හෘද රෝග අවදානම අඩු කරගන්න ලේසිම විදියක් මෙන්න
1,962 Views

වර්ග හතකට අයත් ධාන්‍ය ඇට අහුරක් බැගින් සතියකට දෙවරක් හෝ එයට වඩා වැඩි වාර ගණනක් ආහාරයට ගැනීමෙන් හෘද රෝගවලට ගොදුරු වීමේ අවදානම සියයට 23 කින් අඩු කර ගත හැකි බව ඇමරිකා එක්සත් ජනපදයේ බොස්ටන්හි පිහිටි හාවඩ් විශ්වවිද්‍යාලයීය පර්යේෂකයින් පිරිසක් විසින් සිදු කරන ලද නවතම පර්යේෂණයකදී අනාවරණය වී තිබේ.
දෙලක්ෂයකට අධික පිරිසක් යොදාගෙන සිදු කර ඇති මෙම පර්යේෂණයට අනුව රටකජු, කජු, වෝල්නට්ස්, ආමන්ඩ්ස්, පිස්ටාචියෝස්, හේසල්නට්ස් හා පෙකෑන්ස් යන ධාන්‍ය වර්ගවලින් අහුරක් බැගින් සතියකට දෙවරක් හෝ එයට වැඩි වාර ගණනක් ආහාරයට ගැනීමෙන් මෙම තත්ත්වය ඇති වන අතර හෘදය වස්තුව ආශ්‍රිතව රෝග වැළඳීමද එම ධාන්‍ය වර්ග අනුභව කරන්නන් අතර සියයට 15 කින් පමණ අඩු බව අනාවරණය වූ බව පර්යේෂකයෝ පවසති.
රටකජු පමණක් අහුරක් බැගින් ඉහත කී අයුරින් ආහාරයට ගැනීමෙන් හෘද රෝගවලට ගොදුරු වීමේ අවදානම සියයට 15 කින් අඩු කර ගත හැකි බව මෙම පර්යේෂණය මෙහෙය වූ හාවඩ් විශ්වවිද්‍යාලයේ පෝෂණවේදිනී වෛද්‍ය මාර්තා ගුආෂ් අරේ ප්‍රකාශ කර තිබේ. වෛද්‍ය මාර්තාට අනුව ප්‍රතිඔක්සිකාරකයන්, ප්‍රොඅටීන් වර්ග, පෝෂක ද්‍රව්‍ය, ලවණ හා තන්තු අධිකව අන්තර්ගත වීම නිසා සුපිරි ආහාරයක් ලෙස හැඳින්වෙන මෙම විවිධ වර්ගයේ ධාන්‍ය වර්ග ආහාරයට එක් කර ගැනීම වැඩි කිරීමෙන් ජනතාවට හෘද රෝග ඇතුළු බෝ නොවන රෝග වැළඳීමේ අවදානම අඩු කර ගත හැකිය.
ස්පාඤ්ඤයේ බාසලෝනා නගරයේ අන්තරාසර්ග හා පෝෂණය පිළිබඳ වෛද්‍ය සායනයට අනුබද්ධ වෛද්‍ය එමිලියෝ රොස්ට අනුව ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමෙන් සත්‍ය වශයෙන්ම හෘද රෝගවලින් වැළකී සිටිය හැකිය.
මෙම ධාන්‍ය වර්ග දිගු කාලයක් එක දිගට ආහාරයට එක් කර ගැනීමෙන් දරුණු හෘද රෝග තත්ත්වයන් කෙරෙහි එය බලපෑම් එල්ල කරන්නේද යන්න පිළිබඳව වැඩිදුරටත් අධ්‍යයනය කළ යුතු බව ඔහු කියයි. පොත්ත ඉවත් නොකරන ලද හා සකස් කිරීමට භාජන නොවූ අමු ධාන්‍ය ඇට වර්ග ස්වාභාවික සෞඛ්‍ය කරල් ලෙස හැඳින්විය හැකි බවත් ඒවා මගින් හෘදය වස්තුව ආරක්ෂා කරන අතරම සෞඛ්‍ය සම්පන්න අයුරින් වයස්ගත වීම සිදු වීමටද එය මහෝපකාර වන බව පර්යෙෂකයෝ කියා සිටිති.
බ්‍රිතාන්‍ය හෘද සංගමයේ සහායක වෛද්‍ය අධ්යක්ෂ මහාචාර්ය ජෙරමි පියර්සන් පවසනුයේ මෙයට පෙර අමු ධාන්‍ය ඇට වර්ග ආහාරයට ගැනීමෙන් හෘද රෝගවලට ගොදුරු වීමේ අවදානම අඩු වන බවට හෙළිදරව් කළ පර්යේෂණයට මෙම නව පර්යේෂණයෙන් සහායක් ලබා දී ඇති බවයි.
මෙහිදී සීනි, ලුණු ඇතුළු රසකාරක වර්ග නොයෙදූ තනි පැහැ ධාන්‍ය වර්ග අනුභව කිරීමෙන් මෙම ප්‍රතිඵල ලබා ගත හැකි බව පර්යේෂකයින් විසින් සිදු කර ඇති පර්යේෂණයේදී හෙළි වී තිබේ. මෙම පර්යේෂණ වාර්තාව ඇමරිකානු හෘද සංගමයේ සඟරාවෙහි පළ කර තිබේ.