කොළ කැඳ හදන නිවැරදිම ක්රමය සහ භාවිතා කරන කොළ වර්ග
2,851 Views
කැඳට ගන්නා කොළ වර්ගයක් හෝ කිහිපයක් බ්ලෙන්ඩ් කරල මුලින්ම ගන්න යුෂ ටික වෙන්කරලා වෙනම පැත්තකින් තියාගන්න.
(ගොටු කොල, හාතාවාරිය, පොල්පලා, වැල්පෙනෙල, මුකුණුවැන්න, කෝවක්කා, ඉරමුසු, ගොනිකා, කරපිංචා, හීන් බෝවිටියා ආදිය..) පොල් ටිකක් ගාල, ඉහත මිරිකගත්ත කොළ ටිකට එක්කරල.. වතුරත් දාල නැවත බ්ලෙන්ඩ් කරල.. දෙවෙනි පාර ගත්ත යුෂ ටික කැඳ හදන භාජනයට දන්න. රතුකැකුළු හාල් පිටි හෝ කුරක්කන් පිටි හෝ මුං පිටි, ඉහත යුෂට එක් කරල, හොඳින් දියකරල ලිපේ තියන්න. සුදුළුෑණු ටිකක් තලල එක් කරලා නටන තුරු හැදි ගාල ලිපෙන් බාන්න. මදක් නිවෙන කොට, මුලින්ම වෙන්කර ගත්ත යුෂ එකටම මිශ්ර කරල ලුණු චූට්ටක් දාල බීලා බලන්නකෝ.. රසයි වගේම ගුණයි. විශේෂයෙන්ම විටමින් C හා A මැග්නීසියම්, කැල්සියම් අනූනයි. නිරෝගිත්, ලස්සනත් වේවි.
අමු ඉඟුරු, උලු හාල්, කුරුදු පොතු, ආදියත් සුළු වශයෙන් එක් කර ගත්තොත් තවත් රසයි ගුණයි. මෙහෙම හැදුවාම. ආහාරයක් වගේම ඖෂධයකුත් වෙනවා. ආයුර්වේද ක්රමවේද අනුව. මේක “සොරස” කියන්නත් පුළුවනි.
කොල පාට ක්ලෝරොෆිල් ඇතුලෙ තියෙන මැග්නීසියම්..රත් කලාම නිදහස් වෙලා.. මදක් භාෂ්මික වෙනවා.. රත් නොකරපු කොළ ඉස්ම වල ක්ලෝරොෆිල්.. මඳක් ආම්ලිකයි.. මේ දෙක එකතු උනාම බඩට ගැළපෙන PH අගයකට එන නිසා gastritis වලටත් හොඳයි.. උරා ගත්තට පස්සේ පස්සේ ලේ වලට මද භාස්මික ගතියකුත් ලැබෙනවා magnesium වලින්.. කැල්සියම් වලින් ඔස්ටියෝපොරෝසිස් වලට විසදුමක් ලැබෙනවා.. මුත්රා ගල් හට ගැනීමත් ගැනීමත් වළක්වනවා.. විටමින් C නිසා.. ගෙවී යන පටක අලුත් වෙනවා.. සුදු වෙලා ලස්සනත් වෙනවා.. ප්රතිඔක්සිකාරක නිසා නිසා පිළිකා අඩු වෙනවා.. විටමින් ඒ නිසා ඇස් පෙනීමටත් හොඳයි..
කාර්ය බහුල ලෝකෙ මටත් බ්ලෙන්ඩර් කරන්ඩ නං වෙනවා.. කෙඳි කැපුනා කියලා එතරම් ගැටලුවක් නෑ.. ඒවා හැදිල තියෙන්නෙ හැදිලා තියෙන්නේ ඔහු වතුරේ දිය නොවන සෙලියුලෝස් වලින්.. කොහොමත් උරා ගන්නේ නෑ.. වතුරේ දියවෙන හෙමිසෙලියුලෝස් වලටත් එච්චරයි.. වැඩේ කෙරෙන එකයි වටින්නේ.. පොල් කිරි පොඩ්ඩක් නිසා.. ප්රතිශක්තිය වැඩි කරනවා.. ඇල්ෂයිමර් අවදානම ඈත් කරනවා.. විසබීජ නාශකයක්..
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)