දියවැඩියාව සුව කරන, මල බද්ධයට ගුණ දෙන කෝවක්කා සම්බෝලේ
1,679 Views

‘බිම් බීක’ යන සංස්කෘතික නාමයෙන් හදුන්වන කොවක්කා ආයුර්වේදයේ වසර ගණනාවක් තිස්සේ භාවිතා කර ඇත. මෙහි උද්භිත විද්‍යාත්මක නාමය වන්නේ Coccinia grandis කොක්සිනියා ග්රයින්ඞ්ස් ය. කොවක්කා වැලකි. දිය වැඩියාවට සුදුසු ඖෂධයක් ලෙස වඩාත් ප්‍රචලිතය. මෙයින් සලාද, වෑංජන ලෙස ද කිරට හෝ කොස්ඇට, පරිප්පු යොදා පිසිය හැකිය. ගෙඩි වෑංජන මෙන්ම සලා ද සෑදිය හැකිය. කොළ තැම්බූ වතුර පානයක් ලෙස බීමට පුලුවනි.
කොවක්කා ග්‍රෑම් 100 ක පෝෂණ ගුණ
කැල්සියම් මිලි ග්‍රෑම් 40, විටමින් සී 1.4, කාබෝහයිඩ්රේට්ස් 1.4, කෙදි ග්‍රෑම් 1.6 නියසීන් මිලි ග්‍රෑම් 7, පොස්පරස් මිලි ග්‍රෑම් 30, ප්‍රෝටීන් ග්‍රෑම් 1.2, රයිබොප්ලේවින් මිලි ග්‍රෑම් 0.8ක් අඩංගුය.
මළ බද්ධය වලක්වන කෝවක්කා ගෙඩි
ගෙඩිවල බීටා කැරෝටීන් අන්තර්ගත වේ. එසේම කෝවක්කා ගෙඩි සහ කොළ වල විටමින් සී අන්තර්ගතය. එසේම ප්‍රෝටීන් සහ කෙදි, කැල්සියම් අතින්ද පොහොසත්ය. කෝවක්කා ගෙඩි ඉදුනු පළතුරක් ලෙස ද සුප් සදහා ද යොදා ගත හැකිය. කෝවක්කා කොළ වේලා ඖෂධීය පානයක් ලෙස ද එසේම කොල වලින් කොළ කැද ද සෑදිය හැකිය. කොවක්කා ගෙඩි මළ බද්ධයට ඉතාමත් ගුණ පළතුරකි. සාමාන්‍යයෙන් කෝවක්කා ගෙඩි මගින් රුධිරයේ සීනි ප්‍රමාණය සාමාන්‍ය මට්ටමකට අඩු කරයි. එසේම අක්මාවට හිත එන්සයිම අඩංගු වේ. ඒ මගින් සීනි පරිවෘත්තීය යහපත් මට්ටමක පවත්වා ගනි. ලාදුරු රෝගීන්ට ද ස්වාස ප්‍රදාහ අවස්ථා වලදී ද කොවක්කා ගෙඩි හා කොළ ඉතා යෝග්‍ය වේ.
ආයුර්වේදයේ බෝ නොවන රෝග සදහා යොදන කසාය වලට මෙම කෝවක්කා අඩංගු වේ. මධුමේහය හෙවත් දියවැඩියාව රෝගයට ද වර්තමානයේ නොයෙකුත් විස ශරීරගත වීම නිසා බොහෝ ඖෂධ වල සංකූලතා නිසා ද ආහාරත් සමග කෘෂි රසායනික ද්‍රව්‍ය වල විෂ ශරීර ගතවිම නිසා ද ඇති වන අක්මාවේ අසාමාන්‍ය ක්‍රියාකාරීත්වයට ඉතා ගුණ මහගු ඖෂධයකි.
අධික රුදිර වහනයට හොද ඔසුවක්.
ගොනෝරියා වැනි සමාජ රෝග සදහා වෛද්‍ය උපදෙස් අනුව කෝවක්කා භාවිතා කල හැකිය. එසේම කාන්තාවන්ගේ ආර්තවයේදී අදික ලෙස රුධිරය පිටවීම වැලැක්විමට ද නොයෙකුත් වර්ගයේ බෝ නොවන තුවාල සදහා ද එසේම කාන්තාවන්ගේ සුදයාමේ රෝගයටද අක්මාවල ඉදිමිම සදහාද, කැස්ස, වැඩිපුර මූත්‍රා පිටවීම, ඇදුම රෝගය, උණ, සම ආශ්රිත විවිද කුෂ්ඨ වර්ග, ලේ හිග වීම නිසා ඇති වන රක්ත හීනතාවයට කෝවක්කා ඉතා සුදුසු ඖෂධයකි. ඒ අතරින් දියවැඩියාව සදහා වසර 3000 ක පෙර සිට කොවක්කා සුදුසු ඖෂධයක් ලෙස ආයුර්වේදයේ සදහන්ව ඇත. එම නිසා වසර දහස් ගණනක් තිස්සේ දියවැඩියා රෝගීන් සදහා කෝවක්කා ඖෂධයක් ලෙස භාවිතා කර තිබිනි.
වර්තමානයේ විවිධ පරීක්ෂණ මගින්ද කෝවක්කා දියවැඩියාවට ඉතා සුදුසු ඖෂධයක් ලෙස විදයාත්මකව සනාථ කර ඇත. එහෙත් දියවැඩියා රෝගීන් තම රෝග තත්වය සදහා ඖෂධයක් ලෙස හෝ ආහාරයක් ලෙස වෛද්‍ය උපදෙස් වලින් තොරව කෝවක්කා භාවිතා නොකල යුතුය. මන්ද යත් සිරුරේ සීනි ප්‍රමාණය අසාමාන්‍ය ලෙස අඩු වීම (හයිපොඩ්රයිසිනික්) වඩාත් භයානක බැවිනි.
රුධිරය ආශ්‍රිතව හටගන්නා විවිධ හමේ රෝග සදහා කොවක්කා කොළ පල්පය භාහිර ආලේපනයක් ලෙස යොදා ගත හැකිය. රුධිරයේ අහිතකර කොසේටරෝල් ප්‍රමාණය ඉතා වැඩි වූ අයටද එය පාලනය කිරිම සදහා කෝවක්කා ගෙඩි සහ කොළ ඵල දායක වේ. එය වෛද්‍ය උපදෙස් අනුව භාවිතා කල යුතු වේ.
අස්ථි ශක්තිමත් කිරිමට හා සිරුර නිරෝගීව තබා ගැනීමට කෝවක්කා කොළ ගුණදායක වේ. ශරීරයේ ප්‍රතිශක්තිය පවත්වා ගැනීමට ද ආරක්ෂා යාන්ත්‍රණය ශක්තිමත් කිරිමට මෙන්ම හෟදයේ, අක්මාවේ, වකුගඩු සදහා නිසි පෝෂනයක් සැපයමට කෝවක්කා වලට හැකියාව තිබේ. එසේම රුදිරය පිරිසිදු කිරීමේ සුවිශේෂී ගුණයද, වේදනා නාශක ගුණයද, බැක්ටීරියා විනාශ කිරීමේ ගුණයද පවතී. නීරෝගී පුද්ගලයන් සඳහා ඉහත සදහන් රෝග වලක්වා ගැනීමට කොවක්කා ආහාරයක් ලෙෂ භාවිතා කල හැකිය. අආහාරයක් ලෙස.
දකුණු ආසියානු රටවල වියළි කලාපය තුළ බහුලව දක්නට ලැබෙන කෝවක්කා (Ivy Gourd/ Scarlet Gourd/ Kowai) යනු ඖෂධීමය අගයක් ඇති වැල් වර්ගයක්. කෝවක්කා ගෙඩි ළපටි කාලයේදී කොළ පැහැයෙන් දිස්වන අතර ඉදුණ ගෙඩි අලංකාර රතු හෝ තද රෝස පැහැයක් ගනී. කෝවක්කා වැලෙහි ළපටි කොළ මැල්ලූම් සෑදීම සදහා භාවිතා කරන අතර කෝවක්කා කැඳ හා කොවක්කා ව්‍යංජනය භාවිතාවේ පවතියි. ඉන්දියානු, මැලේසියානු හ තායි ආහාර වර්ග වල බහුලව දැක ගත හැක.
රෝග රැසකට කදිම ඔසුවකි
සාම්ප්‍රදායික වෙදකම තුළ ලාදුරු රෝගය, උණ, ඇදුම, බ්රොන්කයිටිස් සහ වෛරස ආදිය සඳහා කෝවක්කා ඔසුවක් ලෙස භාවිතා කර ඇත. සිංහල වෙදකමට අනුව කෝවක්කා කොළ මැල්ලුම දියවැඩියා රෝගීන්ට ගුණදායක ඔසුවක් වේ. ඉතා ඉක්මනින් රුධිරයේ ග්ලුකෝස් ප්‍රමාණය පහත හෙලීමේ ඇති හැකියාව නිසා දියවැඩියා රෝගීන් අතර ප්‍රචලිතයි.
අවධානම් සහිතයි
නමුත් කෝවක්කා රුධිරයේ ග්ලුකෝස් ප්‍රමාණය පහත හෙලීමක් සිදු විය හැකි නිසා සීනි අඩු අය හට පරිස්සමින් භාවිතා කල යුතු වේ. එනිසා ඕනෑම ආහාරයක් වගේම පමණ දැනගෙන භාවිතා කිරීමයි වඩාත් යහපත් වෙන්නේ.
කෝවක්කා සම්බෝලෙ
බේකින් සෝඩා ටිකක් ගෙඩි වලට ඉහළා හොදට සෝදා ගත්තා. පසුව කෝවක්කා හීනියට කපා ගන්න. පසු එකට හීනියට කපා ගත් ලුනු, කැමති නම් තක්කාලි, අමුමිරිස් කරලක් දමා ගන්න.
පසු රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු , දෙහි ඉස්ම ටිකක් දමා හොදට මිශ්‍ර කර ගන්න. තියෙනවා නම් උම්බලකඩ ටිකකුත් දමා ගන්න.කන විටම මිශ්‍ර කර ගන්න.
සුබ දිවියක් – නේරංජනා කස්තුරිආරච්චි
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)