස සිදුකළොත් ඔබට අර්ශස් රෝගය තව දුරටත් අභියෝගයක් නොවේ. මුත්‍රා මාර්ග පද්ධතිය ආශ්රිත සෑම රෝගයකටම (අඩුවෙන් මුත්‍රා යෑම, මුත්‍රා දැවිල්ල, මුත්‍රා අඩස්සිය ආදී) රාබු තැම්බූ වතුර බොනව නම් හොඳයි. මුත්‍රාශය ආශ්රිත සෑම රෝගයකටම එය අගනා ඖෂධයක්. එහෙමත් නැතිනම් රාබු අල ගෙන කොටා ඒ යුෂට අවශ්‍ය පදමට වතුර දමා එය දිනපතා බොන්න. මුත්‍රා ගල් දිය කිරීමටත් මෙය ඉතාම වැදගත් ඖෂධයක්.ඒ වගේම වකුගඩු පිරිසුදු කරන්නත් එය අගනා ඖෂධයක්. මධුමේහය, දියවැඩියාව වැනි රෝග ඇති අයට දිනපතා රාබු අල හෝ සලාද වෑංජනයක් කෑම වේලට එක් කරනවා නම් ඒ රෝග තත්ත්වයන් නිට්ටාවටම සුව කර ගන්නත් පුළුවන්.වයසට යෑම පමා කරන්න නම් දිනපතා රාබු වෑංජනයක් ගන්න. වැදගත්ම දෙයක් තමයි පිළිකා නාශක හැකියාව උපරිමයෙන්ම රාබු ඖෂධය සතුව පැවැතීම රාබු තුළ ප්‍රතිඔක්සිකාරක ගුණ අන්තර්ගත නිසා මෙය ආහාරයට ගත් විට ශරීරයේ ඇති විස තත්ත්වයන් ඉවත් වෙනවා. රුධිරය පිරිසුදු වෙනවා. මේ නිසා පිළිකා නාශනය වීමේ ගුණයක් මේ ඖෂධීය එළවළුව සතුව පවතිනවා.
විශේෂයෙන්ම බඩවැල ආශ්රිත පිළිකා, වකුගඩු ආශ්රිත පිළිකා ආදී රෝග රැසකට රාබු හොඳ ඖෂධයක්. දිනපතා රාබු යුෂ වීදුරුවක් බොනව නම් ඔබට පිළිකා හට ගැනීමේ අවදානම නැති වෙනවා. වැලඳී ඇති පිළිකා සුව වීමටත් එය ගුණයි. ඒ වගේම මුඛය ආශ්රිත පිළිකා සුව කරන්න රාබුවලට පුළුවන් කියල මේ වන විට තහවුරු වෙලා තිබෙනවා. හරිම පහසු දෙයයි කළ යුත්තේ. එළවළුවක් විදියට දෛනික කෑම වේලට රාබු එක්කර ගන්නව නම් ඔබ ආරක්ෂිතයි. රාබුවල පවතින විස නසන ගුණය නිසා පිළිකා සෛල ඉදිරියට වැඩීම වළකනවා. ඒ නිසයි පිළිකාවලින් මිදීමට කදිම ඔසුවක් ලෙස වෙදැදුරන් රාබු ඖෂධය පිළිබඳ සඳහන් කරන්නේ. සමේ හටගන්නා සුදු කබර රෝගය සුව කරන්නත් රාබුවලට පුළුවන්. මුලින්ම රාබු අල කැබලිවලට කපා හොඳින් වියළාගෙන කුඩු කරගන්න. ඉන් පසු විනාකිරි දියර සමඟ ඒ චූර්ණය තබා විනාකිරි තුළම වියළෙන්න හරින්න. එය වියළුණාට පසුව ඉඟුරු ඉස්මෙන් හෝ ගව මුත්‍රාවලින් අඹරා සුදු කබරවල ආලේප කරන්න. කෙටි කලකින් සුව වේවි.රාබු කියන්නේ කෙඳි සහිත එළවළුවක් නිසා මල බද්ධය රෝගය සුව කරන්නත් මෙය ගුණයි. ආහාර දිරවීම, කාර්යක්ෂම කරන්න වගේම අන්ත්‍රවල චලන හොඳින් සිදු වන්නත් රාබු හොඳ ඖෂධීය ආහාරයක්. බොහෝ පුද්ගලයන්ට විවිධ අසාත්මිකතා තිබෙනවා. දූවිලි ගියොත් ඇස් දැවිල්ල, ඇස් රතුවීම, කඳුළු ඒම වැනි දේවල්, දුම් වර්ගවලටත් අසාත්මිකතා ඇතිවෙනවා. එය දුරලන්න රාබු ඉතාම ගුණදායකයි.
රාබු තැම්බූ වතුරින් මුව සේදීම ඉතාම ගුණයි. අධික රුධිර පීඩනයෙන් පෙළෙන අයට රුධිර පීඩනය පාලනයකින් පවත්වාගෙන යන්නත් රාබු කොළ ගුණදායකයි. සලාදයක්, සම්බලයක් ලෙස ආහාරයටගන්නව නම් ඉතාම ගුණයි. විටමින් බී, සී, සින්ක් වැනි පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගත රාබු වියළි සම නැතිකර තෙතමනය සහිත සමක් ලබා දෙන්නත් හැකි එළවළුවක්.රාබු කියන්නේ රූපලාවණ්‍යයටත් සුදුසු ඖෂධයක්. ළපටි රාබු අරගෙන තළා යෝගට් හා මිශ්‍රකර තලපයක් සේ සාදා මුහුණේ ආලේප කරන්න. තෙතමනය සහිත හමක් ලබන්නත් මුහුණේ ලප කැළැල් මකා හරින්නත් මෙය ඉතා වැදගත් ඖෂධයක්. මේ ආකාරයට යටි පතුල් පැළීමෙන් පීඩා විඳින අයට මේ ආලේපය ගෑවොත් යටි පතුල් පැළීමෙන් මිදෙන්න පුළුවන්. විවිධ ආසාදන නිසා උණ හටගත් රෝගීන්ට සුවය ලබාදීමට රාබු යුෂ සමඟ සහිඳලුණු මිශ්‍රකර බීමට දෙන්න.මී මැස්සෝ, දෙබරු, බඹරු විද්දම විසට ඉදිමුමක් සහිත වේදනාවක් ඇති වෙනවා. ඒ විස නසන්නත් ඉදිමුම බස්සන්නත් වේදනාව නැති කරන්නත් හිතකර ඔසුවක් තමයි රාබු. දෂ්ටනය වූ තැන රාබු අල තළා පැලැස්තරයක් තැබීමෙන් විස නැති කරන්න පුළුවන්. ඒ වගේම හිසකේ ගැලවෙනවා නම්, හිස්සොරිවලින් පීඩා විඳිනව නම් ඒ තත්ත්වයෙන් මිදෙන්න රාබු අල යුෂ කොණ්ඩෙ ආලේප කරන්න. ආලේප කර පැය දෙකකට පසුව සෝදා හරින්න. රාබු ඇටවලින් ගත් තෙල් වුණත් මෙයට ඉතාම යෝග්‍යයයි.මුත්‍රාශය ආශ්රිත රෝගවලින් පීඩා විඳින අය දිනපතා හිස්බඩට රාබු යුෂ කෝප්ප භාගයක් බීවොත් මුත්‍රා ගල් ඇතුළු සෑම මුත්‍රා ආසාදනයක්ම නැති වෙනවා. ඒ වගේම මුත්‍රා රෝග වැලඳීමේ අවදානමත් නැති වෙනවා.හොරි, දද, කුෂ්ඨ, තුවාලවලටත් රාබු බාහිරින් ආලේප කරන්න පුළුවන්. එවන් අපහසුතාවකට ලක්වූ විටකදී රස සින්ධූර අරගෙන රාබු යුෂෙන් අඹරා හොරි, දද, කුෂ්ඨවල ආලේප කරන්න. සැරව බිබිළි නම් ඉක්මනින් ශ්‍රාවය ඉවත් කරනවා.
කුෂ්ඨ රෝගයකදී නම් රාබු ඉස්ම අරගෙන ඉඟුරු, ගෙන්දගම් සමව මිශ්‍රකර අඹරා කුෂ්ඨ මතුපිට ගාන්න. දින කිහිපයක් මෙය කරන්න. ඉක්මනින් සුව වේවි.ඕ.පී.ඩී. මට්ටමෙන් පවතින පුනර්ණවාසව අරිෂ්ටයේ රාබු අන්තර්ගතයි. මුත්‍රා රෝග සහ ඉදිමුමට අගනා ඔසුවක් වන පුනර්නනාසව ඕ.පී.ඩී. මට්ටමෙන් ඔබට ලබා ගන්න පුළුවන්.ළපටි රාබුවලින් සාදාගත හැකි රසවත් ආහාරයක් ගැන මම ඔබට කියන්නම්. ළපටි රාබු අරගෙන හීනියට ලියාගෙන ඒ කැබැලි ලුණු එකට දමා මිරිකා එයට රාබු කොළ සලාදයක් එක්කර අවශ්‍ය කලමනා දමා දෙහි යුෂ ස්වල්පයක් මිශ්‍රකර ආහාරයට ගන්න. බත් සමඟ මෙය ඉතාම රසවත්. ඇත්තටම රාබු කියන්නේ බොහෝ දෙනෙක් කන්න අකැමැති වුණත් මිනිසාව ලෙඩ රෝග රැසකින් මුදා ගත හැකි ප්‍රබල ආරක්ෂකයක්.
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)